බයි මෝල වලට තේරෙන හැටි ...

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බයි මෝල වලට තේරෙන හැටි ...

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
    එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රචාරක රැස්වීමක් සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු ඝාතනය කිරීමේ චෝදනා ලබා සිටින ප්‍රේමලාල් ජයසේකර රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටියි.
    එම චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ජයසේකර මන්ත්‍රීවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටී.
    ජනාධිපතිවරයා නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු නාමයෝජනාවලට අත්සන් තැබුවේත් බන්ධනාගාරයේ සිටයි.
    ඔහුට මනාප ඡන්ද 154980 ලැබී තිබුණේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් වන ජෝන් සෙනවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි ද අභිබවමින්.
    සන්ධානයේ හිටපු මන්ත්‍රීවරැන් හත් දෙනා අතරින් කොලොන්න ආසනයේ සංවිධායක සනී රෝහණ කොඩිතුවක්කු පරාජයට පත් වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනා අතරින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ දෙදෙනාම තේරී පත් වී සිටිති.
    යහපාලන ආණ්ඩුවේ විදේශ රැකියා ප්‍රවර්ධන ඇමතිනී එජාපයේ තලතා අතුකෝරළ මනාප 145828 ක් ලබාගත් අතර, එජාප ලැයිස්තුවෙන් තරග කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් කරුණාරත්න පරණවිතාන ද පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටියි.