bump.
මාත් උබ වගේ මචන්. පබ්ලික් තැනක වැඩ කරන්න බයයි. තනියෙම සමාජෙට බහින්න බයයි. cricket ගහන්න ආසයි. ඒත් බොලේ අල්ලගන්න බැරි වෙයි කියල බයට බෝලේ එනකොට පය වෙව්ලනවා. ඒ හින්ද සෙල්ලන් කරන යන්නේ නැ , යාලුවෝ කතා කලාම මොකක් හරි බොරුවක් කියල මග ඇරලා යනවා. කොටින්ම මොනම විදියකවත් අත පය හොල්ලල කරන සෙල්ලමක් කරන්නේ නෑ. මන් දන්නවා මන් එහෙම බැරි එකෙක් නෙමේ කියල, ඒ කිව්වේ physically දේවල් (දුවන්න පනින්න කරන්න) පුළුවන් ඕන එකෙක් එක්ක. එත් කාලෙකින් පුරුදු නැති හින්ද වෙන්න පුළුවන් වැරදීම් ගැන මතක් උනාම සෙල්ලන් කරන්න යන්න බයයි. හැබැයි මන් දන්නවා කට්ටිය ඉස්සරහ වැරදි වැරදි හරි කොහොම හරි සතියක් කලොත් ඊට පස්සේ මටත් උන්ගේ ගානට එන්න පුළුවන් වෙයි කියල. එත් මට ඒ අමාරු ආරම්භය ගන්න පට්ට බයයි.
හරියටම කල්පනා කරලා බැලුවොත් තේරෙයි මෙහෙම වෙන්න හේතුව වෙන මොකුත් නෙමේ තමන් කරන දෙයක් වරදිනවට තියෙන බය කියල. ඒ කියන්නේ මට වැරදුනා හරි එකට කමක් නෑ කියල කොන්ද කෙලින් තියෙන හිත හදන් ඕන දෙයක් කරන්න confident නැති කම. මන් හරිද නැද්ද කියල උබේ පැත්තෙන් කල්පනා කරලා කියපන් බලන්න
------ Post added on Nov 9, 2021 at 10:29 PM
හරියටම කල්පනා කරලා බැලුවොත් මචන් ඔතන අන්තිමේ ඔක්කොටම හේතුව self confident නැති කම. එක හදාගන්න හොදම විදිය තමන්ට විවිද skills හදාගන්න එක, හිතපන් උබට guitar එකක් ගහන්න පුළුවන් නං යාලුවෙක් play කරන drum set එක පුරුදු වෙන්න confident තියෙනවා නේද? මොකද මට දැනටම ගිටාර් එකක් ගහන්න පුළුවන්. ඒ වගේ තමා sport එකක් පුළුවන් නං ජීවිතේට කරලා නැති තව sport එකක් කරන්න බය අඩුයි. ඒ වගේ දේවලින් තමා කෙනෙක්ගේ ආත්ම විශ්වාසය හැදෙන්නේ. අලුත් අභියෝගයක් ආවම තමන්ට තියෙන පරණ අත්දැකීම් වලින් ලැබුන ආත්ම විශ්වාසය තමයි ඒ අලුත් දෙයට මුණ දෙන්න බය නැති කරන්නේ.
කල්පනා කරලා බලපන් ඕක නිකන් චක්රයක් වගේ හිර වෙලා ඉන්නේ අපි.
confident එන්න experience ඕනේ.. එත් experience ගන්න දේවල් කරන්න confident නෑ.
------ Post added on Nov 9, 2021 at 10:43 PM