බය නැතිව ආයෝජනය කරන්න - පැකර්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බය නැතිව ආයෝජනය කරන්න - පැකර්

    මේක සුඛෝපභෝගී නවාතැන් පොළක්, බය නැතිව ආයෝජනය කරන්න - පැකර්

    911842-james-packer.jpg

    ශ්‍රී ලංකාව මේ වන විට ආයෝජනයන් සඳහා ලොව වඩාත්ම හිතකර රාජ්‍යයක් බවට පත් වෙමින් ඇති බවත් තමාද ලංකාවේ ආයෝජනයට පෙළඹී ඇති බවත් ඊයේ (13) ‍ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ විශේෂ දේශනයකට සහභාගී වෙමින් ඕස්ට්‍රේලීයානු ක්‍රවුන් සමාගමේ අධිපති සුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් පැවසීය.

    මේ අනුව විසි එක් ශ්‍රී ලංකාව මේ වන විට ආයෝජනයන් සඳහා ලොව වඩාත්ම හිතකර රාජ්‍යයක් බවට මේ වන විටපත් වෙමින් ඇති බවත් විසි එක් වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම ව්‍යාපාරික ගමනාන්තයන් අතරට ශ්‍රී ලංකාව එක්වෙනු ඇති බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් පවසා සිටියේය.

    වසර තිහක් පුරා පැවති යුද ගැටුම් අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට කැපී පෙනෙන වේගවත් ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති ගෙන තිබෙනවා , යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ලංකා රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව පැහැදිලිව දක්නට ලැබෙනවා. මා මේ වසරේ පස් වතාවක් ලංකාවේ සංචාරය කර තිබෙනවා. එහිදී මා දුටුවා දිනෙන් දින මේ රට සංවර්ධනය වන අයුරු යැයිද පැකර් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සැසියට සදහන් කර සිටියේය
    .
    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයද ඉතා යහපත් මට්ටමක පවතින අතර මේ වන විට ලොව හොඳම සංචාරක ගමනාන්තය බවට ලංකාව පත්ව ඇතැයිද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මෙන්ම මානව සම්පත්ද ආයෝජකයින්ට විශාල සහනයක් . එමෙන්ම ශ්‍රී ලංකාවේ නිර්මාණ ශීලී බුද්ධමිත් මානව සම්පත විදෙස් ආයෝජකයින්ට තම ව්‍යාපාරයන්හි ප්‍රගතිය වෙනුවෙන් යොදා ගත හැකි වනු ඇතැයිද හේ සදහන් කර සිටියේය.
    ඉන්දියාව, චීනය වැනි රටවල මධ්‍යම පංතිය මේ වන විට වේගවත් ලෙස වර්ධනය වන අතරම ඔවුන් සුඛෝපභෝගී සංචාරයන් සඳහා යොමුව ඇති බවත්, එම සංචාරකයින් වෙනුවෙන් පහසුකම් සැපයීමට සංචාරක ගමනාන්තයන් බිහි විය යුතු බවත් තමන්ද ඒ බව අවබෝධ කරගනිමින් ලංකාවේ මහා පරිමාණ සංචාරක ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පැකර් කීවේය.
    ඊයේ පැවැති මෙම සමුළුව සදහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් , වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා , ඇතුළු පිරිසක් සහභාගී වි සිටියේය.

    the independent

    paker අයියගෙ ටොක් එකට මට ඇඩෙන්ඩත් වගෙ

    James-Paker-.jpg
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මම නම් කියන්නේ පුලුවන් තරම් ඔව හදන්න ඔනේ ලංකාවේ .මහ ලොකු සංස්කෘතියක් කරගහගෙන ඉන්න හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    නොදකින් ගල් මූසලයාගේ මූනේ හැටි :oo: ජිල් මාට් රට ගේම් දීලා ගොඩ ආපු එකෙක් කියලා මූණ දැක්ක ගමන් කියතහැකි... :lol::rofl:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මම නම් කියන්නේ පුලුවන් තරම් ඔව හදන්න ඔනේ ලංකාවේ .මහ ලොකු සංස්කෘතියක් කරගහගෙන ඉන්න හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.

    Sirawata... maha lokuwata ati labbakut na... labuna dekut na...

    Lankawe Old population eka wadiylu etin e kala kanni kamati na unta labuna nati dewal anit param parawata labenawata...

    Un e adahasma karagahagena kunu wenawa... e athare politics karayo game gode moda kollo kello tikatat oka purudu karanawa unge wasiyata..

    etin api hamadama lide inna gemboma thamai... Karume :no::no::no::no:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම නම් කියන්නේ පුලුවන් තරම් ඔව හදන්න ඔනේ ලංකාවේ .මහ ලොකු සංස්කෘතියක් කරගහගෙන ඉන්න හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.

    හැදුවටනම් කමක් නැහැ ,අපි ගන්න ඉදිකට්ටෙ ,ලුනු පැකට් එකේ ඉදන් බදු ගහල ,කැසිනො වලට අවුරුදු 10 බදු නැල්ලු ... ඉට පස්සෙත් සියට 6 බදු ...යකො දුප්පතගෙන් හුරා කන්න පුලුවන් උපරිමෙ හුරා කනව , ලැම්බොගිනි වලටයි ,කැසිනො වලටයි බදු සහන ...ලොකෙ කැසිනො වලට බදු නැති කරපු එකම රට යකො මෙක ...

    උබ දන්නවද රුපියල් 100 දෙන්න කියල අදිකරන නියොගයක් තියෙද්දි පැට්‍රොල් මිල

    උබ දන්නවද මුන් උබට බදු පටවල තියන හැටි ?

    ඔක්කොටම වැඩිය මෙව ගැන දුකට බොන්න කියල තියන ගල් බොතලේන් රුපියල් 450 ම යන්නෙ ආන්ඩුවට යකො ....හෙන ගහනව නෙ යකො

    extraspecial.jpg
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    සුද්දට පළු යනකන් උදේ හවහා බනින ආණ්ඩුව අද සුද්දට බදු සහන දෙනවා .ජේම්ස් පැකර් ආවා කියලා අපිට ලැබෙන මඟුලක් නම් නැහැ .රටට ලැබෙන්නේත් නැහැ .ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි ,මහින්දගෙ පවුලේ නඩත්තුව්ටයි උගේ හෙංචයියිඅලාගේස් සාක්කුවලටයි තමා . අපේ රට දියුණු වෙනවට අපි ආසයි ,ඒත් මෙහෙම නෙමේ .අපි කරන ඕනේ අපේ රටෙ ඉන්න ව්‍යවසායක ඉන්ව නඟා සිටුවන්න කටයුතු කරන එක .ඒත් ඒක එහෙම නැහැ .මොකද කොමිස් කුට්ටිය නැහැ නේ .කවුරු හර් හොඳ නැඟී එන දේශීය ව්‍යවසායකයෙක් තමන්ගේ මතයට විරුද්ධ උනොත් කරන්නේ ඌට දේශද්‍රෝහී ලේබල් අලවලා පල්ලෙහාට වැටෙන කම්ම පහර දෙන එක .මෙන ඒකට එක උදාහරණයක් .බලලා තේරුන් ගනිල්ලා .:(:(:(:(
     
    patta thread ekakne saho
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුද්දට පළු යනකන් උදේ හවහා බනින ආණ්ඩුව අද සුද්දට බදු සහන දෙනවා .ජේම්ස් පැකර් ආවා කියලා අපිට ලැබෙන මඟුලක් නම් නැහැ .රටට ලැබෙන්නේත් නැහැ .ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි ,මහින්දගෙ පවුලේ නඩත්තුව්ටයි උගේ හෙංචයියිඅලාගේස් සාක්කුවලටයි තමා . අපේ රට දියුණු වෙනවට අපි ආසයි ,ඒත් මෙහෙම නෙමේ .අපි කරන ඕනේ අපේ රටෙ ඉන්න ව්‍යවසායක ඉන්ව නඟා සිටුවන්න කටයුතු කරන එක .ඒත් ඒක එහෙම නැහැ .මොකද කොමිස් කුට්ටිය නැහැ නේ .කවුරු හර් හොඳ නැඟී එන දේශීය ව්‍යවසායකයෙක් තමන්ගේ මතයට විරුද්ධ උනොත් කරන්නේ ඌට දේශද්‍රෝහී ලේබල් අලවලා පල්ලෙහාට වැටෙන කම්ම පහර දෙන එක .මෙන ඒකට එක උදාහරණයක් .බලලා තේරුන් ගනිල්ලා .:(:(:(:(
    මෙන්න මේකට නම් මාත් එකගයි. යම් බදු සහනයක් දෙන්න ඕන, නමුත් බදු නැතුව වසර 10ක් කියන්නේ ලොකු ඉෂූ එකක් මට නම්, විහේෂයෙන් ඔට්ටු ව්‍යාපාර වලට.

    බෘස් උඹට තේරෙනව ඇති, මගේ ජන්මාන්තර හතුරෙක් වුනත්, (උඹ මගේ හතුරෙක් නෙවෙයි හරිය) මම එකග වෙන්න තියන දේට එකග වෙනව හේතුව, අපට එකග වෙන්න පුළුවන් දේවල් වලට එකග නොවී මේක ගොඩ දාන්න බෑ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    kalu kota katha kalakanni sonnyo inna rataka invest karanna kawruwath kamathi naha. janadipathi thumata pin sidda wenna thamai packer hari awe.nathnam ubalata hulan.
    lankawata mechchara kal awe sambaru baldiya aran eheta meheta yana indiayan karayoi.
    haduwoth kaduna badu hadana kalu kota katha chinnui vitharai.sudda rata daala giyata
    passe mama hithanne hari haman suddek ratata awamai.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    kalu kota katha kalakanni sonnyo inna rataka invest karanna kawruwath kamathi naha. janadipathi thumata pin sidda wenna thamai packer hari awe.nathnam ubalata hulan.
    lankawata mechchara kal awe sambaru baldiya aran eheta meheta yana indiayan karayoi.
    haduwoth kaduna badu hadana kalu kota katha chinnui vitharai.sudda rata daala giyata
    passe mama hithanne hari haman suddek ratata awamai.

    හරි හමන් සුද්දෙක් ඇවිල්ලා කැසිනෝ(කැසිනෝ යනු සූදුවකී බුදුන් වහන්සේ ගේ දේශනව වලට අනුව සූදුව පිරිහීමේ දේවල් වලින් එකකී ) පටන් ගන්න එක හරිද ? ඒ සුද්දට බදු වර්ග 9 කින් අවුරුදු 10 කට නිදහස් කරන එක හරිද ? .එව්වා යේ පව් ගෙවන්නෙත් උඹලා අපි තමා .උදේ හවහා සුද්දට පළුයන්න බනින දේශප්‍රෙමි සිල් රෙද්ද ඇඳගත්ත හොර යක්කූ සුද්දට මෙහෙම නැවෙන්නේ ඇයි ? ඒකට උත්තරයක් දීපන් පුළුවන් නම් . අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ව දේශද්‍රෝහී ලේබල් අලවලා විනාශ කරලා සුද්දෙක්ට මෙහෙම ආතල් දෙන එක හරිද ? අනික මූ කොහිද හරි හමන් සුද්දෙක් වෙන්නේ .මූ කැසිනෝ කාරයෙක් :lol::lol::lol::lol::lol::lol::lol:.ගේනවානම් ගෙනෙල්ලකෝ බිල්ගේට්ස් වගේ පොරවල් .එහෙම නැත්තම් එලන් මස්ක් වගේ එවුන් .එහෙමත් නැත්තම් වොරන් බෆට් වගේ පොරවල් .අන්න නියම ආයෝජකයින් .මේ වගේ කැසිනෝ පසික්කාට්ටුවෝ නෙමේ .. :rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes::yes:

    waligamaya

    Well-known member
  • patta thread ekakne saho

    සුද්දට පළු යනකන් උදේ හවහා බනින ආණ්ඩුව අද සුද්දට බදු සහන දෙනවා .ජේම්ස් පැකර් ආවා කියලා අපිට ලැබෙන මඟුලක් නම් නැහැ .රටට ලැබෙන්නේත් නැහැ .ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි ,මහින්දගෙ පවුලේ නඩත්තුව්ටයි උගේ හෙංචයියිඅලාගේස් සාක්කුවලටයි තමා . අපේ රට දියුණු වෙනවට අපි ආසයි ,ඒත් මෙහෙම නෙමේ .අපි කරන ඕනේ අපේ රටෙ ඉන්න ව්‍යවසායක ඉන්ව නඟා සිටුවන්න කටයුතු කරන එක .ඒත් ඒක එහෙම නැහැ .මොකද කොමිස් කුට්ටිය නැහැ නේ .කවුරු හර් හොඳ නැඟී එන දේශීය ව්‍යවසායකයෙක් තමන්ගේ මතයට විරුද්ධ උනොත් කරන්නේ ඌට දේශද්‍රෝහී ලේබල් අලවලා පල්ලෙහාට වැටෙන කම්ම පහර දෙන එක .මෙන ඒකට එක උදාහරණයක් .බලලා තේරුන් ගනිල්ලා .:(:(:(:(

    yes
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oka kathawak karanawa kiyala kalinma kiwwa harsha and anurakumara disanayaka eda balayata awith..annduwen hitapu basso denna katak ariye na wade waraduna hinda
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    oka kathawak karanawa kiyala kalinma kiwwa harsha and anurakumara disanayaka eda balayata awith..annduwen hitapu basso denna katak ariye na wade waraduna hinda

    මොකද එක බස්සෙක් තමා උදය ගම්මන්පිළ.. මිනිහා තමා කැසිනෝ එජට සීන් දාන්නේ ආණ්ඩුව පැත්තේ ඉඳන් .:lol::lol::lol::lol::lol:
    …
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හොද දේවල් කවදත් හොදයි
    නරක දෙය්වල් එදත් අදත් නරකමයි

    සූදුව,ඒ ආශ්‍රිත ගණිකා වියාපාර,මත්ද්‍රවය විකිනීම නරකම තමයි..
    මුදල් වැඩියෙන් ලබෙනව කියල හොදයි කියන්න බෑ

    අපි කොයි කවුරුත් දැක්ක සලාකා බූරු පොලේ සිද්දිය...එහිදී නීතිය ක්‍රියා කල විදිය

    නීතියක් නැති රටක එක ප්‍රදේශකයට සීමා කරල උනත් කැසිනෝ හරියට නියාමනය කරන් නැහැ

    ඒ නිසා නීතියක් නැති රටක මෙවගෙ පාලනයක් තුල කරනව කියන කැසිනෝ රටට නරකටම හිටින්නෙ මේ වගේ කැසිනෝ ගණිකා මිශ්‍ර වියාපාර පලවෙනි එකතමයි පටන් ගන්න අමාරු..එකක් නිති රීති හදාගෙන ඕපන් කලාට පස්සෙ අනික්ව පොලිමේ එනව

    කැසිනෝ සන්ස්කෘතිය,ඒක එක්ක බද්ද උන පාතාලය,ගණිකාවො ඔක්කොම රට කනපිට හරවයි

    පොඩ්ඩක් කල්පන කරන්න

    අද මසාජ් ක්ලිනික් එකක වැඩ කරල මසෙකට රැ 75000 හොයන්න ගම් වලින් කෙල්ලො එනව..මේකෙ වැඩි ආදායම නිසා කෙල්ලො වහ වැටිල..ඉගෙන නොගෙන මසෙකට 50 000 වඩා හොයනවා..
    නමුත් පොලිසිය ඕව රේඩ් කරල නම් ගම් පත්තර වල දානව,,උසාවි දානව..රිමාන්ඩ් කරනව කෙල්ලන්ව...ඒ බයටයි කෙල්ලො ඕකට දැනට එන්න මැලිවෙලා ඉන්නෙ..
    නමුත් ඕව නීතිගත කල දවසට කෙල්ලො බය නැතුව ලක්ශගානක් මසාජ්,ගණිකා,කැරෝකේ ජොබ් වලට එනවා..

    ඔය සිoහයලගෙ අනාගතය ගැන මැරෙන්න කෑගහන අය්යල එකත් මතක තියාගන්න..
    මෙවගෙ බරපතල කම තේරුම්ගන්න පොඩ්ඩක් ඔයාල හිතන්න හෙට දවසෙ ඔවාගෙ ජොබ් වලට යන්නෙ ඔයාගෙ වයිෆ්,දුව,අක්කා ,නoගි කියල...එහෙම හිතල බලන්න...මොකද ඕවට එන්නෙ ජොබ් වලට අපේ රටේ ම අපේම අයම තමයි ගොඩ
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මොකද එක බස්සෙක් තමා උදය ගම්මන්පිළ.. මිනිහා තමා කැසිනෝ එජට සීන් දාන්නේ ආණ්ඩුව පැත්තේ ඉඳන් .:lol::lol::lol::lol::lol:

    ඔන්න කට්ටිය දාන්න යන එවට විරොදතා දක්වනවනම්, අද අස්සන් කරනවලු

    //කොළඹ හෝටල් ගිවිසුම අද අත්සන් තබයි
    November 14, 2013 at 9:08 am | lanka C news

    Crown+Sri+Lanka+Resort+Hotel+Colombo+Photos.jpg

    කොළඹ හෝටල් ගිවිසුම අද අත්සන් තබයි
    ඕස්ටේ‍්‍රලියානු ප්‍රොපර්ටි ඒලියන්ස් කැපිටල් සමාගම සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 450ක වියදමින් කොලඹ ජෙම්ස් පීරිස් මාවතේත්, හොංකොංහි ඇවික් ඉන්ටනැෂනල් ඉන්ජිනියරින් සමාගම සහ නයිස් වීවු ඉන්වෙස්ට්මන්ට් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 250ක වියදමින් කොළඹ ආර්.ඒ.ද මෙල් මාවතේත් ක‍්‍රියාත්මක කරනු ලබන මිශ‍්‍ර ව්‍යාපෘති ගිවිසුම් දෙකක් ඇතුළු විදේශීය ව්‍යාපෘති තුනකට අද දිනයේ අත්සන් තැබෙයි.

    චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂණ් සමාගම සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 1300ක ආයෝජනයෙන් කොලඹ වරාය ආශ‍්‍රිතව සිදු කෙරන කොළඹ කොටුව නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහාද අද අත්සන් තබයි.

    ඩොලර් බිලියන 2.1ක් වන මෙම ගිවිසුම් සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොටදී අත්සන් තැබෙයි
    .//
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හොද දේවල් කවදත් හොදයි
    නරක දෙය්වල් එදත් අදත් නරකමයි

    සූදුව,ඒ ආශ්‍රිත ගණිකා වියාපාර,මත්ද්‍රවය විකිනීම නරකම තමයි..
    මුදල් වැඩියෙන් ලබෙනව කියල හොදයි කියන්න බෑ

    අපි කොයි කවුරුත් දැක්ක සලාකා බූරු පොලේ සිද්දිය...එහිදී නීතිය ක්‍රියා කල විදිය

    නීතියක් නැති රටක එක ප්‍රදේශකයට සීමා කරල උනත් කැසිනෝ හරියට නියාමනය කරන් නැහැ

    ඒ නිසා නීතියක් නැති රටක මෙවගෙ පාලනයක් තුල කරනව කියන කැසිනෝ රටට නරකටම හිටින්නෙ මේ වගේ කැසිනෝ ගණිකා මිශ්‍ර වියාපාර පලවෙනි එකතමයි පටන් ගන්න අමාරු..එකක් නිති රීති හදාගෙන ඕපන් කලාට පස්සෙ අනික්ව පොලිමේ එනව

    කැසිනෝ සන්ස්කෘතිය,ඒක එක්ක බද්ද උන පාතාලය,ගණිකාවො ඔක්කොම රට කනපිට හරවයි

    පොඩ්ඩක් කල්පන කරන්න

    අද මසාජ් ක්ලිනික් එකක වැඩ කරල මසෙකට රැ 75000 හොයන්න ගම් වලින් කෙල්ලො එනව..මේකෙ වැඩි ආදායම නිසා කෙල්ලො වහ වැටිල..ඉගෙන නොගෙන මසෙකට 50 000 වඩා හොයනවා..
    නමුත් පොලිසිය ඕව රේඩ් කරල නම් ගම් පත්තර වල දානව,,උසාවි දානව..රිමාන්ඩ් කරනව කෙල්ලන්ව...ඒ බයටයි කෙල්ලො ඕකට දැනට එන්න මැලිවෙලා ඉන්නෙ..
    නමුත් ඕව නීතිගත කල දවසට කෙල්ලො බය නැතුව ලක්ශගානක් මසාජ්,ගණිකා,කැරෝකේ ජොබ් වලට එනවා..

    ඔය සිoහයලගෙ අනාගතය ගැන මැරෙන්න කෑගහන අය්යල එකත් මතක තියාගන්න..
    මෙවගෙ බරපතල කම තේරුම්ගන්න පොඩ්ඩක් ඔයාල හිතන්න හෙට දවසෙ ඔවාගෙ ජොබ් වලට යන්නෙ ඔයාගෙ වයිෆ්,දුව,අක්කා ,නoගි කියල...එහෙම හිතල බලන්න...මොකද ඕවට එන්නෙ ජොබ් වලට අපේ රටේ ම අපේම අයම තමයි ගොඩ

    :(:(:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක සුඛෝපභෝගී නවාතැන් පොළක්, බය නැතිව ආයෝජනය කරන්න - පැකර්

    911842-james-packer.jpg

    ශ්‍රී ලංකාව මේ වන විට ආයෝජනයන් සඳහා ලොව වඩාත්ම හිතකර රාජ්‍යයක් බවට පත් වෙමින් ඇති බවත් තමාද ලංකාවේ ආයෝජනයට පෙළඹී ඇති බවත් ඊයේ (13) ‍ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ විශේෂ දේශනයකට සහභාගී වෙමින් ඕස්ට්‍රේලීයානු ක්‍රවුන් සමාගමේ අධිපති සුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් පැවසීය.

    මේ අනුව විසි එක් ශ්‍රී ලංකාව මේ වන විට ආයෝජනයන් සඳහා ලොව වඩාත්ම හිතකර රාජ්‍යයක් බවට මේ වන විටපත් වෙමින් ඇති බවත් විසි එක් වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම ව්‍යාපාරික ගමනාන්තයන් අතරට ශ්‍රී ලංකාව එක්වෙනු ඇති බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් පවසා සිටියේය.

    වසර තිහක් පුරා පැවති යුද ගැටුම් අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට කැපී පෙනෙන වේගවත් ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති ගෙන තිබෙනවා , යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ලංකා රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව පැහැදිලිව දක්නට ලැබෙනවා. මා මේ වසරේ පස් වතාවක් ලංකාවේ සංචාරය කර තිබෙනවා. එහිදී මා දුටුවා දිනෙන් දින මේ රට සංවර්ධනය වන අයුරු යැයිද පැකර් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සැසියට සදහන් කර සිටියේය
    .
    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයද ඉතා යහපත් මට්ටමක පවතින අතර මේ වන විට ලොව හොඳම සංචාරක ගමනාන්තය බවට ලංකාව පත්ව ඇතැයිද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මෙන්ම මානව සම්පත්ද ආයෝජකයින්ට විශාල සහනයක් . එමෙන්ම ශ්‍රී ලංකාවේ නිර්මාණ ශීලී බුද්ධමිත් මානව සම්පත විදෙස් ආයෝජකයින්ට තම ව්‍යාපාරයන්හි ප්‍රගතිය වෙනුවෙන් යොදා ගත හැකි වනු ඇතැයිද හේ සදහන් කර සිටියේය.
    ඉන්දියාව, චීනය වැනි රටවල මධ්‍යම පංතිය මේ වන විට වේගවත් ලෙස වර්ධනය වන අතරම ඔවුන් සුඛෝපභෝගී සංචාරයන් සඳහා යොමුව ඇති බවත්, එම සංචාරකයින් වෙනුවෙන් පහසුකම් සැපයීමට සංචාරක ගමනාන්තයන් බිහි විය යුතු බවත් තමන්ද ඒ බව අවබෝධ කරගනිමින් ලංකාවේ මහා පරිමාණ සංචාරක ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පැකර් කීවේය.
    ඊයේ පැවැති මෙම සමුළුව සදහා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් , වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා , ඇතුළු පිරිසක් සහභාගී වි සිටියේය.

    the independent

    paker අයියගෙ ටොක් එකට මට ඇඩෙන්ඩත් වගෙ

    James-Paker-.jpg

    මූ ඔයවගේ කතා කියන තරමට තමයි බදු සහන හම්බෙන්නෙ....... :rofl: