බර්ත්ඩේ පාර්ටීස් ,අධික වියදම් ,දාන-මාන පිං&#34

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    බර්ත්ඩේ පාර්ටීස් ,අධික වියදම් ,දාන-මාන පිං&#34

    මට මේක ලියන්න හිතුනේ මේ එළකිරියේ පළ වෙච්ච ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ප්‍රියසම්භාෂන ,උත්සව වගේ දේවල් වල ඇතැම් අය දීලා තිබ්බ කමෙන්ට්ස් දැක්කාහම .ගොඩක් අය ඒ සල්ලි වලින් දාන දුන්නානම් හරි ඔව්වා නාස්තිකාර වැඩ කියලා කියන අතරේ තවත් පිරිසක් එවන් සම්භාෂන වලට වියදම් කිරීම සාධාරණිකරණය කිරිමකට ලක් කරනු බවක් පෙනෙන්නට තිබ්බා .එමෙන්ම ඒ විවාද සුළුපිරිසක් අතර වාග් ගැටුමක් දක්වා වර්ධනය වෙන්න ගත්ත බවක්ද පෙනුනා .

    මැතම සිද්ධිය තමා නර්මදාගේ සැමියාගේ ප්ලේබොයි බර්ත්ඩේ පාර්ටි එක සම්බන්ධව පළවුණු ත්‍රේඩ් එක .ප්ලේබොයි කන්සෙප්ට් එකට මම විරුද්ධයි .ඒත් ධනය වියදම් කිරීම කියන කාරනය සම්බන්ධයෙන් මන් මෙතන කතා කරන්න හිතුවේ

    ඉතිං මගේ අදහස මේ :

    මන් ඒකට උත්තරේ මෙන්න මෙහෙම දෙන්නම් .

    .දැන් බලපන් අයිෆෝන් ගන්න අපේ උන් මැරෙනවානේ .මාස ගණන් සල්ලි එක්කහු කරනවා .ඉතිං කාට හරි මෙහෙම කියන්න පුළුවන්නේ ."ෆෝන් එකකින් කරන්නේ කතාකරන එකයි මැසේජ් යවන එකයි තමා මූලිකව .ඉන්ටර්නෙට් යන්න ඕනේ නම් අඩුවට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක් අරගන්න ,අයිෆොන් ගන්න එක අපරාදේ ඒක ගන්න සල්ලි වලින් ඇන්ඩ්‍රොයිඩ් එකක් අරගෙන අනික් එව්වයෙන් දානයක් දුන්නා නම් හරි " කියලා .බැළු බැල්මට කතාව ඇත්ත .එහෙම නේ .ඒත් අපේ උන්දලා ඒක කරනවද ???

    ඒ වගේම උඹලාගේ සමහරක් උන් මෙතන මම දැකලා තියෙනවා ත්‍රේඩ්ස් දානවා ඩි එස් එල ආර කැම් ගැන .ඒකක් ගන්නත් සමහරු පොර කනවා .එහම පොර කන එකෙක් දැකලා මෙන්න එහෙම කිව්වොත්

    " ඩි එස් එල් අර ගනින් උඹ ප්‍රොෆේෂනල් පොරක් නම් .එහෙම නැතුව නිකන් ෆොටෝ ගහන්න නම් පොඩි සාමාන්‍ය කැම් එකක් ගනින්.ඉතුරු සල්ලි වලින් අසරණ ළමයින්ට පොත් පත් අරන් දීපන් ." කියලා

    ඒ කතාව හරියටම හරි .කිසිම වැරැද්දක් නහැ .ඒත් උඹලා ඒක කරනවද ? ? නැහැ නේ .උඹලා ඒ කැම් එක කොහොම හරි ගන්න ටාර්ගට් කරගෙන අන්තිමට ඒක ගන්නවා .සමහරක් විට ගත්තායින් පස්සේ හිතෙන්නේ පුළුවන් අපරාදේ කියලා .මොකද ඉස්සර වගේ නෙමේ දැන් දවසෙන් දවස එක එක මොඩල්ස් එනවා. ඉතිං තමන් ගත්ත උපාංගයට වඩා එකක් හෙට ආවොත් හිතට හරි මදි වගේ .ඒක වෙනම කතාවක් .
    …ඒත් මෙතන අදාලව කතාකරොත් මම අවංකවම කියන්නේ මට ඔය සල්ලි තිබ්බානම් මමත් ඔය ලොකු ලොකු පාර්ටීස දාන එවුන් වගේම පිස්සුවම කෙළිවි ඔයිටත් වඩා .ඒක එහෙම තමා .ඒත් වෙන්න ඕනේ මේකයි තමන්ට කොයි ආකාරයක ධනය ලැබුනත් තමන් ඒ දේ වැඩකට ඇති දෙයකට යොදවන්න තමන්ගේ මානසිකත්වය දියුණු වෙලා තියෙන්න ඕනේ .ඒක දියුණු වෙන්නේ තමන්ගේ ආගමික පරිසරයෙන් හා සමාජ ආශ්‍රය තුළින් .ඉතිං ඔය් ප්‍රිය සම්භාෂන වලට අධික ලෙස වියදම් කරන නර්මදාගේ සැමියා ජානක වැණි අයට එවැනි මානසික මට්ටමක් නිර්මාණට වෙන පරිසරයක ඇසුර නොලැබෙන්න ඇති .ඉතිං ඒක නොලැබුනා නම් ඒක ලැබෙන විදියේ පරිසරක් සොභාවයෙන් හෝ කවුරු හරි කෙනෙකුගෙන් හෝ ලැබෙන්න ඕනේ .

    උදාහරණ දෙකක් දෙන්නම් .

    1.දැන් බලපන් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් ගිහිහෙයි උපරිම සැප විඳපු කෙනෙක් .එතුමා අද ඉන්න ධනවතුන් කියන එවුන් වගේ නෙමේ සෘතු වලට දේශගුණයට ඔරොත්තු දෙන්න වෙන වෙනම මාළිගා තිබ්බා .පුදුම කම් සැපක් වින්දේ .ඒත් ඒ සියල්ල වෙනස් උනේ එක දවසෙන් ,ඒ සතර පෙර නිමිත් දුටුවායින් පස්සේ .එතනින් තේරුම් ගත්තා මේ හැමදේම බොරුවක් ,තේරුමක් නැති දේයක් කියලා .ඒතුමාට අවුරුදු 29 කින් නොලැබිච්ච යාථාර්තවාදී මානසිකත්වය එක දවසෙන් වෙනස් වෙන්න තරම් බලැපෑමක් ඒ නිමිති දුටුවායි පස්සේ

    දෙවෙනි උදාරණය ,

    උඹලා අයර්න් මෑන් ෆිල්ම් එක බලලා ඇති නේ ?? එකේ ටෝනි ස්ටාර්ක් හොඳ කෝටි පතියෙක් ,ඌ සල්ලි වලින් ප්ලේබෝයි වගේ පිස්සු කෙළ කෙළ හිටියේ .ඒත් දවසක් ඇෆ්ගන් ත්‍රස්තවාදින්ට අහුවෙලා මාස ගානක් හිටියාහම තමා තමන් කරපු දේ කොච්චර වැරදිද කියලා තේරුම් ගත්තේ .පස්සේ උගේ හැකියාව සල්ලි යෙදෙව්වේ වෙනස්ම පැත්තකට .එකෙදිත් ඌට අර මම කිව්ව මානසිකත්වය ලැබෙන්න යම් වෙනසක් සිද්ධ උනා .
    ඉතිං ඒ වගේ තමා මෙතනදිත් .

    ඒ වගේම ඔය ගොඩාක් සල්ලිකාර පාර්ටීස් දාන උන්ට ඒ ධනය උරුම වෙච්ච එව්වා කියලා නම් හොඳට තේරෙනවා .සමහරක් විට ඒ ධනය ගොඬ නඟපු උගේ පරම්පරාවේ මුල් මිනිස්සු සෙරෙප්පු කබල් දෙක දාගෙන සරම ඇඳගෙන බුලත් විටක් කාගෙන හිටිය පොරවල් වෙන්න ඇති .වෙන්න ඇති නෙමේ එහෙම තමා .කොයි ධනවත් වංශවත් පරපුරවල් වල මුල් පුරුක් ඔහොම තමා .කාට හරි සැක නම් එව්වා ඔප්පු කරන්න පුළුවන් .
    ඉතිං අපි මෙතන හැම පැත්තෙන්ම හිතන්න ඕනේ .එක පාරටම අන්ත ගාමි වෙලා බැහැ .

    සංවාදයට විවෘතයි. අන්තගාමි නොවි අදහස් ප්‍රකශ කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කියන ඔක්කොම ඇත්ත, කොහොම උනත් මේ ගැන විවාදයකට එන්න මං සූදානම් නෑ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thiyena ekata uthurannna salli ,nathi ekata naththatama na

    aschraye hoda kama thama
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    උබේ කතාව ඇත්ත තමයි. ලංකාවේ ගොඩක් මිනිස්සු තමන්ගේ ගාව වැරදි 1000k තියාගෙන අනුන් කරන එක වැරද්දක් අල්ලන් දගලන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඉස්සර ඉදන්ම එහෙම තමයි බං , කොච්චර සමාජේ වෙනස් උනත් අනුන්ගේ රෙද්දවල් හොයන එක වෙනස් වෙන් නෑ .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    True

    පින කියන එක සල්ලි වගෙ සෑප විදල වියදන් වෙලා ඉවර වෙනවා. බලාපොරොත්තුව සෑප විවිධ විදියට ලෑබිමනම් අවබොදයෙන් විදින්ඩ/වියදම් කරන්ඩ සහ නෑවත උපයා ගෑනිමට මාර්ග සකසා ගතයුතුයි
     
    Last edited:

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    eka eka pudgalaya kamathi widiyata jiwithe gewai..hamoma ekama unanam wiwdathwayak nathi wenawa..godak dewal hithata enawane ethakota. hamoma pol kadalath ba..hamoma salli karayo welath bane. enisa me loke yana widiyata yai..therum ganna minissu diyunu wei..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    Lankawe ewun diyunu wenne naththe oka nisa thamai..pitarata wala minissu anunge kunu hoyanne na,ekai e minissu diyunu
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ae party 1ka privat part 1kak ,katawath agilla dik karala kiyanna bae ae party 1ka nisa ape sanskruthiyata wiruddai,sadachara wiruddai wage dewal mokada ae party 1ka invites only ratae inna hama baiyatai n toiyatai enna kiyala ada bera gahala karapu deyak newai nisa ,

    thamun ae manussayge hithana widiya wenas karawanna oni kiyala kiyanawa, minnissu unahama hithana pathana widiya 1kin 1kata wenas ,kawadawath thawa 1kekge ae nidahasata bada karanna epa ehama unoth thamun samajayen kon wai ,penna widiyata thamunta thiyenna hari kuhaka patu adahas ''mama kamathi widiyata anith 1kath inna oni'' wage manasika thathwayak thamunta thiyenne ,puluwan tharan thamungen samajayae yaha pawathmata wena balapam awama karanna balanna ...anunge banku pothwala thiyena salli walata hapoi kiyanne nathuwa
     
    උඹේ කමෙන්ට් එක යන්නේ කොහිද මල්ලේ පොල් වගේ එකක් .උඹ කියවලා තියෙන්නේ අන්තිම ටික විතරයි .ඒක වෙන්න ඇති උඹ ඔහොම කියවන්නේ .මම මෙතන සංස්කෘතියක් ගැන කියවලා නැහැ .එක්කෝ උඹ ඔය පාර්ටි එක දාපු එකාට සම්බන්ධ එකෙක් හෝ හරියට සිංහල කියවන්න තෙරෙන්නේ නැති එකෙක්.සමහරක් විට ප්ලේබෝයි සංකල්පයට විරුද්ධයි කියලා තියෙන නිසා වෙන්න ඇති උඹ ඔය කියවන්නේ .මචං ප්ලේබෝයි කන්සෙප්ට් නැතුව oya වගේ දහගුණයක් වියදම් කරලා ගන්න පාර්ටීස් මේ ලොකේ තියෙනවා .ලංකාවෙත් තියෙනවා පාර්ටි එක ප්‍රයිවෙට් උනාට පාර්ටි එකේ ෆොටෝස් පබ්ලික් වෙලා ඉවරයි නේ .එහෙනම් මේක තවත් ප්‍රයිවට් පාර්ටි එකක් වෙන්නේ නැහැ .එහෙම නේ ?? සමහරක් විට නිව්ස් පේපර් වලත් යන්න ඇති .මොකද ලංකාවේ ඊනියා තරු ගැන පලවෙන පත්තර තියෙනවානේ .අනික ප්ලේබෝයි කියන්නේ දියුණු රටක ලක්ෂණයක් නෙමේ .මොකද අපේ සමහර බයියෝ හිතනවා මේ වගේ එව්වා ලංකාවේ තිබ්බහම අපි හෙට සිංගප්පූරුව වෙලා අනිද්දා ඇමරිකාව වෙනවා කියලා .අන්න ඒ අවුල නැති වෙන්න ඕනේ .
    …මම උඹත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ වැඩිය .එකම දෙයක් කියන්නම් .මම කුහකයෙක් කියලා තීරණය ගන්න කලින් පොස්ට් එක ආයෙත් කියවලා උඹේ නමට හරි තියෙන විචාරබුද්ධිය මෙහෙයවපන් .ඊට පස්සේ තීරණය කරපන් ආර්ටිකල් .
    …

    it was an privet party although de photos got viral ,as long as things happens inside close doors we cannot point fingers and say they r trying to fringe de balance of a society , i never said tht hosting such theme party would make us equal with USA wht i said was its his will we have to respect tht , wht u said was we have to teach him de right path ,according to u de right path is following of verse of a religion ,tht for me is a direct violation of basic human rights ,wht ur saying is im living my life according to some verse of a religion & i want de rest of de world to be clones of myn (think ,eat,dress etc like me )... try to change your mentality dude otherwise mass will reject u
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඇත්ත බන්. මෙතන පොර ටෝක් දෙන හැම එකාම ඔය වගේ තමා. ලෞකීක සැප සම්පත් අතාරින්න මෙතන ඉන්න කව්රුත් කැමති නැතුව ඇති නේ. මමත් කැමති නෑ.
    එහෙම එකෙක් ඉන්නවනං කරුණාකරලා ඔය ඉන්ටර්නෙට් එකෙනුත් අයින් වෙලා තියෙන දේපලක් අසරණ මිනිස්සු වෙනුවෙන් දීල මහණ වෙන්න.
    තපස් දම් පුරන්න. භාවනාවට යන්න.
    එහෙම නෙමේ නං ඉතින් අනිත් උන්ගෙ රෙද්දවල් අස්සේ රිංගන්නෙ නැතුව ඊරිසියාව කියන පාපෙ කරේ ගහගන්නෙ නැතුව හිටපල්ලා. උඹල අනික් උන්ට හොරා කිව්වට උඹල දැකල තියේද උන් හොරා කනවා.
    මම උනත් එක එකාට බැන්නට ඇත්ත කතාව මේක තමා.