බර්මියුඩා ත්‍රිකෝනේ රහස් 4ක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බර්මියුඩා ත්‍රිකෝනේ රහස් 4ක්

    බර්මියුඩා ත්‍රිකෝනේ ඇමරිකාවේ මයෑමි නගරේ මුහුද පැත්තේ තියෙන්නේ. ත්‍රිකෝනේ හැදෙන්නේ මයෑමි, පුඅර්ටො රීකෝ සහ බර්මියුඩා දූපත එකතු වෙලා. බර්මියුඩා වලට ඉස්සර කියන්නේ ‘යක්ශ දූපත්’ කියලා. ගිය අවුරුදු 500 නැව් සහ ඒරොප්ලේන් 1,000කට වඩා මේ ත්‍රිකෝනේ නැති වෙලා තියනවා.

    bermuda.png


    නැති උන නැව් සහ ඒරොප්ලේන් වල මිනිස්සු වැරැද්දක් කරලා නෑ. මේවා ගොඩක්ම හේතුවක් නැතුව නැති වෙලා තියෙන්නෙ. ලොකු ප්‍රමානයක් නැති වෙලා තියෙන්නේ මයෑමි සහ පුඅර්ටො රීකෝ මැද. අපි බර්මියුඩා ත්‍රිකෝනේ උන දේවල් 4ක් බලමු.

    1. ෆ්ලයිට් 19.

    bermuda2_i0000cb-2.jpg


    1945 ඩිසෙම්බර් 5 ඇමරිකාවේ නේවි එකෙන් ‘ඇවෙන්ජර්’ ප්ලේන්ස් 5ක් ‘ෆ්ලයිට් 19′ කියලා ෆ්ලයිට් එකක් දුවන්න ගියා. හවස 7.04ට අන්තිම රේඩියෝ මෙසේජ් එක එව්වට පස්සේ මොනවත් ඇහුන්නෑ. එක ප්ලේන් එකක ප්‍රශ්නයක් තිබ්බත් අනිත් 4න් එකකට රේඩියෝ කරන්න පුලුවන්. ඔක්කොම ඉබේම නැති උනා. ඇමරිකන් නේවි එකෙන් 647,000 හතරැස් කිලෝමීටර් ලොකු තැනක් මේ ප්ලේන්ස් හෙව්වා. අන්තිමට නේවි එකේ රිපොර්ට් එක කිව්වා “අපිට හිතන්නවත් බෑ මේ ප්ලේන්ස් පහට මොනවා උනාද කියලා”.

    2. මේරි සෙලෙස්ට්.

    phenom-abandonship-main-631.jpg__800x600_q85_crop.jpg


    1972 ඩිසෙම්බර් 4 ‘මේරි සෙලෙස්ට්’ කියන නැව වෙන නැවකට හම්බ වෙලා. හම්බ වෙනකොට මේරි සෙලෙස්ට් එකේ එක මනුස්සයෙක්වත් නෑ. මේ නැවේ කිසිම බඩුවක් හොරකන් කරලා තිබ්බේ නෑ. නැව ඩැමේජ් වෙලා තිබ්බේ නෑ. සටනක්, තුවාලයක් වෙලා කියලා දෙයක් මොනවත් තිබ්බේ නෑ. අද වෙනකන් දන්නෙ නෑ මේර්ය් සෙලෙස්ට් එකේ කට්ටියට මොකද උනේ කියලා.

    3. එලන් ඔස්ටින්.

    ellenaustin2.jpg


    1881 ‘එලන් ඔස්ටින්’ නැව බර්මියුඩා ත්‍රිකෝනේ හරහා යනකොට ෆුල් ස්පීඩ් යන අමුතු නැවක් දැක්ක. ඔස්ටින් එක අමුතු නැව ගාවට ගියා. මේ නැවේ කවුරුත් හිටියේ නෑ. ඔස්ටින් එකේ කැප්ටන් එයාගේ ගෝලයො දාලා අමුතු නැව ඔස්ටින් එකත් එක්ක නියු යෝක් වලට ගෙනියන්න පටන් ගත්තා. දවස් 2කට පස්සේ කුනාටුවක් ආවා. කුනාටුවේ අමුතු නැව පෙන්නෙන්නැතුව ගියා. ඒ අමුතු නැවයි නැවට දාපු ඔස්ටින් එකේ ගෝලයොයි ආය කවදාවත් දැක්කේ නෑ.

    4. යූ.එස්.එස්.සය්ක්ලොප්ස්.

    w1_uss_cyclops_vanished-mar1918_299pob.jpg


    මාර්තු 4, 1918 යූ.එස්.එස්.සය්ක්ලොප්ස් නැව මිනිස්සු 309ක් එක්ක මුහුදට ගියා. බර්මියුඩා ත්‍රිකෝනේ මැදම ඉන්නකොට සය්ක්ලොප්ස් එක නැති උනා. ඇමරිකන් නේවි එක නැව හොයාගන්න ගොඩක් උත්සාහ කරා. කවදාවත් කෑල්ලක්වත් හම්බ උනේ නෑ. අන්තිමට නේවි එකෙන් පිටු 15,000ක රිපෝට් එකක් දැම්මා. නැවට මොකද්ද උනේ කියලා උත්තරයක් තිබ්බේ නෑ.

    මෙච්චර වාහන නැති වෙන්නේ ඇයි? විද්‍යාවෙන් සහා අමුතු උත්තර ගොඩක් දීලා තියනවා. මෙතේන් ගෑස් පුපුරලා වගේ දේවල් හින්දා මේවා නැති වෙනවා කියලා විද්‍යාවෙන් කියනවා. අනිත් අය කියනවා ඒලියන්ස්ලා මේ වාහන වලට හානි කරනවා කියලා.

    උපුටා ගැනීම යකෝ