බර්මුඩා ති‍්‍රකෝණය

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    බර්මුඩා ති‍්‍රකෝණය

    බර්මුඩා ති‍්‍රකෝණයේ අබිරහසට සමාන ආවාට තුනක් සයිබීරියාවෙන් මතු වෙයි!

    මේ වසරේ මුලදී රුසියාවේ සයිබීරියාවෙන් අබිරහස් ආවාට තුනක් මතු වුණා. ඒවා ගැන ලොව පුරා නොයෙක් මත පළ වුණා. දැන් විද්‍යාඥයන් කියන්නේ ඒවා පොළොව යට ඇති ගෑස් තැන්පතු පිපිරීමෙන් ඇති වූ ඒවා බවයි.

    මෙහි අබිරහස හෙළිදරවු කර ගතහොත් එය ලෝකයේ විස්මිත අබිරහස් අතරින් එකක් ලෙස සැලකෙන විවාදයට ලක්ව ඇති බර්මුඩා ති‍්‍රකෝණයේ රහසත් හෙළිදරවු කර ගත හැකි යැයි අදහසක් ද ඔවුන් වෙතින් පළ වී තියෙනවා.


    4.JPG

    මේ වසරේ මුලදී අබිරහස් ආවාට තුනක් මතු වුණා, රුසියාවේ සයිබීරියාවෙන්. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පොළොව යට ඇති ගෑස් නිධිවල පිපිරීමෙන් ඒවා ඇති වූ බවයි. මෙහි විශාලම ආවාටය පරීක්ෂා කළ අවස්ථාවේ දී ඔවුනට, එහි ගෑස් හයිඩ්‍රේට තිබී හමු වුණා. ඒ නිසයි, ඔවුන් හිතන්නේ මේ ආවාට හැදෙන්නට ඇත්තේ එවැනි පිපිරීම් නිසයි කියලා. බර්මුඩා ති‍්‍රකෝණයේ දී අහස් යානා හා නාවික යාත‍්‍රා අතුරුදන් වීමට හේතුවත් මෙයම විය හැකි බවයි ඔවුන් කියන්නේ.

    යමාල් (Yamal) අර්ධද්වීපයේ මුලින් ම හමු වූ ආවාටය විද්‍යාඥයන් විමතියට පත් කළ අතර ඒ ගැන පිරික්සමින් සිටිය දී ටාශ් (Taz) දිස්ති‍්‍රක්කයේ හා ටේමීර් (Taymyr) අර්ධද්වීපයේ තවත් එවැනිම ආවාට දෙකක් හමු වුණා. මුලදී ඔවුන් හිතුවේ මේවා මිනිසා විසින් කණින ලද ඒවා බවයි. තවත් අය කීවේ ඒවා උල්කාපාත වැටීමෙන් සිදු වූ ඒවා විය හැකි බවයි. තවත් සමහර අය කීවේ මග වැරදී ගිය මිසයිල පතිත වීමෙන් මේවා ඇතිවෙන්නට ඇකැයි කියායි.

    දැන් මේවා පිරික්සූ විද්‍යාඥයන් නිගමනය කරල තියෙනවා, මේවා පොළොව යට ගෑස් තැන්පතුවල පිපිරීම් නිසා සෑදෙන්නට ඇතිය කියා. රුසියාවේ නොවොසිබිර්ස්ක්හී ට්‍රොෆිමුක් පෙට්රෝලියම්-ගෑස් භූ විද්‍යා සහ භූ භෞතික විද්‍යා පිළිබඳ ආයතනයේ විද්‍යාඥයන් උපුටා දක්වමින් සයිබීරියානු ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ පොළොව මතුපිට ඇති වූ අසාමාන්‍ය උණුසුම් දේශගුණික තත්වයන් නිසා ඒවායේ බලපෑමෙන් පොළොවේ යට ඇති ගෑස් තැන්පතු අනපේක්ෂිත ලෙස උණුසුම් වීමෙන් ගෑස් පුපුරා, ගෑස් හයිඩ්‍රේට් විදාරණය වෙන්නට විද්‍යාඥයන් විශ්වාස කරන බවයි.


    ඒ අතර ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ජාතික සාගර හා වායුගෝලීය පාලන අධිකාරිය හෙවත් ‘නෝආ’ (NOAA) ආයතනය කියන්නේ මියාමි, බර්මුඩා හා පුවර්ටෝ රිකෝ අතර සාගරයේ නැව් හා අහස් යාත‍්‍රා අතුරුදන් වීම් සිදු වූයේ එහි දේශගුණික විෂමතා හා නැවියන් අතින් සිදු වූ වැරදීම් නිසා මිස එහි ඇති මොනයම් හෝ ගුප්ත හේතුවක් නිසා නොවේය කියායි. ලෝකයේ වෙනත් ඕනෑම තැනක සාගරයේ සිදු වූ අනතුරු සංඛ්‍යාවට වැඩි දෙයක් එතැන සිදුව නොමැති බවයි. මෙය එතැනට අදාළව මිනිසා විසින් ගොතන ලද මිථ්‍යාවක් බවයි ඔවුන් පවසන්නේ. මේ බව ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහන් කොට තියෙනවා.


    ගෑස් හයිඩ්‍රේට්ස් කියන්නේ ජලයේ අයිස් හා සමාන ද්‍රව්‍යයක්. එහි ගෑස් අණු, විශේෂයෙන් ම මීතේන් අඩංගු වෙනවා. ඒවා උතුරු සයිබීරියාව වැනි නිත්‍ය තුහින කලාපයක බහුලව හමුවෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකයේ සමහර සාගරවල පත්ලේත් මෙවැනි මීතේන් බහුල තැන් තියෙනවා.


    ‘යමාල් ආවාටය ගැන පැහැදිලි කරන්න අප යොදා ගත්නේ මීතේන් නිසා ඇති වන ගෑස් හයිඩ්‍රේට්ස් නිකුත් වීමයි.’ යයි විද්‍යාඥ ව්ලැඞ්මීර් පොටාපෝව් කියනවා. ‘අප සොයා ගත්තා, මේ අර්ධ ද්වීපයේ මීටර් සිය ගණනක් යටට ගෑස් හයිඩ්‍රේට් විහිදී ඇති බව. ඒ වගේ ම මතුපිටට ආසන්නවත් ඒවා බහුලව තියෙනවා. වායුගෝලයේ ඇති උෂ්ණත්වය ආදී සාධක හේතුවන්නට ඇති ඒවා අතර ඝට්ටනයක් ඇති කරන්නට. එයින් පිපිරීමක් ඇති වී ඒ ස්ථානයේ විශාල ආවාටයක් ඇති වෙන්නට ඇති.’ ඔහු වැඩිදුරටත් කියනවා.

    a
    .


    රුසියානු ගවේශකයන් සයිබීරියාවේ අභිරහස් ආවාට ගවේශනයේ යෙදුණු ආකාරය.

    5.JPG


    යමාල් හා ටේමීර් අර්ධද්වීපවල මතු වූ මේ යෝධ ආවාට තුන මිනිසා විසින් කණින ලද යෝධ ළිං කියා කියන අයත් ඉන්නවා. සමහරු කියනවා මේවා මග වැරදී ගොස් පතිත වුණු මිසයිල වලින් සෑදුණු ඒවා යැයි කියන අයත් ඉන්නවා. නමුත් දැන් මේ පිළිබඳව පරීක්ෂණ කරන රුසියන් විද්‍යාඥයන් කියන්නේ මේවා භූගත ගෑස් පිපිරීම් නිසා ඇති විය හැකි බවයි.

    ඔහු අවධාරණය කළා මේ ආවාටය සෑදී ඇත්තේ භූකාරක තැටි දෙකක් අතර විභේදනයක් මත බව. යමාල් අර්ධද්වීපය භූකම්පන අතින් නිහඬ කලාපයක් වුවත් මේ ආවාටය මතුවී ඇති ප‍්‍රදේශය භූකාරකම් අතින් ඉතා සකි‍්‍රයව පවතින බවයි ඔහුගේ අදහස.

    ‘ඒ කියන්නේ එහි ඇති උෂ්ණත්වය සාමාන්‍යයෙන් පවතිනවාට වඩා ඉතා අධික වන බවයි. මේ මෑතදී පැවති උණුසුම් ගිම්හාන දේශ ගුණය පොළොව යට මතුපිටට ආසන්නයේ සිර වී ඇති ගෑස්වල අධික තාපයක් ඇති කිරීමට හේතු වන්නට ඇති.’ පොටාපෝව් තවදුරටත් පැහැදිලි කරනවා.


    මේ ආවාටය බිහි වූයේ කෙසේද කියා හෙළි කර ගතහොත් එය ලෝකයේ නාවික යාත‍්‍රා, අහස්යානා ගණනාවක් බිලි ගත් බර්මුඩා ති‍්‍රකෝණයේ අබිරහසත් හෙළිදරවු කර ගත හැකි වෙතැයි මේ රුසියන් විද්‍යාඥයන් විශ්වාසය පළ කරනවා.


    ට්‍රොෆිමුක් විද්‍යායතනයේ නියෝජ්‍ය ප‍්‍රධානී රුසියන් විද්‍යාඥ ඉගෝර් යෙල්ට්සෝව් කියන්නේ බර්මුඩා ති‍්‍රකෝණයේ ඇති සංසිද්ධියට හේතුව ගෑස් හයිඩ්‍රේට්වල ප‍්‍රතිකි‍්‍රයාවක් නිසා යැයි මතයක් පවතින බවයි.


    ‘එහිදී මීතේන් අයිස් ක්ෂණිකව දියවෙමින් විශාල මීතේන් වායුවක් පරිසරයට මුදා හැරෙනවා. න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයාවක දී සිදු වෙනවා වගේ විශාල මීතේන් ගෑස් ප‍්‍රමාණයක් ඉතා වේගයෙන් පැතිරී යනවා. එහි දී එක්වරම ඒ ප‍්‍රදේශයේ සාගරය මත අධික උෂ්ණත්වයක් ඇති වෙනවා. එහි අහසට විහිදෙන අති විශාල ගෑස් ප‍්‍රමාණය නිසා ඒ හරහා පියාසර කරන අහස්යානා හා යාත‍්‍රා සැණෙන් අනතුරට පත් වෙනවා.’ යයි යෙල්ට්සෝව් විස්තර කරනවා.


    8.jpg


    ඒ ආවාට මතු වූ ප‍්‍රදේශයේ පිරික්සුම් කළ සයිබීරියානු විද්‍යාඥයෙක්.

    ‘අප සොයා ගත් තොරතුරු අනුව මේ වගේ දෙයක් තමයි එතැනත් සිදු වෙන්නේ. එහිදී වායුගෝලයේ ඇති වන මීතේන් අධිසාන්ද්‍රනය හේතුවෙන් විශාල වායු කැළඹීමක් ඇති වෙනවා. ඒ නිසා තමයි පාලනය කර ගත නොහැකිව ගුවන්යානා අනතුරට ලක්වෙන්නේ.’ යනුවෙන් යෙල්ට්සෝව් වැඩිදුරටත් කියනවා.

    සයිබීරියානු විද්‍යා ජර්නලයේ මේ ආවාට ගැන ලිපිය පළ කර ඇත්තේ ‘බර්මුඩා ති‍්‍රකෝණයේ දුර ඥාතියෙක්!’ යන සිරස් තලය යටතේයි.


    ඒ ලිපියට අනුව විද්‍යාඥයන් ගැඹුරුම ආවාටයෙහි අඩි 985ක් ගැඹුරෙන් පස් සාම්පල පවා අරන් ඇවිත් පරීක්ෂා කරලා තියෙනවා. ‘අප ඒවායේ චුම්බක හා විකිරණ පරීක්ෂාවන් කළා. අසාමාන්‍ය වූ කිසිම දෙයක් ඒවායේ තිබුණේ නැහැ.’ ඔලෙග් කුෂ්නරෙන්කෝ කියනවා. දින හතරක් තිස්සේ සිදු කළ ඒ ගවේශනයේ නායකත්වය දැරූ ප‍්‍රධාන ඉංජිනේරුවා ඔහුයි.


    පොටාපෝව් කියන්නේ ඔවුන් එළඹි නිගමනය ගැන තවදුරටත් පරීක්ෂා කළ යුතු බවයි. ‘මෙවැනි අවස්ථාවල දී අප බොහෝ විට කරන්නේ උපකල්පනයන් ඉදිරිපත් කරමින් ඒවා පරීක්ෂාවට ලක් කිරීමයි. ඒ අතින් මේ ආවාටය විද්‍යාත්මක ඉතා වැදගත්කමක් උසුලන්නක්.’ ඔහු පවසනවා.


    වැඩිදුරටත් ඔහු පැවසුවේ ලෝකයේ මෙවැනි භූගත පිපිරීම් ඇති විය තැන් සොයා බලා හඳුනා ගැනීමේ අවශ්‍යතාවක් දැන් මතුව ඇති බවයි. ‘අප අවධානය යොමු කරන්න ඕනෑ එවැනි අවස්ථා මතුවිය හැකි තැන් සොයා බලන්නට.’ ඔහු කියනවා.


    එසේම කුෂ්නරෙන්කෝ කීවේ අඩි 230ක් පමණ ගැඹුරු ඒ ආවාටය තුළට බසින්නට ආරක්ෂක හේතූන් මත අවසර නොලැබුණු බවයි. ‘අපට ඒ තුළට බසින්නට ලොකු ඕනෑකමක් තිබුණා. ඒත් අපේ ආයතනය ඒ අවදානම ගන්න අපට ඉඩ දුන්නේ නැහැ.’ යි කුෂ්නරෙන්කෝ කීවා. ඔවුන්ගේ අධ්‍යයනයට ලක් වූයේ බොවනෙන්කෝව් ගෑස් නිධිවල සිට සැතැපුම් 19ක් දුරින් පිහිටි ආවාටයයි.


    ලෝකාන්තයේ දී හමු වී ඇති අබිරහස් ආවාට තුන.


    9.jpg


    10.JPG


    මේ ඡුායාරූපයෙන් දැක්වෙන්නේ යමාල් ආවාටයයි. රුසියාවේ ටාස් දිස්ති‍්‍රක්කයේ ඇන්ටිපායුටා ගම්මානයේ දී මේ ආවාටය මතු වූයේ 2013 සැප්තැම්බර් 27 යයි මෙහි ගම්වැසියන් කියනවා.

    11.JPG


    මේ රුසියන් ආවාටවල අබිරහස සොයා ගත්තොත් ඇමෙරිකාවේ බර්මුඩා ති‍්‍රකෝණයේ අබිරහසත් විසඳා ගත හැකි වේවි කියලයි, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. උතුරු අත්ලාන්තික් සාගරයේ බර්මුඩා දූපතත්, ඇමරිකාවේ ෆ්ලොරිඩා වෙරළත් පුවර්ටෝ රිකෝ දූපතත් අතර ති‍්‍රකෝණාකාර මුහුදු ප‍්‍රදේශයක් තමයි, අබිරහස් බර්මුඩා ති‍්‍රකෝණය ලෙස නම් කරලා තියෙන්නෙ.

    12.JPG


    උතුරු සයිබීරියාවේදී හමු වූ මේ මුල් ආවාටය අඩි 262ක් විතර ගැඹුරුයි කියලයි කියන්නේ. මේක ඇති වෙලා තියෙන්නේ ඒ ප‍්‍රදේශයේ පොළොව යට ගෑස් නිධියක ඇති වුණු පිපිරීමක් නිසයි.

    13.JPG


    යමාල් (Yamal) අර්ධද්වීපයේ මුලින් ම හමු වූ ආවාටය විද්‍යාඥයන් විමතියට පත් කළ අතර ඒ ගැන පිරික්සමින් සිටිය දී ටාශ් (Taz) දිස්ති‍්‍රක්කයේ හා ටේමීර් (Taymyr) අර්ධද්වීපයේ තවත් එවැනිම ආවාට දෙකක් හමු වුණා.

    14.JPG


    මේ තුන්වැනි ආවාටය හමු වුණේ ටේමීර් අර්ධද්වීපයෙන්. පිනිමුවන් ඇති කරන ගොපල්ලන් පිරිසකට තමයි, මෙය අහම්බෙන් හමුවුණේ. තව පොඞ්ඩෙන් ඔවුන් ඒකට වැටෙන්නත් යනවා. නෝසොක්වල පිහිටි මුරපොළ පෙනෙන තෙක් මානයේ තමයි, මේ ආවාටය තියෙන්නේ. දැනට ගණන් බලා තියෙන විධියට මේ ආවාටය අඩි 200ත් 330ත් ප‍්‍රමාණයක් ගැඹුරුයි කියලයි කියන්නේ.



     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.... ලෝකේ හිරු ලඟටත් යන්න පුළුවන් විදියට යන්ත්‍ර හදද්දී, ඇයි තවම බර්මියුඩා එක අබිරහසක් වෙන්නේ... බැරිද මළවුන් ගෙන්වන තැනකට ගිහිං ඒ මැරිච්ච කෙනාව යවන්න බර්මියුඩා එක ලඟට ගිහිං වෙන්නේ මොනවද කියල දැනගන්න...

    ඒ වගේම බුදු හාමුදුරුවොන්ගේ කාලේ බර්මියුඩා එක තිබිල නැත්ද... බන පොතක වත් නැහැනේ.... මේ ප්‍රශ්න වලට මට තවම උත්තර හොයාගන්න බැරි උනා..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.... ලෝකේ හිරු ලඟටත් යන්න පුළුවන් විදියට යන්ත්‍ර හදද්දී, ඇයි තවම බර්මියුඩා එක අබිරහසක් වෙන්නේ... බැරිද මළවුන් ගෙන්වන තැනකට ගිහිං ඒ මැරිච්ච කෙනාව යවන්න බර්මියුඩා එක ලඟට ගිහිං වෙන්නේ මොනවද කියල දැනගන්න...

    ඒ වගේම බුදු හාමුදුරුවොන්ගේ කාලේ බර්මියුඩා එක තිබිල නැත්ද... බන පොතක වත් නැහැනේ.... මේ ප්‍රශ්න වලට මට තවම උත්තර හොයාගන්න බැරි උනා..

    බුධු හාමුධුරුවන්ගෙ කාළෙ ඇමෙරිකාවවත් හොයං තිබුනෙ නෑනෙ.