බලන්න අප්පිරිය ෆේස්බුක් සහ බ්ලොග් වැඩ කි&#3497

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    බලන්න අප්පිරිය ෆේස්බුක් සහ බ්ලොග් වැඩ කි&#3497

    බොහෝ කාලයක් කසිප්පු පෙරූ මනුස්සයෙක් ඒ ජාවරාම නතර කර ඒ සඳහා යොදාගත් උපකරන වත්තේ ගොඩ ගසා තැබුවේලු.

    මේ දුටු ඒ පලාතේ පොලිසිය ඔහු කස්සිප්පු ජාවාරම් කරන්නෙක් ලෙස නඩුවක් පවරා ඇත්තේ ඒ ජාවාරම නවතා බොහෝ කල් යැයි කී ඔහුගේ බස් ප්‍රතිකේශ්ප කොටය.

    පොලිසිය උසාවියෙන් ඉල්ලා ඇත්තේ කසිප්පු පෙරීමට ඇවැසි සියලු උපකරන ඔහු සතු නිසා ඔහු වැරදි කරු ලෙස නම් කරන ලෙසයි.

    විනිශ්චයකරු තීන්දුව දීමට ප්‍රථම ඔහුගෙන් කීමට යමක් ඇද්දැයි අසා ඇත.

    "ස්ත්‍රී දූෂනයටත් මාව වැරදිකරු කරන්න ස්වාමිනී" ඔහු ඉල්ලා ඇත.

    තක්බීර් වුනු විනිසුරු "ඒ මොකෝ ඔහේ ඒවත් කරනවදැයි" අසූ විට ඔහු පිලිතුරු දී තිබෙන්නේ

    ස්ත්‍රී දූෂන කරන අවයවය තමා ලඟ තියෙන නිසා කසිප්පු නොපෙරුවත් උපකරණ තිබුනු පලියට වැරදිකරනු කරනවානම් ස්ත්‍රී දූෂ්ණය නොකලත් එය කරන අවයවය තමන් සතු නිසා තමා එයටත් වැරදි කරුවෙක් කල හැකි නොවේද කියායි.

    මේ කතාව මට මතක් වුනේ ගිය ඉරිදා දිවයින පුවත්පතේ ෆේස්බුක් සහ බ්ලොග් අඩවි වල ක්‍රියාකාරීත්වය නිසා සමාජයට අවැඩක් සිදුවන්නේය යන්න පාඨකයන්ට ඇඟවෙන ලෙස ලියූ ලිපියක් කියවීම නිසායි.

    පාන්, එලවලු කපන්න ගෙදර තියෙන පිහියම කෙනෙක්ව කපා කොටා මරා දැමීමටත් ප්‍රයෝජනයට ගත හැකි නිසා නිවසක පිහි තබා ගැනීම තහනම් කිරීම නැති නම් පිහි පාවිච්චියෙන් වැලකී සිටින්න කියා සමාජයෙන් ඉල්ලා සිටීමද . ..

    පිහිය නිවරදි ආකාරයෙන් ප්‍රයෝජන ගන්නා අයුරු දැනුවත් කිරීමද කල යුත්තේ යන දෙකෙන් කොයි එකද හරි කියා අපේ ලාංකීය සමජයෙන් අසන්න සිතෙන්නේ බුදුන් දවස කොසොල් රජු දුටු සිහින වල මෙන් මහා අප්‍රභංශ දේවල් ගැන අද දවසේ අසන්න දකින්න ලැබෙන නිසාවෙනි.

    ලිපියේ අග සංස්කෘත්තික පොලිස්කරුවන්ගේ උදහසට ලක්වීමක් ගැන බලෙන් ඔබ්බවා තිබ්බද එහි මූලික අරමුණ ෆේස්බුක් සහ බ්ලොග් අඩවි නිසා සමාජයේ සභ්‍යත්වයට සංස්කෘතියට හානි පැමිනෙන බව උලුප්පා දැක්වීම බව ඒ ලිපිය ලියූ ලේඛකයාට හැර වෙන ඕනෑම පොඩි හෝ මොළයක් තිබෙන කෙනෙකුට වැටහී යනවා ඇති.

    "එතැන සිදුවුණු බොහෝ දේ කියන්නත් අපහසුයි"
     
    • Like
    Reactions: Gouken

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    කඩුවට වඩා පෑන බලවත් කියා කතාවක් මා අසා ඇත. එය පරම සත්‍යක් යැයි මා අදහන තරම්ය.

    ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන මහා ඉහලින් කතා කරන නමුත් ලංකා නිවුස් වෙබ්, ලංකා ඊ නිවුස් ආදී ලාංකීය පාඨකයන්ට තහනම් වෙන අඩවි වල මෙන් ලිපිය අසලම පාඨක අදහස් දැක්වීමට ඉඩක් සලසා නැති නිසාවෙන්, ෆේස්බුක් සහ බ්ලොග් භාවිතා කරන්නෙක් ලෙස ඒ ලිපිය ගැන මගේ අදහස මගේ බ්ලොග් අඩවියේම දක්වන්න අදහස් කලෙමි.

    "මේ සාද එක එල්ලේම ඉලක්‌ක ගත වන්නේ ලිංගික ආස්‌වාදය විඳීම පිණිසය" මේ එහි මූලික චෝදනාවලින් එක්ක්.

    මේ වැකිය ගැන මට සිතෙන්නේ මේ ලෙසයි.

    ලියූ කෙනා ලිංගික බෙලහීනතාවයකින් පෙලෙන්නෙක් විය හැකියි. (තමා නොලබන සුවයක් අනෙක් අය විඳිය යුතු නැතැයි සිතන්නෙක්)

    ලිංගික කුහක කමින් පෙලෙන්නෙක් විය හැකියි (මගේ තරුණ කාලේ ඔය විදිහට සැප ගන්න බැරි උනානේ ඉතිං මුන් ආතල් ගන්න දිහා කොහොමද බලං ඉන්නේ)

    යෞවන-යෞවනියන්ට, තරුණ-තරුණියන්ට, පොදුවේ සියලු සත්වයන්ට ස්වභාවධර්මයේ නියාමයන්ට අනුව ලිංගික හැඟීම් පහල වීම වැලැක්වීමට හැකි සමතෙක් සිටීද??

    මේ ලේඛකයා ගේ උත්සාහය ෆේස්බුක් සහ බ්ලොග් අඩවි නිසා කල්ලි ගැසී පාර්ටි දමන යෞවන-යෞවනියන්, තරුණ-තරුණියන් (ඔහු/ඔවුන් ඇසූ, දුටු, උපකල්පනය කල අකාරයට) ලිංගික ක්‍රියාවල නිරත් වීම නිසා සමාජරෝග, ගැබ් ගැනීම් ආදිය සිදුවෙන්න පුලුවන්ය යන්න නම් . ..

    ලිංගික ක්‍රියා වලින් වැලකී සිටින්න උපදෙස් දෙනු වෙනුවට කුඩා වයසේ පටන් ක්‍රමානුකූලව යථා පරිදි ලිංගික අධ්යාපනයක් ලබාදෙන්නැයි කියා සිටීමට ඔවුන්ගේ ඒ කඩුවට වඩා බලවත් පෑන පාවිච්චි කරන්න තිබුනා යන්න මගේ හැඟීමයි.

    ලේඛකයා අදහස් කලේ ෆේස්බුක්, බ්ලොග් ආදිය නිසා සංස්කෘතිය සදාචාර හානියට පත්වෙනවා යන්න නම්. .

    පහත කරුනු ගැන සිතූ විට මගේ හැඟීම ගනිකා නිවායසක සිට මාට්ටුවී ඇති ඇමතිවරයෙක් කොට ගවුම් ඇඳීම තහනම් කිරීමට සැලසුම් කල ආකාරයේ තමාම වැරදි කරමින් අනෙක් අයට වැරදි නොකරන්නැයි කියනා ආකාරයේ තමාට එසේ කියන්න සදාචාරාරාත්මක අයිතියක් ඇද්දැයි දෙවරක් සිතා බැලිය යුතු කරුනක් බවයි.

    සමාජය වෙනස් වන බව නොදන්නා අයෙක් සිටීද?

    අලුත් පරම්පරාව, අපේ පරම්පරාව, දෙමාපියන්ගේ පරම්පරාව මේ කොයි නමින් කීවත් ඒ ඒ පරම්පරාවල ජීවත් වූ අය සදාචාරය, සංස්කෘතිය නම් කඩතුරාවෙන් වැසී තිබුනු නමුත් ස්වභාවධර්මයට අනුව උපදින ලිංගිකත්වය ගැන උපන් කුතුහලය කිසියම් වූ අකාරයකින් නිවා ගත්තේ නොවේද?

    හැත්තෑව දශකයේ ඉපදුනු අප තරුණ කාලයේ හොර රහසේ මිලදී ගත් වැඩිහිටියන්ට පමණයි නම් ලේබලය ඇලවූ පුවත්වත් කියෙව්වේ නැද්ද?

    මිතුරෙකුගේ නිවසක වැඩිහිටියන් නැති වෙලාවක බොහෝ අපහසුවෙන් සොයා ගත් වී එච් එස් පටියක් නොබැලුවේද?

    පාඩම් කරන්න යයි කියා මිතුරෙකුගේ නිවසක එකතු වූ ඇසූදේ දුටුදේ අත්විඳි දේ බෙදා හදා නොගත්තාද?

    අපේ තාත්තලාගේ පරම්පරාවේ අයට ඒ වැඩිහිටියන්ට පමනයි පුවත්පත් නොතිබෙන්නට ඇති. එසේ කියා ඔවුන් සිල් රැක්කාද?

    කාන්තාවන් නාන තොටක හොරෙන් බලා හෝ ලිංගික කුතුහලය නිවා ගන්න ඇතැයි අපි නොසිතා සිටින්නේ කෙසේද?

    අලුත් පරම්පරාවේ අයට අපේ තාත්තලාගේ තරුණ කාලයේ මෙන් ගෑනු නාන දිහා හොරෙන් බලන්න වත් අපේ කාලයේ මෙන් වැඩිහිටියන්ට පමනයි පත්තර වත් නැති නිසා (ගෑනු බාත්-රූම් ඇතුලේ නාන නිසා සහ අර ජාතියේ පත්තර අච්චු ගහන්නේ නැති නිසා) ඒ කුතුහලය සංසිඳවාගන්න අන්තර්ජායලේ ෆෙස්බුක් එකේ පින්තූර, වීඩියෝ බලන එකේ ඇති වැරැද්ද කුමක්ද?

    කුඩා වයසේ පටන් ලිංගික අවයව පිරිසිදුව තබාගන්නා හැටි අම්මා තාත්තාට හැර වෙන කිසිවෙක්ට ඒවා බලන්න අල්ල ඉඩනොදන්න කියා උපදෙස් දීම. . .

    යෞවනයින්ට අනාරක්ෂිත ලිංගික ඇසුරු නිසා සමාජ රෝග වැළඳෙන අයුරු, ගැබ් ගැනීම් සිද්විය හැකි අයුරු ආදී ලෙස උපදෙස් ලබා දෙනු සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට බල කරනු සඳහා . . .

    ඔවුන්ගේ කඩුවට වඩා බලවත් පෑන භාවිතා කලේ නම් කොයි තරම් අපූරුද??

    අනෙක් කරුණ, ඇයි මේ ෆේස්බුක්, බ්ලොග් අඩවි වල නරක පැත්ත ගැන පමනක් ඔවුන් සංවේදී?

    පාර්ටි සහ ගැදරින් ගැන සංවේදී වූ ඔවුන්ට අහම්බෙන් වත් පසුගිය මාස කීපය පුරා ෆේස්බුක්-බ්ලොග් හරහා ගමන් කල මානුශිකත්වය හෙවත් සවන් සෙවූ ඉලංදාරියා වෙනුවෙන් බ්ලොග් කරුවන් ෆේස්බුක් පරිහරණය කරන්නන් සිදුකල මෙහෙවර ඇස නොගැටුනේ ෆෙස්බුක්-බ්ලොග් නරක දෙයක් යැයි කියා ඔවුන් පැළඳ සිටි කලු කන්නාඩිය නිසාද?

    පහත ඇති ෆේස්බුක්-බ්ලොග් හරහා බෙදා හදා ගන්න දැනුම් සම්භාරය ඔවුන් කියන්නේ මොනවාද?

    ලෝකේ වටේ ඇති රැකියා ගැන දැනුවත් කරන ෆේස්බුක් ලුහුඬු දැන්වීම් සමූහය.

    ඡායාරූපකරණය ගැන විශේෂඥ ශිල්පීන් අපව දැනුවත් කරන සේයා රූ කතා බහ.

    අපේ සංස්කෘතිය ගැන නොදන්නා දේ අපට කියා දෙන හෙරිටේජ් සමූහය

    පරිඝනක දැනීම නොමිලේ බෙදා හදාදෙන පරිඝනක උදව් සමූහය, ඔන් ලයින් හෙල්ප් සමූහය

    දේශපාලනයේ නිරුවත හෝ සැබෑ මුහුන හෙලිකරන, සැබෑ දේශපාලනයක් වෙනුවෙන්, සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කතිකා ඇතිවෙන ශ්‍රී ලංකාවේ දේශපාලනය සමූහය

    සැඟවුනු නිර්මාණශීලීත්වයට පිබිදෙන්න ඉඩහසර සලසන වලාකුළු අතර හිඳ සමූහය, කෙටි කතා සමූහය, එෆ්.බී. කවි සංසදය

    තාක්ෂනික බ්ලොග්, නිර්මාණ බ්ලොග්, ජ්‍යෝතිෂය බ්ලොග්, ආදී මේ සියල්ල නොදැක ෆේස්බුක්-බ්ලොග් හානිකර දෙයක් ලෙස දුටුවේ සත්‍ය වශයෙන්ම අන්ධ නිසාවෙන්ද ??

    නැති නම් ජනතාව රටේ පවතිය සැබෑ තත්වය ගැන දැනුවත් වීම පාලයකයන්ට පාලනයට අපහසුවක් කියා සිතා කඩුවට වඩා බලවත් පෑනක් ඇති අයෙක්ගේ බඩගෙඩිය පුරවා එසේ බඩ පිරීමෙන් පසු කෑමත නිසා අන්ධ වූ නිසාවෙන්ද කියා සිතා බැලීම බුද්ධිමත් දෙමාපියන්ගේ, පාඨකයන්ගේ වගකීමකි.
     
    • Like
    Reactions: nnjeevana

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    kathawanam maru oya meeharakta therenne na ban wadak karaganna balla piduru kanneth na kan gonata denneth na
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලන්කාව දියුනු වෙමින් පවතින රටක් නේ බන්...අපි දන්න කලෙක ඉදන් දියුනු වෙනව නේ...දියුනු උන කාලෙක ඔව හරියාවි
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0

    තැන්කස් කොහොමත් ඔය එක එක කණ්නාඩි දාන් බලන අයට පෙන්නෙ එක එක විදියට. FB එකෙන් නොදන්න හුගක් දෙවල් share කර ගන්න පුලුවන් ඒවගේම ඔය හැම එකාගෙම නිරුවත එළිකරන්නත් පුලුවන්. හැමදේම හොද විදියට ගත්තම හොදයි නරක විදියට ගන්න උන් වැඩී ඒකට සමස්ත හැමොටම බැණල වැඩක් නැහැ.

    ඉස්සර කාලේ මොනව හරි අලුත් දෙයක් දැනගන්න පුස්තකාලෙට යන්න ඔන නැත්තන් පත්තර පොත් ගන්න ඔන. එවගේම රුපවහිනි ප්‍රවුර්ති බලන්න ඔන. අන්තර්ජාලය නිසා ඔය පත්තර කරයොන්ගෙ පත්තර කවෘත් බලන්නෙ නැහැ අනවෂ්‍ය දෙවල් හුගක් තියෙන නිව්ස් පොඩ්ඩක් තියෙන පත්තර ගන්නවට වඩා ලේසී පත්තරේ ගානම දීල කැෆේ එකකට යන එක.


    රටේ තොරටුරු ප්‍රචාරනය දියුනු උනාම ඔය යල් පැනපු මාධ්‍ය වේදියින්ගෙ ඇස් වලට කටු අනිනව.