බලන්න යන්න හොදම Stage Dramas...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බලන්න යන්න හොදම Stage Dramas...

    මං හිතුවා මං බලපු වේදිකා නාට්‍යය වලින් හොදම ඒවා ඔයාලත් එක්ක share කරගන්න...

    ගොඩක් දෙනෙක් නිවාඩු දවසක අලුතෙන් ආපු film එකක් බලන්න, MC, Arcade, Liberty හරි Savoy හරි යනවනේ.. ඒත් කොච්චර අඩු ප්‍රමාණයක්ද, Stage Drama එකක් බලන්න යන්නේ? මට නම් ඇත්තටම Film එකක් බලනවට වඩා සතුටක් ලබනවා, Stage Drama එකක් බලලා... මොකද film එකක් පටන් ගන්නකොට අවසානය අපිට හිතා ගන්න පුළුවන්.. නමුත් වේදිකා නාට්‍යයක අවසානය නෙමෙයි, ඊලග දෙබස මොකක්ද කියල වත් හිතා ගන්න බෑ...

    හැබැයි ඉතින් ඒකට, හොද වේදිකා නාට්‍යයක් තෝරගන්නත් ඕනේ.. ඉතින් මං හිතුවා මං බලපු වේදිකා නාට්‍යය වලින් හොදම ඒවා ඔයාලත් එක්ක share කරගන්න... ඔයාලා බලලා තියෙන ඒවා තියෙනවා නම් දාන්න.. පවුලේ අයත් එක්ක හරි, යාළුවො සෙට් එකක් එක්ක හරි ගිහින් බලලා විනෝද වෙන්න පුළුවන් නාට්‍ය ගැන දැනගන්න එක හැමෝටම උදව්වක් වෙයි...


    මං මෙතන බලලා තියෙන Stage Drama වලින් හොදම ටික, අනුපිලිවෙලට දානවා...
    මේකේ දාල තියෙන ඔක්කොම photo ටික ගත්තේ, http://rangahala.lk/ කියන වෙබ් අඩවියෙන් කියල කියන්නත් ඕනේ.. ඉස්සරහට එන්න තියෙන Stage Dramas වගේම තව ගොඩක් විස්තර, ඒ වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්..



    01. බල්ලොත් එක්ක බෑ....

    balloth_ekka_baa.jpg


    මේක, මං බලපු වේදිකා නාට්‍යය 10 න් හොදම එක කියල කියන්න පුළුවන්.. බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්..:D:D:D පවුලේ හැමෝටම ගිහින් බලන්නත් පුළුවන්.. Double meaning වචන දෙකක් තුනක් තිබුනට ඒවා පොඩි අයට තේරෙන ඒවා නෙමෙයි.. කුමාර තිරිමාදුර සහ විජය නන්දසිරි දෙන්නගේ acting නියමයි...

    02. කෝ කුක්කෝ..

    Ko_Kukko_1.jpg


    මේකත් හොදට හිනා වෙන්න පුළුවන් වේදිකා නාට්‍යයක්..මිහිර සිරිතිලක සහ කුමාර තිරිමාදුර දෙන්නගේ පොඩි අංග චලනයක් උනත් ඇති, හිනා යන්න.. හිනා යන කතාවක් උනාට මේ නාට්‍යයේ යටින් දෙන පණිවිඩය ප්‍රබලයි... ඒක ඔයාලා බලලම තේරුම් ගන්න..

    03. කෑම ලෑස්තියි..


    kema_lasthi_1.jpg


    මේකත් හොද තේමාවක් තියෙන වේදිකා නාට්‍යයක්.. ඇත්තටම මං මේක බලන්න ගියේ මාධනී මල්වත්ත ඉන්න නිසාමයි.. මං එයාට ආස නිසා... ;);););)
    එයාගේ රගපෑම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. ඇත්තටම මේ කතාවත් ලොකු පණිවිඩයක් සමාජයට දෙන එකක්.. මේක නම් කෝ කුක්කෝ, බල්ලොත් එක්ක බෑ වගේ comedy type නෙමෙයි.. නමුත් ගොඩක් හොද කතාවක්..

    04. මල්වඩම් අ(න)වශ්‍යයි...

    malwadam.jpg


    කුමාර තිරිමාදුරයි, විජය නන්දසිරි යි ඉන්නවා නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. :D ඊට අමතරව සුරංගි කෝසලා ඉන්නවා.. මං ඉතින් එයාටත් ගොඩක් ආසයි..:love: එයා දැන් ටෙලි නාට්‍යය වලත් නැති නිසා ඇත්තටම බලන්න පුළුවන්, මේ වේදිකා නාට්‍යය බලන්න ගියොත්.. :love:




    05. ලෝරන්ස් ගේ මනමාලි..


    lowrancege_manamali.jpg




    මේකත් හිනා වෙන්න පුළුවන් හොද නාට්‍යයක්.. මේකේ කළු පාට t-shirt එකක් ඇදන් ඉන්න කොල්ලා මරු acting.. දුලීකා මාරපනට නම් මං ආස නෑ... ඒත් කතාව හොදයි...


    06. තුන් මෝල්ලු...


    3idiots_1.jpg


    හොද කතාවක්.. කතාවට වඩා මං නම් බලන් හිටියේ මේකේ ඉන්න කෙල්ල දිහා...;);):love: මේ නාට්‍යයට ඒ කෙල්ල නැත්නම් හිස් වගේ වෙයි... ඒ චරිතයට නියමෙටම ගැලපෙනවා... ඇදන් ඉන්න ඇදුම, hair style ඔක්කොම මාරයි.. කොටින්ම කිව්වොත් මාරම ලස්සනයි... ;)

    07. සාදය මාරයි සල්ලි හමාරයි..

    saadaya_maarai_salli_hamaray.jpg


    මේ කතාව මට එච්චර ඇල්ලුවේ නැත්තේ, ඒක තනිකරම පිටරට නාට්‍යයක කොපියක් නිසා වෙන්න ඇති.. මීට කලින් දාලා තියෙන උඩ තියෙන නාට්‍යය 6 ම අපේ රටේ නම් සහ කතාවත් අපිට ගැලපෙන ඒවා.. ඒත් මේ නාට්‍යයේ චරිත වල නම් පවා ඉංග්‍රීසි නම්.. මට නම් ඒ නිසා වෙන්න ඇති, කතාව එච්චර වැදුනේ නෑ..
    ඒත් පොඩි scene එකක් නම් වැදුනා... ;) ජයනි සේනානායක බීලා වෙරි වෙලා ඉන්න කෑල්ලක් තියෙනවා... එයා ඉතින් දගලද්දී එයා ඇදන් ඉන්න leggin එක ටිකක් එහෙ මෙහෙ වෙලා පේන්න ඕනේ නැති දෙයකුත් පෙනුනා, විනාඩි කීපයක්.. :D:D:D:D;)
    ඒක මං බලපු එකේ වැරදිලා උනාද, නැත්නම් හැම නාට්‍යය වාරයකදීම එයා ඕනෑකමින් ඒක කරනවද කියල මං දන්නේ නෑ... ඒක එහෙමද කියල බලන්න ඕන නම් ඔයාලම ගිහින් බලන්න.. (ඒක බලන්නම යනවා නම් මං වගේ ඉස්සරහම seat එකක් book කරගන්න :D:D:D:D)

    08. සුද්දෙක් ඔබ අමතයි..

    suddek_oba_amathai.jpg


    මේකත් සමාජයට පණිවිඩයක් දෙන කතාවක්.. මාධනී මල්වත්ත ඉන්න නිසා තමයි මං බලන්න ගියේ.. නාට්‍යය හැබැයි පැය 2 ක් විතර දිගයි.. මාධනී මල්වත්ත ලස්සනට සින්දු කියනවා මේකේ...

    09. රාජ සභාව..

    Raja_Sabawa.jpg


    මේක ඇත්තටම හොදට හිනා වෙන්න පුළුවන් නාට්‍යයක්.. ඒත් මං මේක 09 වෙනියට දැම්මේ, ගොඩක් විහිලු අපි අහල තියෙන නිසා.. ඒ කියන්නේ, මේක ස්වර්ණවාහිනියේ ගියා ඔයාලට මතක ඇති.. ඉතින් ඒවම තමයි මේකේ තියෙන්නේ... Script එක, අද කාලෙට ගැලපෙන විදිහට අලුතෙන් ලිව්වා නම් හරි කියල මං හිතනවා, අලුත් විහිලු කතා දාලා..

    10. ගුටි කෑමට නියමිතයි..


    guti_kemata_niyamithai_1.jpg


    මේක මං බලපු චාටර්ම නාට්‍යය.. නම නිසාත්, poster එක නිසාත් මං හිතුව හොද comedy එකක් කියල.. ඒත් ඒකෙ කියන දේවල් වලට හිනා යන්නේ නෑ... මුළු නාට්‍යටම මට හිනා ගියේ දෙපාරයි ද කොහෙද.. අනික ටිකක් ග්‍රාම්‍ය වචන පාවිච්චි කරනවා.. කතාවත් මෙලෝ රහක් නෑ... පාන් ගෙඩියක් ඇතුලේ හිරවුන මැක්කෙක්, ගුල්ලෙක් සහ තව මොකෙක්ද සතෙක් ගැන කියන්නේ.. පාන් ගෙඩිය කියන්නේ සමාජය, අර සත්තු තුන්දෙනා කියන්නේ සමාජයේ ඉන්න මිනිස්සු කියල පෙන්නන්න තමයි try කරන්නේ.. ඒත් ඒක සාර්ථක නෑ... ග්‍රාම්‍ය වචන වලින් මිනිස්සුන්ට හිනා යන්නේ නෑ...:sorry::sorry:

    ඔන්න පැයක් තිස්සේ කොටලා මේක දැම්මා.. ඔයාලත් බලපු හොද වේදිකා නාට්‍යය ගැන කියන්න...අනිත් අයට හොද නාට්‍යයක් බලන්න යන්න ඒක උදව්වක් වෙයි...:yes::yes:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නාට්‍යය ගැන විතරක් කියල හරියන්නේ නෑ කියල හිතුවා.. නාට්‍යය බලන්න හොද තැන් ගැනත් මං මේකෙම දාන්නම්..

    01. නාමෙල්-මාලිනි පුංචි තියෙටර්

    w527-h768-no



    මං ගිහින් තියෙන තැන් වලින් බොරැල්ලේ තියෙන "නාමෙල්-මාලිනි පුංචි තියෙටර්" එක ගොඩක් හොදයි.. මං හිතන්නේ හොදම දේ තමයි මේ තියටර් එක පොඩි වීම.. Film එකක් බලද්දී වගේ නෙමෙයි, වේදිකා නාට්‍යයක් බලද්දී අපිට දැනෙන්නේ ඒක Live perform කරන නිසා.. ඉතින් stage එකේ ඉදල ගොඩක් දුරින් හිටියොත් ඒක එච්චර feel වෙන්නේ නෑ.. මොකද සමහර නාට්‍යය වල මුහුණේ ඉරියවු පවා වැදගත්.. පුංචි තෙයේටර් එක පුංචි වීම නිසාම, පිටිපස්සෙම පේලියේ ඉන්න කෙනෙක්ට උනත් හොදට නළු නිළියන්ව පේනවා.. Stage එකේ ඉදලා පිටිපස්සෙම පේලියට දුර ඇත්තේ මීටර් 10 විතර මං හිතන්නේ.. ඉතින් එයාලා අපි ලග ඉන්නවා වගේ දැනෙන්නේ..
    අනික A/C කරලා තියෙන්නේ.. Cushion කරපු පුටු.. පැය 2 ක් උනත් කිසි අපහසුවක් නැතුව ඉන්න පුළුවන්..
    අනික ගොඩක් වෙලාවට tickets prices වෙන්නේ 1000/=, 750/= සහ බැල්කනිය 500/=. 750/= ටිකට් එක තමයි හොදම කියල මං හිතන්නේ..

    02. ලයනල් වෙන්ඩ්ට් රගහල.

    10%20copy.jpg


    මේකත් හොද තියටෙර් එකක්.. A/C කරලා නම් නෑ, මට මතක විදිහට.. පුංචි තියෙටර් එකට වඩා ටිකක් ලොකුයි.. ඒත් මරදාන ටවර් එක තරම් ලොකු නෑ...

    03. මරදාන ටවර් රගහල

    04_big.jpg


    ගොඩක් ලොකු තියෙටර් එකක්.. ඒ නිසාම වේදිකා නාට්‍යයක් බලන්න යනවා නම් ඉතින් ඉස්සරහටම යන එක හොදයි.. හැබැයි ගොඩාක් සැප පහසුවට හදල තියෙනවා, අලුතෙන් මේ රගහල අලුත්වැඩියා කලාට පස්සේ.. A/C කරලා තියෙන්නේ.. සැප පහසු cushion seats.

    04. රාජකීය විද්‍යාලයීය නවරගහල

    396125_282310851876353_980724743_n.jpg


    මේක නම් තියෙටර් එකක් නෙමෙයි.. නමුත් සමහර වේදිකා නාට්‍යය මේ හෝල් එකේ තියෙනවා.. උඩ තියෙන තියෙටර් වගේ සැප පහසුවක් නම් මේකේ නෑ.. A/C කරලත් නෑ.. ප්ලාස්ටික් පුටු තියෙන්නේ වාඩි වෙන්න... ඒත් stage එක හොදට පේනවා..
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියන්නත් ලැජ්ජයි මේ වෙනකං කිසිම වේදිකා නාට්‍යක් බලලා නෑ......

    ආසාවක් ආවා මේ විස්තර දැක්කම.......

    රෙප් 16+
     
    • Like
    Reactions: funkyguy89

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ගොඩක් නාට්ටි මම බැලුවා.. ඒවා අතරින් "චරන්දාස්" තමා ආසම එක...:yes:
     
    • Like
    Reactions: Iintercooler

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමත් වේදිකා නාට්‍ය බලනවා මචන්. නුවර නම් මට ගොඩක් වෙලාවට invitation පවා සෙට් වෙලා තියෙනවා.
    බල්ලොත් එක්ක බෑ නම් සිරාම සිරා නාට්‍යයක්. ගොඩක් හොද නාට්‍ය දාල තියෙනවා thread එකේ. මම ඔක්කොම වගේ බලලත් තියෙනවා. හැබැයි මල්වඩම් අනවශ්‍යයි එකනම් මට එච්චර ඇල්ලුවේ නෑ.

    රෙප් 8 ප්ලස්
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ගොඩක් නාට්ටි මම බැලුවා.. ඒවා අතරින් "චරන්දාස්" තමා ආසම එක...:yes:
    ඕක මචන් පරණ indian නාට්‍යයක්. https://en.wikipedia.org/wiki/Charandas_Chor
    මමත් බලපු හොද නාට්‍යයක්. එත් දැන් අවුරුදු ගානකින් show එකක් තිබුනේ නැහැ මම හිතන්නේ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&



    01. බල්ලොත් එක්ක බෑ....

    balloth_ekka_baa.jpg


    මේක, මං බලපු වේදිකා නාට්‍යය 10 න් හොදම එක කියල කියන්න පුළුවන්.. බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන්..:D:D:D පවුලේ හැමෝටම ගිහින් බලන්නත් පුළුවන්.. Double meaning වචන දෙකක් තුනක් තිබුනට ඒවා පොඩි අයට තේරෙන ඒවා නෙමෙයි.. කුමාර තිරිමාදුර සහ විජය නන්දසිරි දෙන්නගේ acting නියමයි...

    මම මේක කීප වතාවක් බලල තියෙනවා. ලංකාවෙන් පිටත් shows තිබුන.
    මෙතන කුමාර තිරිමාදුර එයාගේ පරණ කෙල්ලෝ ගැන කියද්දී තුන් වෙනි කෙල්ල ඉන්නේ නාට්‍ය පෙන්නන නගරයේ. තව තව අලුත් political incidents එක්ක නාට්‍ය update වෙනවා.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕක මචන් පරණ indian නාට්‍යයක්. https://en.wikipedia.org/wiki/Charandas_Chor
    මමත් බලපු හොද නාට්‍යයක්. එත් දැන් අවුරුදු ගානකින් show එකක් තිබුනේ නැහැ මම හිතන්නේ.
    ow aththa macho.mamath baluwe meeta awurudu 4 kata udadi.... Acting music walata mama asai...:yes:
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මම මේක කීප වතාවක් බලල තියෙනවා. ලංකාවෙන් පිටත් shows තිබුන.
    මෙතන කුමාර තිරිමාදුර එයාගේ පරණ කෙල්ලෝ ගැන කියද්දී තුන් වෙනි කෙල්ල ඉන්නේ නාට්‍ය පෙන්නන නගරයේ. තව තව අලුත් political incidents එක්ක නාට්‍ය update වෙනවා.

    :yes::yes:
    ගිය සතියෙ ගාල්ලෙ තිබුන මචන් මේකෙ show එකක්.
    ඔය තුන්වෙනි කෙල්ල ගැන කියල කිව්ව ගාල්ලෙ කෙල්ලො හොඳයි මලගෙවල් වල අඬන්න කියල :lol::lol::lol:
    සුපිරිම drama එකක් මේක නම්.දැන් දර්ශන වාර 650ත් පැනල.
    කොහොමහරි මේක ඉවර වෙනකොට කටත් රිදෙනව හිනා වෙලාම
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes:
    කියන්නත් ලැජ්ජයි මේ වෙනකං කිසිම වේදිකා නාට්‍යක් බලලා නෑ......

    ආසාවක් ආවා මේ විස්තර දැක්කම.......

    රෙප් 16+

    අනිවාර්යෙන් බලන්න යන්න... බලපු නැති අයටම තමයි මං මේ thread එක දැම්මේ, මොකද මුල්ම වතාවට යනවා නම් හොද වේදිකා නාට්‍යයක් බලන්න ඕන නිසා..
    http://rangahala.lk/ කියන වෙබ් අඩවියේ
    ඉස්සරහට තියෙන stage dramas ගැන හැමදාම update වෙනවා... ඉතින් ඔයාගේ කාලය කළමනාකරණය කරගෙන බලන්න යන්න ඕන එක කලින් plan කරගන්න පුළුවන්...:yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ගොඩක් නාට්ටි මම බැලුවා.. ඒවා අතරින් "චරන්දාස්" තමා ආසම එක...:yes:

    චරන්දාස්, නාමෙල් මාලිනී එකට ආවම යන්න හිතන් ඉන්නේ... මට තාම ඒක බලන්න බැරි උනා..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමත් වේදිකා නාට්‍ය බලනවා මචන්. නුවර නම් මට ගොඩක් වෙලාවට invitation පවා සෙට් වෙලා තියෙනවා.
    බල්ලොත් එක්ක බෑ නම් සිරාම සිරා නාට්‍යයක්. ගොඩක් හොද නාට්‍ය දාල තියෙනවා thread එකේ. මම ඔක්කොම වගේ බලලත් තියෙනවා. හැබැයි මල්වඩම් අනවශ්‍යයි එකනම් මට එච්චර ඇල්ලුවේ නෑ.

    රෙප් 8 ප්ලස්
    :):)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම මේක කීප වතාවක් බලල තියෙනවා. ලංකාවෙන් පිටත් shows තිබුන.
    මෙතන කුමාර තිරිමාදුර එයාගේ පරණ කෙල්ලෝ ගැන කියද්දී තුන් වෙනි කෙල්ල ඉන්නේ නාට්‍ය පෙන්නන නගරයේ. තව තව අලුත් political incidents එක්ක නාට්‍ය update වෙනවා.

    ඔව් මචන්... ගොඩක් වේදිකා නාට්‍යය update වෙනවා.. සුද්දෙක් ඔබ අමතයි නාට්‍යය මං ගිය මාසේ බැලුවේ.. මේ අවුරුද්දේ මුල බලපු මගේ යාලුවෙක් කිව්වා, මං බලපු එකේ තිබුන සමහර සින්දු එහෙම, එයා බලද්දී තිබුනේ නෑ කියල...
    මාධනී මල්වත්ත ඒකෙ ලස්සන සින්දු 10 ක් විතර කියනවා, පොඩි පොඩි කෑලි.. "නොදැක ඉන්න බෑ සින්දුව" මාර ලස්සනට කියනවා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes::yes:
    ගිය සතියෙ ගාල්ලෙ තිබුන මචන් මේකෙ show එකක්.
    ඔය තුන්වෙනි කෙල්ල ගැන කියල කිව්ව ගාල්ලෙ කෙල්ලො හොඳයි මලගෙවල් වල අඬන්න කියල :lol::lol::lol:
    සුපිරිම drama එකක් මේක නම්.දැන් දර්ශන වාර 650ත් පැනල.
    කොහොමහරි මේක ඉවර වෙනකොට කටත් රිදෙනව හිනා වෙලාම

    :yes::yes::yes::D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    EMINƎM;18783244 said:
    balloth ekka ba ekata hina kala maruna ban matanam.

    thawa ekak baluwa breaking news kyla. ekath patta comedy.

    breaking news? :confused::confused: අහලා නෑ...:no:
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    මමත් එක Drama එකක් බැලුවා. "සුද්දෙක් ඔබ අමතයි"

    බැලුවට පස්සෙ ආසාවක් ආවා. හොද ලිස්ට් එකක් දුන්නට ස්තූතියි යාළුවා..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :yes::yes:
    ගිය සතියෙ ගාල්ලෙ තිබුන මචන් මේකෙ show එකක්.
    ඔය තුන්වෙනි කෙල්ල ගැන කියල කිව්ව ගාල්ලෙ කෙල්ලො හොඳයි මලගෙවල් වල අඬන්න කියල :lol::lol::lol:
    සුපිරිම drama එකක් මේක නම්.දැන් දර්ශන වාර 650ත් පැනල.
    කොහොමහරි මේක ඉවර වෙනකොට කටත් රිදෙනව හිනා වෙලාම
    :yes::yes::rofl::rofl:
    Gihan Fernando, Kumara Thirimadura, Wijaya nandasiri thamai pattama.