එතකොට උඹ බලපු ඒවයෙ විගඩම් නැටුවෙ ඇඟෙන් සුවඳ විහිදෙන, ලේ, මස්, බඩවැල්, බෙටි, චූ වගේ දේවල් ඇඟේ ගබඩා නොවිච්ච, රන් රිදී වලින් හැදිච්ච දෙවියො වගේ කට්ටියක්ද?
Out of Topic....


එතකොට උඹ බලපු ඒවයෙ විගඩම් නැටුවෙ ඇඟෙන් සුවඳ විහිදෙන, ලේ, මස්, බඩවැල්, බෙටි, චූ වගේ දේවල් ඇඟේ ගබඩා නොවිච්ච, රන් රිදී වලින් හැදිච්ච දෙවියො වගේ කට්ටියක්ද?


මචන්, ඕකේ කොහෙවත් වේදිකා නාට්‍ය ගැන කියල නෑ නේද? නැටුම් කියන්නේ එකක්.. නාට්‍ය කියන්නේ තව එකක්..
අනිත් දේ තමයි, ඔතන නෘත්‍යස්ථානයන්හි කියල තියෙන්නේ ඇත්තටම නලගනන් ඉන්න තැන්... ඒ කාලේ නලගනන් කිව්වේ ගොඩක්ම අබිසුරු ලියන්ට... එහෙම නැතුව නටපු අයවත් වේදිකා වල රගපාපු අයවත් නෙමෙයි..
ගණිකාවන් ඇතුළු කාම මිත්‍යාචාරය ගැන ඕකෙ වෙනම තැනක කියල තියෙනවා.
"ඔහු විසින් කවර නම් කර්ම ක්ලේශ (අපිරිසිදු ක්‍රියා) හතරක් පහකරන ලද්දාහු වෙද්ද? ගෘහපති පුත්‍රය, ප්‍රාණඝාතය (සතුන් මැරීම) අපිරිසිදු ක්‍රියාවකි. අදත්තාදානය (අන් සතු දෙය හොර හිතින් ගැනීම) අපිරිසිදු ක්‍රියාවකි. කාම මිථ්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) අපිරිසිදු ක්‍රියාවකි. මුසාවාදය (බොරුකීම) අපිරිසිදු ක්‍රියාවකි. ඔහු විසින් මේ අපිරිසිදු ක්‍රියා හතර පහකරන ලද්දාහු වෙත්යයි” භාග්‍යවතුන් වහන්සේ කීවාහුය. ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද මෙසේ වදාළේය. “සතුන් මැරීමද සොරකම් කිරීමද, බොරු කීමද, අන්සතු අඹුවන් වෙත යාමද යන මේ කරුණු සතර නුවණ ඇත්තෝ ප්‍රසංසා නොකරති.”ඒක නිසා මේක ගණිකාවො ගැන කියන එකක් නෙවෙයි. මෙතන කියන්නේ නැටුම් විතරකුත් නෙවෙයි.
"නැටුම් කොතැන්හිද, ගී කීම් කොතැන්හිද, වැයීම් කොතැන්හිද, කථා පැවැත්වීම් කොතැන්හිද, කයිතාලම් ආදිය ගැසීම් කොතැන්හිද, කල පිඹීම් කොතැන්හිදැයි (සොයා හැසිරීමය)""වේදිකා නාට්‍ය" කියන වචනෙ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ නොතිබුණට ඔය උඩින් ඉරි ගහල තියෙන හැම එකම වේදිකා නාට්‍ය වල තියෙනවා. ඔය "කථා පැවැත්වීම්" කියන්නේ ඒ කාලෙ තිබ්බ රාමායණ වගේ කතන්දර පිරිසක් ඉදිරියේ කීම ගැන. ඒක අද වේදිකා නාට්‍ය වලට ගොඩක් සමානයි.



හ්ම්ම්... ඒ කියන්නේ TV එකක් බලන එකත් සෑහෙන පවක්....
ටීවී, යූටියුබ්, චිත්‍රපටි ඔක්කොම මේකට අයිතියි. ඒ විතරක් නෙවෙයි, මේ එළකිරි එකේ කාලෙ කන එකත් ඕකට අදාළයි.

14. අලුත් හොරෙක් ඕනෑ.
![]()
මේක නම් අලුත්ම නාට්‍යයක්... පහුගිය සතියේ බදාදා (30.03.2016) තමයි මංගල දර්ශනය තිබුනේ, බිෂොප් විද්‍යාලයේ.
ප්‍රහසන නාට්‍යයක් නිසාත්, විජය නන්දසිරි මහත්තයා ඉන්න නිසාත් මමත් ගිහින් බැලුවා..
ඇත්තටම හොද වේදිකා නාට්‍යයක්. මාධ්‍යවේදියෙක් සහ ඇමතිවරු දෙන්නෙක් ගැන තමයි කතාව තේමා වෙලා තියෙන්නේ..
විජය නන්දසිරිගේ රගපෑම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. ලංකාවේ දේශපාලනයේ පහුගිය දේවල් ගැන උපහාසාත්මක දෙබස් ගොඩක් තිබුන නිසා හිනාවෙන් අඩුවක් තිබුනේ නෑ, නාට්‍යය පුරාවටම...
බලන්න යන්න ආස කෙනෙක් ඉන්නවා නම්, 2016.04.09 වෙනිදා ලයනල් වෙන්ඩ්ට් එකේ මේක පෙන්වනවා... වැඩි විස්තර rangahala.lk එකෙන් බලන්න පුළුවන්..
http://rangahala.lk/aluth-horek-onee/
A. සිරියා;20259927 said:බල්ලොත් එක්ක බෑ දැන් පෙන්නලා ඉවරද මචං. සයිට් එකේ නෑනේ
"මාර හොරු" අද ලයනල් වෙන්ඩ්ට් එකේ පෙන්නනවා..."මාර හොරු" මේ ලදී ආපු වේදිකා නාට්‍යයක්... බලපු කවුද ඉන්නේ?