ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 16 (බලයා)
ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ බහුලව දැකිය හැකි මත්ස්‍ය විශේෂයක් වන බලයා ආර්ථික වටිනාකමක් සහිත මාළුවෙකි. බල මාළු මෙරට වැසියන් අතර ජනප්‍රිය ආහාරයකි. එමෙන් ම උම්බලකඩ සෑදීම සඳහා යොදා ගන්නේ ද මේ මත්ස්‍ය විශේෂයයි.
ඉංග්‍රීසි බසින් ස්කිප්ජැක් ටූනා Scipjack Tuna ලෙස හඳුන්වන බලයා සත්ත්ව විද්‍යාත්මක ව කැට්සුවෝනස් පෙලමිස් Katsuwonus pelamis යනුවෙන් නම්කැර ඇත.
සාමාන්‍යයෙන් සිරුර දිගටිය. සම්පූර්ණයෙන් පරිනත මාළුවකු මීටරයක් පමණ දික්ව වැඩෙන නමුත් ලංකාව අවට මුහුදෙන් අල්ලා ගන්නා මසුන් වැඩි ප්‍රමාණයක් සෙන්ටි මීටර 80ට වඩා අඩු දිගින් යුතුය.
බලයා අයත්වන්නේ ස්කොම්බ්‍රිඩේ Scombridae කුලටයි. ලොව කරදිය මසුන් හෙවත් මුහුදේ සිටින මසුන් අතරින් වැඩිම ආර්ථික වටිනාකමක් සහිත මසුන් විශේෂ රාශියක් දක්නට ලැබෙන්නේ ස්කොම්බ්‍රිඩේ කුලයේය. ඒ අතරට බලයා, කෙලවල්ලා, තෝරා, අලගුඩුවා, ඇටවල්ලා, ඉරටවල්ලා හා කුම්බලාවා වැනි මත්ස්‍ය විශේෂ ස්කොම්බ්‍රිඩේ කුලයට අයත් වේ.
බලයා ස්කොම්බ්‍රිඩේ කුලයේ අනෙක් මසුන්ට වඩා ශරීරය තර්කරූපී හෙවත් දෙකොණ උල්වූ ස්වරූපයකින් යුක්තය. බලයාගේ සිරුරේ හරස්කඩ දළ වශයෙන් ගෝලාකාරය.
බලයාගේ පෘෂ්ඨීය වරළ හෙවත් පිටමත ඇති වරල් දෙක පැහැදිලිව වෙන්වී ඇත. පෞච්ඡ වරළට හෙවත් වලිගයට ඉදිරියෙන් හොඳින් වර්ධනය වූ ඉහළට නෙරාගිය දාරයක් දක්නට ඇත. සාමාන්‍යයෙන් බලයාගේ වරල් අඳුරු ස්වභාවයක් ගනී. එසේ වුව ද ගුද වරළ සුදු පැහැතිය. සිරුරේ කොරළ නැත.
බලයා හඳුනාගැනීමට පහසු ම ලක්ෂණය වන්නේ සිරුරේ පාර්ශ්විකව උදරීයව දික් අතට විහිදුණු රේඛා 4-6 ක් පමණ පිහිටා තිබීමයි. පිට දෙසින් අඳුරු නිල් පැහැයක් ගන්නා බලයාගේ උදර පෙදෙස රිදී පැහැතිය.
කුඩා මසුන්, දැල්ලන්, බූවල්ලන්, ඉස්සන් හා කකුළුවන් වැනි සතුන් ආහාරයට ගන්නා බලයා රංචු වශයෙන් ජීවත් වීමට දැඩි සේ ප්‍රිය කරයි. ගැඹුරු මුහුදේ මෙන් ම නොගැඹුරු මහද්වීපික තටාකයේ ද බහුලව දැකිය හැකි බලයන් දකුණු ඇමෙරිකාව, නැගෙනහිර අප්‍රිකාව, මැඩගස්කර දූපත්, ලක්දිව් දූපත්, මාලදිවයින, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අවට බහුලව හමුවේ.
හැඹිලි දැල, මරු වැල, බල දැල ආදිය යොදා ගනිමින් ගැඹුරු මුහුදේ දී ද වෙරළාසන්නයේ දී බිලී බෑමෙන් ද බලයන් අල්ලා ගැනීමට ශ්‍රී ලාංකික ධීවරයෝ පුරුදුව සිටිති.
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)
ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 (විල්පිට දණ්ඩියා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 (බුලත් හපයා )
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 13 (තිලාපියා)
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 14 (ඉරි හඳයා)
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 15 (උඩ හඳයා)