බලය වෙනුවෙන් අපි ගණිකාවොත් විකිණුවා
===========================================================================================================================================================================
බලය වෙනුවෙන් අපි අය වැය කාලෙ ගණිකාවොත් විකිණුවා - ඩලස් කියයි
2010 අප්‍රේල් 01 වෙනි බ්‍රහස්පතින්දා, 19:59
පසුගිය වසරවල අය වැය මාසයේදී අය වැය වෙනුවෙන් සිය ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී චීන හා රුසියානු ගණිකාවන් ද විකිණු බවත්, එම කාලයේදී පාර්ලිමේන්තුව අවුරුදු සේල් පොළකට සමාන බවත්, ඒ සම්බන්ධයෙන් හෙළි කිරීමට තමන් කිසි අවස්ථාවක ලජ්ජා වන්නේ නොමැති බවත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධය හමුවකදීය.
"අපි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. අපි කියන්න ලැජ්ජවෙන්නෙ නෑ, පහුගිය අවුරුදුවල නොවැම්බර් මාසෙ ගත්තොත්, ඒ කියන්නෙ අය වැය මාසෙ ගත්තොත් පාර්ලිමේන්තුව නිකන් සේල් පොළක් වගේ. දැන් එන්නෙ අවුරුදු සේල්, නත්තල් සේල්. ඒ තිබ්බ සේල් පොළක් වගේ. දියවන්නා සේල් පොළේ නොවිකුණේ මෙනවද කියල මට ප්‍රශ්නයක් තියෙනව. ඩොලර් එහෙමෙහෙ යනව. තානාපති කාර්යාල නියෝජිතයො එහෙමෙහෙ යනව. හැම දෙයක්ම වෙනව.
ඒ විතරක් නෙමෙයි චීන, රුසියානු කාන්තාවන් පවා මේ දියවන්නා සේල් පොළේ විකිණිලා තියෙනව. 2008 අය වැය අවස්ථාවේදි. හැබැයි එහෙම තමයි අපිට බලය රැක ගන්න සිද්ධ වෙලා තිබුණෙ." යනුවෙන් ඩලස් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Last edited: