පුසෝ හිතන්නේ අපි එයාලගේ යාලුවෙක් නැත්තං අපි පුසොන්ගේන් යැපෙන අය, පුසෝ නැතුව අපිට බෑ කියලා.
එකයි පුසෝ දඩයම් කරලා මීයෙක් එහෙම අහු උනාම ගෙදරට අරං එන්නේ. ඒ ගේන්නේ ගෙදර ඉන්න මනුස්සයට කන්න නැතුව ඇති, එයාටත් දෙන්න ඕනි කියලා හිතලා.
චීනයේ පරණ කියමනක් තියෙනව මිනිසෙක් පරිපුර්න වෙන්න නං බල්ලකේ සහ පුසෙක් හදන්න ඕනි කියලා.
තමුන්ගේ ස්වාමියා රජෙක් උනත් අන්ත දුගියෙක් උනත් බල්ලාට වෙනසක් නැහැ. බල්ලා ඔහුට ස්වාමියා විදියට ගරු කරනවා.
බළලා එහෙම නැහැ. තමුන් අයිති ,මනුස්සයා අධිරාජ්යයෙක් උනත් පුසා ඉන්නේ මිනිහගේ කරේ. ඇඳේත් නිදිය ගන්නවා.
ඉතිං ඔය පැරණි චීන කියමන ආවේ ඕනිම මනුස්සයෙක් තමුන්ට හම්බෙන ගෞරව නම්බු නාම වලින් උඩගු වෙන්නත් එපා, තමුන්ට වඩා උසස් යැයි හිතන අය හිටියට දුක් වෙන්නත් එපා කියන්න.