බල්ලන් මරා හෝ සල්ලි සෙවීම...
මම මේක net එකෙන් ගත්තෙ.කලින් දැකලා තියනවනම් සොරි වෙන්න ඔන.
හොද නම් rep + දෙන්නකො.
සත්ව මිත්‍ර සංගම් දඩාවතේ යන සුනඛයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හා පාලකයන් ද තිරිසනුන් සම්බන්ධයෙන් මෝස්තරකාරී ලෙස සානුකම්පිත වීමට සූදානම් නිසා දැන් බල්ලන් මැරීම සිදු වන්නේ නැත. එහෙයින් බල්ලන් මරා සල්ලි හොයන්නට ද බැරි ය.
එහෙත් මිනී මරා සල්ලි හොයන්නට ක්‍රම තිබේ.
මී කුණකින් ධනවත් වූ මිනිසකු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
මේ දිනවල පුවත්පත්වල මළ සිරුරු අදාහනය කිරීමෙන් ධනවත් වන මල් ශාලාකරුවකුගේ අපූරු වෙළඳ ප්‍රයෝගයක් ගැන කියැවේ. සිද්ධිය පිළිබඳ දිවයින පුවත්පතේ පළ වූ වාර්තාව මෙසේ ය:

කාන්තා මළසිරුර සමග පෙට්‌ටියේ තිබූ බිළිඳු සිරුර ආදාහනය කිරීම සඳහා මල් ශාලාවකට බාරදුන් සිරුරක්
මේවා කියවා සිනා සිය යුතු ද හැඬිය යුතු ද යන්න ඔබ ම තීරණය කරන්න. අප ජීවත් වන්නේ කුමන සමයක, කුමන සමාජයකදැයි සිතා බැලීමට මෙය කදිම නිදසුනකි. මිනිසකුගේ අවමංගල්‍යය ගෞරවනීය අන්දමින් කිරීම ඈත අතීතයේ නො දියුණු යයි කියන සමාජයේ පවා දක්නට ලැබිණි. ඒ සඳහා සාක්ෂි ලංකාවේ පවා ඉබ්බන්කටුව වැනි පැරණි සුසානභූමිවලින් හමු වේ.
ලාභය උපරිම කර ගැනීම ධනවාදයේ මූලික ලක්ෂණයකි. ඒ අනුව බැලූ කල මේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරයා කර ඇත්තේ ද ලාභය උපරිම කර ගැනීම සඳහා වූ දෙයක් නිසා ධනවාදයේ ප්‍රවර්ධකයන්ට ඔහු වීරයකු ලෙස සැලකිය හැකි ය.
ලාභ ඉපයීමේ තණ්හාව මිනිස් සබඳතා කොතරම් විකෘති කරනවා ද?
මොනවද කියන්න තියෙන්නෙ........
මම මේක net එකෙන් ගත්තෙ.කලින් දැකලා තියනවනම් සොරි වෙන්න ඔන.
හොද නම් rep + දෙන්නකො.
බල්ලන් මරා හෝ සල්ලි සෙවීම හොඳ දෙයකැයි සමාජය සිතයි......?
සත්ව මිත්‍ර සංගම් දඩාවතේ යන සුනඛයන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හා පාලකයන් ද තිරිසනුන් සම්බන්ධයෙන් මෝස්තරකාරී ලෙස සානුකම්පිත වීමට සූදානම් නිසා දැන් බල්ලන් මැරීම සිදු වන්නේ නැත. එහෙයින් බල්ලන් මරා සල්ලි හොයන්නට ද බැරි ය.
එහෙත් මිනී මරා සල්ලි හොයන්නට ක්‍රම තිබේ. මී කුණකින් ධනවත් වූ මිනිසකු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
මේ දිනවල පුවත්පත්වල මළ සිරුරු අදාහනය කිරීමෙන් ධනවත් වන මල් ශාලාකරුවකුගේ අපූරු වෙළඳ ප්‍රයෝගයක් ගැන කියැවේ. සිද්ධිය පිළිබඳ දිවයින පුවත්පතේ පළ වූ වාර්තාව මෙසේ ය:

කාන්තා මළසිරුර සමග පෙට්‌ටියේ තිබූ බිළිඳු සිරුර ආදාහනය කිරීම සඳහා මල් ශාලාවකට බාරදුන් සිරුරක්චමින්ද සිල්වා - එන්. එස්. බී. එගොඩවිට - කඩුගන්නාව (දිවයින 2011 ජනවාරි 11)
පිළිමතලාව අරඹේගම ආදාහනාගාරයට රැගෙන ආ වයෝවෘද්ධ කාන්තා මළ සිරුර සමග පෙට්‌ටිය තුළ තිබූ බිළිඳු මළ සිරුර පේරාදෙණිය රෝහලේදී මියගොස් ආදාහනය කිරීමට මල් ශාලාවට බාරදුන් දේහයක් බව පෙරේදා (9 වැනිදා) කඩුගන්නාව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
පොලිසිය මෙය අනාවරණය කරගෙන ඇත්තේ කාන්තා මළ සිරුර සකස් කිරීම සඳහා පැණිදෙණිය ප්‍රදේශයේ මල් ශාලාවකට බාරදී ඇති බව හෙළිවීමෙන් පසු එම මල්ශාලා හිමිකරු අත්අඩංගුවට ගැනීමෙනි.
පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වවුනියාව ප්‍රදේශයේ සිට පේරාදෙණිය රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ආ ද්‍රවිඩ කුඩා බිළිදෙකු රෝහලේදී මියගොස් ඇත. අනතුරුව බිළිදාගේ දෙමාපියන් දරුවාගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා මල්ශාලා හිමිකරුට මුදල් සමග දේහය බාරදී වවුනියාවට ගොස් ඇත.
අනතුරුව මල්ශාලා හිමිකරු කුඩා බිළිදාගේ දේහය වයෝවෘද්ධ කාන්තා මළ සිරුර යටින් තබා පේරාදෙණිය ගන්aනෝරුව ප්‍රදේශයේ පදිංචි ඥාතීන්ට බාර දී ඇත.
එම ඥාතීන් 08 වැනිදා පස්‌වරු 3.00 ට පමණ ආදාහනාගාරයට බාර දී පිටව ගොස් ඇත. මළ සිරුර සහිත පෙට්‌ටිය ආදාහනාගාරයේ පෝරණුවට ඇතුළත් කර විනාඩි කිහිපයකින් එහි පාලකවරයා විසින් ගෑස් නිකුත්වීම නිසි අයුරින් සිදු වන්නේද යන්න පිරික්‌සීමේදී මිනී පෙට්‌ටිය පිළිස්‌සි එහි මළ සිරුරු දෙකක් ඇති බව දැක ඇත.
ඔහු වහා ගෑස් නිකුත් කිරීම නවතා සිද්ධිය පිළිබඳව කඩුගන්නාව පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව කඩුගන්නාව පොලිසියේ ස්‌ථානාධිපති ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති සූජීව කන්දෙවත්ත යන නිලධාරීන් විසින් පරීක්‍ෂණ පවත්වා අත්අඩංගුවට ගත් මල්ශාලා හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කුඩා බිළිදාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිත බවද කඩුගන්නාව පොලිසියේ නිලධාරියෙක් දිවයිනට පැවසීය.
මේවා කියවා සිනා සිය යුතු ද හැඬිය යුතු ද යන්න ඔබ ම තීරණය කරන්න. අප ජීවත් වන්නේ කුමන සමයක, කුමන සමාජයකදැයි සිතා බැලීමට මෙය කදිම නිදසුනකි. මිනිසකුගේ අවමංගල්‍යය ගෞරවනීය අන්දමින් කිරීම ඈත අතීතයේ නො දියුණු යයි කියන සමාජයේ පවා දක්නට ලැබිණි. ඒ සඳහා සාක්ෂි ලංකාවේ පවා ඉබ්බන්කටුව වැනි පැරණි සුසානභූමිවලින් හමු වේ.
ලාභය උපරිම කර ගැනීම ධනවාදයේ මූලික ලක්ෂණයකි. ඒ අනුව බැලූ කල මේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරයා කර ඇත්තේ ද ලාභය උපරිම කර ගැනීම සඳහා වූ දෙයක් නිසා ධනවාදයේ ප්‍රවර්ධකයන්ට ඔහු වීරයකු ලෙස සැලකිය හැකි ය.
ලාභ ඉපයීමේ තණ්හාව මිනිස් සබඳතා කොතරම් විකෘති කරනවා ද? මොනවද කියන්න තියෙන්නෙ........
Last edited: