කොහොම කරන්නද?
සතියකට පෙර තම නිවෙසට යාබද නිවෙසට අලුතින් පැමිණි පවුල ගැන අනෝමා පසුවූයේ දැඩි පරීක්ෂාවෙනි. නිවෙසේ වැඩ කරන අතරතුර පවා ඇය තාප්පය අසලට ගොස් එම නිවෙස දෙසට හිස පොවා විපරම් කරන්නට අමතක නොකළාය.
හවස වැඩ අවසන් වී නිවෙසට පැමිණි නිහාල් ගෙට ගොඩවත්ම අනෝමා ඔහු වෙත පැමිණ මෙසේ කීවේ නොරිස්සුම් ස්වරයකිනි.
’නිහාල් ඔයා දැක්කද අර අල්ලපු ගෙදරට අලුතින් ආපු ජෝඩුව. ඒ දෙන්නට දෙන්නා පුදුම ආදරේකින් ඉන්නෙ. ඒ ගෙදර මනුස්සයා හැමදාම උදේට වැඩට යන්නෙ වයිෆ්ට හාද්දක් දීලා. ඇයි අනේ ඔයාටත් බැරි එහෙම කරන්න?’
’ඔයාට පිස්සුද අනෝමා? මම කොහොමද එහෙම කරන්නෙ? මම තවම ඒ ගෑනු කෙනාව හරියට අඳුරන්නෙවත් නැහැනෙ.’ නිහාල් පිළිතුරු දුන්නේය.