බල්ලා වගේ හපන පොළඟා
"පොළඟා පුරුදු කරල ගත්තම හොඳට හීලෑ වෙන සතෙක්. කවුරු කොහොම කිව්වත් පිඹුරටත් වඩා හොඳට පොළඟව හීලෑ කරගන්න පුළුවන්. මම මුලින්ම පොළඟා ඇල්ලුවේ දැනට අවුරුදු 10කට විතර කලින්. ඒ තෙල් හිඳින්න. පොළොන් තෙල් කියන්නේ එක එක විදියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් තෙල් වර්ගයක්. පොළොන් තෙල් එක්ක පිඹුරු තෙල් කළවම් කරල ගන්න අය ඉන්නවා. ඒ කියන්නේ පොළොන් තෙල්වලට පිඹුරු තෙල් කලවම් කරගත්තොත් ඒ කළවම් තෙල පාවිච්චි කරල අපි සතෙකුගේ මතුපිට තුවාල කළා කියමු, එතැනදී වෙන්නේ තුවාලය මතුපිටින් ඉක්මනට සුව වෙන එක. ඒත් ඇතුළතින් තුවාලය පැහැවනවා. අන්න ඒ වගේ පොළොං තෙල් එක එක තෙල් වර්ග එක්ක මුසු කරල පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම තෙල් හිඳින්න පොළඟෙක් අල්ලගත්ත වෙලාවක තමයි මේ පොළොන් පැටියා හම්බවුණේ. සතා පොඩි හින්ද මරල දාන්නත් දුක හිතුණා. කොහොමත් මම පුරුද්දක් විදියට සත්තු මරන්නේ නොමරා බැරි අවස්ථාවක. පැටිය අල්ලගෙන මම උෟව පෙට්ටියකට දාල හදන්න ගත්ත. එක දිගටම කන්න දුන්නේ වේයෝ, ගැඩවිල්ලු වගේ සත්තු. දැන් දැන් බිත්තර දුන්නට බිත්තරයක් ගිලගන්න බැරි තරමට කුඩාවට හිටිය සතෙක් තමයි මම අල්ලගත්තේ. ඊට පස්සේ ඒ සතා මට හුරු වුණා. මම කෑම දෙන වෙලාව මොකක්ද කියන එක සතා දැනගන්නවා. කෑම දෙන්නේ කොහොමද කියන එක සතා දැනගන්නවා. ඒවා මම ගාණට මිම්මට කාලය බලල කරපු දේවල් නෙවෙයි. සාමාන්‍ය විදියට පුරුද්දට වුණු දේවල්.
හැබැයි සතා ඒ ගාණට හීලෑ වුණේ මට විතරයි. ගෙදර අනිත් දෙන්න දැක්ක ගමන් සතා ටිකක් විතර කලබල වෙන බව මට දැනුණා. පොළඟා කියන්නේ දෂ්ට කරන සතෙක් නෙවෙයි. හපාකන සතෙක්. හපන්න ගත්තාම පොළඟා දෙවැනි වෙන්නේ බල්ලෙක්ට විතරයි. කට පොඩි වුණාට සතා හපපු තුවාලයක් දැක්කොත් කවුරුවත් හිතන්නෙ නැහැ මේ හපලා තියෙන්නේ පොළඟෙක් කියලා. මොකද පොළඟා කරන තුවාලය ඒ තරමට ලොකුයි. මම පොළඟෙක් හපපු මනුස්සයකුව දැකල තියෙනවා එකම එක පාරක්. කකුල කන්න අරගෙන තියෙන්නේ. ඇත්තටම එතැන කකුලක් නැහැ. ඒ තරමටම බරු ගහල දාල තිබුණේ. කොහොම හරි මම සතාව විශ්වාස කළේ නැහැ. මොකද මම දැකල තියෙනවනේ අර විදියට වුණු තුවාල. මුල්ම මාස 6-7 ගොඩක් පරිස්සමට මම සතා එක්ක ගනුදෙනු කළේ. හැබැයි ඇත්තටම පස්සට පහු මටත් සතා ගැන තිබුණු බය නැති වුණා. ඊට පස්සෙ කෑම දෙන වෙලාව ළං වුණහම සතා පෙට්ටිය ඇතුළේ සද්ද කරන්න ගත්ත. ඒ වෙද්දි වුණත් මම හිතාගෙන හිටියෙ නැහැ මම පොළඟෙක් ඇතිකරනවා කියලා. මට ඕනෑ වුණේ මොකක්ද කියන එක වුණත් මටම ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මම කන්න දුන්න බලාගෙන ඉද්දි සතා ලොකු වුණා. හැබැයි සත්තු ගැන මම මෙහෙම කතාවක් අහල තිබුණා. ඒක ටිකක් අමුතු කතාවක්. මේ කතාව මට කියල දුන්නේ. අපේ සීයා. සීයගේ තාත්ත ආරච්චිල කෙනෙක්. එයා ගාව බස්තමක් තිබිල තියෙනවා. ඒකට ඒ කාලෙ මිනිස්සු පුදුමාකාර බයක් තිබුණලු. බස්තමෙන් පහරක් වැදුණොත් ඒ බස්තම් පාර විස වෙලා පාර වැදුණ කෙනා මැරිල යනව කියල තමයි මිනිස්සු හිතල තියෙන්නේ. ඇත්තටම වුණත් එතැන වෙලා තියෙන්නේ ඒ දේ. ඒ කියන්නේ ඒ බස්තම ඇතුළේ ලොකු කුහරයක දිග අතට දාලා කරවලයෙක් ඇති කරල තියෙනවා. කරවලයා කියන්නේ විෂ අධික සතෙක්. බස්තම ඇතුළට කරවලයා දාන්නත් බස්තමෙන් පිටට සතාව ගන්නත් පුළුවන්කම තිබිල තියෙන්නේ ඒ බස්තම පාවිච්චි කරපු උන්දැට විතරයි.
මිනිස්සු කියපු විදියට කතාව තේරුම් ගත්තොත් එතැනදි වෙලා තියෙන්නේ බස්තම පාවිච්චි කරපු කෙනා තමන්ට විරුද්ධ කෙනාව අඩපණ කරල තියෙන්නේ බස්තම ඇතුළේ ඉන්න සර්පයා ලව්ව. ඒ කියන්නේ දවස් ගණනක් කෑම නොදී බස්තම ඇතුළේ හිර කරල සතාව තියගෙන අවශ්‍ය කෙනා දැක්ක ගමන් සතා බස්තම ඇතුළෙන් එළියට ගත්ත කියමු. එතකොට සතා කරන්නේ ඒ කේන්තියට දෂ්ට කරල ආයේ පාරක් බස්තම ඇතුළට රිංග ගන්න එක. ඒ බස්තම අපේ සීයගේ තරුණ කාලේ වෙනකම් ගෙදර තිබිල තියෙනවා. කොහොමත් අපේ පරම්පරාවේ උදවිය උස මහත අය. ඒ හින්ද ඒ උසට මහතට ගැළපෙන ආයුධ තමයි පාවිච්චි කරල තියෙන්නේ. දැන් මේ සතා එක්ක මගේ තියෙන ගනුදෙනුවේ හැටියට තෙල් කරවලයා හරි නිකම් කරවලයා හරි ඒ විදියට බස්තම ඇතුළේ රෙ¼දා්ල කාටහරි දෂ්ට කෙරෙව්ව කියන එක පිළිගන්න පුළුවන් කාරණයක්.
සතා ලොකු වුණාම කොහොමත් පෙට්ටිය මදිනේ. ඊට පස්සේ මම අයින් කරල දාපු ලාහක උඩ පියනක් ගහලා ඒකේ දාලා සතාව ඇති කළා. පෙට්ටිය පොඩිවෙන්නේ සතා ඉක්මනට ලොකු වෙන හින්ද. ඒකට පිළියම සතා පෙට්ටියෙන් එළියට ගන්න එකනේ. ඒ හින්ද මම කළේ සතාව බැඳල හදන්න ගත්ත. සැකය තිබුණේ සතා පැනල යයි කියන එක ගැන නෙවෙයි. එක පිළිවෙළකට කොහොමද සතාව තියාගන්නෙ කියන එක ගැන. ගැට ගහල තියාගන්න අමාරුයි. මොකද පොළඟගේ පිට පොත්ත සෙවලයි. ඒක උෂ්ණත්වය අඩු කරගන්න සතාම පිට කරන නානු වගේ දෙයකින් වෙන්නේ. ඒ නිසා මම දන්න කියන සර්ප වෙද මහත්තයෙක්ගෙන් උඩ ඉඳල පල්ලෙහාට හීනිවේ යන සත්තු අල්ලන්න ගහන මන්දක ගැටයක් ඉගෙන ගත්ත. ඒ ගැටේ ඇඟේ තැන් දෙකකින් වැටුණොත් එකකින් එකක් ලිස්සල යන්නේ නැහැ.
මම පොළඟා හදන්න ගත්තා කියල ගොඩක් අය දැනගත්ත. ඒ හින්ද මිනිස්සු ගෙදරට එන්න බය වුණා. මොනව කරන්නද හදන සතාගෙන් වැඩක් ගන්න එපායැ. ඒ හින්ද මම සතාට උදේට කන්න දීල වැට අයිනේ බැඳල දානවා. මිනිස්සු පැත්ත පළාතක එන්නේ නැහැ. රෑටත් එහෙමයි. උදේට මාව දැක්ක ගමන් සතා බල්ලෙක් වගේ මගේ දිහාවට ඇදෙනවා. මම දැන් සතා හින්ද බයක් නැතුව ඉන්නවා. හැබැයි මම එක සතෙක්ට බයයි. ඒ නයාට. පොළඟා බැලීම සහ පොළඟව සුරතල් (?) කිරීම සඳහා ඔහු පෙරැත්ත කළත් එය පිළිබඳව කිසිවක් මම නොපවසා සිටියෙමි.

Last edited: