බල්ලෙක් හදන්න ආසයි

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් මට බල්ලෙක් හදන්න හෙන ආසාවක් තියනව බන්. ඒත් කවදාවත් බල්ලෙක් හදලා නෑ. ජර්මන් ශෙපඩ් කෙනෙක්ට තමයි ආස. මේ දවස් ටිකේම කට්ටිය ගෙදර නිසා වැඩේ අමාරුවක් වෙන එකක් නෑ. මට පොඩ්ඩක් කියන්නකෝ Male බල්ලෙක්ද හොඳ Female එකෙක්ද කියලා. තව මොනවද වැදගත් වෙන දේවල්? ගහන්න ඕනේ ඉන්ජෙක්ශන්, බොන්න දෙන්න ඕනේ විටමින්, කන්න දෙන්න ඕනේ කෑම, තව මන් දැක්කා kasl registered වගේ දේවල් දාලා තියනවා බල්ලෝ විකුණන අය, ඒකේ තේරුම එහෙම. දන්න කෙනෙක් කියන්නකෝ ලොකු උදව්වක්. :love::love::love::love:

    fitted.jpg
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,852
    113
    පොඩි වැඩක් තියෙන්නේ කරන්න. එළකිරියේ දැන්වීමක් දාන්න, "බල්ලෙක් ඕන" කියල. මේකේ ඉන්නවා එක එක ජාතියේ එවුන් ඕනෑතරම්. (ලස්සන බල්ලෝ, නෝන්ජල් බල්ලෝ, බුරන එවුන්/ බුරන්නේ නැති එවුන්, ගොරවන උන් / ගොරවන්නේ නැති උන්, සපා කන උන්, කැහැටු උන්, හොරිකඩ බල්ලෝ, පොෂ් බල්ලෝ) :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    හදනව නම් කික්කියෙක් හදහන්. පිරිමි සතාට වඩා කික්කි මාර ලෝයල්. ඇග්‍රෙසිව් අඩුයි ගෙදර අයට. විශේෂයෙන් පොඩි ලමයි ඉන්නව නම් කික්කියො තමයි. ගෑනු ලමයි ඉන්නව නම් කුක්කො හදන්න එපා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    පිරිමි සතෙක් ගනින් - ලෙඩ අඩුයි

    හොඳ පශු වෙදෙක් හොයා ගනින් බෙහෙත් කරන්න.
    මුල් පැටව් කාලේ , මුල් අවුරුද්දේ වියදම් ටිකක් වැඩී වැක්සීන් වලට , කෑමට , විටමින් වලට එහෙම.( වැක්සීන් වෙලාවට දෙන්න ඕනී)
    මුල් මාස 6 - පෙඩිග්‍රී සත්ව ආහාර - ගනින් , අතර වාසී..
    හොඳ කූඩූවක් හදපන් - ගෙවල් ඇතුලේ තියා ගන්න අකමැති නම්.
    ජර්මන් ශෙපර්ඩ් හොඳයි - ගානත් අඩුයි
    ප්‍රධන දේවල් ටික ඕවා තමා..
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බල්ලෙක් හදන්න කලින් හොදට හිතන්න ඕන. මේ දවස් වල කට්ටිය ගෙදර ඉන්න එකෙන් පහසු වෙනව වගේම ඉස්සරහට ගෙදර කට්ටිය නැති වෙනකොට බල්ලා බලා ගන්නෙ කොහොමද කියලත් හොදට හිතන්න ඕන. ඒ වගේම ගෙදර හොදට ඉඩ කඩ තියෙනවද කියල බලන්නත් ඕන.
    පැටියෙක් ගන්නව නම් ලිටර් එකේ පලවෙනියට හම්බ උන පැටව් කීප දෙනාගෙන් එකෙක් ගන්න. ඒ ගන්න කලින් පැටවගේ අම්මා, තාත්තා වගේම දෙන්නගේ පෙට් පාස්පෝට් හොදට බලන්න. නෝමලි, පැටවෙක් ගන්නකොටම, ඒකව ඩිවෝම් කරලා, බත් වලට හුරු කරල තියෙන්නේ.
    පැටවා ගත්ත ගමන් වෙට් කෙනෙක්ට පෙන්නන්න. අවශ්‍ය දේවල් ඔක්කොම වෙට් කරයි/ කියයි. කොහොමත් මුලින් ඉන්ජෙක්ශන් කෝස් එක කරනවා. මට මතක විදියට පැටියට මාස තුන පිරුනට පස්සේ තමයි කෝස් එක පටන් ගන්නේ (මේක වෙරිෆයි කර ගන්න). පාවෝ, රේබීස් ඇන්ඩ් තව එකක් ගහනවා (ඒක මට මතක නෑ). ඊට අමතරව උදේ හවස දෙන්න විටමින් වර්ගත් දෙනවා. කොහොමත් ඒ ට්‍රිප් එකට රුපියල් 3000 ගානක් වගේ යනවා ( දැන් නම් ඊට වඩා යයි). මුල් මාස තුනේ දවසට හතර සැරයක් කෑම දෙන්න ඕන විත් කිරි.
    පැටවා මුල් මාස හයේ හොදටම පරිස්සම් කරන්න ඕන. හැම අස්සකම ඇවිදින්න යනවා. ගෙදරින් පැනලා යනවා ( එක තැනක ඉන්න බැරිකම නිසා). ඒ නිසා පැටවගේ පස්සෙන්ම ඉන්න ඕන. උගේ සීමාවන් හොයා ගන්න තමයි එහෙම ඇවිදින්න යන්නේ.
    පැටවා කියන්නේ දත් එන කාලේ නිසා, උගේ උසට තියෙන මල් ගස්, සෙරෙප්පු , සපත්තු හපන්න ගන්නවා. කොටින්ම කියනව නම් අහු වෙන හැම මගුලම හපනවා.
    පැටවා කාලේ ඒකා කන දේවල් ගැනත් අවදානෙන් ඉන්න ඕන. පොඩ්ඩක් ඇත්තන් බඩේ අමාරුව එනවා.
    පැටියා ලොකු උනාට පස්සේ මාස තුනකට සැරයක් බර අනුව පණු පෙති දෙන්න ඕන. කිලෝ දහයකට වගේ එක පෙත්තක් විදියට තමයි වැටෙන්නේ.
    පැටවා ලොකු උනාට පස්සේ නම් කෑම දෙන විදිය වෙනස් වෙනවා. සමහරු උදේට කිරි වේලක් දීලා, දවල්ටයි රෑටයි බත් දෙනවා. සමහරු උදේ ට කිරි වේලක් දීලා පොඩ්ඩක් හවස් වෙන්න හොදට බත් වේලක් දෙනවා.
    හුගක් වෙලාවක බත් එක්ක මාළු, පළා, වට්ටකා වගේ තමයි දෙන්නේ. (හුගක් අය කුකුලු මස් වෙනුවට මාළු දෙනවා, කුකුලු මස් සතියට සෑරයක් වගේ දීලා).
    සාමාන්‍යයෙන් ලොකු බල්ලෙක් ඉන්න ගෙදරක, මාළු + කිරි පිටි + විටමින් වලට මාසෙකට රුපියල් 8000 වගේ යනවා. ලෙඩක් උනොත් බෙහෙත් වලට වෙනමම තව ගානක් යනවා.
    ජර්මන් ෂෙපඩ් හොද බ්‍රීඩ් එකක්. පවුලේ ඕනම කෙනෙක්ට ගැලපෙන එකෙක්. හරියට බෙහෙත් ටික විදල, විටමින් ටික දීලා, කෑම ටික වෙලාවට දුන්නම ලොකු අවුලක් නැති බ්‍රීඩ් එකක්. ෂෙපඩ්ලගේ වර්ග දෙකක් ඉන්නවා. ලෝන්ග් හේයාඩ් ඇන්ඩ් ශෝට් හෙයාඩ් කියල. ලෝන්ග් හෙයාඩ් කියන්නේ, ඇගේ ලෝම වැඩි එකාට ( හුගක් අය ලයන් ෂෙපඩ් කියලත් කියනවා. ඒත් එහෙම ලයන් ෂෙපඩ් කියල වෙනම බ්‍රීඩ් එකක් නෑ).
    ගෙදරක බල්ලෙක් ඉන්න එක නම් හිතට මාරම සහනයක් දෙන එකක්. මොන ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන ගෙදරට ආවත්, ඒකා ඇවිල්ලා හුරතල් වෙනකොට හිතට මාරම සහනයක් දැනෙන්නේ. ඒක නම් කියල වැඩක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    ජර්මන් ෂෙපර්ඩ් නම් ටිකක් ලෙඩ එනවා කාලයත් එක්ක.
    උබ බල්ලෝ හදලා නැත්නම් doberman කෙනෙක් වගේ හොද නද්ද ? හදන්න ලේසි , පට්ට කීකරුයි අයිතිකාරයට , ලෙඩ සෑහෙන අඩුයි, ලොම් යන්නේ නෑ , නාව්වේ නෑ කියලා ගද නෑ . එකම අවුල ටිකක් එළු ලුක් එකට සමහරු කැමති නෑ . නැත්නම් සුපිරි බල්ලා.

    බල්ලෝ හදල නැතුව කෙලින්ම ජර්මන් ෂෙපර්ඩ් එකෙක් ආසාවට ගත්ත වගේ නෙවෙයි ඌ කාලයත් එක්ක ගද ගහන්න ගත්තොත්, කන් වල අවුල ඇවිත් සැරව එන්න ගත්තොත් (කන්ට නිකන්ම වතුර යනවා ) , ලොම් ගැට ගැහිලා ගද ගැහුවොත් නැත්නම් ලොම් ගියොත් උබට බල්ලෝ එපාම වෙයි.. මුලින් ලේසි එකෙක් හදන්න ලොම් අඩු. ජර්මන් ෂෙපර්ඩ් එකාව හොදට maintain කරන්න ඕනේ නාවල , පීරලා ලොකු කාලෙදිත්. එහෙම එකදිගට කරන්න පුලුවන් නම් නියම සතා.. නැත්නම් බල්ලෝ එපා වෙන්න කියාපු සතා. ;)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    GSD කියන්නේ අනිත් breeded වර්ග වගේම ලංකාවේ දේශගුණික , පාරිසරික , සාමාජීය හෝ ආහාර තත්ව වලට අනුගත වර්ගයක් නෙවෙයි. එතකොට එයාලව අපේ SL Hounds ලා වගේ ඔහේ කැලේට කොලේට හදන්න බෑ. සවිස්තරාත්මක කිව්වොත්....
    දේශගුනික සාධක -
    GSD කියන්නේ working dog කෙනෙක්. ඒ කියන්නේ ලොකු ශක්තියක් තියන ශරීර ක්‍රියාකාරිත්වය වැඩි වර්ගයක්. ඒ නිසාම එයාලගේ ශරීර උශ්නත්වය ඉහලයි. ඒ උඩටම ලොකු coat එකක් තියන වර්ගයක්. මේ ඔක්කොම සීත දේශගුනයන් වල දඩයම් වලට අනුගත ලක්ශන. ඉතින් මේ සතෙක් සමකාසන්න අපේ රටට ආවම එයාලට රස්නේ අපහසුයි. මේ නිසා තමයි 90% ක් GSD ලා බොන්න දෙන වතුර එක හලාගන නිදියන්නේ. එහෙම උනාම හරියට බලාකියා නොගත්තොත් එයාලට රෑශස් එහෙම එන්න බලනවා.
    පාරිසරික තත්ව -
    Working dogs. හොදට ඉඩ පහසුකම් ඕනේ. ඇවිදින්න ඕනේ. පොඩි ඉඩමක හදනවා නම් අනිවාර්‍යෙන්ම ව්‍යායාම කරවන්න ඕනේ. නැතිනම් මෙයාලට අධි රුධිර පීඩනය, හදවත් රෝග එහෙම එනවා.
    සාමාජීය -
    මෙයාල දඩයමට නිර්මාණය උන වර්ගයක්. වෙන විදිහකින් කියනවනම් pack breed එකක්. රංචු ගැහෙන්න ආසයි. අපි එකෙක් ගෙනත් තනියම හදනවානම් එයා අපිව එයාගේ pack එක කරගන්නවා. ඉන් එහාට එයා රංචුවකින් ලැබෙන ආරක්ශාව , ආදරය ඇතුලු සියලු ඕනෑ එපාකම් අපෙන් බලාපොරොත්තු වෙනවා. මේ emotional needs fulfill නොවුනොත් මෙයාලා ඔහේ ලෙඩ වෙනවා. අපි කියන්නේ sick ගහනවා කියලා. මෙහෙම උනාම එයාලගේ ඒක එලියට එන්නේ වෙන වෙන ලෙඩ විදිහට. පරිස්සමෙන් behaviors monitor කරමින් හදන්න ඕනේ.
    ආහාර - ලංකාවේ ප්‍රධාන ආහාරය බත්. ලංකාවෙ අපි බල්ලන්ටත් කොත ගහල දෙන්නේ බත්. ඒත් GSD වෙනස් බොහෝ බලුවර්ග වගේම කාබෝහයිඩ්‍රේට් අවශෝශනයට අසමත්. එයාලට වැඩිපුර ඕනේ ප්‍රෝටීන්. ඉතින් high protein ආහාර වේලක් මෙයාලට අපි දෙන්න ඕනේ. ඒත් එහෙම කෙරෙන්නෙ නෑනේ. ඉතින් සාලයොයි බතුයි දීලා හදනවානම් අනිවාර්‍යෙන් calcium ,omega , vitamin B / E / D වගේ සංඝටක අපිට බාහිරව දෙන්නම වෙනවා.

    ඔය තමයි basics ටික. ඉතින් හරියට හදනවනම් GSD කෙනෙකුට මාසයකට අඩුම 12,000 ක් වත් යනවා. මේ අවමය. ඉතින් කවුරුහරි ලොකු වියදමක් යන්නෙ නෑ කියනවනම් ඒ එක්කෝ බල්ලා හැදෙනවට හදලා. නැතිනම් එයා මේ මුදල ලොකු ගානක් නොවෙන්න තරම් කෝටිපතියෙක්.

    "අපෝ අපේ එකා ලස්සනට ඉන්නේ.... අපි ඔය එකක්වත් කරේ නෑ" කියලා කියන සෙට් එකක් ඉන්නවා. ඒක එයාලගේ complete luck එක. බල්ලාගෙන් බල්ලා වෙනස්. ඉදල හිටලා එකෙක් දෙන්නෙක් ඔරොත්තු දෙනවා. හැබැයි ඒ කියන එක අහලා gsd කෙනෙක් අරන් ඔහේ හදන්න ගිහින් නිකරුනේ සතා මැරිලා ගිහාම හරි වර්දනය අඩු උනාම හරි ඔබේ උදව්වට එන්න ඒ පිරිස ඉදිරිපත් වෙන්නේ නෑ.

    ඒත් ජීවිතයක්නේ. වගකීමෙන් හදන එක යුතුකමක්.

    Copied from Facebook group ජර්මන් ශෙපර්ඩ් ශ්‍රී ලංකා 🇱🇰 - GSD SL 🐕‍🦺 (https://www.facebook.com/groups/191220825356756/?ref=share)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බල්ලෙක් හදන්න කලින් හොදට හිතන්න ඕන. මේ දවස් වල කට්ටිය ගෙදර ඉන්න එකෙන් පහසු වෙනව වගේම ඉස්සරහට ගෙදර කට්ටිය නැති වෙනකොට බල්ලා බලා ගන්නෙ කොහොමද කියලත් හොදට හිතන්න ඕන. ඒ වගේම ගෙදර හොදට ඉඩ කඩ තියෙනවද කියල බලන්නත් ඕන.
    පැටියෙක් ගන්නව නම් ලිටර් එකේ පලවෙනියට හම්බ උන පැටව් කීප දෙනාගෙන් එකෙක් ගන්න. ඒ ගන්න කලින් පැටවගේ අම්මා, තාත්තා වගේම දෙන්නගේ පෙට් පාස්පෝට් හොදට බලන්න. නෝමලි, පැටවෙක් ගන්නකොටම, ඒකව ඩිවෝම් කරලා, බත් වලට හුරු කරල තියෙන්නේ.
    පැටවා ගත්ත ගමන් වෙට් කෙනෙක්ට පෙන්නන්න. අවශ්‍ය දේවල් ඔක්කොම වෙට් කරයි/ කියයි. කොහොමත් මුලින් ඉන්ජෙක්ශන් කෝස් එක කරනවා. මට මතක විදියට පැටියට මාස තුන පිරුනට පස්සේ තමයි කෝස් එක පටන් ගන්නේ (මේක වෙරිෆයි කර ගන්න). පාවෝ, රේබීස් ඇන්ඩ් තව එකක් ගහනවා (ඒක මට මතක නෑ). ඊට අමතරව උදේ හවස දෙන්න විටමින් වර්ගත් දෙනවා. කොහොමත් ඒ ට්‍රිප් එකට රුපියල් 3000 ගානක් වගේ යනවා ( දැන් නම් ඊට වඩා යයි). මුල් මාස තුනේ දවසට හතර සැරයක් කෑම දෙන්න ඕන විත් කිරි.
    පැටවා මුල් මාස හයේ හොදටම පරිස්සම් කරන්න ඕන. හැම අස්සකම ඇවිදින්න යනවා. ගෙදරින් පැනලා යනවා ( එක තැනක ඉන්න බැරිකම නිසා). ඒ නිසා පැටවගේ පස්සෙන්ම ඉන්න ඕන. උගේ සීමාවන් හොයා ගන්න තමයි එහෙම ඇවිදින්න යන්නේ.
    පැටවා කියන්නේ දත් එන කාලේ නිසා, උගේ උසට තියෙන මල් ගස්, සෙරෙප්පු , සපත්තු හපන්න ගන්නවා. කොටින්ම කියනව නම් අහු වෙන හැම මගුලම හපනවා.
    පැටවා කාලේ ඒකා කන දේවල් ගැනත් අවදානෙන් ඉන්න ඕන. පොඩ්ඩක් ඇත්තන් බඩේ අමාරුව එනවා.
    පැටියා ලොකු උනාට පස්සේ මාස තුනකට සැරයක් බර අනුව පණු පෙති දෙන්න ඕන. කිලෝ දහයකට වගේ එක පෙත්තක් විදියට තමයි වැටෙන්නේ.
    පැටවා ලොකු උනාට පස්සේ නම් කෑම දෙන විදිය වෙනස් වෙනවා. සමහරු උදේට කිරි වේලක් දීලා, දවල්ටයි රෑටයි බත් දෙනවා. සමහරු උදේ ට කිරි වේලක් දීලා පොඩ්ඩක් හවස් වෙන්න හොදට බත් වේලක් දෙනවා.
    හුගක් වෙලාවක බත් එක්ක මාළු, පළා, වට්ටකා වගේ තමයි දෙන්නේ. (හුගක් අය කුකුලු මස් වෙනුවට මාළු දෙනවා, කුකුලු මස් සතියට සෑරයක් වගේ දීලා).
    සාමාන්‍යයෙන් ලොකු බල්ලෙක් ඉන්න ගෙදරක, මාළු + කිරි පිටි + විටමින් වලට මාසෙකට රුපියල් 8000 වගේ යනවා. ලෙඩක් උනොත් බෙහෙත් වලට වෙනමම තව ගානක් යනවා.
    ජර්මන් ෂෙපඩ් හොද බ්‍රීඩ් එකක්. පවුලේ ඕනම කෙනෙක්ට ගැලපෙන එකෙක්. හරියට බෙහෙත් ටික විදල, විටමින් ටික දීලා, කෑම ටික වෙලාවට දුන්නම ලොකු අවුලක් නැති බ්‍රීඩ් එකක්. ෂෙපඩ්ලගේ වර්ග දෙකක් ඉන්නවා. ලෝන්ග් හේයාඩ් ඇන්ඩ් ශෝට් හෙයාඩ් කියල. ලෝන්ග් හෙයාඩ් කියන්නේ, ඇගේ ලෝම වැඩි එකාට ( හුගක් අය ලයන් ෂෙපඩ් කියලත් කියනවා. ඒත් එහෙම ලයන් ෂෙපඩ් කියල වෙනම බ්‍රීඩ් එකක් නෑ).
    ගෙදරක බල්ලෙක් ඉන්න එක නම් හිතට මාරම සහනයක් දෙන එකක්. මොන ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන ගෙදරට ආවත්, ඒකා ඇවිල්ලා හුරතල් වෙනකොට හිතට මාරම සහනයක් දැනෙන්නේ. ඒක නම් කියල වැඩක් නෑ.
    පොඩ්ඩක් කියන්නකෝ පිරිමි සතෙක් ගන්න එකද හොඳ ගෑණු සතෙක් ගන්න එකද?
     
    • Like
    Reactions: TNHM

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ලංකාවේ ලොකු අවුලක් නැතුව හදන්න පුලුවන් Dog Breed මොනාද?
     
    • Like
    Reactions: TNHM

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Hurathalayata hadanawa nam- Golden Retriever, Pug, Lab

    First time nam hadanne - GSD

    Dogs hadala puruduiyi nam - Rottweiler, doberman`

    gannawa nam male ekkanke ganna. ubata female gathata kamake na hondata balagannawa nam

    monawa karath sathata gahanna ehama epaa, hondata kanna dila adaren balaganna. wadiya kudu karannath epa mul kaledi

    Oya Golden Retriever wage hadanawa nam uta wenama naganna place ekake ona weiyi. unta wathura ona hondata
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    GSD laa patta bn hadapan :yes: hebei loku commitment ekak lamayek hadanawa wage thamai.

    thawa ekak palaweni masa 6k wage hodatama parissamin hadanna ona :yes: mokada wena leda hedenna puluwan.

    thawa kiyanna nam dewal thiye godak aya kiyala thiyenawane advices. ewwa serama wage hari. :yes:

    thawa monawahari ekathu karanna ona nam mama thread eke dannam.

    GSD laata hebei duka kiyana eka maara widihata denenawa :( eka nisa wadiya kal thaniyen ehema thiyanna epa dura gaman ehema gihila. podi lamai ehema innawa nam GSD laa hodai. patta iwasimak thiyenawa gedara ayath ekka :yes:

    podi kaalema purudu karaganna machan basic commands walata. ape ekaawa mata kisima chain ekak nathuwa wunath pare ekkan yanna puluwan :D
    ape ekaa nam mama kiyana de witharai ahanne :D godak durata ehemai un godaakma adaren hedenne gedara ekkenekta thamai. anith ayatath adarei. eth gedara ekkenekta wisheshenma adarei.
    danata GSD laa 3k mama hadala thiyenawa 3nama ehemai :)

    mama nam hadala pirimi sathtu witharai. loku wenasak nathuwa athi. mata nam patau denna dukai :P serama hadaganna wena nisa thamai pirimi saththu hadanne :D

    btw GSD witharak newe ona ballek hodai. hodata hadanawa nam puso wage wedakata nathi saththu jaathiyak newe. anthima dawasa wenakan mona prashana awath loyalwa innawa :)
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොඩ්ඩක් කියන්නකෝ පිරිමි සතෙක් ගන්න එකද හොඳ ගෑණු සතෙක් ගන්න එකද?
    ඒක නම් ලොකු අවුලක් නෑ මොකා උනත්. පිරිමි එකෙක්ට වඩා ගැගැණු සතා, හදන කෙනාට වඩා ලං වෙනවා / කීකරු වෙනවා කියල පොඩි මතයක් නම් තියෙනවා. මං දන්න ගැහැණු සත්තු ( ජර්මන් ෂෙපඩ් , රොටී ) හදන කීප දෙනෙක්ම කියපු දෙයක් තමයි ගෙදර තාත්තාට උන් පට්ට ආදරෙයි කියල. මේකෙ ඇත්තක් තියෙනවද නැද්ද කියල නම් මං දන්නෑ.
    මට හිතෙන විදියට හුගක් අය ගැහැණු සත්තු හදන්න වැඩිය කැමති නැත්තේ, ගැහැණු සතුන් නිසා ඇන්ඩ් පිරිමි සත්තු හදන්නේ උන් පිරිමි නිසා, ගැහැණු සතුන්ට වඩා සැර වෙයි , ඉන්ටිමිඩේට් වෙයි කියල හිතන නිසා වෙන්න ඇති.
    මම වගේ නම් පිරිමි සතෙක්ට තමයි යන්නේ ( ගිහින් තියෙන්නෙත් පිරිමි සතෙක්ට තමයි ඉතින් ❤️)