up
මාවත් හුරලා ඇති . අපේ ගෙදරට කෙනක් ගෙනත් දුන්න ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක් ටිකක් ඉස්සර . ඌ එලියට ගියේ නෑ. හොදට හිටියා, දවසක් මූ උගුරේ මොකක් හරි හිර වෙලා ඒක එලියට දාන්න වගේ කාර කාර යනවා. . ඔලුවත් ටිකක් පැත්තට කරල ඇවිද්දේ. අපි හිතුවේ අමාරුවට කියලා. එක වෙට් කෙනක් ලගට ගෙනිච්ච. මිනිහා බලලා, මොනවහරි හිර වෙලා ඇති කියලා සිහි නැති කරල කට ඇතුලටම දාල බලලා මුකුත් නෑ කියලා බෙහෙතුත් දුන්න. ගෙදර ගෙනාවට අඩු උනේ නෑ මූ ඔලුව හරවා ගෙන පැත්තට අමාරුවෙන් ඇවිදිනවා... අමාරු නිසා ගැට ගහල වෙන ගෙදරටම එන වෙට් කෙනෙක්ව ගෙන්නුවා. පොර ඇවිත් බලන කොට නිකන් පන අදිනවා වගේ.. මිනිහනම් දැක්ක ගමන් කිව්වා මූට පිස්සු වගේ කියලා

මොකද්ද බෙහෙතක් විදලා ගියා බලලා කියන්න කියලා. එදා රෑ බල්ලා මලා. ඩොකාට කතා කරල කිව්වම සැක නිසා පුලුවන් නම් ඔලුව ගෙනියන්න කිව්වා දෙමටගොඩට. දන්නා ත්‍රිවිල් ඩයල් එකෙක්ට කිව්වම ඌ එක්ක ආව මස් කඩේක වැඩ කරන එකෙක්ව

. වත්ත අයිනට අරන් ගිහින් ඔලුව කපල ඉතිරි කෑල්ල වලල්ල, අයිස් තියලද මන්ද ගැටගහල පැක් කරල ගෙනාව. නැත්නම් ඕක කරන්න පුලුවන්ද බන් ගෙදර හිටපු එකාට.

දෙමටගොඩට අරන් ගියා. දවස් ටිකකින් report එක පොසිටිව් .

ඌ ගෙදර අයව කාල හුරලා තිබ්බේ නැති උනාට ඌව උස්සගෙන එහෙ මෙහෙ ගිය නිසා බයට ඔක්කොම කට්ටිය බෙහෙත් සෙට් එක විද්ද ගත්ත.
අපේ හොස්පිටල් වල ඔය බෙහෙත විදින්න හෙන ලෝබයි ඕක ගණන් නිසා. කෑවේ නැත්නම් ඕන නෑ වගේ හිටියේ ඩොකා විදින්නෙම නැතුව. ඩොකාට නිකන් අගෙව්වා බැරිවෙලාවත් මොනවහරි උනොත් ඉතින් විද්දේ නැති එකේ වගකියන්න වෙන එක ගැන.

ඌ අනන් මනං කිය කිය ok එක දුන්න විදින්න. අර මුලින් ගිය වෙට් කාරයට call කරල කිව්වා . ඌත් බය වෙලා ගිහින් විදගෙන

ඒකා බල්ලාගේ උගුරමට අත දැම්මේ. පැටියා කාලේ ගෙද්දීම හැදිලද කොහෙද..
ඔය මම උඩ කියපු විදියට හැසිරෙන්වනම් බලාගෙන . මම දැන් පාරේ ඔහොම ඔලුව ඇල කරගෙන ඇවිදින බල්ලෙක් දැක්කත් ලගට යන්නේ නෑ

අනික රජයේ ඉස්පිරිතාලේ ලෝබ කමට බෙහෙත් විද්දේ නත්නම් ගේම ඇදල කොහොම හරි විදගනින්.. දැන් නම් මට විදපු එක expire වෙලා ඇති. අවු ගානක් තියනවා ඒ බෙහෙත වැඩ කරන.
වෙලාවට උඹලා අනෙක් vet ට පෙන්නුවේ
ජලභීතිකාව මාරාන්තිකයි..!!!
පසුගිය දින තුන ඇතුලත ජලභීතිකා රෝගින් තිදෙනෙකු කරාපිටිය සහ හම්බන්තොට රෝහල් තුලින් වාර්තා වීම නිසා ඔබේ දැනුවත් බාවය වෙනුවෙන් ඉදිරිපත් කරමි..ජලභීතිකා රෝගයේ රෝග වාහකයන් වන්නේ සුනඛයන් ඇතුළු ක්ෂීරපායි සත්වයන් ය..
උදා-බළලුන්,වදුරන්,ඌරැමීයන්,ගවයින් ,නරියන්,දඩුලේනන් ,වවුලන් ආදීන් ...ඔබ සතෙකුගේ සපා කෑමකට/සීරීමකට ලක් වුවහොත්
වහාම තුවාලය සබන් ගා,ගලායන ජලයෙන් විනාඩි 3-5 ක් පමන සෝදන්න..
නොපමාව සතාගේ එන්නත් වාර්තා රැගෙන ළගම රජයේ රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්න .
සපා කෑ / සීරැ දින සිට දින 14 ක් ගතවනතුරු බල්ලා /බළලා වගකීමෙන් රැකබලා ගන්න .
මෙම කාලය තුලදී සතාව එන්නත් සදහා යොමු නොකරන්න ..
එම දින 14 තුළ අදාළ සත්වයාට පහත දෑ සිදුවුවහොත් වෛද්‍යවරයාට වහාම දැනුම් දෙන්න ...
හැසිරීමේ කිසියම් හෝ වෙනස්වීමක්..
කටින් සෙම වැගිරිම /බුරන ශබ්දයේ වෙනසක් ..
රෞද්‍ර හැසිරීම ,මිනිසුන් හා සතුන් සපාකෑමට පෙළඹීම
මුඛය විවෘතව යටිහනුව එල්ලා වැටීම/වමනය/උණ
කෑම නොගැනීම /අසාමාන්‍ය දේ කෑම/බියෙන් තැතිගන්නා බව
මළපහ කිරීමේ අසාමාන්‍යතාවයක්
නොසන්සුන් බව/කලබලකාරී බව/වලිප්පුව මෙන් ශරීරය වෙව්ලීම
ගාත්‍රා අප්‍රාණිකව ඇවිදීමට නොහැකි වීම/අසාමාන්‍ය ලෙස මුළුගැන්වී සිටීම.
දින 14 ක් තුළ දී ලෙඩවී හෝ හදිසි අනතුරකින් මිය යාම..
අදාළ සත්වයා සොයා ගැනීමට නොහැකි වීම..
සතා මියගියහොත්...
හැකි ඉක්මනින් සතාගේ හිස කොටස කදෙන් වෙන්කර හිස පමනක් දියර කාන්දු නොවන ඇසුරැමක බහා පැය 8ක් ඇතුළත වෛද්‍ය පර්යේෂණ ආයතනය ට(MRI),කරාපිටිය රෝහලේ ජලභීතිකා නිවාරණ අංශය ට භාර දෙන්න ..
එසේ කල නොහැකි නම් පොලිතීන් කවරයක දමා ඉන්පසු එය හොදින් අයිස් කැට දමන ලද පෙට්ටියක අසුරා පැය 24 ඇතුළත එම ආයතන වලට ගෙනගොස් බාරදී පරීක්ෂණ වාර්තාවක් ලබාගන්න ..මේ සදහා ඉහත ආයතන සෑම දිනකම පැය 24 ම විවෘතව ඇත..
නිසි පරිදි එන්නත් නොකරන ලද සුනකයෙකු නම් රෝග ලක්ෂණ බලා ගැනීමේ දින 14 ක කාලසීමාවෙන් පසුව සුනකයාට ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කරන්න ..
නැවත සතෙකු සපා කෑ ඕනෑ ම අවස්ථාව ක රැගෙන ඒම සදහා ඔබේ,එන්නත් පිළිබඳ කාඩ්පත සුරැකිව තබා ගන්න ..
පහත කරැනු ගැනද අවදානය යොමු කරන්න ..
ඔබගේ සුරතලා අයාලේ යාමට ඉඩ නොදී ජලභීතිකා එන්නත ලබා දී ආරක්ෂා කරගන්න .එනම් ඔබ ඇති කරන සතුන් ට වයස සති 5-6 අතර පළමු එන්
උපුටාගැනීමකි