උපත: නොදනී (වයස අවුරුදු 6ක් හෝ 7ක් වෙනව) විපත: May 14, 2024
දවස් දෙකක විතර ඉඳන් කන එක පොඩ්ඩක් අඩු කරල තිබ්බෙ. ඒක අපි ලොකුවට ගනන් ගත්තෙ නෑ. ඊයෙත් හොඳට හිටිය. අද දවල්ට කන්න දාන්න ගිහින් කතාකරද්දි කවදාවත් නැති විදිහට හෙමීට වැනි වැනි ලඟට ඇවිත් දිව එළියට දාගෙන වැටුන. ඊට පස්සෙ පණ අදින්න ගත්ත. විනාඩි 2ක් යන්න කලින් මැරුණ. තුවාල මුකුත් නෑ. දිව සුදු පාට වෙලාවගෙ තිබ්බෙ.
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? වයසටනන් නෙමෙයි. මූ රෑට බුරනව වැඩියි කියල හරි, හොරෙක් හරි ඇවිත් වහක් වත් දාලද? ගෙදර වටේම තාප්ප නෑ. සර්පයෙක්වත් ගහලද? කබරයවත් ගහලද? හරිම ප්‍රෙහෙලිකාවක්.
පොඩිකාලෙ ඉඳන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ දේව පාදයක් තියනව කියල. ඒකට ඉස්සර ඇතිකරපු බල්ලො අකාලෙ මැරෙනවය කියල. ඕවනන් විස්වාස කරේනෑ. ඉස්සර බල්ලෙක් හදන්න දෙන්නෙ නැති එකට ගෙදර අයත් එක්ක සෑහෙන බහින්බස් වෙලත් තියෙනව.
කොහොමහරි දැන් අවුරුදු දෙකකට කලින් පාරෙ දාල ගිය බල්ලොන්ට කන්නදාලම ගෙදට්ට හුරු වෙච්ච බල්ලෙක් හිටිය. ගෙවල් ලඟ කෙනෙක් උගෙ පෙනුමට ගෙදර තියන් හදන්න ගත්ත. ඒ බල්ලට තුවාල වෙලා අපි මැදිහත් වෙලා වියදන් කරල එළකිරි සහෝදරයන්ගෙ උපදෙසුත් ඇතුව ඌව ගොඩ දැම්ම. ඊට පස්සෙ ඌ අපේම ගෙදර බල්ලෙක් වගේ තමා හිටියෙ.
දැනට තාත්තයි මමයි වලක් කැපුව. අම්ම උගෙ ලඟ ඉඳන් පිරිත් කියනව. හරිම දුකයි. මටත් වඩා අම්මට ගොඩක්ම දුකයි. පුතෙක් මැරුන වගේ අඬනව. වහින්න කලින් දැන් වළලන්න ඕනෙ.