බල්ල වගේ අපිටත් පුලුවන්නම්

33000W

Member
බල්ල වගේ අපිටත් පුලුවන්නම්

උපුටාගැනීමකි.

අද මම හවස (ඇත්තටමනම් ඊයෙ 17 වෙනිද) කෝච්චිය එනකල් ඉන්නකොට මට පරණ සිද්දියක් මතක් උනා..:):) කතාව දික් වෙන්නෙ නැති වෙන්න කියන්නම්...:)

ගොඩක් කාලෙකට ඉස්සර මහ පරණම යාලුවෙක් හම්බුනා ටවුමෙදි..:D:D මම හිතන්නෙ අවුරුදු 10කින් විතර හම්බුනේ.. ඒ හම්බෙනකොට යාලුවගෙ වෑන් එකේ කුණු ගෑවිච්ච බල්ලෙක් හිටිය.:baffled::baffled: පෙනුමෙන්නම් ටවුමෙ දඩවතේ යන එකෙක් වගේ.. යාලුව එක්ක විස්තර කතා කරන ගමන් මම බල්ල දිහා බලන නිසා යාලුව කතාව කීව.:nerd: ඒ එයාලගෙ ගෙදර ඇති කරපු බල්ලෙක්ලු..ඒත් අවුරුදු 2කට විතර කලින් බල්ල ආගිය අතක් නෑලු.. මැරිල කියල තම අගෙදර අය හිතල තියෙන්නෙ..:(:(:( එදා යාලුව ටවුමට ඇවිත් බැංකුවටද කොහෙද ගිය වෙලාවක, බල්ලෙක් ආවලු වලිගෙ වනගෙන.:oo: (ඔයාල දන්නවනෙ බල්ලො තිරිසනා උනත් තමන්ගෙ ස්වාමියා ගොඩක් දවසකින් දැක්කම දක්වන ප්‍රතිචාර) පෙනුම ගෙදර හිටිය එකා වගේ නිසා නම කීවලු.. අනේ මෙන්න බල්ල ඇවිත් ඉස්සර වගේම කරට නැග්ගලු.:love::love::love: (කරට කීවම දන්නවනෙ. නැත්නම් ඒකත් අහයි)දැන් ඉතින් ගෙදර අරන් යනව.. බල්ලත් වෑන් එකේ අයිතිකාරය වගේ ඉන්නව..:lol::lol::lol:
බලන්න තිරිසනා උනත් තමන්ට කන්න දුන්න මනුස්සයට දක්වන ලෙන්ගතුකම.:yes::yes: ඒ සතාට අවුරුදු ගානක් ගිහිනුත් කළ ගුණ අමතක වෙලා නෑ...:no::no::no: ඇත්තටම බල්ල කියන සතා කළ ගුණ තියෙන, අමතක නොවෙන සතෙක්ලු.:love:

ඒ අතින් ගත්තම මනුසතා නම් බල්ලට වඩා පහළ තත්වෙක තමයි ඉන්නෙ..:(:( ඒක ඉතින් කොහොම උනත් කණගාටුවෙන් හරි අපි පිළිගන්න වෙනව.:yes::yes::yes:(ඇත්ත තිත්තයි තමා. ඒත් ඉතින් පිළිගන්න වෙනවනෙ.)
මිනිස්සු වෙන අපි අතරින් කීයන් කී දෙනාටද කළ ගුණ මතක තියෙන්නෙ...?:confused::confused::confused:
මේක ලියන මටත්, කියවන ඔයාලටත් අබමල් රේණුවක හරි උදව්වක් කළ කෙනෙක් අමතා වෙලාම නැද්ද..?:baffled::baffled: හරි ඒ අමතක වීම අපි අමතක කරමුකො... අපිට අමතක වෙන්න පුළුවන්... ඒත් අපි කොච්චර මිනිස්සු අමතක කරනවද උවමනාවෙන්ම.:frown::frown::frown:
අපි අතර ජීවත් වෙන ගොඩක් දෙනෙක් කරන්නෙ තමන්ගෙ දේ කෙරුනට පස්සෙ උදව් කළ කෙනා අමතක කරල දානව.:frown: මම කියන්නෙ නෑ කෙනෙක් උදව්වක් ගත්ත පලියට ප්‍රති උපකාර කරන්නම ඕනෙ කියල.:no::no:
"එයාට මම අර උදව්ව කලා, එයා මට මේක කරල දෙන්න ඕනෙ"
අපි එහෙම හිතනව නම් ඇත්තටම අපි කරල තියෙන්නෙ උදව්වක් නෙවෙයි... ගණුදෙනුවක්.:yes::yes::yes:

ගණුදෙනුවක් කියන්නෙ ගැනීම සහ දීම.:yes: අපි ගන්න දේකට ආපහු දෙයක් දීම.:yes::yes: ඉතින් උදව් කරනව කියල ආපහු දෙයක් බලාගෙන දෙයක් කරනවනම් ඇත්තටම ඒක නොකර ඉන්න එක වඩා හොඳයි.:no::no: උදව්වක් කියල කියන්නෙ කෙනෙක්ට ඇත්තටම උදව්වක් වෙන්න ඕනෙ. ඒක කරා කියල ආයෙ තැන තැන ඒක කිය කිය යන්න ඕනෙ නෑ.:no::no::no:
ඒත් මම කියන්න පටන් ගත්තෙ අද කාලෙ මිනිස්සු කරන්නෙ ලොකු රැවටීමක් කියල..ඒ කියන්නෙ, අපි කෙනෙක්ගෙන් උදව්වක් ගන්නකල් එයාට ගොඩක් කිට්ටුවෙන් ඉන්නව..:D:D හරිම ලෙන්ගතුකම පෙන්නනව.. හොඳ යාලුවෙක් කියල ඒත්තු ගන්නනව...:D ඒත් ඒ ඔක්කොම තමන්ගෙ කාරිය කෙරෙන තුරු විතරමයි.:growl::growl::growl:

අර සිංහල කියමනක් තියෙන්නෙ " කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" කියල.:baffled::baffled: ඒ කතාව සහතික ඇත්ත අද කාලෙ.:yes::yes::yes: ඕව කට කහනවට කියපු කතා නෙවෙයිනෙ...:rolleyes: ඒ කියමන අදට හරියටම හරි..:yes::yes: මොකද බහුතරයක් කරන්නෙ තමන්ගෙ වැඩේ කර ගන්නකල් ලඟින් ඉන්නව.. ඉන් පස්සෙ උන්නද, මලාද කියල බලන්නෙ නෑ.:frown::frown::frown: (එහෙම බලන්න ඕනෙ නෑ.. ඒත් එහෙම කරන්න යුතුකමක් තියෙනව නෙද අපිට..?)

අපි පුරුදු වෙලා ඉන්නෙ මිනිස්සුන්ව පාවිච්චි කරන්න. තමන්ගෙ වැඩේ කරගන්න මිනිස්සුන්ව පාවිච්චි කරනව... ඊට පස්සෙ බැහැර කරනව..:angry::angry::angry: නැත්නම් තමන්ට අවාසියක් වෙයි කියල.:frown: සමහරු ඉන්නව ජීවිතේ වටිනාම දේවල් තමන්ට ලඟා කරල දීපු අයවත් අයිම කරල දානව.:growl: මොකද ඉදිරියෙ දවසක තමන්ගෙ ජීවිතේට ඒ කෙනාම තර්ජනයක් වෙයි කියල. ඇත්තටමනම් ඒ මනුස්සයගෙන් එහෙම කිසිම හානියක් නෑ.:no::no: ඒත් අපි හිතනව ඒ විදියට.:rolleyes:

විශේෂයෙන් අපේ සමාජයෙ ලොකු , කුඩා ඕනෙම කෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අන්න ඒ ක්‍රමේට ජීවත් වෙන්න. කෙනෙක් ලඟින් තියා ගත්ත තමන්ගෙ ජීවිතේ සමහර දේවල් කරගන්න... තමන් ඒ දේවල් ලබා ගත්තට පස්සෙ ඒ කෙනාව අයින් කරනව හරියට කල් ඉකුත් වෙච්ච දෙයක් විදියට... ආයෙ මලාට ඒ දිහා බලන්නෙ නෑ..:no::no::frown: එහෙම අය හිටියට, ඉනවද, ඒ අයට මොකද උනේ කියලවත් බලන්න හිතන්නෙවත් නෑ.:no::no:
ඇත්තටම හරිම දුකයි එහෙම සමාජයක ජීවත් වෙන්න උන එක ගැන.
ඔයාලත් හිතල බලන්න මම ඔය කියන විදියේ තත්වයක් ඇති උනොත් කොහොම වෙයිද..?:baffled::baffled::baffled: අපිට කවද හරි දැනුනොත් අපි රැවටිලා, අපිව පාවිච්චි කරල කියල, ඇයි අපිට එහෙම උනේ, එහෙම කලේ.. කියල... මොනතරම් මානසික පීඩනයක් ඇති වෙයිද...?:(:(:(

මම මුලින් කීව කතාවෙ, අපිට ආදරේ කරන,:love::love: අපි එක්ක ඉන්න මිනිස්සු එක්ක හැමදාමත් ඉන්න...:yes::yes::yes: අපිට අබමල් රේනුවක තරමෙ හරි උදව්වක් කළ කෙනෙක් සදා මතකයේ තියා ගන්න (හැමදාම හායි, බායි ඕනෙ නෑ..:no::no: ඉඳල හිටල කොහොමද ජීවිතෙ කියල අහන්න.. ඒ ඇති) අපි සතුටු වෙනව තරම්ම ඒ අය සතුටු නොවුනත්, කළකිරෙන්නෙ නැති වෙයි නේද...? තමන් ගැනම ආඩම්බර වෙන්න පුලුවන් වෙයි නේද..?:love::love::love::love:


 

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    හොඳ කථාවක් මචං....
    ස්තූතියි ඕව මතක් කරනවට..!
    දැං කවුද බල්ල, උඹද..මමද?