බලාගාර වලින් නිපදවන විදුලිය ඇත්තටම light off කරාම ඉතුරු වෙනවද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    විදුලි බාලාරයකින් සාමාන්‍යෙන් 12.5 kv වගේ විදුලියක් ජනනය කරනවා ඒක ජනන උප පොලකින් 132kv වලට වැඩි කරලා ජාල උප පොලවල් වලට යවනවා ජාල උප පොලවල් වලින් ඒක 33kv වලට හරවලා ප්‍රාතමික උප පොලවල් වලට ය්වනවා ප්‍රාතමික උප පොලෙන් ඒක 11 kv කට හරවලා බෙදාහැරීමේ උප පොලවල් වලට යවලා එතනදි ඒක 230v වලාරවලා තමයි සාමාන්‍යෙන් ගෙවල් වලට එන්නෙ,තෙකලා නම් 400v වලට හරවලා,

    (12.5kv(10-15)➡️132kv➡️33kv➡️11kv➡️230v/400v)

    දැනට ලංකාවෙ විදුලිය ගබඩා කරගන්න කිසිම පහසුකමකුත් නෑ,ඉතින් බලාගාර තියන ඒවගෙන් කිහිපයක් නිතරම මාරුවෙන් මාරුවට වැඩ කරනවා,සාමානෙන් ඔයාල දැකලා ඇති ,පංසලක උත්සවේක මලගෙදරක වගේ පොඩි ජෙනියක් ගෙනල්ලා කරන්ට් එක නැති වෙලාවට කරන්ට් එක ගන්නාවා ලොකු ලෝඩ් එකක් අදින වෙලාවට ජෙනිය හොදට රේස් වෙනවත් දැකලා ඇති


    කලින් කීවා වගේ ලංකාවෙ විදුලිය ගබඩා කරගන්න තරම් පහසුකමක් නැති එකේ බලාගාර පැය 24ම වැඩ කරනවා ඉතින් කොයිවෙලෙත් වයර් වල කරන්ට් එක තියනවා


    ප්‍රශ්න අංක එක-
    විදුලි පරිභෝජනය වැඩි වෙන වෙලාවට අර බලාගාර(ඩීසල්/ගල් අගුරු) වලත් ඉන්ධන දහනය වැඩි වෙනවද?

    ප්‍රශ්න අංක දෙක-
    අපි විදුලිය භාවිතා නොකරන වෙලාවටත් සමහර බලාගාර වැඩ(ජල විදුලි බලාගාර/සුලං බලාගාර) ඉතින් අපි ඒ නිපදවන ශක්තිය භාවිතා නොකිරීම විදුලිය අපතේ යැවීමක් නේද?

    ප්‍රශ්න අංක තුන-

    ඔය කියනවත් වගේ ගෙදර පාරෙ තියන බල්බ් නිවලා අපි කරන්නෙ රටට සේවයක්ද අර බලාගාර(සුලං/ජලවිදුලි) වලින් නිපදවන විදුලිය අපතේ දැමීමක්ද ?(ඩීසල් ගල් අගුරු බලාගාර නෑ කියලා හිතන්න)
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සෑහෙන්න දිග කතාවක්. ඉතාම කෙටියෙන් කියන්නම්. සාමන්‍යයෙන් අධික ඉල්ලුමක් විදුලිය ඕන වෙන්නේ රාත්‍රී කාලයේ. ඒකත් 6-10 ටයිම් එකට. දවල්ට විදුලිය වැඩිත් එක්ක. ඉතින් විදුලියේ ඉල්ලුම අනුව ලබා දිය යුතු ප්‍රමණය පාලනය කිරීමට පාලක ස්ථානයක් තියනවා. එතකොට අමතර වශයෙන් ට'බයින ක්‍රියාත්මක විය යුතුද, වැඩි පුර ඒවා නතර කලයුතුද යන්නට උපදෙස් ඉන් ලබා දෙනවා. ජල විදුලි බලගාරයේත් නිකම්ම වතුර ගලන් යන්න ඇරලා ඕන තරමක් ට' බයින් කරකැවිල ගියපු දෙන් කියල බලන් ඉන්නේ නෑ. පැය 24 ම පාලනය සිදුවෙනවා. මිනිසුන් අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම වගේ දේවල් කරනවා නම් ජනනය කලයුතු විදුලි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කර කැවිය යුතු ට'බයින ප්‍රමාණය අඩු වෙනවා. ගල් අඟුරු ඉතුරු වෙනවා. ජලාශ වල වතුර රැකෙනවා. අවසාන වශයෙන් රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා. (P.S.මේකේ තාක්ෂණික පැත්තත් tech: terms දාල වෙලාවක කියන්නම්, කම්මැලියි ටයිප් කරන්න.)
     
    Last edited:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    සෑහෙන්න දිග කතාවක්. ඉතාම කෙටියෙන් කියන්නම්. සාමන්‍යයෙන් අධික ඉල්ලුමක් විදුලිය ඕන වෙන්නේ රාත්‍රී කාලයේ. ඒකත් 6-10 ටයිම් එකට. දවල්ට විදුලිය වැඩිත් එක්ක. ඉතින් විදුලියේ ඉල්ලුම අනුව ලබා දිය යුතු ප්‍රමණය පාලනය කිරීමට පාලක ස්ථානයක් තියනවා. එතකොට අමතර වශයෙන් ට'බයින ක්‍රියාත්මක විය යුතුද, වැඩි පුර ඒවා නතර කලයුතුද යන්නට උපදෙස් ඉන් ලබා දෙනවා. ජල විදුලි බලගාරයේත් නිකම්ම වතුර ගලන් යන්න ඇරලා ඕන තරමක් ට' බයින් කරකැවිල ගියපු දෙන් කියල බලන් ඉන්නේ නෑ. පැය 24 ම පාලනය සිදුවෙනවා. මිනිසුන් අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම වගේ දේවල් කරනවා නම් ජනනය කලයුතු විදුලි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කර කැවිය යුතු ට'බයින ප්‍රමාණය අඩු වෙනවා. ගල් අඟුරු ඉතුරු වෙනවා. ජලාශ වල වතුර රැකෙනවා. අවසාන වශයෙන් රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා.
    සරලවම වෙන්නේ මේක තමා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    සෑහෙන්න දිග කතාවක්. ඉතාම කෙටියෙන් කියන්නම්. සාමන්‍යයෙන් අධික ඉල්ලුමක් විදුලිය ඕන වෙන්නේ රාත්‍රී කාලයේ. ඒකත් 6-10 ටයිම් එකට. දවල්ට විදුලිය වැඩිත් එක්ක. ඉතින් විදුලියේ ඉල්ලුම අනුව ලබා දිය යුතු ප්‍රමණය පාලනය කිරීමට පාලක ස්ථානයක් තියනවා. එතකොට අමතර වශයෙන් ට'බයින ක්‍රියාත්මක විය යුතුද, වැඩි පුර ඒවා නතර කලයුතුද යන්නට උපදෙස් ඉන් ලබා දෙනවා. ජල විදුලි බලගාරයේත් නිකම්ම වතුර ගලන් යන්න ඇරලා ඕන තරමක් ට' බයින් කරකැවිල ගියපු දෙන් කියල බලන් ඉන්නේ නෑ. පැය 24 ම පාලනය සිදුවෙනවා. මිනිසුන් අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම වගේ දේවල් කරනවා නම් ජනනය කලයුතු විදුලි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කර කැවිය යුතු ට'බයින ප්‍රමාණය අඩු වෙනවා. ගල් අඟුරු ඉතුරු වෙනවා. ජලාශ වල වතුර රැකෙනවා. අවසාන වශයෙන් රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා.
    මේක තමා වෙන්නේ. වැඩි වැඩියෙන් මිනිස්සු බලශක්තිය පරිභෝජනය කරද්දී බලාගාර වලින් සැපයුම නැත්තන් පද්දතියේ frequency 1 අඩු වෙනවා. ඒක ප්‍රදාන control unit eken අදුරාගෙන අනිත් බලාගරාත් එක්ක කතා බහ කරලා නිශ්පාදනය අඩු වැඩි කරනවා සම්මත් frequency 1 ta එනකන් .

    ම්මේක සම්බන්ද ලොකු විස්තරාත්මක ත්‍රෙඩ් එකක් තිබ්බා අනුරාද අහපු ත්‍රෙඩ් එකක
    https://elakiri.com/threads/විදුලි-බලාගාර.1668315/
    ------ Post added on May 13, 2021 at 12:15 PM
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    1. ඔව්
    2. නෑ. ඉල්ලුම අනුව තමයි සැපයුම දෙන්නේ. System එකට Connect වෙලා තියෙන Load එක අනුව තමයි Power Station පද්දතියට එකතු කිරීම හෝ අයින් කිරීම කරන්නේ.
    3. ඔව්. ලොකු ගල් අඟුරු බලාගාර තියෙනවා නම් කථාව වෙනස්. ඒවාගේ Load එක අඩුකරගෙන දුවන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට විදුලි පාරිබෝජනය අඩුවුණොත් ගැටළුවක් වෙනවා.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මෙහෙමයි system එක බැලන්ස් වෙන්න ඕනි.. දෙන ප්‍රමාණය පාවිච්චි කරන්න ඕනි ... ජෙනරේටි කරන ප්‍රමාණය පාව්ච්චි කරන්න ඕනි.. ඔතනදි පීක් එක එන්නේ රෑට නේ... පීක් ඩිමාන්ඩ් එක අල්ලන්න අපිට තව thermal plant දුවවන්න වෙනවා... ඒවායේ unit cost එක වැඩියි...

    හැම වෙලාවෙම frequency එක 49.8 - 50.2 Hz අතර තියාගන්න ඕනි ලන්කාවේ... පාවිච්චිය වැඩි වෙනවනම් ගෙනරේටි කරන ප්‍රමානෙට වඩා frequency වැඩි වෙනවා... ඒ වගේමයි අනිත් පැත්ත... ඒ නිසා පීක් එක එන වෙලාවට නිවන එක ලයිට් එකක් උනත් ජාතික සම්මතක්...

    hydro power plant එකක උනත් තියා ගන්න stock එක ්පිට රිලීස් කරන්න වෙනවා ඩිමාන්ඩ් කැච් කරන්න... reservoir එකක උනත් පලමු තැන දෙන්නේ irrigation වලට මිසක් electricity වලට නෙවෙයි . ඒ නිසා පීක් එක වෙලාවට වගකීමෙන් හැසිරෙන්න ...

    Screenshot (326).png
    Screenshot (328).png
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    මම හිතන්නේ මට තේරුනා උබේ හිතේ තියෙන ප්‍රශ්නේ... මෙහෙමයි බන් කරන්ට් එක කියන්නේ අමුතුම සීන් එකක්.. සරලව කිව්වොත් අපි use කරේ නැත්තම් වයර් වල කරන්ට් එකක් නෑ.. use කරන වෙලාවට විතරයි කරන්ට් එක තියෙන්නේ... ඒ කිව්වේ මෙහෙම උබ ප්ලග් එකක් ඔන් කරල වයර් කෑලි දෙක නිකම් අත් දෙකෙන් අල්ලගෙන හිටියට ඒ වයර් කෑලි කොනේ කරන්ට් එක නෑ.. හැඹැයි උබ ඇගිල්ල් එතෙන්ට තිබ්බොත් එතන කරන්ට් එක තියෙනවා.. (විදුලිය යන්නේ සචල ඉලෙක්ට්‍රෝන මගින් ඒකයි ඕක... නිකම් මේ තේරුම් ගන්න බේසික් සීන් එක්ක් කිව්වෙ මම)....

    මම හිතන්නේ දැන් උබට තේරෙන්න ඕනෙ උබේ ප්‍රශ්න වලට උත්තර ටික... කට්ටිය ලයිට් ඕෆ් කරනවා කියන්නේ එතෙනෙ කරන්ට් එක නෑ.. ඒ කියන්නේ වඒ වයර් එකට කරන්ට් එක කොහෙන්වත් එන්න බෑ.. ඒ කියන්නේ ඒකට අදාල ටර්බයින් එක ඊ වෙලාවේ off වෙන්න ඕනෙ... තේරුනා නේහ් සීන් එක... ඕකෙම ලොකුම ස්ටේග් එකක් තමා national grid එක කියන්නේ... ඒ කියන්නේ ඉල්ලුම අඩුනම් ග්‍රිඩ් එකේ තියෙන කරන්ට් එක අඩු වෙන්න ඕනේ... ඉල්ලන විදිහට විතරනේ කරන්ට් එක යන්නේ ඒ කියන්නේ ඒ ගානට ටර්බයින් වැඩ කරන එක අඩු වෙනවා...

    බැරි වෙලාවත් ඔහොම ඉල්ලුම්ට වඩා සැපයුමක් ගියොත් තමා වයර් උනුවෙලා ඔක්කොම පුච්චන් යන්නේ.. ඒක වලක්වන්න තමා හදිසියේ එහෙම එකක් උනොත් බලාගාර ඔටෝ ඔෆ්ෆ් වෙන්නේ...

    තව එකක් මම අහල තියෙන විදිහට ඔය ඉල්ලුම සැපයුම තුලනය කරන්නේ ජල විදුලි බලාගර ව්ලින්ලු.... එකක් ඒවගෙන් ජෙන්‍රේට් වෙන කරන්ට් එක සුමටව අඩු වැඩි කරන්න පුලුවන්ලු.. අනිත් හේතුව ඩීස්ල් බලාගාර ස්ටාර් කරන්න යන තෙල් ප්‍රමානෙට වඩා එකදිගට දුවවන එක ලාබයිලු... ගල් අගුරු බලාගාර එහෙමනම් මලාට ඔෆ්ෆ් කරන්නේ නැහැ මොකද ආපහු ස්ටාර්ට් කරන්න මාරම තෙල් ගොඩක් යනවා... (article එකක තිබ්බා නොරොච්චෝලේ ඔෆ්ෆ් උනොත් ආපහු ස්ටාර්ට් කර්න්න ඩීසල් ලීටර් ලක්ෂ 4ක් යනවා කියලා)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    article එකක තිබ්බා නොරොච්චෝලේ ඔෆ්ෆ් උනොත් ආපහු ස්ටාර්ට් කර්න්න ඩීසල් ලීටර් ලක්ෂ 4ක් යනවා කියලා)
    Ei bro echchara ynne??
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    me sambandayek danumak thiyena aya inna nisa meka gana hithenne mokakda. dan solar panel, hulagin current eka ganna project karana nisa, me wage projects tikak lokuwata karala daytime eke lankawatama current eka ganna solar use karala, night time ekata witharak water turbine walin current eka ganna barida? ethakota ewa dawalta off karala hawas wenakota water turbine walin current eka ena widiyata.. jalasha wala watura madi wena kaleta pahalin udata watura pump karanna barida day time eke solar walin ena extra current eken.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    සෑහෙන්න දිග කතාවක්. ඉතාම කෙටියෙන් කියන්නම්. සාමන්‍යයෙන් අධික ඉල්ලුමක් විදුලිය ඕන වෙන්නේ රාත්‍රී කාලයේ. ඒකත් 6-10 ටයිම් එකට. දවල්ට විදුලිය වැඩිත් එක්ක. ඉතින් විදුලියේ ඉල්ලුම අනුව ලබා දිය යුතු ප්‍රමණය පාලනය කිරීමට පාලක ස්ථානයක් තියනවා. එතකොට අමතර වශයෙන් ට'බයින ක්‍රියාත්මක විය යුතුද, වැඩි පුර ඒවා නතර කලයුතුද යන්නට උපදෙස් ඉන් ලබා දෙනවා. ජල විදුලි බලගාරයේත් නිකම්ම වතුර ගලන් යන්න ඇරලා ඕන තරමක් ට' බයින් කරකැවිල ගියපු දෙන් කියල බලන් ඉන්නේ නෑ. පැය 24 ම පාලනය සිදුවෙනවා. මිනිසුන් අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම වගේ දේවල් කරනවා නම් ජනනය කලයුතු විදුලි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කර කැවිය යුතු ට'බයින ප්‍රමාණය අඩු වෙනවා. ගල් අඟුරු ඉතුරු වෙනවා. ජලාශ වල වතුර රැකෙනවා. අවසාන වශයෙන් රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා. (P.S.මේකේ තාක්ෂණික පැත්තත් tech: terms දාල වෙලාවක කියන්නම්, කම්මැලියි ටයිප් කරන්න.)
    okama thamai une eka parak demand eka adu wela norochcholai case giye

    Ei bro echchara ynne??
    coal walin start karanna kalin diesel walin thamai start karanne.. RPM eka naggama coal walata transfer wenawa.
    ------ Post added on May 13, 2021 at 2:03 PM
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    me sambandayek danumak thiyena aya inna nisa meka gana hithenne mokakda. dan solar panel, hulagin current eka ganna project karana nisa, me wage projects tikak lokuwata karala daytime eke lankawatama current eka ganna solar use karala, night time ekata witharak water turbine walin current eka ganna barida? ethakota ewa dawalta off karala hawas wenakota water turbine walin current eka ena widiyata.. jalasha wala watura madi wena kaleta pahalin udata watura pump karanna barida day time eke solar walin ena extra current eken.
    pump storage hydroelectric power plant කිහිපයක් දැනටම propose කරල තියෙන්නේ .. අපි බලමු ඉස්සරහට..
    IMG_20210513_140951 (1).jpg
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ehema wenne na.supply demand eka aduwenawa ethakota aluthen system ekata balagara hadanna yana gana ithuru wenawa tikaka kalekata
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,827
    113
    මෙහෙමයි මම ලොකුවට ඉලෙක්ට්‍රික් පැත්ත දන්නේ නැහැ. power plant, distribution කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. මම කරලා තියෙන්නේ බේසික් විතරයි.හැබයි දන්න විදිහට මෙහෙමයි.

    බලාගාරයක විදුලිය නිපදවන්නේ ජෙනරේටර් කරකවලා. ඒ කියන්නේ චාලක ශක්තිය විදුලිය බවට හරවලා. මේක කරද්දි නිවැරදි සංඛ්‍යාතය තියාගන්න ඔනේ. සංඛ්‍යාතය වෙනස් වුනොත් phase out ගිහින් rms voltage එක අඩුවෙනවා. මේක කරන්නේ ceb main control room එකෙන්. ඔනෙම ජෙනරේටරයක ලොඩ් එක වැඩි වෙනකොට කැරකෙන වට ගාන අඩු වෙනවා මේක වෙනස් කරන්න අපි බලය සපයන්න ඕනේ. එහෙම නැත්නම් වතුර පාර වැඩි කරන්න ඔනේ.
    මේ බලය වැඩි කරන විදිහ බලාගාරෙන් බලාගාරෙට වෙනස් වෙනවා. අපී peck time එක ගත්තොත් lord එක සෑහෙන්න වැඩි වෙනවා. එතකොට ඒක බලාගාර වල ප්‍රමාණය අනුව බෙදලා දෙනවා. කවදාවත් බලාගාරයක් සම්පූරණ ප්‍රබලතාවයෙන් දුවවන්නේ නැහැ. එහෙම කලොත් දෙයියන්ගේ පිහිට තමා ඒ බලාගාරෙට.
    ඒ වගේම මේ හැම ජෙනරේටරයක්ම අවශ්‍ය සංඛ්‍යාතයට එන්න ඕනේ කරන වට ගානක් තියනවා විනාඩියට. මෙ rpm එකට එනකම් ඒ බලාගාරයෙන් වැඩක් නැහැ. මේක ඕනෙම බලාගාරයක එක පාර කරන්න පුළුවන්. නතර වුනු මෝටරයක් ස්ටාරට් කරනවා වගේ වැඩක් විනාඩි පහක් විතර කාලයක් යනවා මම හිතන් නේ ඕනේ rpm එකට එන්න.
    හැබයි මෙහෙම උනාට හැම බලාගාරේම එකම විදිහට අවශ්‍ය බලය සපය ගන්නේ නැහැ. ගොඩක්ම කාර්‍යක්ෂම ජල විදුලි බලාගාර ගුරුත්වය යටතේ වතුරේ ගබඩා වෙලා තියන විභව ශක්තිය කෙලින්ම චාලක ශක්තිය කර ගන්න පුළුවන්. එෟ වගේම මේක ඉක්මන් විනාඩි ගානකින් වතුර පාර බිංදුවේ ඉදන් ඔනේ වේගෙට ගන්න පුළුවන්.මෙකත් ඉතින් වෙනස්වෙනවා. ශක්තිය ගැන ඒලෙවල් වලට කරපු දේවල් ඉකින් ගොඩක් ඕනේ වෙනවා මූලික දැනුම හැටියට ඒවාට. වතුර උස අඩු වෙනවා කියන්නේ අපි යවන වතුර ප්‍රමාණය වැඩි වෙනවා කියන එක.ඒක හින්දා අපි දවල්ට ජලවිදුලි බලාගාර නවත්වලා තියාගන්න පුළුවන්නම් ඒක තමා හොදම විදිහ විදුලිය ඉතිරි කරන.හරියට බැටරියක් ගලවලා තියනවා වගේ.
    ඊ් ළඟට ඇවිල්ලා තාප බලාගාර. මේවා ඇවිල්ලා බාහිර දහන එංජිමන විදිහට වැඩකරන්නේ. අපි ඒ තාපයෙන් සිසිල් කාරකයක් රත් කරනවා. ඇත්තම කියනවානම් වතුර. වතුර රත්නරලා අපි ඒකෙන් හුමාලය හදාගෙන් ඒක හරහා ටර්බයින කරකව ගන්නවා. සෑහෙන පීඩනයක් හදා ගන්න ඕනේ මේ වැඩේට.කෝච්චි වගේ නෙමේ මේක සෑහෙන්න කාර්යක්ෂමයි. අන්තිම බින්දුව වෙනකම්ම කොහෙම හරි ශක්තිය ටික ගන්නම තමා බලන්නේ. හැබයි මේකෙදි අපිට එක පාර පටන් ගන්න බැහැ. වතුර වාෂ්ප කරන්න සෑහෙන ශක්තියක් අවශයයි. වතුර කිලෝ එකක් සෙල්සියස් එකකිින් රත් කරන්න 4.2 kW ඕනේ. මෙතන වතුර ටොන් ගානක්. ඒක හින්දා පටන් ගන්න දවස් ගානක් ඉන්දන ටොන්ගානක් යනවා. පටන්ගත්තාම දුවනකම් ලාබයි නතරවුනොත් නිවලා නඩත්තු ටික කරලා මිසක් පටන් ගන්න එක ලාබයි. හැබයි පුතේ දවස් පහක්වත් අවම යනවා වැඩේට. මේක load balance වලට පාව්ච්චි කරන්න බැහැ. හැබයි මම මේ ගැන දන්නේ මෙච්චරයි. අනික මම ඉන්නේ වෙනම පැත්තක. අපි විදුලිය පාවිච්චි කරනවා විකරයි වෙන විදුලියකට. හැබයි lord balance කරන ක්‍රම ඇති අළුත් තාක්ෂණයත් එක්ක.

    අනික ඇවිල්ලා ඩීසල් ජෙනරේටර්. ජල විදුලිය වගේ තමා විනාඩි ගානකදී බඩු හරි. අනික තාප බලාගාරේතට වඩා කීපගුණයක් කාර්‍යක්ෂමයි. හැබයි ඉතින් පට්ට වියදම්. ඩීසල් ලීටරයකට යන ගානෙන් දැවිතෙල් ලීටර ගානක් ගන්න පුළුවන් ඇති. ගල් අගුරු කිලො 20 ක් විතර ගන්න පුළුවන් ඇති. මේවා ඉකින් අන්තිම තුරුම්පුව තමා. lord එක බැලන්ස් කරගන්න බැරිවුනොත් මේවත් දුවවන්න වෙනවා

    අපි විදුලි බුබළුක් නිව්වාහම නතර කර ගන්න පුළුවන් වෙන්නේ ජල හා ඩීසල් බලාගාර දුවන එක දෙකෙන්ම අපිට හදිස්සියකදී පාවිච්චිපකරන්න තියන සම්පතක් ඉතිරි වෙන එක තමා වෙන්නේ අනික තාප බලාගාරෙක පාවිචිචි වෙන ඉන්දන ප්‍රමානයත් අඩු වෙන්න පුළුවන් මොනද අවශ්‍ය වාෂප පීඩනය එක දිගට රැදිලා තියන නිසා.