සෑහෙන්න දිග කතාවක්. ඉතාම කෙටියෙන් කියන්නම්. සාමන්‍යයෙන් අධික ඉල්ලුමක් විදුලිය ඕන වෙන්නේ රාත්‍රී කාලයේ. ඒකත් 6-10 ටයිම් එකට. දවල්ට විදුලිය වැඩිත් එක්ක. ඉතින් විදුලියේ ඉල්ලුම අනුව ලබා දිය යුතු ප්‍රමණය පාලනය කිරීමට පාලක ස්ථානයක් තියනවා. එතකොට අමතර වශයෙන් ට'බයින ක්‍රියාත්මක විය යුතුද, වැඩි පුර ඒවා නතර කලයුතුද යන්නට උපදෙස් ඉන් ලබා දෙනවා. ජල විදුලි බලගාරයේත් නිකම්ම වතුර ගලන් යන්න ඇරලා ඕන තරමක් ට' බයින් කරකැවිල ගියපු දෙන් කියල බලන් ඉන්නේ නෑ. පැය 24 ම පාලනය සිදුවෙනවා. මිනිසුන් අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම වගේ දේවල් කරනවා නම් ජනනය කලයුතු විදුලි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කර කැවිය යුතු ට'බයින ප්‍රමාණය අඩු වෙනවා. ගල් අඟුරු ඉතුරු වෙනවා. ජලාශ වල වතුර රැකෙනවා. අවසාන වශයෙන් රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා. (P.S.මේකේ තාක්ෂණික පැත්තත් tech: terms දාල වෙලාවක කියන්නම්, කම්මැලියි ටයිප් කරන්න.)