මැතයි ෆිසික්ස් එකයි නම් අවුලක් නෑ බං...මොනව හරි කරගත්තැහැකි..chemistry මට මේ ලෝකෙ දෙයක් බෑ![]()
Chemata S 1k hari daaganna try karahan kollo... Kaale athi hondatama. Amith subject 2kata tikak hondata daaganin.. Govement uni yanna puluwan Matha nisa... Kal athi puthe.. baa kiyala deyak naa...
රත්තරං;20431305 said:ඉගෙනගන්න පුලුවන්කම තිබිලත්, ඉගෙනගන්න පුලුවන් පසුබිමක් තිබිලත් ඉගෙනගන්නේ නෑ කියන්නේ බන් උබ කුඩු ගහලවත් උබේ ජීවිතේට කරගන්න බැරි විනාසයක් කරගන්නේ.. වෙන කියන්න දෙයක් නෑ
ඔව්.. අපිට විශ්වවිද්‍යාලයක් කිව්වහම මතක් වෙන්නේ පේරේ තමා බන්.. කියල වැඩක් නෑ ඉතින්..මෙලෝ රහක්ම නැති පොට් එක කොලඹ
කැලනි ගියේ දහමට බර හින්දා
පේරෙ ගියේ ප්‍රේමෙට බර හින්දා
ජපුරෙ ගියේ වලියට බර හින්දා
කොලඹ ආවේ මොන කරුමෙද මන්දා

ඒ උනාට පට්ට කවිය ඈ .... සුප්පා රත්තරං අයියෙ මං උබේ ත්‍රෙඩ් කියවල තියනව...වාහන ගැන බිස්නස් ගැන ගොඩක් දේවල් උබේ ත්‍රෙඩ් වලින් ඉගෙනගෙන තියනව.....
ඔව් බං අයියෙ දැන් නම් පසුතැවෙනව පාඩම් කරේ නැති එක ගැන



EK සහෝදරවරුනි...රිප්ලයි දාපු හැමෝටම ස්තූතියි.....මම දැන් මිෂන් ඉම්පොසිබල් ගේමක් ගහන්න යන්නෙ.....අවුරුදු දෙකේ සිලබස් එක සති දෙකෙන් පාඩම් කරන්න...පුලුවන් වෙයිද බැරිවෙයිද දන්නෑ ඒත් මම ට්‍රයි කරනව....උබල මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරපල්ල මම පාඩම් කරන ඒවම විභාගෙට ඇවිල්ල...අල්ලපු එකාගෙන් chemistry 40+ විතර වැදිල හරි මට පේරාදෙණියට පය ගහන්න ලැබේවා කියල....ප්‍රේ ෆො මී බ්‍රදර්ස්.......
ඊට පස්සේ ලකුනු ටාකට් කරලා past papers karapnn.. මුලු chemistry ම නැතුව උබ ආස සෙට් එකෙන්න්.. මොකක් හරි දන් නැති නම් අයේ බලපන් එ සෙට් එක , මතක නෑ වගේ නම් ලියපන් කොලේක ... අයේ අයේ ලියපන් ... කොල ටික තියා ගනින් ... ඔනීම එවා highlight කරපන් එ ලිව්ව කොලේම.. අයේ ලස්සනට ලියන්න වෙලාව කන්න එපා. මතක නැති උනාට කම්ක් නෑ .. එකම අල්ලගෙන ඉන්න එපා. කොලේ ලියලා අනික් එක කරපන් ... උබට මාස ගනක් ඔක මතක තියෙන්න ඔනි නෑනේ .. විබාගේ ට යන්න ඉස්සෙල්ලා කොලේ බලලා පලයන්.. එල.. බය නැතුව ලියපන්.. උඹට පුලුවන ගොඩ දාන්න. MCQ කරපන් හොදට .. වෙලාව අරන් කරන්න වෙලාව නැති නම් .. හිතෙන් කරපන් .. කරලා උත්තරේ බලපන් .. හරි නම් (දැනගෙන.. කනා නෙමේ ) එල.. වැරදි නම් බලපන් ඇයි වැරදුනේ කියලා? බලපන් හරී උත්තරේ හරි ඇයි කියලා ..
අයේ එයි කියලා හිතෙනවා න්ම් ලියපන් කොලේ...MCQ කරද්දීත් ආසම, ලකුනු ගන්න පුලුවන් සෙට් එක මුලින් කරපන්... මේ කිව්ව එවා මම කරලා තියෙන එවා බන් .. බය නැතුව කරපන් .. මේ විදියම ඔනි නෑ... අදහසක් ගනින් ...පොඩි කාලෙක දි ගොඩ දාන්න නිකන් බෑ ... ලකුනු ගන්න plan karapann... ගන්න පුලුවන් හැම තැනින් ම ... සුබ පතනවා උබට මල්ලි .... හොදට කරලා විබාගේ ගොඩ දාපන්.. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ .. කාලේ ඇති උබට කරනව නම් ..... එල... . 

පේරාදෙණිය සරසවිය කියන්නේ පින් බිමක්. අපේ තාත්තත් පේරාදෙණියෙ. ඒ කාලේ තාත්ත කියනව යනව නං පේරාදෙණි තමා කියලා. මං ඒ කාලේ අහනව මොකක්ද ඕකෙ ඇති විශේෂත්වය කියලා. ගිහින් ම බලා ගනින් කියල තමා කිව්වේ.......
ඒ කතාව ඇත්ත.....මොකද ගිහින් ම බලාගත්තා. අවුරුදු 5කුත් මාස 2ක් ම.
ඒ වගේ තැනක්, මේ සක්වල ම නැත.
යන්න ආසම නං, මේ පාර මෙඩිකල් එකක් හරි දීල ක්‍රෑම දාල එන පාර කරමු මලේ.....
මොකද ඇත්තට ම ඕක යන්න වටින තැනක්....
පිපුණා අප්‍රේල් අන්තිමට වගේ
ඉස්සර convocation එක තියෙන්නේ මල් පිපෙන කාලෙට නෙ. දැන් අර strike එකකින් පස්සේ convocation එක තියෙන එක ටිකක් පරක්කු හින්ද ඒ කාලෙට මල් අඩුයි.
මතකද වලේ තිබිල කපලා දාපු රොබරෝසියා ගහ? මෙන්න ආයේ ලියලනවා
![]()

රිප්ලයි ඔක්කොම කියෙව්ව මචං රිප්ලයි කරපු වචනෙකින් හරි දිරිමත් කරපු හැමෝටම ස්තුතියි.....මේ ත්‍රෙඩ් එක දාල පොඩි ප්ලෑනක් ගහල හවස හයට විතර පාඩම් කරන්න ගත්ත....දැන් පාන්දර හතර හමාරයි දැන් තමා නිදාගන්න යන්නෙ බං......මම මට පුලුවන් උපරිම ගේම ගහනව ඔක්කොම ඉවර කරගන්න පුලුවන් උනත් බැරි උනත්....දන්න එකෙක් කියහල්ලකො පේරෙ computer science dgree එක කරන්න රිසාල්ට් Z එක කීයක් වගේ ඕනවෙයිද??


මොන දහමක්ද රත්තරං අයියේ අපිට?ඒ උනාට පට්ට කවිය ඈ .... සුප්පා
සිරා... අම්මෝ රත්තරං අයියේ උබේ ත්‍රෙඩ් වලින් සෑහෙන්න ඉගෙන ගත්තා බන්.. බ්ස්නස් , ජීවිතේ හැමදේම ... මිනිහෙක් ට හොඳටම ඇති උබේ ත්‍රෙඩ් බැලුව නම් හැදෙන්න. උබට පින් අයියේ .![]()