බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ.....

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මල්ලි හරි මගේ වයසට අනුව පුතා හරි මෙන්න මේක ඔලුවට දා ගනින්......(මට වයස 41ක් ඈ)

    මට උඹට මනුස්සයෙක් විදියට දෙන්න තියෙන්නේ අවවාද දෙකක් විතරයි.

    1- තමන්ගෙන් වෙන්න තියන යුතුකම් සහ වගකීම් හරියට ඉෂ්ඨ කරපං. කවුරු ඒව ඉෂ්ට කලා ද නැද්ද කියන එක අදාල නෑ. තමන් ඒව කිරීම විතරයි අදාළ.

    2- කරන දේ හරියට කරපං. උඹ වැසිකිළි හේදුවත්, චක්‍රවර්ති රජකම කළත් මේ දේ අදාළයි.

    එච්චරයි. ඔය දෙක ඇති ගොඩ යන්න.

    rep 23+
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    EK සහෝදරවරුනි...‍රිප්ලයි දාපු හැමෝටම ස්තූතියි.....මම දැන් මිෂන් ඉම්පොසිබල් ගේමක් ගහන්න යන්නෙ.....අවුරුදු දෙකේ සිලබස් එක සති දෙකෙන් පාඩම් කරන්න...පුලුවන් වෙයිද බැරිවෙයිද දන්නෑ ඒත් මම ට්‍රයි කරනව....උබල මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරපල්ල මම පාඩම් කරන ඒවම විභාගෙට ඇවිල්ල...අල්ලපු එකාගෙන් chemistry 40+ විතර වැදිල හරි මට පේරාදෙණියට පය ගහන්න ලැබේවා කියල....ප්‍රේ ෆො මී බ්‍රදර්ස්.......

    අනිවාරෙන් වගකීමෙන් කියනවා සති දෙකෙන් පුලුවන් උබේ මීටරේ හොදනම්..

    හේතුව කියන්න අමාරුයි මම කොහොමද එහෙම කියන්නේ කියල

    GOD කියල බුවෙක් නෑ... උබ ගැන විශ්වාස කරපන්,.. එක එක පකයලට ප්‍රේ කරල වැඩක් නෑ
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන් මම ස්ලිට් එකේ,මම ස්ලිට් එකේ ඩිග්‍රිය කරන ගමන් ඒ ලෙවල් ලිව්වා අවුරුදු 4 ඩිග්‍රිය කරන්න ඕනෙ නිසා.මම කෙමෙස්ට්‍රි එස් එක දැම්මෙ කලින් දවසෙ පැය 2ක් පාඩම් කරලා.ක්ලාස් ගිහිල්ලත් නෑ,මොනවත් නැතුව.මමත් උඹ වගේ උවමනාවක් නැති ඉගෙනගන්න සුපිරියට පුලුවන් එකෙක්.මටත් පස්සෙ හිතුනා ඒ ලෙවල් ගේමක් නැතුව ගොඩ දාගන්න තිබුනා කියලා(ඒත් දැන් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා) මමනම් කියන්නෙ හොඳට පාඩම් කරපන්.උඹෙ ටාර්ගට් එක තියාගෙන වැඩ කරපන්.බය වෙන්න එපා,සී එක නෙවෙයි බී එකක් උනත් දාගන්න පුලුවන් ට්‍රයි කරොත්.වසනාව ගැන දෙයියො ගැන බලාපොරොත්තු තියාගන්න එපා,මහන්සියෙන්ම ගොඩ පලයන්.පාස්ට් පේපර් කරපන්.උඹ හොඳටම දන්නෙ ඔර්ගනික්නම්,ඕර්ගනික් ඔක්කොම පුලුවන් වෙනකල් වෙන ඒවට යන්න එපා,මුලු පේපරේම ඕන්නෑ,දන්න ඒවට හරියට ලියපන් ඔක්කොම ලකුනු එන්න.පුලුවන් එකයි බැරි එකයි ඔක්කොම බදාගෙන කරන්න මේ සති 2 මදි,ඒත් උඹට හොඳ රිසල්ට් එකක් දාන්න මේ සති දෙක හොඳටම ඇති.මගෙ නංගිත් මේ පාර ලියනවා,හොඳ රිසල්ට් එකක් එන්න උඹට ප්‍රාර්ථනා කරනවා.:):):):):)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මචං මේ කතාව කොහෙන් පටන්ගන්නද කියල මට හිතාගන්න බෑ........ හරි මම මෙහෙම පටන් ගන්නං.......මම පොඩි කාලෙ ඉදලම විභාගෙකට මහන්සිවෙලා පාඩම් කරල නෑ මචං මොන පිස්සුව නැටුවත් පන්තියෙ පලවෙනි 3දෙනා අතරෙ හැමදාම හිටියා..OL මෙලෝ මහන්සියක් වෙන් නැතුව ඉහලින්ම පාස් උනා.....ඊටපස්සෙ AL මැත්ස් කරන්න ගත්ත කෙලින්න ඕන පිස්සු ඔක්කොම කෙලියා මහන්සි උණා තියා Clz ටිකටවත් හරියට ගියෙ නෑ....ෆස්ට් ශයි කරා S2i chemistry ෆේල් ....ඊටපස්සෙ සෙකන්ඩ් ශයි කරා වැඩිය මහන්සි උනේනං නෑ පිස්සුත් නැටුව fiverr එහෙමත් කරා B1i S1i සුපුරුදු පරිදි chemistry දිග දාල ඇරලා:growl: ඒත් මටනං ගානක්වත් තිබ්බෙ නෑ....ඇත්තටම මට ඔය රැග් සීන් කටු සීන් හින්ද රජයෙ කැම්පස් එක්කට යන්න සිරාවටම ආසාවක් තිබ්බෙම නෑ මචං ... මම ආස computer science සයිඩ් එකට ඒ හින්ද මට ඕන උනේ ස්ලිට් එකට යන්න මොකද අපේ නෑදෑ අයිය කෙනෙක් ස්ලිට් ඩිග්‍රිය කරල දැන් ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනියක සීනියර් software engineer කෙනෙක් 100k+ salary එකක් ගන්නව රජයේ කැම්පස් ගිය උන්ටත් වඩා හොදට ආතල් එකේ ඉන්නව....ඒත් තාත්තගෙ බල කිරීමට මේ පාරත් තර්ඩ් ශයි ලියනව....(තාත්ත රජයේ කැම්පස් එකක ඩිග්‍රියක් කරපු කෙනෙක් හින්ද එයාට ඕනෙ උනේ මාවත් කොහොමහරි රජයේ කැම්පස් එකකටම දාන්න)ඒ මලටම මම පාඩම් කරේම නෑ.....අනික මේ පාරත් කරහම කොහොමත් ස්ලිට් යන්නම වෙනවනෙ....ඒ හින්ද මේ පාර පොතක් අතින් තියා කකුලෙන් වත් ඇල්ලුවෙ නෑ.....


    ඒත් මං හිතාගෙන හිටපු ගොඩක් දේවල් ඊයෙ වෙනස් උනා බං....ඊයෙ ගමනක් ගියා නුවර ගලහ පාරෙන්...ඊයෙ තමයි මම පලවෙනිපාරට පේරාදෙණිය යුනිය දැක්කෙ......ඒකත් පාරෙ යනගමන්....දැකල තියන එවුන් මතක් කරගනිල්ලකො...ලාවට වැටෙන හිරිපොද වැස්ස අස්සෙන් ගලහ පාරෙ යනකොට පේරාදෙණිය යුනිය පේන හැටි.......අම්මෝ පිස්සු හැදෙනව බං...තව්තිසාවෙ ශ්‍රි ලංකන් බ්‍රාන්ච් එක වගේ......ජීවිතේ පලවෙනිපාරට රජයේ කැම්පස් එකක් ගැන මොන රැග් කටුකාල හරි මටත් මේකට එන්න තිබ්බනං කියල හිතුනා....ඒත් දැන් මං පරක්කු වැඩී බං...:( විභාගෙට තව සති දෙකයි මෙලෝ මගුලක් පාඩම් කරල නෑ...:( මං පේරාදෙණිය කැම්පස් එක මීට අවුරුද්දකට කලින් දැක්කනම් මේ තත්වෙ මීට වඩා සෑහෙන්න වෙනස් වෙයි.....දැන් ඉතිං මොනව කරන්නද බං......:(


    "බලා වලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ".........
    උබට ඔච්චර උවමනාවක් තියනවා නම් මේ පාර නොකර ඉදලා හොදට පාඩම් කරලා ඊලග පාර ලියපන්,
    xam එකට ලිව්වේ නැත්තම් එක ගණන් ගන්නේ නැ
    අපෙත් අම්මයි අප්පච්චි දෙන්නම පේරාදෙණියේ මට එකට යන්ඩ බැරි උනා
    :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    රිප්ලයි කරල දිරිමත් කරපු හැමෝටම ස්තුතියි මචංලා.....අනිවා අත අරින්නෑ පුලුවන් උපරිම ගේම ගහනව.....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    බලහල්ලකො මලාට පාඩම් කරපු නැති එකෙක් ඉදල ඉදල පාඩම් කරන්න ගත්තම එන බාධා ගොඩ :growl: එක දවසයි නිදහසේ පාඩම් කරන්න හම්බුනේ....ඔන්න අහගනිල්ලකො වෙච්ච සංතෑසිය....


    අද උදේම අපේ එකෙක් කෝල් කරා......

    ඌ:- අඩෝ 69ක් ෆ්‍රී හම්බුනා යකෝ!!!! සෙට් වෙමුද???

    මම:- අඩෝ මේ පාරත් AL කරනව බං....මෙලෝ දෙයක් කරල නෑ තවම හි#ල ඉන්නෙ බං..:(....

    ඌ:-හම්මට එහෙමද එල එල වෙනදවසක සෙට් වෙමු....


    11.30ට විතර දුර ඉන්න නෑදෑයො සෙට් එකක් කඩාපාත් උනා....මම විතරයි හිටියෙ ගෙදර..යන්න කියන්න ඈ බං :( උන් ගියෙ අම්ම වැඩ ඇරිල ආවටත් පස්සෙ......


    ඊටපස්සෙ 6ට විතර දෙයියනේ කියල පාඩම් කරන්න ගත්තා...ආයෙත් අපේ එකෙක් කෝල් කරා....

    ඌ:-අඩෝ ක්ශනික FB වරෙන්.....මාත් ගියා ඉතිං....

    ඌ:-අඩෝ මං අලුත් කෑල්ලක් දාගත්ත බං...බ්ලා බ්ලා බ්ලා....
    මේ ඒකිගෙ යාලුවට කොල්ලෙක් නෑ බං උබට සෙට් කරන්නද.....කියල අහල ඉටිකිරිස් කෑල්ලකගෙ ෆොටෝ එකක් එවලා.....:(...


    ඉතිං කොහොමද කියහන්කො මම හිතහදං පාඩම් කරන්නෙ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    [

    ඌ:-අඩෝ මං අලුත් කෑල්ලක් දාගත්ත බං...බ්ලා බ්ලා බ්ලා....
    මේ ඒකිගෙ යාලුවට කොල්ලෙක් නෑ බං උබට සෙට් කරන්නද.....කියල අහල ඉටිකිරිස් කෑල්ලකගෙ ෆොටෝ එකක් එවලා.....:(...


    ඉතිං කොහොමද කියහන්කො මම හිතහදං පාඩම් කරන්නෙ...[/B][/SIZE][/FONT]

    apitath ewahan balanna itikirisda kiyala balanna:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සති දෙකෙන් පාඩන් කරල කැම්පස් යන්න බෑ බන්, උඹ නිකන් ආය කැම්පස් යන්න තියෙන චාන්ස් එකත් නැති කරගන්නව. මේ පාර මොකක් හරි කරල ගෙදර හිටපන්. SLITT පලයන්. ඒ යනගමන් AL වලටත් පාඩන් කරපන්. එතකොට AL හරි SLITT හරි දෙකෙන් ඕන එකක් උඹට ෂුවර් නෙ. පලවෙනි අවුරුද්ද එච්චර අවුලක් නෑ දෙකම කරන්න පුළුවන්.

    මම දැක්ක මනුස්සයෙක් කසාද බැඳල ළමයි දෙන්නෙක් හැදුවට පස්සේ ආය AL කරන්න ආස හිතිල කරල කැම්පස් ගිය කතාවක්, බුකියේ එහෙම ශෙයා වෙනව දැකලත් ඇති. උඹටත් එහෙම හිතුනොත් ආය කරන්න චාන්ස් එක ඉතුරු කරගනින්, නැත්තන් පස්සේ පසුතැවෙන්න වෙයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    dmCch6J.jpg

    idlhwoR.jpg

    TsuxPMk.jpg
     
    • Like
    Reactions: LazyLizard

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කරන්න පුළුවන් උපරිමෙන්ම කරපන්

    combined maths වලට නම් 1015 / 2016 past paper දෙක ගිරවා දා ගෙන යමන්
    (01 වෙනිදා pure and 03 වෙනිදා applied ගිරවා dapan)

    මගේ ජිවිතේ මම ගෙවපු සහ දැනටත් ගෙවන සොදුරුතම පාරාදීසය පේරාදෙණිය යුනි එක

    2010 july 01 අවේ

    මේ ත්‍රෙඩ් එක දැක්කම මතක් වුනේ අවුරුදු 6යි දවස් 19ක් කියල (thanks a lot for remembering)

    මතක තියාගනින් ,
    උබට වරදින තැනින් හෝ වෙන තැනකින් කාටහරි වරදින්න යනවනම් දෙපාරක හිතන් නැතිව උබේ අත්දැකීම් කියල දීල
    එකාව track එකට දාපන්


    හදවතින්ම GOOD LUCK
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113

    ඇඩෙනව බං....සේව් කරගත්තා....මම මේ දවස් ටිකේ කොහොම හරි පාඩම් කරල මේ පාරම ලියන්න උපරිම ට්‍රයි එක දෙනව....ඒත් අගෝස්තු 01 වෙනිදා වෙද්දී හිතට සැටිස් වෙන ගානට කරගන්න බැරි උනොත් මේ පාර අතඅරිනව...(ඒත් කොච්චර උනත් මට හිතෙන්නෙම මේ සති දෙකෙන් කරගන්න පුලුවන් කියල බං... )
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    හැබැයි පුතෝ ඊළඟ පාර හොඳටම කැපවෙලා කරපන්.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    එහෙමත් හිතුනා බං අයියේ ඒත් වයස??දැනටම මට 21යි....මේ පාර අතඇරල කරොත් කැම්පස් ගිහින් ඩිග්‍රී අරං අවුට් වෙද්දි කොච්චර වයස යයිද .....ඒකනෙ අවුල:(

    Wayasa? Wayasa balanna epa. Mama campus yanna gannakota mata 23 wela. Umba igena ganna puluwan ekeka nan aniwa 3rd shy karala A3 dala Pera palayan

    Oya Business,Fiverr anan manan walin salli hewwata degree ekak daganna eke loku watinakamak thienawa. Oka therenne tikak kal yanakota.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලහල්ලකො මලාට පාඩම් කරපු නැති එකෙක් ඉදල ඉදල පාඩම් කරන්න ගත්තම එන බාධා ගොඩ :growl: එක දවසයි නිදහසේ පාඩම් කරන්න හම්බුනේ....ඔන්න අහගනිල්ලකො වෙච්ච සංතෑසිය....


    අද උදේම අපේ එකෙක් කෝල් කරා......

    ඌ:- අඩෝ 69ක් ෆ්‍රී හම්බුනා යකෝ!!!! සෙට් වෙමුද???

    මම:- අඩෝ මේ පාරත් AL කරනව බං....මෙලෝ දෙයක් කරල නෑ තවම හි#ල ඉන්නෙ බං..:(....

    ඌ:-හම්මට එහෙමද එල එල වෙනදවසක සෙට් වෙමු....


    11.30ට විතර දුර ඉන්න නෑදෑයො සෙට් එකක් කඩාපාත් උනා....මම විතරයි හිටියෙ ගෙදර..යන්න කියන්න ඈ බං :( උන් ගියෙ අම්ම වැඩ ඇරිල ආවටත් පස්සෙ......


    ඊටපස්සෙ 6ට විතර දෙයියනේ කියල පාඩම් කරන්න ගත්තා...ආයෙත් අපේ එකෙක් කෝල් කරා....

    ඌ:-අඩෝ ක්ශනික FB වරෙන්.....මාත් ගියා ඉතිං....

    ඌ:-අඩෝ මං අලුත් කෑල්ලක් දාගත්ත බං...බ්ලා බ්ලා බ්ලා....
    මේ ඒකිගෙ යාලුවට කොල්ලෙක් නෑ බං උබට සෙට් කරන්නද.....කියල අහල ඉටිකිරිස් කෑල්ලකගෙ ෆොටෝ එකක් එවලා.....:(...


    ඉතිං කොහොමද කියහන්කො මම හිතහදං පාඩම් කරන්නෙ...
    යකෝ......
    ඔය ආපාය සහය මිත්‍ර යො අතෑරපං. අන්තිමට කෙළ වුනාම උන් උඹට කන්න අදින්න දෙන්නේ නෑ......:angry::angry::angry:
    උන්ට *කා ගන්න කියල පාඩම කරපං ගොඩ යන්න ඕන නං........:angry::angry::angry: