මල්ලි හරි මගේ වයසට අනුව පුතා හරි මෙන්න මේක ඔලුවට දා ගනින්......(මට වයස 41ක් ඈ)
මට උඹට මනුස්සයෙක් විදියට දෙන්න තියෙන්නේ අවවාද දෙකක් විතරයි.
1- තමන්ගෙන් වෙන්න තියන යුතුකම් සහ වගකීම් හරියට ඉෂ්ඨ කරපං. කවුරු ඒව ඉෂ්ට කලා ද නැද්ද කියන එක අදාල නෑ. තමන් ඒව කිරීම විතරයි අදාළ.
2- කරන දේ හරියට කරපං. උඹ වැසිකිළි හේදුවත්, චක්‍රවර්ති රජකම කළත් මේ දේ අදාළයි.
එච්චරයි. ඔය දෙක ඇති ගොඩ යන්න.
rep 23+

ඒත් මටනං ගානක්වත් තිබ්බෙ නෑ....ඇත්තටම මට ඔය රැග් සීන් කටු සීන් හින්ද රජයෙ කැම්පස් එක්කට යන්න සිරාවටම ආසාවක් තිබ්බෙම නෑ මචං ... මම ආස computer science සයිඩ් එකට ඒ හින්ද මට ඕන උනේ ස්ලිට් එකට යන්න මොකද අපේ නෑදෑ අයිය කෙනෙක් ස්ලිට් ඩිග්‍රිය කරල දැන් ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනියක සීනියර් software engineer කෙනෙක් 100k+ salary එකක් ගන්නව රජයේ කැම්පස් ගිය උන්ටත් වඩා හොදට ආතල් එකේ ඉන්නව....ඒත් තාත්තගෙ බල කිරීමට මේ පාරත් තර්ඩ් ශයි ලියනව....(තාත්ත රජයේ කැම්පස් එකක ඩිග්‍රියක් කරපු කෙනෙක් හින්ද එයාට ඕනෙ උනේ මාවත් කොහොමහරි රජයේ කැම්පස් එකකටම දාන්න)ඒ මලටම මම පාඩම් කරේම නෑ.....අනික මේ පාරත් කරහම කොහොමත් ස්ලිට් යන්නම වෙනවනෙ....ඒ හින්ද මේ පාර පොතක් අතින් තියා කකුලෙන් වත් ඇල්ලුවෙ නෑ.....
විභාගෙට තව සති දෙකයි මෙලෝ මගුලක් පාඩම් කරල නෑ...



