සුන්දරයි කියන වෙනිසියේ...
හැම දාකම වගේම
පාලුම පාලු ඉරිදා දවස් වලත් ....
තනියම මේ පාරේ ඇවිදිනකොට....
තනිකම දැනුනු වැඩි වෙලාවට...
පාළුව දරා ගන්න බැරි උනාම....
හිත ගොඩාක් බර උනාම ......
කොයි තරම් නම් මේ ගස් වලට කතා කරලා ඇතිද....
කොයි තරම් නම් කියල ඇතිද .....
ඔයාව ආයේ ගෙනත් දෙන්න කියලා...
නැතිනම් මාව ඔයා ලඟට ගන්න කියලා....
හැම අවුරුද්දකම වගේ...
වසන්තය....හේමන්තය ...ගිම්හානය....සිසිරය...
එනවා...යනවා.....
වසන්තයට ඔයාව මතක් කරන තරමටම ........
සිසිරය ඊටත් වඩා රිදවනවා...
කියන්න කෙනෙක් නැති නිසාම ....
මේ ගස් වලට අදත් හැමදාම කියනවා....
ඔයාව ආයේ ගෙනත් දෙන්න කියලා....
මම හැමදාම ඔයා එනකම් බලන් ඉන්නවා කියලා.....
Last edited:
