බලුසිංහ-ජායාරුප

AXL Rosez

Member
Aug 17, 2013
13
1
0
බලුසිංහ-ජායාරුප

චීනයේ සත්වෝද්‍යානයක බලධාරීන් ඔවුන්ට සැබෑ සිංහයන් නොමැති නිසා බල්ලෙක්ව සිංහ කුඩුවට දමා ඒකාව සිංහයෙක් ලෙස වෙස් ගන්වා ජනතාව රවට්ටා තිබෙනවා. එසේම මෙහි කුඩුවකට මියන් දමා එහි සර්පයන් ඉන්නා බවටද එහි යන එන ජනතාවට කියා තිබුනා. කොහේදෝ සිට ගෙනා බලුතඩියෙක් සිංහයෙක් ලෙස පෙනෙනා ආකරයට සකසා ඒ කුඩුවේ "අප්‍රිකානු සිංහයා" කියා බෝර්ඩ් ලෑල්ලක්ද එල්ලා තිබුනා. මේ අතර මෙහි ගිය සංචාරකයෙක් සිය කුඩා දරුවාට අප්‍රිකානු සිංහයා පෙන්නීමට ගිය විට සිංහයා බව් බව් ගගා බිරීම නිසා සංචාරකයාට උඩබිම බැලුනා.

පසුව සිද්ධිය මාට්ටු වීමෙන් පසු ඉමහත් ලැජ්ජාවට පත්ව සිටින සත්වෝද්‍යානයේ නිලධාරීන් කියා සිටින්නේ ඇත්ත සිංහයන් හොයා ගන්න නැති හින්දා මේ විදියට ජාමේ බේරගන්න උත්සහ දැරූ බවයි
.

බලු - සිංහගේ ජායාරුප කිහිපයක් පහතින්


Wildlife-park-in-Luohe-Henan-province-2170808.jpg


Wildlife-park-in-Luohe-Henan-province-2170809.jpg


උපුටා ගැනීම - lankaikman.com
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අප්පා එලකිරියට ආව නම් මුන්ට ටොන් ගනන් සින්හයො හොයා ගන්න තිබ්බ..