සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

    මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.

    Sigiriya.jpg


    අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

    මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

    කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානය ට ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය.

    එකල අද මෙන් ක්‍රමවත් අද්‍යාපන ක්‍රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්ශත්ව විභාගය ට පින්සිදුවන්නට හෝ සිංහයා ට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.

    අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය lions rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක් ද ?

    Lions_Paw_Sigirya.jpg


    මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද ?

    lionspaw.jpg


    බෙල් මහතා අකුරු කියවූ අපගේ පුරාවිද්‍යාව, ඔහුගේ ගෝල පරපුරද එලෙසින්ම දකින්නේය. ඉන් එහා ලොවක් ගැන සිතීමට ඔවුනට ද උවමනාවක් නොමැත. දැන් අපේ ඉතිහාසය ගැන මහා හඩින් රුපවාහිනී කතා පවත්වන සමහර පණ්ඩිතයන් තම හෙළුව වසා ගැනීමට මෙය සිංහ පාදයක් බවටම තර්ක කරනු ඇති අතර මා ඉතිහාසය විකුර්ති කරන දේශද්‍රෝහියකුද ලෙස හංවඩු ගසනු ඇත. මා මේ ගැන විමසු අවස්ථාවේ සමහරෙකු පවසන්නේ එකල ත්රිසින්හලයක් තිබුන නිසා මෙය සිංහයෙකු වුවත් ඇඟිලි තුනක් ඇති බවය. එකල අපේ කලාකරුවා සිංහයා මේ ආකාරයෙන් දුටුබවය.

    මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්, එම අවස්තාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය. රන්මුතු දුව ච්ත්රපිටිය ගොඩනගන්නේ ඒවා ගොඩගැනීමට දරු උත්සාහයක ආවරණයක් ලෙස ය . මක් නිසාද යත් එහි සම්බන්ද අය මින්පෙර චිත්‍රපට කර්මාන්තයේ නියැලී නොසිටි අය නිසාය.

    under-water.jpg


    එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක් ද ?

    රාවන පුරණය ටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දිවුනු ශිෂ්ටාචරයක් හෙළ පොලවේ විසු බවට සාදක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණුන එවන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිද සාදක ඇත . සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය . අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක් ය .
    bird-man.jpg


    ගොවුතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.

    ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .

    කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.

    yapahulion.jpg


    වඩාත් ම පුදුම සහගත කරුණ වන්නේ සීගිරියෙන් හමුවන සෙල්ලිපියක “බ්‍රහ්මදත්ත ගේ ගුහාව” ලෙස සදහන් වීමය.

    දැන් මෙම කතාවට බ්ර්හ්මදත්ත රජු සම්බන්දවෙන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත. එම කතාව පැවසීමට තවත් කතාවක් කියන්නට සිදුවේ.

    බෝවුද්ධ ඉතිසහසයේ සිටි සියලුම චරිත, සියලුම බුදුවරු ඉපදී ජීවත් වී ඇත්තේ මේ හෙළබිම තුලය. වැඩි විස්තර >>

    ක්‍රිස්තු වර්ෂ 400 දී පැමිණෙන පාහියන් මුලින්ම බොද්ධ සිද්දස්ථාන වැඳ පුදාගන්නේ ජන්බුද්වීපය නම් වූ මෙම හෙලබිමේ මද්යම , දකුණු සහ නැගෙනහිර දිසාවන් වලය , මක් නිසාදයත් බුදුන් ගේ ලලාට ධාතුව දන්ත ධාතුව පාහියන් වැඳ පුදගන්න නිසාය. බටහිර සමාජය පාහියන් වාර්තාව පරිවර්තනය කලේ ජන්බුද්වීපය යන නමට ඉන්දියාව යන වචනය දමාය. එබැවින් සියල්ලක් ම කණපිට පෙරලුනි. Alexander Cunningham යනු වත්මන් ඉන්දීය පුරාවිද්‍යාවේ පියාය, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ ඉන්ජිනේරුවරයෙකි. ඔහුත් කලේ අපේ බෙල් මහතාගේ ක්‍රියාවමය. ප්‍රථමයෙන් ගයාව නම් හින්දු කෝවිලක් හදුනාගෙන එය බුද්ධ ගයාව කළේය , ඉන්පසු පාහියන් වාර්තාව බලා ඒ අනිත් ස්ථාන සමාන ශබ්දයෙන් එන (උදා පාටලිපුත්ත = patna) මුළු ඉන්දියන් ඉතිහාසය මෙන්ම ලාංකීය ඉතිහාසයද විකුති කළේය. තම හිතු පමණින්. ස්ථාන සොයාගත් නිසා ඔහුට නයිට් පදවියක් ද ලැබුණි. කෙසේ වෙතත් ඔහු ලුම්බිණිය සොයා නොගතේය. මේකාලය තුල ජර්මන් ජාතික Anton A. Fuhrer නම් දේවගැති තුමා , ව්‍යාජ සෙල්ලිපියක් කොටා අද නේපාලයේ rumandai නම් ස්ථානය ලුම්බිණිය බව ප්‍රකාශකර තවත් නයිට් පදවියක් ලබාගත්තේය.

    වඩාත් ම සිනහ යන කරුණ වන්නේ, පාහියෙන් ගේ වාර්තා Cunningham අමු අමුවේම බොරු කියමින් තමන්ගේ හිතුමතයට විකුර්ති කිරීමය. බුදුන් තුසිත ලොව සිට ඉනිමගකින් බැසි ස්ථානය සංකස්ස ලෙස හදුන්වන පාහියන් ලියන්නේ, එහි අශෝක රජු ඉදිකර පැති සතරක් ඇති , එම පැති සතරේම බුදුරුව ඇති එහි උඩ සිංහයෙක් සිටිනා කණුවක් ඇති බවය . අද Cunningham පෙන්වන ඉන්දියාවේ සංකස්සයේ කනුව රවුම්ය , එහි උඩ සිටින්නේ අලියෙක්ය . එවිට Cunningham පවසන්නේ මෙය පාහියන්ට වැරදී අලියා සිංහයා ලෙස ලියා ඇති බවය.

    පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.

    සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින් ය . “යොදුන” යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.

    පාහියන් පවසන අන්දමට “ගුරුපාද” නම් ස්ථානය සීගිරියම බව තහවුරු වේ .

    සිංහ පාදය සහ කුරුළු පාදය වෙනස නොහදුනන , අපේ පණ්ඩිතයන් බුදුන් මෙහි සිටි බව කවදාවත් පිලි නොගනී.

    පාහියන් අන්තිමට එන රට සිංහලය ලෙස හදුන්වයි , එය අනුරාධපුර රාජධානියය. මෙහි පැටලුමක් ඇත්තේ ඔහු එන්නේ ජලමාර්ගයකින් නිසාය. ඔහු පවසන සිංහලය දිගින් ( උතුරු-දකුණු ) යොදුන් 30 කි ,පළලින් 50 කි. මෙ කතාකරන්නේ මුළු ලංකාව නොව න බව ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත. වැඩි විස්තර >>

    පාහියන් ලියු ජන්බුධ්වීපයේ ස්ථාන බොහොමයක් මේ වනවිට අප අද්‍යනය කර ලක් පොලවේ සොයාගෙන ඇත. සියලුම දුරවල් ද සමාන වන අතර වෙහෙර විහාර එම ආකාරයෙන්ම ඇත. නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.


    SOURCE - වැඩි විස්තර >>
    සීගිරියේ ගල ඇතුලේ මාලිගාවක් තියනවා එකට යන්නේ සිංහ පාද දෙක මැදින් කියන්නේ ඇත්තද . ඔය සිංහ පාද දෙක හරහා බිත්තියක් බැන්දේ HCP Bell ගේ කාලේ සුද්දොලු. උන් එක අතුල සුද්ද කලාලු. රත්රන් සෝපානයක් එංගලන්තයට අරන් ගිය කතාවක් කියනවා ... මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද ??
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113

    සීගිරියේ ගල ඇතුලේ මාලිගාවක් තියනවා එකට යන්නේ සිංහ පාද දෙක මැදින් කියන්නේ ඇත්තද . ඔය සිංහ පාද දෙක හරහා බිත්තියක් බැන්දේ HCP Bell ගේ කාලේ සුද්දොලු. උන් එක අතුල සුද්ද කලාලු. රත්රන් සෝපානයක් එංගලන්තයට අරන් ගිය කතාවක් කියනවා ... මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද ??

    me wage wennathi :P


    Harry potter wage
    2367190954_d678a05047.jpg
     
    • Like
    Reactions: donkey

    blue_in_rio

    Well-known member
  • හැමෝම, තමන්ගේ හිතුමතේට ලියපු ඉතිහාසයක් තමයි, ගොඩක් රටවල් වල තියෙන්නේ.මේකේ තියෙන කරුණු 100%ක් නිවැරදියි හෝ වැරදියි කියන්න බෑ.අපේ ඉතිහාසය ඇත්තටම ගොඩනගන්න නම්, ලංකාවෙන් පිටරටවල් වලට, ගෙනගිය පුරාවස්තුත් හොයාගෙන, දැනට ඉතුරුවෙලා තියෙන ටිකත් රැක ගන්න ඕනා.කොහෙද ඉතිං, කිසිම කෙනෙකුට මේවාගැන හොයන්න වෙලාවත් තියෙන එකක්යැ.පොඩි ළමයගේ පටන්, මුලු රටේම මිනිස්සු ඉන්නේ, නිමාවක් නැති රේස් එකක.කවුරුහරි ලියලා තියෙන දෙයක් පිළිඅරන් ඉන්නවා මිසක්, ඕවයේ හරි වැරදි හොයන්න වෙලාවක් කොහෙද. :sorry::sorry:
     
    • Like
    Reactions: DangerMan119

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    හැමෝම, තමන්ගේ හිතුමතේට ලියපු ඉතිහාසයක් තමයි, ගොඩක් රටවල් වල තියෙන්නේ.මේකේ තියෙන කරුණු 100%ක් නිවැරදියි හෝ වැරදියි කියන්න බෑ.අපේ ඉතිහාසය ඇත්තටම ගොඩනගන්න නම්, ලංකාවෙන් පිටරටවල් වලට, ගෙනගිය පුරාවස්තුත් හොයාගෙන, දැනට ඉතුරුවෙලා තියෙන ටිකත් රැක ගන්න ඕනා.කොහෙද ඉතිං, කිසිම කෙනෙකුට මේවාගැන හොයන්න වෙලාවත් තියෙන එකක්යැ.පොඩි ළමයගේ පටන්, මුලු රටේම මිනිස්සු ඉන්නේ, නිමාවක් නැති රේස් එකක.කවුරුහරි ලියලා තියෙන දෙයක් පිළිඅරන් ඉන්නවා මිසක්, ඕවයේ හරි වැරදි හොයන්න වෙලාවක් කොහෙද. :sorry::sorry:

    :yes::yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මෙහෙමයි සීගිරියේ ඇතුලේ මොනාහරි තියෙනවා කියල බලන්න පුළුවන් නේද එකෝ ස්කෑන් එකකින්. පිරමිඩ ඇතුලේ එහෙම බැලුව.

    මං නං හිතන්නේ ගල ඇතුලෙන් උමගක් තියෙන්න ඇති ඇවිදගෙන යන්න පුළුවන් විදිහට.
     
    • Like
    Reactions: donkey

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මීට කලින් අහල තිබුන ඔය කතාව... ස්තුතියි..
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    සීගිරියේ ආරක්ෂාවට තුන් කැට ආරක්ෂක් පිළිම කියලා එකක් තිබ්බලු
    බෙල් කාරයා ඒක අර නැවට පටවලා රට යවන්න
    සීගිරියේ ආරක්ෂක සීමාව පැන්න ගමන් නැවේ පතුල කඩා ගෙන පිළිමේ ගියාලු මුහුදට
    පස්සෙ නැවටත් බඩු සෙට් වෙලා ලීක් එක වහ ගන්න බැරුව :baffled:
     
    • Like
    Reactions: donkey

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    me wage wennathi :P


    Harry potter wage
    2367190954_d678a05047.jpg

    මේක හදපු එකක් :dull: :dull:
    ඇත්ත එකේ වටේට ඔහොම බිත්තියක් නෑ නිකංම කෝච්චි ස්ටේසම මැද තියෙන කණුවක් විතරයි :yes: :yes: