බලු ත්‍රෙඩ් එකක්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
බලු ත්‍රෙඩ් එකක්

මිනිසාගේ පැරණිම හිතවතා වශයෙන් නමක් දිනු අදටත් අපි කව් රුත් කැමති බල්ලා ගැන කතා කරන්නයි මම අද ආවේ ඇත්තටම දැන් හැමෝම වගේ බල්ලෙක් හදන්න හිතන නිසා මම හිතුවා බව්වෝ ගැන ටිකක් විස්තර ගෙනාවොත් ප්‍රයෝජනවත් කියලා..
ඉතින් මම ගොඩක්ම ආස බව්වෙක්ගෙන්ගෙන් පටන් ගන්නම්.. ඒ තමා රිඩ්ජ් බැක් (Rhodesian Ridgeback)..:love:
මෙයාලා ගොඩක් අය කැමති බල්ලෝ වර්ගයක් වන අතර ශක්තිමත් සහ ලස්සන බල්ලෝ වර්ගයක්.. මෙයාලගේ විශේශ හදුනා ගැනීමේ ලක්ශනය තමයි පිට කොන්දේ පිහිටි ලොම් තීරුව අනෙක් පසට විහිදී යාමයි.. මෙය බව්වාගේ උරහිස් ප්‍රදේශයෙන් පටන් ගනී...දඩයමට දක්ශ බව්වෙකි. එමෙන්ම තම ස්වාමියාට සුවච කීකරු බව්වෙකි. ගෙදරදොර නිදහසේ ඇතිකිරිමට සුදුසු වුවත් ආගන්තුකයන්ට එතරම් ප්‍රියතාවයක් නොදක්වයි.
Height: 27 inches (68 cm) at the withers for males and 26 inches (66 cm) for bitches.
rhodesian-ridgeback-4b.jpg

ridge-on-the-back-of-rhodesian-ridgeback.jpg

rhodesian-ridgeback.jpg
මෙයාලා ගැන වැඩිපුර විස්තරයක්,
The Rhodesian Ridgeback descends from ancient ridgebacked hunting dogs belonging to the Hottentot people (Khoi dogs). A man called, Gert Pienaar, obtained two Hottentot dogs and crossed them with various kinds of scenthounds, mastiffs and the Great Dane in the mid-19th century. This new big and powerful breed of scenthound was brought to Rhodesia were it became very popular with the local big-game hunters.
As soon as the 1930s Rhodesian Ridgebacks were exported to India and Canada and a breed club was formed in the 1920 with the aim to help standardize the breed.
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
RePost බුවා;14016427 said:
එල එල..... +++....

RePost බුවා;14016428 said:
අය්යො රෙප් ඉවරයිලු......

RePost බුවා;14016432 said:
එක නෙමෙයි, තාම බෝඅඹ ගහනවද?
නැතනම් ඉවරද?

උබ අහපු හන්දා කියන්නම් ඊශ්‍රායලයට බෝම්බ ගහලා ඉවර වෙලා ගොඩක් කල්.:yes:. මම ඊයේ ත්‍රෙඩ් එක පටන් ගත්තට මට බව්වෝ දෙන්නෙක් ගැන විතරයි දාන්න හම්බ උනේ.. මොකද මගේ නිවාඩු දවස නිසා කශ්ටිය රෙඩ් එකක් ගෙනත් කැරකෙනවා.. ඊට පස්සේ මමත් එතනට සෙට් උනා මුන් රහට බයිට් පාරක් එහෙම හදාගන්න දන්නේ නැති නිසා ඉදලා තියෙන්නේ..මම එනකං.:frown: ඉතින් හෙට ඉදං වත් ත්‍රෙඩ් එකේ ඉතුරු බව්වො ටික දාන්න ඕනේ..​
 
  • Like
Reactions: prageeth119lk

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබ අහපු හන්දා කියන්නම් ඊශ්‍රායලයට බෝම්බ ගහලා ඉවර වෙලා ගොඩක් කල්.:yes:. මම ඊයේ ත්‍රෙඩ් එක පටන් ගත්තට මට බව්වෝ දෙන්නෙක් ගැන විතරයි දාන්න හම්බ උනේ.. මොකද මගේ නිවාඩු දවස නිසා කශ්ටිය රෙඩ් එකක් ගෙනත් කැරකෙනවා.. ඊට පස්සේ මමත් එතනට සෙට් උනා මුන් රහට බයිට් පාරක් එහෙම හදාගන්න දන්නේ නැති නිසා ඉදලා තියෙන්නේ..මම එනකං.:frown: ඉතින් හෙට ඉදං වත් ත්‍රෙඩ් එකේ ඉතුරු බව්වො ටික දාන්න ඕනේ..​

    :):):):)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    maru maru, patta, mamath balu fan kenek :D
    :lol::lol::lol::lol:එල..
    එල එල.. අපේ ගෙදරත් ඉන්නව කපල් එකක්.. :yes:
    මොනාද වර්ගේ...
    ELA..ELA..+
    තෑන්ක්ස් මචන් රෙප් බැක්ඩ්
    rep
    oya Israel da
    කොච්ච්ර කල්ද අපි දෙන්න අදුරගෙන නේ කොහොමද හොදින්ද?
    තන්කුලා...
     
    • Like
    Reactions: sanath ekanayake

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    xdalmatian.jpg.pagespeed.ic.9mZhvSw8C-.jpg

    මම කැමති බව්වන්ගෙන් තුවෙනියට එන්නේ ඩැල්මේශන්ලා. සාමාන්‍යෙන් පව්ලේ හැදෙන බව්වෙක් විදිහට නම් කරන මෙයා ප්‍රමාණයෙන් ලොකුයි. ඒ වගේම මෙයාලගේ හැසිරීම ගතිගුණ අතිනුත් අනිත් බව්වන්ට වඩා ගොඩක් දියුණුයි. ටිකක් දගේ තියන වර්ගයක් සමහර අය ඕනවටත් වඩා දගයි. :P
    ක්‍රීඩාව සෙල්ලම ප්‍රිය කරන බව්වෙක් නිසා ඔබ සෙල්ලම් බල්ලෝන්ට කැමති නැත්නම් මේ වර්ගය අමතක කර දමන එක හොදයි. මොකද මේ බව්වන්ට සෙල්ලම ඕනේ වැඩිපුරරානිත් දේ තමයි මේ වගේ බව්වෙක් ඉන්න අයගෙ ගෙවල් වල'
    1 වත්ත වට කරල වැටක් තිබෙනවනම් ඉතාම හොදයි. ඊට හේතුව මෙයාලා දුවන්න දක්ශ වර්ගයක්..
    2 මෙයාලට වාහන පිලිබද ඒතරම් දැනුමක් නෑ.. ඉතින් බැරි වෙලාවත් ලෙහපු වෙලාවට ගොඩක් වාහන යන පාරක් හරහා යන්න උනොත් බයානකයි.
    මෙයලා වතුරටත් ආසයි ඒ වගේම කදු නගින්න බෝල සෙල්ලම් කරන්න:love: මෙයාලව කුඩා කල නිසි විදිහට පුහුනු කිරීම අවශ්‍යයි. එහෙම නැති උනොත් පාලනය කරන්න අමාරුයි. අනික නරක පුරුදු වලට ඇබ්බැහි වෙනවා :P එහෙම පුහුණු කරපු කෙනෙක් උනත් අප්‍රසන්න දෙයක් කලොත් පුදුම වෙන්න එපා. තනිව හිතන්න තරම් සහජ දක්ශතාවයක් තියන මෙයාලා කැමති තම ස්වාමියා පේන තෙක්මානයේ නිතර ගැවසෙන්න. අපි යන යන තැනට එන මෙයා අහල පහල තැනකට වෙලා වකුටු වෙලා ඉන්න කැමතියි. ඉතින් බැදලා හදන්න ගියොත් ගොඩක් වෙලාවට බුරන උඩු බුරන පුරුද්ද ඇතිකරගන්නවා. මුර කරන කටයුතු වලදිත් අවශ්‍ය වෙලාවට වැඩ කරන්න මෙයාල හොදින් දන්නවා. හේතුව මෙයාලගේ බ්‍රීඩ් එකේ ඒ ගතියත් අඩංගු නිසා. නමුත් තරහාගැන්වූ විටදි ඇරුනාම හපන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: charith84

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    xdoberman-pinscher.jpg.pagespeed.ic.-Es54pH1KQ.jpg

    ඩොබමන් පින්ස්චර් කියන වර්ගෙත් මම ගොඩක් කැමති බව්වෝ වර්ගයක්.. පොදුවේ කට්ටිය මෙයාලට කියන්නේ ඩොබමන්ස්ල කියල. සමහරු කියනවා මෙයාලා බව්වෝ අතර රාජකීය බව්වෝ වර්ගය කියලා. එහෙම කියන්නේ මෙයාලගෙ තියන සුවිශේශී ගතිගුණ නිසා වෙන්ටැති. බලමුකෝ ඒකෙත් හැටි! තවත් සමහරු කියනවලු මිනිස්සුන්ගේ මොලයක් තියන බව්වෝ වර්ගය කියල. එහෙම කියන්නේනම් ඉතින් මෙයාලගේ තියන ප්‍රඤාව නිසා නොවැ! කෙටියෙන් කියනවනම් හොද පව්ලේ හුරතලෙක් වගේම ආගන්තුක හොර හතුරු උපද්‍රව වලට හොද ඉවක් තියන කෙනෙක් විදිහට නමක් උසුලනවා. මෙයා මිකංම්ම චේන් එකක් දාලා බැදලා තියන ජාතියේ බල්ලෙක් නෙවෙයි අර ඉහත කී ඩැල්මෙන්ශන්ලාට වගේ මෙයත් ගෙවල් ඇතුලේ තම ස්වාමියා පේන මානයේ ගැවසෙන්න කැමති කෙනෙක්.මෙයාලගේ බ්‍රීඩ් එකේ නොයෙක් සුවිශේශී ගති ලක්ශන් පෙන්වන වර්ග ඉන්නවා ඉවට දක්ශ අය නිරීක්ශනයට දක්ශ අය, ගෙදරදොරේ හැදෙන්න හුරු උන බ්‍රීඩ් ආදී වශයෙන් මෙයාලගේ බ්‍රීඩ් එක විවිදාකාරයි.
    මෙයාලා කිසිම බයක් නැති, එලිය පහලිය හොදින් දන්න ඕනම දෙයක් ඕනම වෙලාවක කරන්න ලෑස්ති බව්වෝ වර්ගයක්..මෙයාලා හොද මොනාම හරි වැඩක් දෙනවනම් තමයි :P ඒ කියන්නේ රොබරි නෙවෙයි බව්වාට කරන්න ජොබ් එකක් දෙන තරමට හොදයි නැත්තං නිකං කම්මැලි බල්ලෙක් වෙනව.
    බව්වෝ සමස්තයෙන්ම ඩොබර්මන්ලා ට්‍රේන් කරන්න පහසුම බව්වෝ වර්ගය එයාලා අනිත් අයට වඩා ලේසියෙන් දේවල් ඉගන ගන්න අතර අනිත් අයට වඩා වේගවත්
    ලොම් හැලීම ගැන කියන්න තියෙන්නේ මධ්‍යම ප්‍රමානය කියලයි.. ඒ කියන්නේ ගොඩකුත් නෙවෙයි ටිකකුත් නෙවෙයි
    770-doberman-pinscher-5.jpg
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ජර්මන් ශෙපෙර්ඩ්
    xgerman-shepherd-dog.jpg.pagespeed.ic.JU0ayU6ogO.jpg

    මීලගට මම විස්තර ගෙන එන්නේ ජනප්‍රිය බව්වෙක් ගැන මිස මම ඒ තරම් ආස බව්වෙක් නෙවෙයි.. මම හිතන්නේ ලංකාවෙ වගේ බැලුවොත් 70% විතරම ගෙවල් වල ඉන්නේ මෙයාලා තමයි.මෙයාලගෙ වර්ග කීපයක් ඉන්නවා ඇනටොලයන් ශෙපර්ඩ්, ඕස්ට්‍රේලියන් ශෙපර්ඩ් ජර්මන් ශෙපෙර්ඩ් ආදී වශයෙන්..
    බව්වෙක්ගෙ තිබෙන කාරනා වශයෙන් ගත්තොත් වැඩිම ලකුණු ගන්න කෙනෙක් තමයි මෙයා1 පුහුණුව,2 දක්ශතාවය,3 ලොම්හැලෙන එක:P,4 මුර කරුවෙක් ලෙස,5 ආරක්ශාව සලසන බව්වෙක් ලෙස,6 ජනප්‍රිය තාවය අතින්, 7 ඇගේ සයිස් එකෙන් 8 නම්‍යශිලි භාවය අලුත් තත්වයන්ට හුරු වීමේ හැකියාව අතින්(agility) 9 ගෙදරදොර පොඩි දරුවෝ සමග :P මේ කියන කාරණා නවය අනිත් බව්වෝ සමග ගත්තොත් සයිස් එකටයි ඇජිලිටි එකටයි ඇරුනාම අනිත් ඔක්කොටම මෙයාට ලකුණු 100 ලැබෙනවා.

    සාමාන්‍යෙන් ස්වාමියාට පක්ශපාතී නිර්භීත දයිර්යමත් බව්වෙක්. මෙයාව පුහුනුකරවන්න තිබෙන පහසුවත් ඉහල බුද්දියත් නිසා තමයි ගොඩක් රටවල පොලිසි සහ හමුදා වල මෙයාව නොයෙක් කර්තව්‍යන් සදහා පුහුණු කරවන්නේ..පොඩි දරුවන්ටත් කැමති මෙයත් සෙල්ලම අවශ්‍ය බව්වෙක්. මෙයාට වන් මෑන් ඩෝග් කියලා කියන්න හේතුව මෙයා පව්ලේ තමන් ගොඩක්ම විස්වාස කරන කෙනා එක්ක තමයි වැඩිපුර ගැවසෙන්නේ දැනට පිලිගත් හොදම මුර බව්වෙක්...:nerd:
    german-shepherd-dog3.jpg
     
    Last edited: