ෆාමසි එකෙන් බෙටිකෝල් කියලා බෙහෙතක් ගනින්.
ඒක බෝතලයක් එන්නේ වීදුරු.
රු.380.00 වගේ වෙන්නේ.
ඒක යුස් කරන විදිය තියනවා ඒ බෝතලේම ගහලා තියනවා.
ඉස්සෙල්ලාම බල්ලව ලයිෆ්බෝයි රතු පාට සබන් වලින් නාවලා ඒ බෙහෙත් එක කියලා තියන විදියට ගාපන්.
කණ ඇතුලේ එහෙම මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකක් අරන් ඒකට බෙහෙත් පොගවලා කණ ඇතුලට දාලා ගාපන් මැක්කන්ගේ උඩින්.
ඒ කරලා ඒ බල්ලව විනාඩි 15 විතර අව්ව,හුලන් තියන තැනක තියපන්.
ඒක ගෑවම ඇග ලෙවකන්න දෙන්න එපා ඌට.
ඌ ලගට වෙලා විනාඩි 10,15 බලාගනින් ලෙවකන්න නොදි.
ඒ කරලා ස්ප්‍රේ බෝතලයක් ගනින් ඔය දන්න අදුරන සැලුන් එකකින්.
අර බෙහෙත් එක ඒකට දාලා ගෙදර පුරාම ස්ප්‍රේ කරලා ෆෑන් දාලා තියහන්.
අනිවා උබේ වැඩේ ගොඩ.
බෙටිකෝල් එක නැත්තම් ඇන්ටික් කියලා බෙහෙතක් තියනවා .
විදුරු බෝතලයක් කහපාට වගේ ලේබල් එකක් තියනවා.
බෙටිකෝල් එක වගේමයි.