මම ඊයේ ගල්කිස්ස මුහුදු වෙරළට ගියා මගේ පුතා එක්ක.ගොඩක් මිනිසුන් එක එක වර්ගයේ මිනිසුන් විසින්ම හදා ගත්ත හොද වර්ගයේ සතුන් අරගෙන ඇවිත් හිටියා. ඇවිත් හිටපු අනික් මිනිසුන් ඒ අත ගගා හුරතල් කරමින් එයාලා එක්ක පොටෝ ගන්නවා. මම බිම ඉදගෙන මේ සියල්ල බලාගෙන හිටියා . ටික වේලාවකට පස්සේ මම දැක්කා පැත්තට වේලා ඉදගෙන මේ සියල්ල බලා ඉන්න අහිංසයෙක්. එයාගේ ඇස්වල කියා ගන්න බැරි ලොකු වේදනාවක් තිබුනා . මම එයා ලගට ගිහින් ඉදගෙන ඔලුවට අත තිබ්බා. එයා මගේ දිහා බලපු විදියට මට ඇත්තටම ඇඩුනා. එයාට මොනවා හිතෙන්න ඇතිද? ඇයි මිනිසුන් මෙච්චර නපුරු . එතන හිටපු දහස් ගනන් මිනිසුන්ගෙන් එක්කෙනෙකුටවත් ඒ අහිංසකයගේ ඔලුවට අත් තියන්න හිතුනේ නැත්තේ එයා හොද වර්ගයේ කෙනෙක් නෙවෙයි නිසාද?. අපිටත් ඉන්නවා මිනිසුන් විසින්ම හදා ගත්තු හොද වර්ගයේ කියන අය. ඒත් අපි ආදරය කරන්නේ ඔක්කොටම එකවගේ . මම මගේ පවුලේ අය ගැන හරි ආඩම්බරයී මොකද අපි කොහේ ගියත් අපි හැමෝට ම එක වගේ ආදරය කරනවා
එයා පාරේ කෙනෙක් ද වෙන කෙනෙක් ද කියලා අපිට අදාළ නෑ . පින් සිද්ධ වෙනවා අහිංසකයගේ හිත් වලට දුක වෙන්න දෙන්න එපා.











By Nadee Nilusha Jayasekara
එයා පාරේ කෙනෙක් ද වෙන කෙනෙක් ද කියලා අපිට අදාළ නෑ . පින් සිද්ධ වෙනවා අහිංසකයගේ හිත් වලට දුක වෙන්න දෙන්න එපා.
By Nadee Nilusha Jayasekara

ඌට දැන්මම ඒක දැනිලා