බලු වෑන් ක්‍රමය හොඳද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    බලු වෑන් ක්‍රමය හොඳද?

    මචන් ඔයාලා බලු වෑන් ක්‍රමයට කැමතිද?

    මමනම් පොඩ්ඩක්වත් කැමති නෑ.

    බලු වෑන් එකෙන් ගෙනිහිල්ලා ගෑස් එක ගහලා මරලා දාන එකත් මහ බලු වැඩක් නේද?

    උන්ගෙන් ජල භීතිකාව හැදෙන්නෙ උගෙ වරදින් නෙමෙයිනෙ.
    එහෙමනම් ඉතින් එක මිනිහෙක්ට ඒඩ්ස් තිබ්බම එයාගෙන් මිනිස්සුන්ට බෝ වෙන්න පුලුවන් කියලා ඒ මිනිහව මරන්න ඕනා.ඉතින් එහෙම කරන්නෙ නෑනෙ.

    ඔයාලා නිකමට හිතලා බලන්න අයාලෙ යන බල්ලො හැදිලා තියෙන්නෙ ඇයි කියලා.ගෙදරක බල්ලො වැඩි වුන ගමන් පාරට ගෙනල්ලා දානවා.

    අනික බල්ලොත් පැටවුත් එක්ක කොච්චර ලස්සන ජීවිතයක්ද ගත කරන්නෙ?

    මෙහෙම ඉන්නකොට එකපාරටම ඇවිල්ල වෑන් එකට දාගෙන ගිහිල්ල මරලා දාන එක හරිද?

    මේක බෞද්ධ රටක් නේද?
    සතුන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද?

    දැන් ඔන්න ආයිත් කොලඹ බලු වෑන් එක පටන් අරන්ලු.
    මේ ඒ ගැන HOT AND FAST NEWS එකේ දාලා තිබුන විදිහ



    අයාලේ යන සුනඛයන් රටක සෞඛ්‍ ප්‍රශ්න ඇති කිරීමට හේතු කාරක වේ. අයාලේ යන සුනඛයන් මිනිසුන්ව සපාකෑම නිසා විශාල මුදලක් එන්නත් සඳහා වැයවන අතර ජලභීතිකා රෝගය නිසා ලංකාවේ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් ද වාර්ෂිකව මිය යති.


    මීට වසර දහයකට පහලවකට උද මෙම ගැටළුව තාවකාලිකව හෝ විසඳනු ලැබුවේ නගර සභාවේ බලු වෑන් ඒකකය විසිනි.නමුත් හිටි අඩියේම ජනාධිපතිවරයාට මෙය බෞද්ධ රටක් යැයි මතක් වී සුනඛයන් විනාශ කිරීම තහනම් කොට අයාලේ යන සුනඛයන්ට වන්ධිකරණ එන්නත් විදීමට සෞඛ්‍ අංශයට නියම කරන ලදී.

    අපේ සෞඛ්‍ අංශ වල ඉන්න අයියලාද මෙවැනි අවස්ථාවලදී තම මඩිය ගැන හිතන නිසා පාරේ ඉන්න සුනඛයන් සෑම දෙනාටම වන්ධිකරණ එන්නත් විද්ද බවට ගණන් හිලව් පෙන්නා ඒ සඳහා වෙන් කරන ලද මුදල් පිල්ලි ගසා ගත්හ. ඒ නිසා අයාලේ යන සුනඛ ජනගහනය සීග්‍රයෙන් වර්ධනය විය. මේ නිසා කොළඹ නගර සභාව යලිත් වෑන් ක්‍රමය අරඹා තිබේ.

    සුනඛයන් විනාශ කිරීමට විරුද්ධව සත්ව සුබසාධන සංවිධාන කිහිපයක් පසුගියදා ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. මිනිසුන් බල්ලන් මෙන් තොග පිටින් මරා දමන රටක ජුලම්පිටිය අමරේ වැනි මිනීමරුවන්ට නිදැල්ලේ ගිනි අවි රැගෙන එහෙ මෙහෙ යාමට, මිනිසුන්ට වෙඩි තැබීමට නිදහස තියන රටක ඒ ගැන කතා නොකරන උද්ගෝෂණය නොකරන මිනිසුන් සුනඛ ජිවිත ගැන උද්ගෝෂණය කිරීම එක්තරා ආකාරයකට උභතෝකෝටිකයකි.

    මිනිසුන්ට අකරුණාවන්ත වන මිනිසුන් එම අව ගුණය සිතින් පහ කර ගන්නේ සතුන්ට කරුණාව පෙන්වීමෙනි. උදාහරණයක් ලෙස ඔටරා නෝනාගේ සුනඛ කරුණාව ඔඩෙල් සාප්පුවෙන්ඇඳුම් හොරකම් කල උදාරි වර්ණකුලසුරිය නිළියට ලැබුනේ නැත. ඇයව බැල්ලියක මෙන් දණ ගස්සවා හිරිහැර කරනු ලැබීය.

    ලිප්ටන් වටරවුමේදී සුනඛයන් විනාශ කිරීමට විරුද්ධව බෝඩ් ලෑලි උස්සාගෙන සිටි මිනිසුන්ගෙන් බහුතරය පාරේ සිටින අසරණ බලු පැටියෙකු තම නිවසට ගෙන ගොස් නාවා එන්නත් විද කවා පොවා ඇති කරන්නේ නැත.ඔවුන් තුල එවැනි සත්ව කරුණාවක් නැති බව නම් සහතිකය.

    සුනඛයන් විනාශ කිරීම සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දකින්නන් බටහිර රටවල සුරතල් සතුන් ඇති කිරීම සඳහා අනුගමනය කල යුතු නීති අධ්‍යනය කල යුතුය. දියුණු රටවල අයාලේ යන සුනඛයන් නැත. සුනඛයන් ඇති කරන්නේ නම් ඒ සඳහා පිළිගත සම්මත ක්‍රම අනුගමනය කල යුතුය. මෙවැනි නීති ලංකාවේ ඇති කිරීමට කාලය පැමිණ තිබේ.

    ඔයාලගෙ අදහසුත් කියන්න.
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ballan wenuwen abayabumiyak athi karala pare inna bollo tika ekata daanna one. bollo marana eka nam paw kaara wadak. :)
     

    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    Loku deyak wal ballanva marala daana
    dog21.jpg
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දියුණු රටවල බල්ලෝ පාරේ නැත්තේ උන්ව මරණ නිසයි. මේකට හොදම විසදුම උන්ට කියලා වෙනම පැත්තක් හදලා ඒකට ගිහින් දාන එකයි.
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හොඳ නෑ!! :no: i personally against it :yes:
    මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වීමේ අයිතියක් තියනවා :yes:
    basically they're doing it to control the dog population :eek: but there are many more ways to do that rather than a massacre :( පාරෙ ඉන්න බව්වන්ව sterilize, vaccine ...etc.. කරන්න සෞඛ්‍යය සංවිධානය කැමතියි, ඒ වුනාට මූලිකත්වය ගෙන කටයුතු කරන්න කවුරුත් නෑ :baffled: