බලු_බද්ධ අලුත් විදිහට
1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අයාලේ යන සුනඛයින් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත තුළ මෙම ප්රශ්නය ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බව සඳහන්ය.
සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජලභීතිකා ආඥාපනත පරිච්ඡින්න කර මෙම සියලු ප්‍රශ්න ආමන්ත්‍රණය කළ හැකි නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතත් එම කාර්යය මෙතෙක් අවසන් වී නොමැත.
ඒ අනුව අයාලේ යන සුනඛයින් පිළිබඳ ප්රශ්නය වහාම නිරාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සුනඛයින් අයාලේ යෑමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මඟින් නියම කළහැකි දඩ මුදල රුපියල් 25,000/-දක්වා වැඩි කරමින් හා ලබා දිය හැකි සිර දඬුවම වසර 02 දක්වා ඉහළ නංවමින් සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කියැවෙයි.
සුනඛයින් අයාලේ ගියොත් දඩය රු.25,000යි -සිරදඬුවම වසර 2යි

පාරේ ඉඳල අහුවුනොත් කියන්න පුළුවන් නෙ බල්ලාගේ ලොකු නැන්ද බලන්න ගිහින්, නැත්තන් ව්‍යායාම කරන්න ගිහින් වගේ. මොකෝ නෑ කියන්නද