බලු_මස්_කමු?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    බලු මස් ජාවාරම හෙළි කළ තරුණිය


    22-4__1471336982_58.153.185.198.jpg


    ලින්ම දිනුෂා ගැන පුංචි විස්තරයක් කළොත්?
    මම රාජ්‍ය ආයතනයක සේවය කරන නිලධාරිනියක්. මම තවම අවිවාහකයි. මම දැනට අවුරුද්දකට මෙපිට කාලයක දී කතරගම ප්‍රදේශයට මාරුවක් ලැබිලා ආවා. එතැනින් තමයි මේ කතාව පටන් ගත්තේ.

    හොඳයි දැන් ඉතින් විස්තර කරන්නකෝ ඒ කතාව

    මම පුංචි කා‍ලේ ඉඳලම අසරණ සත්තුන්ට පුදුම විදිහට ආදරය, කරුණාව දක්වන කෙනෙක්. කොටින්ම මම කෑම කන කොට වුණත් ඒකෙන් කොටසක් අසරණ සතෙකුටත් දෙන්න පුදුම විදිහට උත්සාහ කරනවා. කතරගම සේවා ස්ථානයේදීත් මම ඒ දේම කළා.

    කොහොමද දිනුෂා ඒක කළේ?

    අපේ ආයතනය වටේ නිවාස නැති අසරණ සුනඛයෝ කීප දෙනෙක් වරින්වර ගැවසුණා. මම ඒ අයව සුනඛයෝ කියලා හැඳින්වූවේ අර ‍පොදු සාමාන්‍ය නමින් හඳුන්වන එක ඒ අයගේ තියන කළගුණ සැලකීම වගේ උතුම් ගුණාංග වලට අපි කරන නිගරුවක් හින්දයි. ඉතින් මම පුළුපුළුවන් විදිහට ඒ සුනඛයන්ට දවල්ට කෑම දෙන්න පටන් ගත්තා. සමහර දාට මම ටිකක් වැඩිපුරත් බත් අරගෙන යනවා ඒ අයටත් එක්ක; එතකොට තමයි අපේ කන්තෝරුවේ සමහරු මට විහිළු කළේ.

    ඒ මොනවා කියලද ?

    ඔයා මුන්ට හොඳට කන්න දීලා හොඳට මහත් කරන්න. එතකොට ඉක්මනටම දිවිය ලෝකේ යන්න පුළුවන් කියලා.

    ඇයි ඒ අය එහෙම කිව්වේ?

    ඒ අය කියපු විදිහට මේ පැත්තේ සමහරු ඇසළ උත්සව කාලෙට මේ අයව මරලා වන්දනා කාරයන්ට දඩමස් කියලා විකුණනවලු. ඒත් මම මුලදී ඒ අයට බැන්නා කට තිබුණු පලියට දහ ජරා කතා කියන්න එපා කියලා.

    එතකොට ඒ අය කියලා තියෙන්නේ බොරුද ?

    මාත් මුලදී හිතුවේ එහෙමයි. එතකොට ඒ සමහරු මගෙන් ඇහුවා එහෙම නම් අපේ රටේ අනික් පූජා නගරවල වගේ මෙහේ වැඩිපුර බල්ලෝ දකින්න නැත්තේ මොකද ? කියලා. කොහොම හරි මේ වගේ දේවල්වලින් මට තේරුණා ලොකුවට සිද්ධ නොවුණත් බොහොම සුළුවෙන් හරි මෙහේ ඒ වගේ අමානුෂික දේවලුත් සිද්ධ වෙනවා ඇති කියලා. ඒ ඔස්සේ මම තවදුරටත් මේ ගැන විපරම් කළා.

    එතකොට දිනුෂට මොකක්ද දැන ගන්න ලැබුණේ ?

    මම හිතුවට වඩා තත්ත්වය සෑහෙන්න බරපතළයි. මේක ඉස්සර ඉඳලම කතරගම පැත්තේ බොහොම රහසින් සිද්ධ වුණු දෙයක්. පහුගිය කා‍ලේ මෙහේ ඉඳලා තියනවා …. අක්කා (සුප්‍රකට ඉන්දීය පුරාවෘත්තයක කතා නායිකාවගේ නමක්) කියලා ආප්ප වෙළෙන්දියක්. ඒ ගෑනු කෙනා රහසින් දඩමස් අලෙවියකුත් කරගෙන ගිහින් තිබුණා. මේ ගෑනු කෙනා ළඟට හැමදාම දඩමස් එන්නේ කොහොමද කියලා මුලදී මෙහේ මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් වෙලා. පස්සෙයි කාටත් තේරිලා තියෙන්නේ ඒ කාන්තාව දඩමස් විකුණන මුලාවෙන් කරගෙන ගිය නින්දිත ජාවාරම.
    කොහොම හරි ඒ ගෑනු කෙනා පසුගිය කා‍ලේ මැරිලා.

    ඉතින් දිනුෂා මොකද කළේ ඒ අපරාධය සම්බන්ධයෙන්
    මුකුත් කරන්නේ කොහෙද?

    මට මෙලෝ දෙයක් හිතා ගන්න බැරි වුණා. සතියේ දවස් පහේ මං දෙන බත් ඉඳුලක් කාලා මට අසීමාන්තික විදිහට කෘතඥ වෙන මේ අසරණ සත්තුන්ටත් එහෙම අපරාධයක් වෙයි කියලා හිතෙන කොට මට උන්හිටිතැන් අමතක වුණා. ඒ වගේම ඒ අය අතරින් එක්කෙනෙක් හිටියා හුඟක් සනීපෙට හැදුණු වැඩුණු එයාට අනික් අයටත් වඩා හොඳට මොළේ තියනවා. පාරේ තොටේදී දැක්කත් මගෙ වටේ නට නටා සතුට ප්‍රකාශ කරනවා. ඒක දකින මිනිස්සුන් හිනාවෙනවා. අනේ දෙයියනේ මං දෙන කෑම හින්දා ඒ අයගේ මරණය ඉක්මන් වුණොත් මගෙත් පපුව පැලෙයි කියලා මට හිතුණා.

    ඉතින් දිනුෂා මොකද කළේ ?

    මට මුලදී හිතාගන්නවත් බැරිවුණා. ඊට පස්සේ තමයි ‘අහිංසා ශ්‍රී ලංකා’ කියන ෆේස්බුක් වබේ අඩවිය දැක්කේ. මම ඒකට මැසේජ් එකක් යවලා එයාලත් එක්ක කතා කරන්න අවස්ථාවක් අරගෙන අඬ අඬා මේ ප්‍රශ්නේ ඒ අයට කිව්වා. මට මතක හැටියට ඒ පහුගිය අප්‍රියෙල්වල වගේ.

    එතකොට මොකක්ද ඒකට ලැබුණු විසඳුම ?

    ඒ අය මට කිව්වා මට හුඟක්ම හිතවත් ඒ වගේම සත්තුන්ටත් ආදරේ කරන කීප දෙනෙකුත් හවුල් කරගෙන ඉතාමත් රහසිගතව ඒ ගැන තොරතුරු හොයලා පුළුවන් තරමක් ඉක්මනට ඒ අයට ඒ සේරම විස්තර දෙන්න කියලා.

    ඉතින් ඔයා ඒ දේට ඉදිරිපත් වුණාද ?

    ඉදිරිපත් නොවී කොහොමද?

    මම මට හිතවත් විවිධ රැකියාවල් කරන කීප දෙනෙකුත් එක්ක බොහොම උනන්දුවෙන් මේ වැඩේ පටන් ගත්තා. අපේ කණ්ඩායම අට දෙනාගෙන් හය දෙනෙක්ම කාන්තාවෝ ඒ දෙනාගෙන් හතර දෙනෙක්ම ගුරු සේවයේ ඒ ඊට වැඩිය විස්තර කියන එක නම් භයානකයි.

    ඒ මොකද ?

    අපි හොයා ගත්තු තොරතුරුවලට අනුව ඕකට කට්ටි දෙකක් සම්බන්ධයි. එක කට්ටියක් ටවුන් එකේ කරකැවෙන තැරව්කාරයෝ; අනික් කට්ටිය තමයි ඔය සත්තු මරන්නේ; ඒ අය කතරගම අවට ගංජා හේන්වල, අනවසර මෑණික් පතල්වල දැව ජාවාරම්කාරයෝ ළඟ වැඩ කරන ලෝකය සමාජය ගැන කිසිම දැනීමක් නැති මිනිස්සු; ඒ එක මනුස්සයෙක් තමන්ගේ නංගීවම බිරිඳ හැටියට තියාගෙන ඉන්න කෙනෙක් කියලත් ආරංචි වුණා. ඉතින් මොනවද තවත් කතා. ඔය වගේ තත්ත්වයක් යටතේ අපිට පුළුවන්ද ? ජුවම මැදිහත් වෙන්න.

    ඉතින් කොහොමද ඔය ජාවාරම කෙරෙන්නේ ?

    කතරගම වන්දනාවේ ඇවිත් දඩමස් ඉල්ලන මිනිස්සු ගැන අර තැරව්කාරයෝ ඇහැ ගහගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට ළංවෙලා කියනවා මහත්තයා දඩමස් නම් තියනවා ගෙන්නලා දෙන්න පුළුවන්; හැබැයි තියෙන්නේ ටිකක් දුර කිලෝ එකක් රුපියල් දාහක් විතර වෙනවා. දන්නවනේ ‍පොලීසියයි වනජීවී එකයි දෙපැත්තෙන් ඇහැගහගෙන ඉන්නේ අහුවුණොත් අපි සුනේසුන් කියලා. ඊළඟට අර ඝාතකයකුට ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා; පුළුවන් තරම් ඉක්මනට ‘බඩු’ අරගෙන එන්න කියලා ඊට පස්සේ ඒ අසරණ සත්තුන්ට සිද්ධ වෙන දේ කියන්න තියා හිතන්නවත් කැමති නැහැ. කොහොම හරි අපිට ආරංචි වුණු හැටියට මේ තිරිසන් ජාවාරමින් වැඩිම ලාභය ඔය කියන තැරව්කාරයෝ තමයි ලබලා තියෙන්නේ.

    දිනුෂලට ඔය ලැබිච්ච තොරතුරුවල සත්‍යතාව තහවුරු කරන්නේ කොහොමද ?

    සෙල්ල කතරගම වතුරුවාරාම පන්සලට ටිකක් එහායින් තියන දඹේ පාරේ කැලෑ මණ්ඩියක ඒ වගේ සත්තු ගැටගහලා තිබුණු බවට තොරතුරු තියනවා. ඒ විතරක් ‍නෙවෙයි පහුගිය කා‍ලේ කතරගම කැලෑ මණ්ඩියක තිබිලා සත්තුන්ගේ ඔළු කකුල් තියන ‍පෝර උරයක් හම්බුවෙලා තියනවා. තව මෙහාට ටිකක් එහායින් තියනවා කොච්චි ‍පොතාන කියලා ගමක්. ඒකට බෝධිරාජපුර කියලත් කියනවා. පහුගිය කා‍ලේ ඒකේ එක තැනක අධිශීතකරණයක් ඇතු‍ලේ තියාගෙන දඩමස් ඉල්ලන වන්දනාකාරයන්ට ගෝන්නුන්ගේ මුවන්ගේ ශරීර කොටස් පෙන්න පෙන්නා ඔය තිරිසන් ජාවාරම කෙරිලා තියනවා. අපි සෑහෙන මහන්සියකින් ඒවා ඔක්කොම හොයා ගත්තා.

    ඉතින් ඔයා ඔය ගොනු කරගත්තු තොරතුරුවලට මොකද කළේ ?

    මම ඒවා සේරම ‘අහිංසා ශ්‍රී ලංකා’ සත්ව හිමිකම් සංවිධානයට දැනුම් දුන්නා. ඊට පස්සේ ඒ අය කතරගම කිරි වෙහෙරේ නායක හාමුදුරුවෝ, සෙල්ල කතරගම වතුරුවාරාම රජමහා විහාරයේ හාමුදුරුවෝ, සෙල්ල කතරගම ගණ දේවාලයේ පූජක තුමා වගේම මේ පැත්තේ තවත් ප්‍රභූන්ගෙනුත්
    මේ තොරතුරු සනාථ කරගෙන ඒවා මාධ්‍යවලට දීලා තියනවා. ඒ තොරතුරු ‘ලක්බිම’, ‘ඉරිදා ලංකාදීප’, ‘දිනමිණ’, ‘රිවිර’, ‘ඉරුදින’, ‘ලංකා’, ‘සත්හඬ’ වගේ පත්තරවල පළ වුණා. තව වබේ සයිට් කීපෙකින් පළවුණා. අහිංසා ශ්‍රී ලංකා ෆේස්බුක් වබේ අඩවියේ ඔය මුළු කතාවම තියනවා.

    කතරගම ප්‍රදේශයේ ඔය ගමේ බරපතළ දෙයක් සිද්ද වෙද්දී ‍පොලීසිය මොකද කරලා තියෙන්නේ ?

    පහුගිය ජූලි 12 දා දිනමිණ පත්තරේට මේ ගැන ලියපු මාධ්‍යවේදියා කතරගම ‍පොලීසියේ ඕ.අයි.සී. මහත්තයගෙනුත් විස්තර අහලා තිබුණා. එතකොට එතුමා සහතික වෙලා තිබුණා ඔය සංවිධාන කියන්නේ බොරු. මෙහේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැමයි කියලා. කොහොම හරි ඊට පස්සේ ඉහළින් ආපු නියෝගයකට අනුව ‍පොලීසියත් දැන් තමයි මේ ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ. මෙහේ සෑහෙන පිරිසකගෙන් ඒ ගැන ප්‍රශ්න කරලා තියනවා. කොහොම හරි අපිත් ඒ ගැන ලොකු අවධානයකින් ඉන්නේ. ඒත් එක අතකට මේ අපරාධය සම්බන්ධයෙන් ‍පොලීසිය අවදි වෙනකොට සිද්ධ වෙන්න තියන හුඟක් දේවල් වෙලා ඉවරයි කියලයි මට හිතෙන්නේ.

    ඇයි දිනුෂා එහෙම කියන්නේ ?

    සාමාන්‍යයෙන් කතරගම බෝඩින් වෙලා ඉන්න අපි හැමෝම වගේ සිකුරාදා හවස් වෙනකොට කාමර අයිතිකාරයන්ට බාරදීලා තමන්ගේ ගම රටවල්වලට යන්න ඕනේ; සෙනසුරාදා ඉරිදා ඒ කාමර වන්දනාකාරයන්ට දෙන්න ඕනේ හින්දා. මමත් පහුගිය 15 සිකුරාදා හවස මෙහෙන් ගිහින් ආපසු ආවේ 20 වෙනි බදාදා. ඒ කියන්නේ කතරගම ඇසළ උත්සවයේ දිය කපන දවසේ. එදා ඉඳලා අද වෙනකම් මගේ පපුව එකම ගිනි ජාලාවක් වගේ. ඒකමයි මම මේ කතාව ඔයාට කියන්න හිතුවේ.

    ඉතින් ඇයි ඔයා ඒ විදිහට තැවෙන්නේ ?

    මම පහුගිය කා‍ලේ කන්න දෙමින් හිටපු එකම සතෙක්වත් ඇසළ උත්සවයෙන් පස්සේ අද වෙනතුරුම මං ඇහැට දැක්කේ නැහැ.
     

    blue_in_rio

    Well-known member
  • මේකේ තියෙන දේවල් වලින්ම පේනවනේ තිරිසන්නු වගේ මිනිස්සු ජාතියක් කියලා මේක කරන්නේ.මුන්ට දඬුවමක් නොදී නම් හරියන් නෑ. :angry::angry:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම පහුගිය කා‍ලේ කන්න දෙමින් හිටපු එකම සතෙක්වත් ඇසළ උත්සවයෙන් පස්සේ අද වෙනතුරුම මං ඇහැට දැක්කේ නැහැ. :(
     
    • Sad
    Reactions: siri_ayya

    janish05656

    Well-known member
  • දඩමස් ඉල්ලන උන්ට හොද වැඩේ..දේයියෝ වැදලා, ඔක්කෝම ඉල්ලන්න ඕන මගුල් ඉල්ලලා,1000 පලතුරු වට්ටියක් එහෙම තියලා දඩමස් හොයනවා.යකෝ ඉන්න දේවියෙක් බලයිද බන්.පත්තරේ මේ කතාව දැක්කාම දඩමස් කියලා බලුමස් කාපු උන්ට හික් ගෑවෙන්න ඇති
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    දඩමස් ඉල්ලන උන්ට හොද වැඩේ..දේයියෝ වැදලා දඩමස් හොයනවා..පත්තරේ මේ කතාව දැක්කාම දඩමස් කියලා බලුමස් කාපු උන්ට හික් ගෑවෙන්න ඇති

    :lol::lol: සිරාවට
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    දඩමස් ඉල්ලන උන්ට හොද වැඩේ..දේයියෝ වැදලා, ඔක්කෝම ඉල්ලන්න ඕන මගුල් ඉල්ලලා,1000 පලතුරු වට්ටියක් එහෙම තියලා දඩමස් හොයනවා.යකෝ ඉන්න දේවියෙක් බලයිද බන්.පත්තරේ මේ කතාව දැක්කාම දඩමස් කියලා බලුමස් කාපු උන්ට හික් ගෑවෙන්න ඇති

    :rofl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දඩමස් ඉල්ලන උන්ට හොද වැඩේ..දේයියෝ වැදලා, ඔක්කෝම ඉල්ලන්න ඕන මගුල් ඉල්ලලා,1000 පලතුරු වට්ටියක් එහෙම තියලා දඩමස් හොයනවා.යකෝ ඉන්න දේවියෙක් බලයිද බන්.පත්තරේ මේ කතාව දැක්කාම දඩමස් කියලා බලුමස් කාපු උන්ට හික් ගෑවෙන්න ඇති

    හොඳ වැඩේ උන්ට...