මේ වෙළඳ උපක්‍රමයක් තමයි. ඒත් මේක තවත් එක වෙළඳ උපක්‍රමයක් විතරයි කියල කියන්න මම කැමති නෑ. රීපෝස්ට් ද නම් දන්නෙ නැහැ. මොකද කාලෙකින් තමයි මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නෙ.
ඉස්තාන්බුල් වල ඉන්නවලු අයාලේ යන සුනඛයින් 1,50,000ක් විතර.
මෙන්න මේ මැෂින් එක නිසා සත්තුන්ට ආදරේ කරන අයට චාන්ස් එකක් ලැබෙනවා මේ සත්තුන්ට කෑම වේලක් ලබාදෙන්න. හැබැයි මේ රටේ හැමෝම නම් මේ සත්තුන්ට ආදරේ නෑ. සමහරුන්ට ඕනේ කොහොම හරි මේ සත්තුන්ගෙන් ඈත් වෙලා ඉන්නයි.
බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා මේ මැෂින් එකට ඇතුල් කලහම, මේ අයාලේ යන සුනඛයින් වෙනුවෙන් කෑම වේලක් මැෂින් එකෙන් ලැබෙනවා.
ඔබට අවශ්‍ය නොවන අතිරික්ත ජලය ඔබේ වතුර බෝතලයේ තිබෙනවා නම්, ඒවා විසි නොකර මෙම යන්ත්‍රයේ තිබෙන බඳුනකට දමන්න පුළුවන්.
මෙන්න මේ වීඩියෝ එකෙන් ගොඩක් පැහැදිලි වෙයි..

..පරිසරය සුරකීම එ කියන්නේ ප්‍රතිචක්‍රිකරණය මගින්,අනෙක් කාරණය සතෙකුට ආහාර වේලක් හම්බවෙනවා.හොඳ වැඩක්.! මරූ නේ.!