බල ත්‍රිකෝණ ⨺🪐⨹

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හදාරන කෙනෙකුට කේන්ද්‍රයක බල ත්‍රිකෝණ හෙවත් ත්‍රිකෝණ දෘෂ්ටි පිළිබඳ නිවැරදි දැනීමක් නොමැතිකම විශාල අඩුවක්. ඒ නිසා මේ පිළිබඳ දැනුවත් වීම අතිශයින්ම වැදගත් වෙනවා.
    ඊට පෙර කේන්ද්‍රයක භාව හෙවත් ස්ථාන ගැන ඉගෙන ගනිමු.

    sthana.JPG


    1, 4, 7, 10 - කේන්ද්‍රස්ථාන
    2, 5, 8, 11 - පණ පර ස්ථාන
    3, 6, 9, 12 - අපොකලිම ස්ථාන
    5, 9 - ත්‍රිකෝණ ස්ථාන
    4, 8 - චතුරශ්‍ර ස්ථාන
    2, 7 - මාරක ස්ථාන
    3, 8 - ආයු ස්ථාන
    6, 8, 12 - ත්‍රික / දුෂ්ට ස්ථාන
    3, 6, 10, 11 - උපචය ස්ථාන
    1, 2, 4, 5, 7, 8, 9, 12 - අපචය ස්ථාන
    --
    බල ත්‍රිකෝණ
    1. ලග්නයට සම්මුඛ 1-5-9 (ධර්ම) ශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණය වේ.
    2. හත්වැන්නට සම්මුඛ 7-3-11 (කාම) ශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණය වේ.
    3. සිවුවැන්නට සම්මුඛ 4-8-12 (මෝක්‍ෂ) අශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණය වේ.
    4. දසවැන්නට සම්මුඛ 10-2-6 (අර්ථ) අශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණය වේ.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    @Lovtus උපන් වේලාව අරගෙන ග්‍රහයෝ ටික කොටු ටිකට සට සට ගාලා දාගන්න ගණිත ක්‍රමය කියලා දෙන්න පුලුවන් ද ? ගොඩක් අය ඒක ඇරෙන්න අනිත් බහුබූත සේරම කියලා දෙනවා. උන් බයයි උන්ගේ රස්සාවට කෙලියි කියලා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113