

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මාරකස්ථානය (8- අට වෙනි භාව කොටුව)
--කේන්ද්‍ර සටහනක නම වැනි භාව කොටුව, 1-5-9 (ධර්ම) ශුභ ඵල දීමේ ඉතාම බලවත් ත්‍රිකෝණ ස්ථානයයි. පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය, ගුරුස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙයින් ආගමික භක්තිය, ගුරු දෙගුරුන් කෙරෙහි පවත්නා සම්බන්ධය, පියා කෙරෙහි ඇති බැඳීම, උසස් අධ්‍යාපනය, විදේශ ගමන්, දරුවන්ගේ අනාගතය, පෙර පිං වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.
ශරීරයේ කළවා ප්‍රදේශය නමයට අයිතිවේ. නෛසර්ගික පාපියකු නීච, සතුරු ආදී නරක තත්වයක නම් විනා නමයේ සිටි ග්‍රහයෙක් අශුභ ඵල ලබාදෙන්නේ ඉතා කලාතුරකිනි. කේන්ද්‍රයක පුණ්‍යස්ථානය ගුරු, ශුක්‍ර ආදී ශුභ ග්‍රහයන්ගෙන් යුතුව බලවත් වීම ඉතා යහපත් වේ.
ඒ කියන්නෙ මොකක්ද සහෝ. පොඩිම සුබ දෙයක්වත් නැහැයි කියන එකද?