🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පෘථිවි ඛ ගෝලය විවිධාකාරයෙන් බෙදා දක්වන ආකාරය පිළිබඳ දැන් ඔබට යම් අවබෝධයක් තිබෙනවා. යමෙකු ගේ ජන්ම පත්‍රය සකස් කරනවා යෑයි කියන්නේ ඔහු / ඇය උපන් වෙලාවට අවකාශ සිතියම සකස් කර ඒ ඒ ග්‍රහයාගේ නිශ්චිත පිහිටීම සිතියම් ගත කිරීමයි. මෙය සිදු කරන ක්‍රමවේදයට කේන්දරය සෑදීම යැයි කටවහරට කියනු ලැබේ. පහසුව සඳහා සාමාන්‍ය ක්‍රමයට සිතියම අඳින්නේ නැගෙනහිර ක්ෂිතිජය මූලික කරගෙනය (ක්‍රමය කුමක් වුව ද අවශ්‍ය වන්නේ නිවැරදි සිතියම සකසා ගැනීම වේ). නැගෙනහිර ක්ෂිතිජයේ අහස හා පොළොව යාවෙන්නාක් මෙන් පෙනෙන රේකාව සිතියමේ ලග්න ස්ඵූටය නම් වේ. එහෙයින් අප මුලින්ම කළයුතු වන්නේ එකී ලග්න ස්ඵූටය නිශ්චය කරගැනීම යි.

    උදාහරණයකට 2021 නොවැම්බර් 02 දින සම්මත ඔරලෝසු වේලාවෙන් පැය 10:30 ට ගම්පහ දී උපන් දරුවකුගේ ජන්ම පත්‍රය සකස් කරන ආකාරය ගනිමු. ජ්‍යෝතිශ්‍යයේදී ලග්න ස්ඵූටය සහ අනෙකුත් ග්‍රහ ස්ඵූට පිහිටුවන්නේ නක්‍ෂත්‍ර කාලයට අනුකුලව වේ. අප එදිනෙදා භාවිතා කරන සම්මත ඔරලෝසු කාලය ගණනය කරන්නේ සුර්යයාට සාපේක්‍ෂව පෘථිවියේ බ්‍රමණය සලකාගෙන ය. සුර්යයාට සාපේක්‍ෂව පෘථිවිය එක් බ්‍රමණයක් සම්පුර්ණ කරන විට පෘථිවියේ පරිබ්‍රමණය හේතුවෙන් අංශක 360 කට මඳක් වැඩි ප්‍රමාණයක් භ්‍රමණය වී ඇති බැවින් ඛ ගෝලයේ අංශක 360 සම්පුර්ණ වන කාලය සම්මත ඔරලෝසු වේලාවෙන් පැය 24 කට ස්වල්පයක් අඩුවෙයි. එම නිවැරදි කාලය වන්නේ පැය 23 යි මිනිත්තු 56 යි තත්පර 4.091 කි. මෙයට නක්‍ෂත්‍ර කාලය යැයි කියනු ලැබේ. ජ්‍යෝතිශ්‍යයේ කාලය යනු කොතරම් වැදගත් සාධකයක් දැයි මෙයින් ඔබට තේරුම්ගත හැකිවනු ඇති.
    ඒ නිසා පළමුව අපට ලැබුණු සම්මත කාලය ශුද්ධ නක්‍ෂත්‍ර කාලයට හරවා ගතයුතුය. මේ සඳහා වන ගණනය කිරීම් වලට 2021 පංචාංග ලිත ප්‍රයෝජනයට ගනිමු.

    අපට ලැබුණු සම්මත ඔරලෝසු කාලය = පැ. 10 : මි. 30 : ත. 00
    ගම්පහට ප්‍රමිති කාලයේ අධිකය (ලිතෙන් බලන්න) = පැ. 00 : මි. 40 : ත. 00 -

    එබැවින් ගම්පහට ශුද්ධ ඔරලෝසු කාලය = පැ. 09 : මි. 50 : ත. 00
    2021/11/02 දින උදේ 06:00 ට නක්‍ෂත්‍ර කාලය = පැ. 08 : මි. 45 : ත. 05 +

    ඒ අනුව 2021/11/02 දින පැ. 06 : මි. 00 : ත. 00 සිට
    පැ. 09 : මි. 50 : ත. 00 දක්වා ගත කාලය = පැ. 03 : මි. 50 : ත. 00 +
    ගත කාලයට අධිකය = පැ. 00 : මි. 00 : ත. 38 +

    එබැවින් උපන් වෙලාවට ශුද්ධ නක්‍ෂත්‍ර කාලය = පැ. 12 : මි. 35 : ත. 43 (මෙසේ ලැබෙන කාලය පැය 24 ට වැඩි නම් ඉන් 24 ක් අඩු කළයුතු ය.)

    දැන් පංචාංග ලිතේ දක්වා ඇති නක්‍ෂත්‍ර කාලය අනුව නිරායන ලග්න ස්ඵූටය සෙවීමේ චක්‍රයේ පැය 12 මිනිත්තු 35 හමුවන තැන ධනු අංශක 11 යි කලා 05 යි යනු සඳහන් වේ.
    පැය 12 මිනිත්තු 36 හමුවන තැන ධනු අංශක 11 යි කලා 19 යනුය. ඒ අනුව තත්පර 60 ක දී කලා 14 ක් පසුවී තිබේ. එබැවින් තත්පර 43 ට
    (14/60) X 43 = කලා 10.03

    ඒ නිසා ධනු අංශක 11 යි කලා 05 ට කලා 10.03 එකතු කළයුතුයි.

    මේ අනුව 2021 නොවැම්බර් 02 දින පෙරවරු 10:30 ට ගම්පහ ට ලග්න ස්ඵූටය වන්නේ ධනුවේ අංශක 11යි කලා 15.03 වේ ( ධනු 11° 15.03' ).
    --

    dhanu.JPG

    මතු සම්බන්ධයි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර

    View attachment 199222

    මතු සම්බන්ධයි.
    TFS :love:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Machn 12Am walin passe ipaduna kenek birthday eka vidiyata salakanne ada dawasa da? eye dawasa kiyalada?
    Ira udavata kalin una nisa?

    Ex -

    English time and date - 06/03/2023 12.30 AM

    Meke uba dana birday eka mokadda? 05/03/2023 da 06/03/2023 da?
    සම්මත ඔරලෝසු ක්‍රමය නිසා 06 කියලා ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: wissnshaftler

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔව් නිවැරදියි.
    --
    හරියටම ගණනය කළොත්
    10:12:00 ට 08° 16' 27'' සහ 10:11:00 ට 08° 02' 37'' නම්
    වෙනස = 08° 16' 27'' - 08° 02' 37'' = 00° 13' 50''
    ඒ කියන්නේ 60s ට 00° 13' 50''
    එහෙනම් 3s ට (00° 13' 50'')X 3/60 =00° 00' 41.5''
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    ටූ මච් ගනං

    චැට් ජීපීටී පේඩ් එකක් අර්ං ඌට ඩේටා ලෙසටමෆීඩ් කරල තියරි අරව මේවා ඔක්කොම ඔබලා බලපු කේන්දර වල සිද්දිත් ඔබලා කේන්දරේට අදාලව සිරාවටම උන ඒවත් ඔබලා ටසිරි වෙන කේන්දර ඒ අයි එකක් හදමුද බොසා

    ටෆස ප්ලස් බම්පරෙ
     
    • Like
    Reactions: NRTG