මේ ළඟදී ලංකාවේ සංචාරය කරන්න ආපු වැගා සහෝදරයෝ @vagabrothers හා එයාලගේ යාළුවන්ට මිරිස්සේදී කෑම කන්න යන අවන් හල ළඟ කාත් කව්රුත් නැති අසරණ බලු පැටියෙක් හම්බුවෙනවා. ඒ පැටියා දැකපු ගමන් කේරි රීඩ් ඒ බලු පැටියා ඇති කරන්න හිතා ගන්නවා. බලු පැටියාගේ නම ලංකා. ලංකා දැන් මාස දෙකක ටිකක් ලොකු බව්වෙක්. දැන් ලංකා ඉන්නේ ඇමරිකාවේ මෙයාලගේ ගෙදර. බලු වාසනාව. 





