මන් හදිස්සි වැඩකට ගෙදර ආවා..ඒ ගමන් තව පොඩි ප්‍රශ්නයක් තියන්වා..
අපේ ගෙදර බල්ලො දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක්ගෙ කකුල්වල පැච් පැච් වගේ තියනවා නිකන් කටුවා කාලා වගේ..
වෙට්ලා දෙතුන් දෙනෙක්ටම පෙන්නුවා දැන් මාස ගාණක්..
හැමෝම දුන්නෙ ශැම්පූ වර්ග සහ ක්‍රීම් ජාති..
රෑශ් අවුට් ක්‍රීම් වර්ග තමයි ගොඩක් දුන්නේ.. ඒත් අඩුවක් උනේ නෑ..
මන් දැක්කා ලඟදි
@AnuradhaRa දාල තිබ්බා ටැබ්ලට් එක්ක ෆොටෝ එකක කටුවා කනවට..
මන් ඒකත් දීල බලන්න හැදුවේ.
තාත්තා ටවුන් එකට යන වෙලාවක අරන් එන්න කිව්වා කටුව කනවට කියලා ෆාමසියෙන් බෙහෙතක් ඉල්ලගෙන.. මන් කලින් හිතන් හිටියෙ කටුවා කනව කියල කිව්වට ෆාමසිවල උන් දන් ණැතුව ඇති කියලා.
බෙහෙත ඉල්ලද්දි ඇහුවලු ටැබ්ලට් පොවන්න පුලුවන්ද කියලා.. එයා කියලා ටිකක් අමාරුයි එහෙම ටැබ්ලට් බොන්න හොරයි කියලා.
ඊට පස්සෙ මෙන්න මෙහෙම සිරින්ජර් එක්කට ලොකු බෝතලේකින් බෙහෙතක් පුරවලා දුන්නලු හමට ඉන්ක්ජෙක්ට් කරන්න කියලා.
මොනවද කියලවත් දන් නෑනෙ..මන් ගියානම් බෙහෙතෙ නම අහන් එනවා..ගූගල් කරල හරි බලන්න තිබ්බා..තාත්තටත් තෙරුමක් නැති හින්දා අරන් ඇවිත් මන් කිව්ව හින්දා,
මේක ගහන්න බයයි වගේ. මුට මොනා හරි උනොත් එහෙම.
උබලටත් මෙහෙම ස්‍රින්ජර් වලට දාලා කටුවා කනවට බෙහෙත් දීල තියනවද ෆාමසි වලින්?
View attachment 235558