බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වයසකම අයට. අතපය ආබාදිත අයට. කොලිටියට සින්දුවක් දෙකක් කියන අයට. ඇර අනික් අයටනං කීයක්වත් දෙන්නෙ නෑ. කතන්දරේ මොනව උනත් උඩ කියපු අයටනං දෙනව.
    සමහර අය කියනව ඒ අය ගන්න මුදලෙන් බොනව කුඩු ගංජ ගහනව කියල. ඒ වගේ වෙලාවට හිතෙනව යන්ඩ එන්ඩ තැනක් නෑයෙක් යාලුවෙක් නැතිව හොඳ සිහියෙන් කොහොමද මිනිහෙක් රෑකට නිදා ගන්නෙ කියල.
     
    blue_in_rio

    Well-known member
  • මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:

    සමහර වෙලාවට උන් ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියල දැන දැනත්, ඒ බොරු කරන්නෙත් සල්ලි වලින් බඩට කන්නනෙ කියල හිතල සල්ලි කීයක් හරි දෙනවා.. මම දෙන්නෙ පිරිසිදු චේතනාවෙන්.. උන් මොනව කරත් මට අදාල නෑනේ...

    මම කියන්න හිතාගෙන ආපු දේම, උබලා දෙන්නා කියලා තියෙනවා.දානය කියන දේ පිරිසිඳු චෙතනාවෙන් කරනවා නම්, ඒක ගන්න කෙනා ඒකෙන් මොනවා කලත් ඒක අපිට අදාල නැහැ.

    තව දෙයක්.මේ ත්‍රෙඩ් එක දැකලා, කී දෙනෙක් හිඟන්නන්ට කීයක් හරි දෙන දෙයින් වැලකෙයිද කියන්න මම දන්නේ නෑ.ඒත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, දානයක් වළක්වන කෙනා, පාර්ශව තුනකට අගතියක් සිදු කරනවා කියලා.එක, කෙනෙක් දානයක් දීලා, ඒ කෙනාට රැස්කරගන්න තිබ්බ පින සහ කුසලය වලක්වන එකෙන් දෙන්න යන කෙනාට සිදුවෙන නරක.දෙක, යමක් ලබාගන්න තිබ්බ කෙනෙක්ව, ඒකෙන් වලක්වලා, ඒ කෙනාට කරන නරක.තුන, මේ විදියට කරගන්න පවෙන්, එයා එයාටම කරගන්න, නරක.(සාමාන්‍යයෙන් පවකදි අගතියට පත්වෙන්නේ කරන කෙනා සහ විඳින කෙනා යන දෙපාර්ශවය විතරයි.නමුත් දානයක් වැලැක්වීම, ඊටත් එහා ගිය බරපතල කාරණයක්)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    • හිඟමන්/ආධාර ඉල්ලලා ලඟට ඇවිත් සල්ලි නොදුන්නම ඇඟිල්ලෙන් අනින, බෙලෙක්කය හෝ රබාන ඇගේ වද්ද වද්ද ආධාර ඉල්ලන එකෙක්ට සතයක් දෙන්නෙ නෑ
    • සමහර උන් පොඩි උන් දම්මලා ආධාර ඉල්ලනවා. අර පොඩි එකා ඇඟිල්ලෙන් අනිමින් ආධාර එකතු කරන්නෙ (උගන්නලා). හරියට කප්පං ඉල්ලනවා වගේ. පොඩි එකා දිහා බලලා මිනිස්සු සල්ලි දානවා. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ
    • ඔය එක එක ඔපරේශන් වලට සල්ලි එකතු කරන්න එන උන් ටිකට් වගේ ඒවා බෙදනවා. ඒකෙ ගාන ගහලා තියෙනවා. රු 50 වගේ එකක්. එහෙම ගානක් ගහලා තියෙන එකක් දුන්නොත් සත පහක් දෙන්නෙ නෑ. එහෙම කෝමද බං ආධාරෙකට දෙන්න ඕනගානත් උන්ම කියන්නෙ. ආධාරයක් කරන්න කිව්වමා මිනුස්සු පුළුවන් ගානක් දෙයි. පොඩි එකාගෙ විස්තරේ විතරක් එක්ක ආධාරයක් දෙන්න කියලා විතරක් තිබ්බොත් නම් මම සලකා බලනවා
    • විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
    • සමහර හිගන්නෙ දෙන්නෙක් එක බස් එකක සෙට් උනාම එලිපිටම වලිදා ගන්නවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
    • සමහර උන් සල්ලි නොදෙන උන්ට(කෙල්ලොන්ට වගේ) හින්ට් එකට වගේ ලැජ්ජ හිතෙන ඒවා මේවා දැනෙනෙ නොදැනෙනෙ ගානට කියලා දානවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
    • :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බස් වල හිඟන අය, ආධාර එකතු කරන අය ගැන මගේ ප්‍රතිපත්තිය තමා මේ.

    ඔව්...
    මමත් ඉස්සර ඕනේ කෙනෙක් සල්ලි ඉල්ලුවොත් දෙනවා. නැත්නම් හිතට ටිකක් අප්සෙට් වගේ.. ඒත් දැන් නම් නෑ මුන්ගේ හොර වැඩ දැනගත්තට පස්සේ... ගෙවල් වලට කීදෙනෙක් එනවද එක එක විකාර කියාගෙන? තග දැම්මොත් නම් දෙන්නෙම නෑ...

    අපි දෙන්න දෙන්න ඕක වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ. අපිත් වැරද්දක් කරන්නේ..:dull:

    ඒක පැත්තකින් තියපන්කෝ... :frown:
    තෝ මොකද ඊයේ අපිට අම්බානක නෙලුවේ??? අපිට නෙලලා අපේ රෙකෝඩ් කඩලා ජාත්‍යන්තරේ ඉස්සරහ අපිව හෑල්ලුවට ලක් කරල දැන් එනවා මෙතන හිඟන ත්‍රෙඩ් දාගෙන... :angry:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,452
    3,838
    113
    Maligawatta
    ඉන්කම්ටැක්ස් නෑ.......:frown:
    අදින්න පළදින්න වියදම් කරන්න ඕනේ නෑ......:P
    අර බීල් මේ බීල් නෑ........:oo:
    දවල්ට කට්ට කෑවත් රෑට රජ සැප..........:yes:
    ඕකයි හිඟන කර්මාන්තයේ ඇත්ත තත්ත්වේ.......:rofl:

    Pansal wala hamaduru wage.....Hebei mung pinata illanne badata monawa hari daaganna ..... Hebei ara kattiyata kelinma badata daannama hambenawa.....ha ey awlda?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කියන්න හිතාගෙන ආපු දේම, උබලා දෙන්නා කියලා තියෙනවා.දානය කියන දේ පිරිසිඳු චෙතනාවෙන් කරනවා නම්, ඒක ගන්න කෙනා ඒකෙන් මොනවා කලත් ඒක අපිට අදාල නැහැ.

    තව දෙයක්.මේ ත්‍රෙඩ් එක දැකලා, කී දෙනෙක් හිඟන්නන්ට කීයක් හරි දෙන දෙයින් වැලකෙයිද කියන්න මම දන්නේ නෑ.ඒත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, දානයක් වළක්වන කෙනා, පාර්ශව තුනකට අගතියක් සිදු කරනවා කියලා.එක, කෙනෙක් දානයක් දීලා, ඒ කෙනාට රැස්කරගන්න තිබ්බ පින සහ කුසලය වලක්වන එකෙන් දෙන්න යන කෙනාට සිදුවෙන නරක.දෙක, යමක් ලබාගන්න තිබ්බ කෙනෙක්ව, ඒකෙන් වලක්වලා, ඒ කෙනාට කරන නරක.තුන, මේ විදියට කරගන්න පවෙන්, එයා එයාටම කරගන්න, නරක.(සාමාන්‍යයෙන් පවකදි අගතියට පත්වෙන්නේ කරන කෙනා සහ විඳින කෙනා යන දෙපාර්ශවය විතරයි.නමුත් දානයක් වැලැක්වීම, ඊටත් එහා ගිය බරපතල කාරණයක්)

    සහෝ මම දැනගෙන හිටියට වඩා යමක් කමක් තේරෙන මොළයක් තියෙන කෙනෙක් බ්‍රෝ...:yes::yes::P:P
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    :yes::yes::yes::yes:
    මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    පහුගිය දවස් වල කුරුණෑගල හිඟන්නෙක් හා කෙල්ලක් එක්ක වෙච්චි සීන් එකක් ගැන ගියා. මේකෙ ඇතුලාන්ත කතාව මමවත් ඔය කමෙන්ට් දාන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒක පැත්තකින් තියමුකෝ. බස් වල හිඟන අය, ආධාර එකතු කරන අය ගැන මගේ ප්‍රතිපත්තිය තමා මේ.

    • හිඟමන්/ආධාර ඉල්ලලා ලඟට ඇවිත් සල්ලි නොදුන්නම ඇඟිල්ලෙන් අනින, බෙලෙක්කය හෝ රබාන ඇගේ වද්ද වද්ද ආධාර ඉල්ලන එකෙක්ට සතයක් දෙන්නෙ නෑ
    • සමහර උන් පොඩි උන් දම්මලා ආධාර ඉල්ලනවා. අර පොඩි එකා ඇඟිල්ලෙන් අනිමින් ආධාර එකතු කරන්නෙ (උගන්නලා). හරියට කප්පං ඉල්ලනවා වගේ. පොඩි එකා දිහා බලලා මිනිස්සු සල්ලි දානවා. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ
    • ඔය එක එක ඔපරේශන් වලට සල්ලි එකතු කරන්න එන උන් ටිකට් වගේ ඒවා බෙදනවා. ඒකෙ ගාන ගහලා තියෙනවා. රු 50 වගේ එකක්. එහෙම ගානක් ගහලා තියෙන එකක් දුන්නොත් සත පහක් දෙන්නෙ නෑ. එහෙම කෝමද බං ආධාරෙකට දෙන්න ඕනගානත් උන්ම කියන්නෙ. ආධාරයක් කරන්න කිව්වමා මිනුස්සු පුළුවන් ගානක් දෙයි. පොඩි එකාගෙ විස්තරේ විතරක් එක්ක ආධාරයක් දෙන්න කියලා විතරක් තිබ්බොත් නම් මම සලකා බලනවා
    • විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
    • සමහර හිගන්නෙ දෙන්නෙක් එක බස් එකක සෙට් උනාම එලිපිටම වලිදා ගන්නවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
    • සමහර උන් සල්ලි නොදෙන උන්ට(කෙල්ලොන්ට වගේ) හින්ට් එකට වගේ ලැජ්ජ හිතෙන ඒවා මේවා දැනෙනෙ නොදැනෙනෙ ගානට කියලා දානවා. උන්ටත් සතපහක් දෙන්නෑ.

    හිඟන්නන්/ යාචකයක් ගැන කට්ටියගෙ අදහස් , අත්දැකීම් හෙමත් දාන්න.

    මමත් මේ ප්‍රතිපත්තියෙම තමා.:rolleyes:
    කරදර කරලා අතින් ඇනල ඉල්ලන එකෙක්ටවත් දෙන්නේ නෑ:angry:
    අහිංසකව ඉල්ලන අයට රු. 100 උනත් දීල තියෙනවා.

    උඹ දන්නවද HNB towers ළඟ ඉන්න අංකල්. කවදාවත් කාටවත් සල්ලි ඉල්ලලා කරදර කරන්නේ නෑ. මිනිස්සු ලඟට ඇවිල්ලා රු. 50 - 1000 දීල යනවා. :yes:
     
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    අබාධිතයෙකුට, ඇස් පේන්නේ නැති එකී මෙකී නොකී කිසිම එකෙක්ට සල්ලි දෙන්න එපා. මොන මූණ දාගෙන හිටියත් ඔක්කොම ඉන්නේ හොරු.
    උඹලා හිතනවද අමාරුකම් තිබුනා කියලා ඕන එකෙක්ට බස් එකකට නැගල හිඟාකන්න පුලුවන් කියලා (විශේෂයෙන් කොළඹ )?
    ඔය නගින ඔක්කොම කප්පම් කාරයොන්ට සල්ලි දීල තමයි බිස්නස් කරන්නේ. උඹ සල්ලි ගෙවන්නේ නුගේගොඩ-විජේරාම සෝන් එක රන් කරන මුදලාලිටනම්, උඹ නුගේගොඩින් නැග්ගොත් අනිවා විජේරාමෙට කලින් බහින්න ඕන. ඊට පස්සෙත් ඉන්නව දැක්කොත් එවේලේ නොවුනත් පස්සෙ ශොට් එක හම්බෙනවා.

    බස් වගේම තමයි ප්ලේස් (පොට්) වලට තියන ඉල්ලුම. උදාහරණයක් විදියට නුගේගොඩ ස්ටේශන් එකේ ඉඳන් මහජන බැංකුව ගාවට යනකම් පොට් 5ක් විතර තියනවා. ඒ පොට් අයිති මුදලාලි කෙනෙක් ඉන්නවා. ඒ මුදලාලි තමයි උදේට කට්ටියව ගෙනත් දාන්නේ වීල් එකක.
    මුදලාලිලා ගාව ඉන්නවා හැම විදියෙම ඩයල්. බෙහෙත් පෙට්ටි පෙන්නලා හිඟන එකෙක්, හකුරු මුලක් තියන් බොරුවට හිඟාකන ආච්චි කෙනෙක් (නුගේගොඩ ), කිහිලිකරු දාන එකෙක්, අත පය නැති එකෙක්, තුවාල තියන එකෙක්, පොඩි කෙල්ලෝ, කිරිබොන ලමයි, මේ ඔක්කොම උන්ට ඉන්නවා.
    ඔය එක හිඟන්නෙක් දවසට 4000-5000 පන්නලා හම්බකරනවාම තමයි.

    සිඳු කියන උන්නම් එහෙම තැනක් කියලා නෑනෙ. උන් එක සෝන් එකක කියලා නෑ, රට වටේම සින්දු කියන්වනේ, ඒත් අනිවා ඒ සෝන් එකේ මුදලාලිට ගානක් දෙන්න ඕන කේස් එකක් වැටුනොත්.
    කොහ්මටත් ඔය එකෙක්වත් ඇත්තටම ප්‍රශ්න තියන උන් නෙමෙයි. එහෙම මනුස්සයෙක් ආවොත් හදිස්සියෙන් කියන්නේ එන්නේ නෑ වගේ තමයි. හොඳටම සුඅර්නම් විතරක් දෙන්න, හැබැයි ගාන ගහපු ස්ටිකර් වලටනම් දෙන්න එපා, ඒවා බොරු. සමහර මුදලාලිලා ඉන්නවා, ඇත්තටම ලෙඩ තියන ළමයි හොයාගෙන, උන්ට ඔපරේශන් වලට ඕන ගාන දීලා, ඔහොම ටිකට් ගහලා හම්බකරන අයත්.
    හිඟාකනව කියන්නේ අමුතුම ලෝකයක්!
    ඔබ හිඟන්නෙක්ට මුදල් දෙනවා කියන්නේ හිඟන ජීවිත ඉස්සරහට පවත්වගන්න උදව් දීමක්.අපි කරන්න ඕන ඔය ක්‍රමය පවත්වාගන්න නෙමෙයි, නැති කරන්න අවශ්‍ය පරිසරයක් හදන එකයි.
    ආ කියන්න අමතක උනා, අනිත් හිඟන්නෝ ජාතිය තමයි කැම්පස් උන්. පෑන් බුක්මාක් එහෙම ජීවිතේට ගන්න එපා. ඕව නිකන් බොන්න සල්ලි එකතු කරන වැඩ. මාත් කැම්පස් ගිය එකෙක්. පවු බොරුවට ෆස්ට් ඉයර් උන් අව්වේ ඉඳවලා ලොකු උන් ඒකෙන් බොනවා. කාලකන්නි.
     
    • Like
    Reactions: sika2

    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ. :yes: :yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම නම් නිකන් සත පහක් දෙන්නෑ හිඟන්නන්ට ....උන්ට අඩු වශයෙන් ලොතරැයියක් වත් විකුණන්න පුළුවන් ඒත් හිඟාකන එක ඒකට වඩා ලේසි හින්ද කරනව .... අපි සල්ලි දීල උන්ව දිරිමත් කරනව .... නිකන් කන්න. අනික වැඩක් කරන්න පුළුවන් උන් ඇදුමයි අරකයි මේකයි කියනව .... ඇදුම පාලනය කරල ‍යම් යම් දේ කරන්න පුළුවන්.... උන්ට ළමයි ඉන්නව කියලත් කියනව .... හදන්න අහවල් එක කරන්න මහන්සි වෙන්න පුළුවන් නම් ලොතරැයි විකුණන්න ...සපත්තුවක් වත් මහන්න බැරි ඇයි ???

    මම දෙන්නෑ සල්ලි...
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    හිඟාකනවට වඩා හොඳින් කරන්න පුළුවන් රස්සා ඕනේ තරම් ලංකාවේ තියනවා.. දැන් කොළඹ හිගන්නෝ වසංගතයක් වෙලා තියෙන්නේ.. හැම කලර් ලයිට් එකකම හිගන්නෝ 5ක් විතර ඉන්නවා..ගෝල ෆේස් එකේ විතරක් අඩුම හිගන්නෝ 50ක් ඉන්නවා.. මම දේශපාලනය නෙමේ කියන්නේ.. හැබැයි ගෝටා කොළඹ එක හිගන්නෙක් නැති ගානට ගෙනාව.. ඕක තනිකර බිස්නස් එකක්..

    ඇත්තටම සල්ලි නැති කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් ආයතනයක් රජයෙන් හෝ පුණ්‍ය ආයතනයකින් හදන්න ඕනේ.. එකෙන් සල්ලි නොදී ඉන්නතැනක්, කන්න කෑම දෙන්න ඕනේ.. පින් කරගන්න කැමති අය එතන දාන වේල්ලක් භාරගෙන දෙන්න තියෙන්නේ..

    සියලු ආකාරවල හිගාකෑම තහනම් කරන්න ඕනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්න හිතාගෙන ආපු දේම, උබලා දෙන්නා කියලා තියෙනවා.දානය කියන දේ පිරිසිඳු චෙතනාවෙන් කරනවා නම්, ඒක ගන්න කෙනා ඒකෙන් මොනවා කලත් ඒක අපිට අදාල නැහැ.

    තව දෙයක්.මේ ත්‍රෙඩ් එක දැකලා, කී දෙනෙක් හිඟන්නන්ට කීයක් හරි දෙන දෙයින් වැලකෙයිද කියන්න මම දන්නේ නෑ.ඒත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, දානයක් වළක්වන කෙනා, පාර්ශව තුනකට අගතියක් සිදු කරනවා කියලා.එක, කෙනෙක් දානයක් දීලා, ඒ කෙනාට රැස්කරගන්න තිබ්බ පින සහ කුසලය වලක්වන එකෙන් දෙන්න යන කෙනාට සිදුවෙන නරක.දෙක, යමක් ලබාගන්න තිබ්බ කෙනෙක්ව, ඒකෙන් වලක්වලා, ඒ කෙනාට කරන නරක.තුන, මේ විදියට කරගන්න පවෙන්, එයා එයාටම කරගන්න, නරක.(සාමාන්‍යයෙන් පවකදි අගතියට පත්වෙන්නේ කරන කෙනා සහ විඳින කෙනා යන දෙපාර්ශවය විතරයි.නමුත් දානයක් වැලැක්වීම, ඊටත් එහා ගිය බරපතල කාරණයක්)
    :yes::yes::yes: ගොඩක් උන් හිතන්නෙ තමන් ගැන විතරයි, ඉරිසියාව ක්‍රොධය වැහි වැහැල, හිගන්නගෙ බත් පතට ඉරිසියා කරන තරමට මිනිස්සු පිරිහිලා, සමාජය කොහාටද යන්නෙ කියන එක ප්‍රස්නයක්. හිගන්නෙක්ට සතයක් නොදෙන්ඩ හේතු ගොඩාක් කියනව ඒව කියවද්දි පුදුම දුකක් හිතෙනව මිනිස්සු මොන තරන් තිරිසන් වෙලාද කියල, මිනිස්සු කෘතිම වෙලා.....
     
    janish05656

    Well-known member
  • මමත් එන ඕන ඒකෙක්ට ඉස්සර සල්ලි දුන්නා..දැන් නන් දෙන්නේ නෑ මචන්ලා. අපි සල්ලි දීලා ඒ මිනිස්සුන්ව තව තව හිගාකන්න පුරුදු කරනවා කියලායි මාට හිතෙන්නේ.. අද රැ5ක් දුන්නොත් හෙට රැ10ක් ගන්න බලන් එන්නේ..
    ඊට වඩා හොදයි පන්සලේ පි0 කැටේට දානවා..
     
    Palihawadana1990

    Well-known member
  • මට හිතුනොත් ඒ යාචකය බොරුවක් කරන්නෙ නෑ කියල මම කීයක් හරි දෙනව, ඒ වගේම පාර දෙපැත්තෙ වාඩි වෙලා ඉන්න ගොඩාක් වයසක අම්මල, තාත්තලට කීයක් හරි අනිව දෙනව.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිගාකෑම ගැන කියන්න නම් කප්පරක් දේ තිබේ............(මා ගැන දන්නෝ හේතුව දනිත්)

    කොට්ටාවෙ හිටියා “ඊයේ රෑටත් මම කුසගින්නේ“ කියාගෙන බස් එකට නගින වයසක මනුස්සයෙක්. දවසක් රෑ වෙලා යද්දී මම දැක්ක මේ මනුස්සයා හොදට බීලා තව හාදයෙක් එක්ක රෙස්ටුරන්ට් එකකට රිංගනවා. පහුවෙනිදත් ආවේ “ඊයේ රෑටත් මම කුසගින්නේ“ කියාගෙන.............