මම නම් වැඩේ වෙන විදියටම මුන්ට ගේම දුන්නා මාර්ගස්ථ ප්රවාහන අධිකාරියට බෑ කියන්න බැරි වෙන්නම ජනාධිපතිතුමාගේ ඉදන් පහලට හැමෝටම පිටපත් දාලා තමයි මගේ පැමිණිල්ල යොමු කලේ. සාක්ෂි දෙන්න මම එකම වතාවක් වත් ගියේ නෑ සියඵම විඩියෝ සාක්ෂි මම විද්යුත් තැපැල් මගින් මාර්ගස්ථ ප්රවාහන අධිකාරියට යැව්වා. අපි කරන පැමිණිල්ල හරියට කලා නම් මුන්ට බේරුමක් නෑ. ඒ නිසා හරියට සාක්ෂි සහිතව පැමිණිල්ල යොමු කරන්න. ඔබට ජය!
අඩෝ... නියම වැඩක් ඔහොම තමයි කරන්න ඕන අද බස් පක්කුන්ගෙ තාඩන පීඩනවලට යටත්වෙලා උන්ට ඕන විදියට තමයි යන්න වෙලා තියෙන්නෙ ටයිම්කීපර්ගෙ අතේ රුපියල් සීයක් ගුලිකලාම ඔක්කොම හරි...
අපිත් ඔය වගේ ගේමක් දුන්න ඔෆිස් එකේ එකෙක්ගෙ මල ගෙදරක එන්න ගාල්ලට එන්න ඕන කොටුවෙන් නැග්ගට ඉඳගන්න දුන්නෙ නෑ අනික මාතරටම ටිකට් ගන්නත් වුනා. ඒව ඔක්කොම උන්ගෙ නීති. පස්සෙ මුන් හැම හෝල්ට් එකේම කොට කොට යන්න ගත්තා. කොලො වලිය දාන්න ගත්තා. පස්සෙ හෝල්ට් එකේ නවත්තද්දි බස එක කැඩිල තියෙන්නෙ යද්දි පරක්කුවෙයි. ඊලඟ එකේ එන්න කියල ඇතුලෙ ඉනදන් කෑගහන්න ගත්ත අරූට කරගන්න දෙයක් නෑ මිනිස්සු නැග්ගෙ නෑ... ඌට යන්න වුනා



