බස් එකට දාන්න නමක්!

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මම නම් වැඩේ වෙන විදියටම මුන්ට ගේම දුන්නා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට බෑ කියන්න බැරි වෙන්නම ජනාධිපතිතුමාගේ ඉදන් පහලට හැමෝටම පිටපත් දාලා තමයි මගේ පැමිණිල්ල යොමු කලේ. සාක්ෂි දෙන්න මම එකම වතාවක් වත් ගියේ නෑ සියඵම විඩියෝ සාක්ෂි මම විද්‍යුත් තැපැල් මගින් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට යැව්වා. අපි කරන පැමිණිල්ල හරියට කලා නම් මුන්ට බේරුමක් නෑ. ඒ නිසා හරියට සාක්ෂි සහිතව පැමිණිල්ල යොමු කරන්න. ඔබට ජය!

    අඩෝ... නියම වැඩක් ඔහොම තමයි කරන්න ඕන අද බස් පක්කුන්ගෙ තාඩන පීඩනවලට යටත්වෙලා උන්ට ඕන විදියට තමයි යන්න වෙලා තියෙන්නෙ ටයිම්කීපර්ගෙ අතේ රුපියල් සීයක් ගුලිකලාම ඔක්කොම හරි...
    අපිත් ඔය වගේ ගේමක් දුන්න ඔෆිස් එකේ එකෙක්ගෙ මල ගෙදරක එන්න ගාල්ලට එන්න ඕන කොටුවෙන් නැග්ගට ඉඳගන්න දුන්නෙ නෑ අනික මාතරටම ටිකට් ගන්නත් වුනා. ඒව ඔක්කොම උන්ගෙ නීති. පස්සෙ මුන් හැම හෝල්ට් එකේම කොට කොට යන්න ගත්තා. කොලො වලිය දාන්න ගත්තා. පස්සෙ හෝල්ට් එකේ නවත්තද්දි බස එක කැඩිල තියෙන්නෙ යද්දි පරක්කුවෙයි. ඊලඟ එකේ එන්න කියල ඇතුලෙ ඉනදන් කෑගහන්න ගත්ත අරූට කරගන්න දෙයක් නෑ මිනිස්සු නැග්ගෙ නෑ... ඌට යන්න වුනා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    දැන් ඉතින් තියෙන බස් සමාජේ තත්වේ අනුව දාපන්

    හංසමාලි ට්‍රැවල්ස්
    සකලන්සමාලි ස්පීඩ්
    සැමුවෙල් රැපිඩ්
    හෂිනි දෝනි
    කවුෂි දෙන
    කුඩු රැජින

    ලංකාවේ බහුතරයක් බස් අයිති කාරයන්ට ඕනේ උන්ගේ බස් එක අනිත් බස් වලට වඩා කැපිල පෙන්න මිසක් හොඳ සේවාවක් දෙන්න නෙමෙයි. ඉතින් ලොරි වලට බස් කියල හිටං මොඩිෆයි කරලා සබ්බුෆර් ගහල පාට ලයිට් දාල හෝන් සද්ද වර්ග දෙක තුනක් හයි කරලා කන පැලෙන්න ලයිව් ෂෝ මියුසික් දාල සෙනග පොල් වටවාගෙන යන එක ලංකාවේ අලුත්ම කලාවක්. කුම්බින්ටත් හුජ්ජ ගංගාවක් කියනවනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා සහෝ... කථාව හරියටම හරි. මම ලගකදී 138 පාරේ දුවපු බස් එකක කොන්දොස්තර මහතෙකුටයි ඩ්‍රයිවර් මහතෙකුටයි දුන්නා අම්මා මුත්තා මතක් වෙන ගේමක්. මම කඩවතින් පිටකොටුව ගුණසිංහපුරට ආවා විනාඩි 15 ට (18km ක්) එතන ඉදන් තුන්මුල්ල හන්දියට 138 (කොට්ටාව - පිටකොටුව) නැගලා 7km එන්න විනාඩි 50 ක් ගත්තා. පාන්දර 6 ට විතර මොන මාර්ග තදබදයක් වත් නෑ. කොටුව දුම්රියපොල ඉස්සරහා මේ බස් එක විනාඩි 20 ක් නවත්තන් හිටියා. මේක මුන් දෙන්නට හොදින් තේරුම් කරලා දුන්නම මගෙන් හෙන ගේමක් ඉල්ලුවා. මම බස් එකෙන් බැහැලා එද්දි කිව්වේ මගියෙක් විදියට දෙන්න පුඵවන් උපරිම දඩුවම අරන් දෙනවා කියලා උන් දෙන්නටම මතක් කරලා. පස්සේ මම ඒ බස් එකේ දැක්ක අඩුපාඩු ඔක්කොම දාලා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට ලිඛිතවත්, දුරකථන මාර්ගයෙනුත් පැමිණිලි කලා. බස් එක තොරණක් වගේ සරසලා තිබුන එකට උසාවි දැම්මා. කොන්දොස්තර මහතා මට ටිකට් දුන්නේ නැති එකට බලපත්‍රය අවලංගු කරා. ඩ්‍රයිවර් මහතාට බස්රථ ධාවනය පිළිබදව මාස 6 ක පුහුණුවක් (පුහුණු කාලය ඉවර වෙනකල් බස් එලවිල්ල බෑ) මම මේ වැඩේ වෙනවද කියලා සතියකට වරක් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් හොයලා බලනවා. වැඩේ නැගලාම යනවා. කිව්ව විදියටම බස්එකේ තිබ්බ තොරන් වලට රු 50000.00 ක දඩයක් ගහලා. තිබ්බ ඔක්කොම කෑලි ගලවලා සතියකින් පෙන්නන්න කියලා. කොන්දොස්තරට කිසිම බස් එකක වැඩට අරන් නෑ. ඩ්‍රයිවර් හොදින් පුහුණුව කරගෙන යනවා.

    කරන පැමිණිල්ල හරියටම කලා නම් වැඩේ වෙනවා. උබ ඕක විහිඵවට කිව්වනම් අවුලක් නෑ. කොළඹ දිස්ත්‍රික්කයේ බස් එකක් නම් මේ අංකෙට කථා කරලා පැමිණිලි කරපන්.... 011-2860860 මම මේක ජනපතිට කියන්න පැමිණිලි සේවාවේ ඉදන් දාලා තමයි උන් දෙන්නටයි බස් කාරයාටයි පාඩමක් ඉගැන්නුවේ. මගීන් විදියට අපිත් මේ වගේ අසාධාරණයන් වෙනකොට කට පියාගෙන ඉන්නේ නැතිව පැමිණිලි කරලා පැමිණිල්ල ගැන පසු විපරම් කලා නම් මේ වගේ කාලකන්නි බස් ඩ්‍රයිවර් / කොන්දොස්තර / බස් හිමියන්ට පාඩමක් උගන්නන්න පුඵවන්. උබ මට නිකන් ගොනා කියන්න එපා හරිද ගොන් නාම්බෝ. මම නම් හොදට මොලේ කල්පනා කරලා තමයි මුන්ට වැඩේ දුන්නේ. බොරු නම් https://tell.president.gov.lk/grievance/showSearchGrievance.mvc
    මේ ලින්ක් එකට ගිහින් මගේ පැමිණිලි අංකය වන PRE/2018/N/045017 ඇතුලත් කරලා බලපන්.

    niyamai.. patta.. :cool::cool::cool::cool:

    uba niyama purawesiyek.. :cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කරන්න දෙයක් නෑ සහෝ... මොකද මේ වගේ ගොන්නුන්ට පාඩමක් උගන්නන්නත් ඔනේ. මටත් දුකයි කොල්ලෙකුගේ ජොබකට කෙළ උන එකට. ඒත් අපි ඔය විදියට හිතව්වොත් මේ රටේ විනය කින එක නැත්තටම නැති වෙනවා නේද? ඒ නිසා තමයි ඔය බස් රූට් එකේ එවුන්ට පාඩමක් වෙන්න මම ඒ විදියට කටයුතු කලේ. මම හිතන්නේ මගියෙක් විදියට ඒක යුතුකමක්. එදා සීන් එක උන දවසේ වයසක අම්මා කෙනෙක්ට මම වාඩි වෙලා හිටිය ෂීට් එක දුන්නා ඒ අම්මා මම දැක්ක විදියට නම් මහරගම පිළිකා රෝහලට ගියේ. මේ වගේ ගොන් නාම්බොන්ගේ වැඩ නිසා ඒ අම්මා කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇතිද? ඒ අම්මා සමහර විට ක්ලිනික් එකට පැය ගානක් පෝලිමේ ඉන්න ඇති. ඒ අම්මා රස්තියාදුවක් උනා නම් ඒකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ මේ බස් එකේ ගොන් නාම්බො දෙන්නා. මොකද ඒ අම්මව වේලාවට බස්සන්න වගකීම පැවරිලා තිබුනේ මුන් දෙන්නට. අපේ රට ලස්සන වෙන්න නම් මේ වගේ අපිට පැවරිලා තියන වගකීම් හරියට කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    අඩෝ... නියම වැඩක් ඔහොම තමයි කරන්න ඕන අද බස් පක්කුන්ගෙ තාඩන පීඩනවලට යටත්වෙලා උන්ට ඕන විදියට තමයි යන්න වෙලා තියෙන්නෙ ටයිම්කීපර්ගෙ අතේ රුපියල් සීයක් ගුලිකලාම ඔක්කොම හරි...
    අපිත් ඔය වගේ ගේමක් දුන්න ඔෆිස් එකේ එකෙක්ගෙ මල ගෙදරක එන්න ගාල්ලට එන්න ඕන කොටුවෙන් නැග්ගට ඉඳගන්න දුන්නෙ නෑ අනික මාතරටම ටිකට් ගන්නත් වුනා. ඒව ඔක්කොම උන්ගෙ නීති. පස්සෙ මුන් හැම හෝල්ට් එකේම කොට කොට යන්න ගත්තා. කොලො වලිය දාන්න ගත්තා. පස්සෙ හෝල්ට් එකේ නවත්තද්දි බස එක කැඩිල තියෙන්නෙ යද්දි පරක්කුවෙයි. ඊලඟ එකේ එන්න කියල ඇතුලෙ ඉනදන් කෑගහන්න ගත්ත අරූට කරගන්න දෙයක් නෑ මිනිස්සු නැග්ගෙ නෑ... ඌට යන්න වුනා

    ඔව් සහෝ.. අනිවා. මේ වගේ උන් හදන්න නම් අනිවාර්යයෙන්ම අපි මුන්ට විරුද්ධව කටයුතු කරන්න ඔනේ. එතනදි වලියක් දාගත්තොත් ඒකෙන් අපේ ජීවිත අවදානමක් එනවා. අපි මොකටද සහෝ අඩුව තියන් අත පුච්චගන්නේ. ඒ නිසා අපේ ජීවිත අවධානමක් අරන් වලි දාගන්නේ නැතිව ජංගම දුරකථනයෙන් විඩියෝ කරලා ඒකේ සාක්ෂියක් විදියට පාවිච්චි කරන්න. මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා සම්බන්ධව පනතක් තියනවා. ඒකෙන් මගියාගේ ආරක්ෂාවට වගේම මේ වගේ ගොන් බූරුවෙන්ට කිසිම ජඩ වැඩක් කරන්න තියා හැරෙන්නවත් බෑ ඒකේ තියන කරුණු එක්ක. සාක්ෂියක් ගන්න බැරි උනොත් ඔය ඕනම එකෙක් අල්ලන්න පුඵවන් වරදක් තියනවා. ඒක තමයි බස් තොරණ් විදියට මොඩිෆයි කිරීම. මෝටර් රථ කොමසාරිස්ගේ අණුමැතියක් නැතිව රථයකට කිසිම මොඩිෆිකේෂන් එකක් කරන්න බෑ. ඒ නීති පොයින්ට් එක අල්ලලා පොලිසියට ගිහින් පැමිණිල්ලක් කලා නම් පොලිසියෙන් බස් එක උසාවි දානවා. අඩුම දඩය රු 50,000.00 යි. පොලිසියත් ඔය බස් වල එවුන් එක්ක පට්ට තරහක් තියන නිසා ඒකේ වාසිය අරන් අනිවාර්යයෙන්ම උසාවි යවන්න පුඵවන්. අර දම් රැජින බස් එකටත් උනේ ඔය නීති පොයින්ට් එක අල්ලලා පොලිසියෙන් බස් එකට නඩු දාපු එක. ඒක නිසා මොලෙන්ම තමයි මේ වගේ ගොන්නුන්ට ගහන්න ඕනේ.
     
    • Like
    Reactions: aneasarayana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න දෙයක් නෑ සහෝ... මොකද මේ වගේ ගොන්නුන්ට පාඩමක් උගන්නන්නත් ඔනේ. මටත් දුකයි කොල්ලෙකුගේ ජොබකට කෙළ උන එකට. ඒත් අපි ඔය විදියට හිතව්වොත් මේ රටේ විනය කින එක නැත්තටම නැති වෙනවා නේද? ඒ නිසා තමයි ඔය බස් රූට් එකේ එවුන්ට පාඩමක් වෙන්න මම ඒ විදියට කටයුතු කලේ. මම හිතන්නේ මගියෙක් විදියට ඒක යුතුකමක්. එදා සීන් එක උන දවසේ වයසක අම්මා කෙනෙක්ට මම වාඩි වෙලා හිටිය ෂීට් එක දුන්නා ඒ අම්මා මම දැක්ක විදියට නම් මහරගම පිළිකා රෝහලට ගියේ. මේ වගේ ගොන් නාම්බොන්ගේ වැඩ නිසා ඒ අම්මා කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇතිද? ඒ අම්මා සමහර විට ක්ලිනික් එකට පැය ගානක් පෝලිමේ ඉන්න ඇති. ඒ අම්මා රස්තියාදුවක් උනා නම් ඒකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ මේ බස් එකේ ගොන් නාම්බො දෙන්නා. මොකද ඒ අම්මව වේලාවට බස්සන්න වගකීම පැවරිලා තිබුනේ මුන් දෙන්නට. අපේ රට ලස්සන වෙන්න නම් මේ වගේ අපිට පැවරිලා තියන වගකීම් හරියට කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::cool::cool::cool::cool::cool::cool:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    niyamai.. patta.. :cool::cool::cool::cool:

    uba niyama purawesiyek.. :cool::cool:

    ස්තුතියි සහෝ...... ඇත්තටම දුකයි බන්. ඉස්සර කාලේ CTB බස් වල රියදුරුමහතුන් / කොන්දොස්තර මහතුන් පුංචි අපේ ලෝකේ විරවරයෝ. ඒකට දැන් ඉන්න ප්‍රයිවට් බස් වල උන්.... ඒ නම්බු නාමේ සම්පූර්ණයෙන්ම කාලා තියෙන්නේ.

    මේක මගේ ජීවිතයේ අමතකම නොවන අත්දැකිම :-

    1998 දි නිදහස් උත්සවයට චාර්ල්ස් කුමාරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී උනා. එ් කාලයේ චාල්ස් කුමාරයාගේ නුවර සංචාරයක් යෙදිලා තිබුනා. ඒකට නුවර අවට පාසල් වලින් පුංචි ළමයි ගෙනල්ලා සංදර්ශණ කීපයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබුනා. ඒ සදහා පුංචි වයසේ හිටපු මා අැතුඵව විශාල ළමයින් පිරිසක් හැම පාසලකින්ම තෝරගෙන තිබුනා. සංදර්ශණ පුහුණු කටයුතු උදේ 6.30 ඉදන් වගේ තිබුන නිසා අපි පාන්දර 5.00 ට ගමෙන් තිබුන CTB බස් එකෙන් පාසලට ආවා. ඒ බස් එකේ රියදුරු විදියට කටයුතු කලේ ඉලංගරත්න කියලා මාමා කෙනෙක්. කොන්දොස්තර විදියට තෙන්නකෝන් කියලා මාමා කෙනෙක් වැඩකලා. 1998 ජනවාරි 25 වැනිදාත් අපි සුපුරුදු විදියට ඒ බස් එකෙන් පාසල් එන්න පිටත් උනා. මට මතක විදියට එදා ඒ බස් එකේ පාසල් ළමයි 30 ක් විතර හිටියා. උදේ 6.10 ට විතර නුවර වැව රවුමේ හිල්වුඩ් බාලිකාව (දළදා මාලිගාවට අනික් පැත්තෙන් තියන පාරේ මල්වත්ත පන්සල තියන කිට්ටුවම) හරියෙදි අපිට මහා විශාල පිපුරම් හඩක් ඇහුනා. මගේ ජීවිතේ ගොඩක්ම බය උන දවස තමයි ඒ දවස. එදා තමයි LTTE එකෙන් දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ. අපි ඔක්කොම මර බයෙන් අඩනකොට බස් එකේ හිටපු ඉලංගරත්න මාමායි, තෙන්නකෝන් මාමායි දෙන්න නැවතත් බස් එක හරවගෙන බස් එකේ හිටපු වැඩිහිටි කීපදෙනෙකුත් එක්ක එකතුවෙලා අපේ බය නැති කරලා අපිව ආරක්ෂිතව ගමට ගෙනත් අපේ දෙමවුපියන් වෙත භාර දුන්නා. උදේ ප්‍රවෘත්ති වලින් දළදා මාලිගාවට බෝම්බ ගහපු විත්තිය දැනගෙන අපේ දෙමාපියනුත් හොදටම බය වෙලා. අවස්ථානුකූලව වගකීම උපරිම අරන් කටයුතු කරපු ඉලංගරත්න මාමායි තෙන්නකෝන් මාමායි දෙන්නා තමයි එදා වගේම අදත් මගේ ජීවිතයේ සුපිරි විරයෝ දෙන්නා.

    ඒත් අවාසනාවට වගේ අද උදේ ප්‍රවෘත්ති වලින් මට අහන්න ලැබුනේ මේ වගේ සැබෑම සුපිරි විරයෝ හිටපු CTB එකේ ඩ්‍රයිවර් / කොන්දොස්තරවරුන්ගේ නොමනා හැසිරීමක් සම්බන්ධව. වැලිමඩ ඩිපෝ සේවකයින් පිරිසක් එල්ල කරපු ප්‍රහාරයකින් පුද්ගලික බස් කොන්දොස්තරවරයෙක් මිය ගියා කියලා අද උදේ අහන්න ලැබුනා. ඇයි මේ වගේ මැරයෝ බස් සේවාවන් වල ඉන්නේ. බස් සේවාවන් වල ඉන්න ඕනේ ඉහතින් මම සදහන් කරපු ඉලංගරත්න මාමායි තෙන්නකෝන් වගේ මනුසත් කම අගයන පුද්ගලයින්. නැතුව චන්ඩියෝ, කුඩු කාරයෝ, ගංජා කාරයෝ, මැරවරයෝ මේ පොදු බස් සේවාවන් වලට කොහෙත්ම ඔනේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    කරන්න දෙයක් නෑ සහෝ... මොකද මේ වගේ ගොන්නුන්ට පාඩමක් උගන්නන්නත් ඔනේ. මටත් දුකයි කොල්ලෙකුගේ ජොබකට කෙළ උන එකට. ඒත් අපි ඔය විදියට හිතව්වොත් මේ රටේ විනය කින එක නැත්තටම නැති වෙනවා නේද? ඒ නිසා තමයි ඔය බස් රූට් එකේ එවුන්ට පාඩමක් වෙන්න මම ඒ විදියට කටයුතු කලේ. මම හිතන්නේ මගියෙක් විදියට ඒක යුතුකමක්. එදා සීන් එක උන දවසේ වයසක අම්මා කෙනෙක්ට මම වාඩි වෙලා හිටිය ෂීට් එක දුන්නා ඒ අම්මා මම දැක්ක විදියට නම් මහරගම පිළිකා රෝහලට ගියේ. මේ වගේ ගොන් නාම්බොන්ගේ වැඩ නිසා ඒ අම්මා කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇතිද? ඒ අම්මා සමහර විට ක්ලිනික් එකට පැය ගානක් පෝලිමේ ඉන්න ඇති. ඒ අම්මා රස්තියාදුවක් උනා නම් ඒකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ මේ බස් එකේ ගොන් නාම්බො දෙන්නා. මොකද ඒ අම්මව වේලාවට බස්සන්න වගකීම පැවරිලා තිබුනේ මුන් දෙන්නට. අපේ රට ලස්සන වෙන්න නම් මේ වගේ අපිට පැවරිලා තියන වගකීම් හරියට කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.

    ado meka patta, maga maru kariyonta kelawannama one...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    machan owage complain ekak karanna mokakda one evidence? un ticket wath denne nathi eke kohomada prove karanne? uba video wath kalada?
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ado meka patta, maga maru kariyonta kelawannama one...

    අනිවා සහෝ... මුන් එක්ක වලියට යන්නේ නැතිව ඔඵවෙන් ගේමක් දෙන්න. මොකද මුන් මහා ෂුවර් නැති ජාතියක්. උන්ට වටින්නේ රුපියල් / ශත මිසක් මනුස්සකම නෙවෙයි. උන්ට ජීවිතයක් බිලි ගන්නවා කියන්නේ සුඵ දෙයක්.
     
    Last edited:

    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    මගේ බස් එකට එහෙම එකෙක් කියවගෙන ආවොත් අල්ලනවා ඇගට ඇබරිලා යන්ට!
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    machan owage complain ekak karanna mokakda one evidence? un ticket wath denne nathi eke kohomada prove karanne? uba video wath kalada?

    මන් ෂේප් එකේ උන්ට නොදැනෙන්න විඩියො පාරක් දාගත්තා. ඔබට බස් එකේ ටිකට් දුන්නේ නැති නම් කියලා බස් ටිකට් එක ඉල්ලගන්න. ඒක තමයි හොදම සාක්ෂිය ඔබ බස් එකේ හිටියා කියලා. අනික එහෙම ඉල්ලද්දි ටිකට් නොදි ඉන්න උන්ට කිසිම බලයක් නෑ. ඒක උනත් ඇති මුන්ට කෙළවන්න. සාක්ෂියක් ගන්න බැරි උනොත් බස් එකේ මොඩිෆිකේෂන් කරලා තියනවා නම් ඒක හරි ෆොටෝ ගහගන්න. ඒකත් ඇති බස් හිමියාට රු 50,000.00 ක විතර දඩයක් දෙන්න.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මගේ බස් එකට එහෙම එකෙක් කියවගෙන ආවොත් අල්ලනවා ඇගට ඇබරිලා යන්ට!

    උබලා වගේ ගොන්නුන්ට කරන්න පුඵවන් ඔක විතරයි නේ... ජීවිතයක අගයක් දන්නේ නැති උබලා වගේ උන්ගේ බස් වල යන අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්. මම නම් කෑ ගහන්න ගියේ නෑ. හැබැයි පුතෝ හීන් නූලෙන් මම උන් දෙන්නටයි බස් හිමියටයි දුන්නා අම්මා මුත්තා ඔක්කොම මතක් වෙන්න ගේමක්. උඩ කියවලා වරෙන්කෝ.... ඊට පස්සේ තේරෙයි උබට. ආ... තව දෙයක් උබගේ ඔය බස් කෙරුවාව හරියට කොරනවා නම් මාර්ගස්ථ මගී ප්‍රවාහන පනත කියවපන් කෝ. ඒකේ තියනවා උබලට කොහොමද හරියට තමන්ගේ රැකියාව කරන්නේ කියලා
     
    Last edited: