බස් එකේ අන්තිම පේලිය

  • Jul 6, 2012
    10,691
    2,917
    113
    බස් එකේ අන්තිම පේලිය

    මේක ඉස්සුවේ අන්තිම පේලියෙන් -ඒකෙ cowtheboy කියන member ගෙ post එකක්
    ඒ නිසා පුලුවන් නම් දාන කොමෙන්ටුවක් එතනත් දාලා යන්න.තව හොඳ හොඳ රස කතා තිබුනා






    මේක වුනේ අපි ඉස්කෝලේ යන කාලේ. කඳුරට තියන එල කොල්ලන්ගේ ඉස්කෝලෙකට තමයි අපි ඉතින් ගියේ. දන්නවනේ ඉතින් ඒ ලෙවල් කරන්න ආපුවම කොල්ලන්ට තියන උණ. ඔය කියන උණ අපිටත් හොඳටම වැඩි වෙලා තිබුනේ. අපි හිටියේ මැත්ස් ක්ලාස් එකේ. එකේ හිටිය එකෙකුටවත් ඉගෙනගන්න ඕන කමක් තිබුනේ නෑ. අපේ පන්ති භාර හිටියෙත් අපිටම හරියන සර් කෙනෙක්. අපි ආදරේට කිව්වේ බාල වන්නියා සර් කියල. මූණ පුරා රැවුළ වවාගෙන, බුලත් විටක් එහෙම කාල තමා ඉතින් සර් ඉන්නේ.
    මේ සර් හිටියේ ලෝකේ අඩුම වේගයකින් බස් යන පාරක. මේ පාරේ කිලෝ මීටර් 15 යන්න ඉතින් පැය දෙකක් වත් යනවා. හැබැයි ඉතින් ලව් කරන කොල්ලන්ට කෙල්ලන්ට කියපු පාර. මොකද ඉතින් බස් එකේ පිටි පස්සේ සීට් එකේ වාඩි වුණාම අඩු මුදලකට වැඩි කාලයක් ගත කරන්න පුළුවන් නිසා. අපේ පන්තියෙත් හිටියා (අපි කියමු මූට සෙවලයා කියල) එකෙක් කෙල්ලෙක් හීටිය. මූ ඉතින් ඒ දවස් වල හිටියේ පොර වගේ තමා. මොකද ඉතින් ඒ කාලේ අපි දිහා කෙල්ලෙක් වෙලාව අහන්නවත් බලන්නේ නෑ. අපිත් ඉතින් සෙවලයාට හූල්ල හූල්ල හීටිය. මූත් ඉතින් ලව් කරන්න යන්නේ අර සර් හීටිය පාරේ බස් වල තමා. ඔන්න ඉතින් දවසක් අපේ බාල වන්නියා සර්ට මූව බස් එකේ යනකොට මාට්ටු.
    පහුවදා ඉතින් සෙවලයා හිටියා වීරයා වගේ. ඔන්න ඉතින් සර් ආව පන්තියට. මේ ඊට පස්සේ ඇති වුන දෙබස.

    සර් : ආ හේරත්, (සෙවලයාගේ ඇත්ත නම හේරත් කියල කියමුකෝ) මම දැක්කා ඔය ඊයේ බස් එකේ යනවා අපේ ගෙවල් පැත්තේ.
    සර් ඉතින් ඇඟට පතට නොදැනී වගේ ඇහුව. අපේ සෙවලයත් ඉතින් ලෝඩ් වගේ අත් දෙක එහෙම දිග ඇරලා ඇග මැලියක් කඩලා මෙහෙම උත්තර දුන්න සර්ව කඩේ යවන්න හිතාගෙන.

    සෙවලයා: ඔව් සර්, මම නෑදෑ ගෙදරක ගියා අපේ අක්කත් එක්ක.
    සර්: ආ එහෙමද, මම හිතුවේ ඒ හේරත්ගේ අම්ම කියල. මොකෝ හේරත් කිරි බොන්න එහෙමත් ගියා මම බලාගෙන.
    ඊට පස්සේ ඉතින් අපේ පන්තියෙන් ඇහුන සද්දේ ගැන ඉතින් කියන්න ඕනේ නැහැ නේ…


    :lol::lol::lol::lol::lol:



    උස්සපු තැන ලිංකුව-http://www.thelastrow.net/2012/02/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8-%E0%B6%B4%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA/


     
    Last edited:

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif


    rep denna wate yanna onalu machan