ඔය වැඩේ ඔය විදියටම මට උනා දවසක්. රෑ van එකක් පස්සෙන් ගියා. ඒ van එක එක පාරටම පාර අයිනට දැම්මා. මම හිතුවේ ඒක නවත්තන්ඩ යනවා කියලා. ඉතින් මම සිග්නල් දාලා පාර මැදට ගත්තා ඒක ඉස්සර කරන්ඩ. එතකොටම මූණට headlight එකක් වැදුණා. බලද්දී මූණ කෙලින්ම මම යන side එකෙන් ටිපර් එකක් එනවා. මමත් van එක පස්සෙන් පාර අයිනේ කාණුව ගාවට යනකන් අයින් කරලා තමා බේරුණේ. ටිපර් එක slow කළේවත් නෑ. ඒක ආවේ පොඩි කඳු ගැට්ටක් වගේ තැනක තනි ඉර තියෙද්දී wrong side.
මම van එකට දුර තියන් ගියපු හින්ද මට ටිපර් එක දැකලා අයින් කරගන්ඩ වෙලා තිබ්බා. ඒත් ඔය ත්රීවිල්, bike යන්නෙම මේ video එකේ වගේ ඉස්සරහින් යන වාහනයට ගෑවී නොගෑවී. ඊට පස්සේ ඉඩ හම්බුණ ගමන් එක පාරට ඉස්සර කරනවා. වමෙනුත් දානවා දකුණෙනුත් දානවා. පොඩ්ඩ මිස් උනානම් ඉවරයි.