මේ මංතීරු ප්රමුඛ පොදු මගී සේවයටද නැතිනම් පුද්ගලික වාහන හිමි දනවතුන් වැදගතුන්ටද? සාමාන්‍ය ජනයා සදාකාලික මහ මග රැදෙන රස්තියාදුව අවසන් කිරීමට යලි තව විකල්ප අත් හදා බැලිය යුතුමය
බස් ප්‍රමුඛතා මංතීරුව
බස් ප්‍රමුඛතා මංතීරුව මේ දිනවල බෙහෙවින්ම කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම අදහස මුල්වරට ක්‍රියාත්මක කරන ලද්දේ දකුණු ඇමරිකාවේ අප වැනිම රටක් වන කොලොම්බියාවේ බොගෝටා අගනුවරයි. එහි සාර්ථකත්වය මත දකුණු කොරියාව, තායිලන්තය, කෙන්යාව ඇතුළු සෙසු රටවල්ද සාර්ථක ලෙස මෙම අත්දැකීම උපයෝගී කර ගනිමින් පවතී.
එම රටවල බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කිරීමේ අරමුණ වී ඇත්තේ සෙසු සියළු පුද්ගලික වාහන වලට වඩා වේගයෙන් ධාවනය කිරීමට පොදු මගී ප්‍රවාහණ සේවා වලට අවකාශ සලසා දීමයි. එවිට රටේ ජනතාව තරාතිරම් භේදයක් නොමැතිව තම පුද්ගලික වාහනය ගෙදර තබා පොදු මගී ප්‍රවාහණ සේවය වෙත ආකර්ශණය වීමට මෙය හේතුවේ. එමෙන්ම මෙම යෝධ පියවර එක් රැයකින් නොව මධ්‍ය-කාලීනව වාහන තදබදය අඩුකිරීමට ඉවහල් වන බව නිසැකය.
එනමුත්, යම් රටක බස් ප්‍රමුඛතා මංතීරුවක් වෙන්කොට, යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ සෙසු අවශේෂ වාහන එයට ගාල් කිරීමේ උනන්දුවක් දක්වන්නේ නම් එහි අර්ථය වන්නේ, වැදගතුන්ගේ යයි සම්මත වාහන කාණ්ඩ වලට සෙසු වාහන වලින් වන බාධා අවම කර ගැනීම විය යුතුමය. එහි ප්‍රතිඵලය කුමක්විය හැකිද? පොදු මගී ප්‍රවාහණ සේවය තවදුරටත් අකාර්යක්ෂම වීමයි. තවද, එය සියළු දෙනාම පුද්ගලික වාහනයකින් ගමන් කිරීමට පොළඹවයි. තත්එත්රවය එසේ නම් එරට ප්රවාහණය කොතැනකට යොමුවේද?
බස් ප්‍රමුඛතා මංතීරු සංකල්පයේ මා දකින කිසිදු ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ එය අරමුණු කරගන්නා ආකාරය පිටුපසය
-Copied-