බස් පිස්සුව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජාතික ගමනාගමන කොමිසම විසින් 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට නියමිත බවත් ඊට අමතරව
    බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් වන පණිවුඩ රැසක් සහිත විඩියෝපට හඳුන්වා දීමටද පියවර ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

    දැනට මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති දුර ගමන් සේවා මෙන්ම අනෙකුත් මගී ප්‍රවාහන බස්රථවල ගමන් කරන මගී ජනතාවට එම බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතළ හිරිහැරයක්ව තිබෙන බවට වාර්තා වී තිබේ. ඒ අනුව ඊයේ (24) පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර එහිදී මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා එම කොමිසමට උපදෙස් දුන්නේය. ජාතික ගමනාගමන කොමිසම විසින් සිංහල,

    ද්‍රවිඩ හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15,000ක නියැදියක් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ එම සමීක්ෂණයට ලක්වූ සියලුම දෙනා (සියයට 100 ක්ම) දැනට බස්රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කරන ගීත තමන්ට මහත් හිරිහැරයක් හා කරදරයක් බව ප්‍රකාශ කර ඇති බවයි.

    එසේම ඊයේ දින මේ සම්බන්ධව පැවති සාකච්ඡාවේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ බස්රථවල ගීත වාදනය කළ හැකි උපරිම ඩෙසිබල් ප්‍රමාණය ඒ පිළිබඳව දැනුමක් ඇති විද්වත් මණ්ඩලයක අනුමැතිය සහිතව ප්‍රකාශයට පත් කර එය ක්‍රියාත්මක කිරීම අනිවාර්යය කරන ලෙසයි. දැනට එම බස්රථවල වාදනය කෙරෙන ඇතැම් ගීත නිසා මගීන්ට මහත් අපහසුතාවකට මුහුණ දීමට සිදු වීම පමණක් නොව මගීන් රෝගීන් බවට පත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම විසින් හඳුන්වා දී තිබෙන එම ගීත පමණක් වාදනය කිරීමේ වැඩ පිළිවෙළ 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වේ. මීට අමතරව සමාජ ක්‍රියාකාරිකයින් දෙපළක් විසින් බස්රථවල රියදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම මගී ජනතාවද ධනාත්මක සිතිවිලිවලට යොමු කරන වැඩපිළිවෙළක් සහිත යෝජනාවලියක් අමාත්‍යවරයාට භාරදෙනු ලැබීය. ඒ අනුව මගී ප්‍රවාහන බස්රථවලට සුභාවිත ගීත සහිත සංයුක්ත තැටි ලබා දීමේ වැඩ පිළිවෙළ මෙම මස 31 වැනි දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඕකත් නිල ඇදුමක්,ටිකට් මැෂින් එකක් පාවිච්චි කරන්න කිව්වා වගේ වෙයි අන්තිමට.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    othana issellama karanna ona de thamayi, as a whole, bass eka awashya gaanata hadana eka. godak bus kaarayo hithan inne kana palenna bass eka dammahama hari kiyala.