බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා_ඊබට් සිල්වා
බස්_68_ක්_එක_රැයින්_අපිට_නැති_උනා - සභාපතිනි සුධර්මා සිල්වා - ඊබට් සිල්වා සමාගමේ කතාව
සිද්ධ වුණේ, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ නැත්තට ම නැති වූ එක විතරයි.
සමාගම අරඹපු නෝමිස් සිල්වාවත් ඔහුගේ පුතා ඊබට් සිල්වාවත් නැති ‘ඊබට් සිල්වා ටුවරින්’ සමාගමේ අද සභාපති ඔබ....
ඔව්. තාත්තගෙන් පස්සෙ පුතා ව්‍යාපාරය බාර ගත්තා වගේ ම, ඒ පුතාගෙන් පස්සෙ එයාගෙ නෝනා සභාපති වුණා. ඒ මම. නමුත් පවුලේ ව්‍යාපාරයක් විදියට දැන් අපේ පුතා රජින්ද්‍රත් දුව රාජිනිත් ව්‍යාපාරයේ ඉන්නවා.
* බස් කොම්පැනියක් කළාට, ඊබට් සිල්වගේ නෝනා මොනවද බස් ගැන දන්නෙ... කවුරු හරි මෙහෙම කිව්වොත්...
මහත්තයා ගියේ සෙන්ට් පීටර්ස් කොලේජ් එකට. මං අහලා තියෙන විදියට ඉස්කෝලෙ ඇරිලා ආ ගමන් එයා යන්නෙ ගරාජ් එකට. ඇණේ මුරිච්චියේ ඉඳලා එයා බස් ගැන ඉගෙන ගත්තෙ ඒ යකඩ ගොඩවල් අත පත ගාලා වැඩකරලම ලබා ගත්තු දැනුමෙන්. බස් එකක සද්දෙන් එයාට පුළුවන් ලෙඩක්ද නැද්ද කියන්න. ඔය කියන මට්ටමට නැතත් බස් ගැන ලොකු දැනුමක් මටත් තියෙනවා. මං ඒ සියල්ල ඉගෙන ගත්තෙ විවාහ වෙලා ආවට පස්සෙ.
* මේ ව්‍යාපාරයේ මොකක්ද ඔබට ලැබුණු පළමු රාජකාරිය...
හැම බස් එකකටම, ගමන් විස්තරය සහිත ‘Way Bill’ එකක් තිබෙනවා. මට තිබුණෙ ඒ සියලු විස්තර ඇතුළත් Way Bill චෙක් කරන එක. ඒක තමයි මෙතන තියෙන සරලම රාජකාරිය. පුංචි මේසයක් පුටුවක් තිබුණා. මං ආසාවෙන් වැඩ ඉගෙන ගත්තා. පස්සෙ මට වෙනම අංශයක් බාර වුණා.
* මොකක්ද ඒ වෙනම අංශය...
එයාර් ලංකා පටන් ගත් වෙලාවේ staff එක රැගෙන යන Transport මෙහෙයුම බාරව හිටියෙ මං. Air Ceylon කාලෙත් ඊබට් සිල්වා සමාගමම ඒ රාජකාරිය කර තිබූ නිසා මේ වගකීම පැවරුණා. අදාළ ගුවන්යානයට පැයක් තිබියදී තමයි සියල්ල කළ යුතු වුණේ. මාසෙකට ගමන් වාර හත්සිය පණහක්. ගෙවල්වලින් එයාර් හොස්ටර්ස්ලා ඇතළු කෲ එක අරගෙන නියමිත වෙලාවට ම යැව්වා. පළමු ෆ්ලයිට් එක දවසේ රෑ එළිවෙනකල් අපි මෙතන හිටියා. 1981 - 1998 දක්වා ඉතාම සාර්ථකව අපි එයාර් ලංකා staff ප්‍රවාහනය සිදුකළා. එතැනින් එහාට එයාර් ලංකා සමාගමට දේශපාලනය රිංගනවා. අපි විසිවෙනවා.
මොනවද ඔබ මේ ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් කර ඇති දේ...
මම නොකළේ මොනවද කියලා අහනවා නම් ඊට වඩා ලේසියි. හැම සාර්ථක මිනිසෙක් පිටුපස ම ගැහැනියක් ඉන්නවා... කියන කතාව මං ප්‍රායෝගිකව පෙන්වූ කෙනෙක්. අවුරුදු 80 ක්ව 2012 අවුරුද්දෙ එයා නැතිවෙනකල්ම, හැම දේටම හැම මොහොතෙම මං හිටියෙ එයා එක්ක. අදත් මේ කොම්පැනියට අදාළ ඕනෑම විෂයක් යටතේ ඕනම තැනෙක කතා කරන්න, ප්‍රශ්න විසඳාගන්න මට පුළුවන්. ඒ සියල්ල සමඟ ගැටෙමින් ආ ගමනම තමයි ප්‍රගතිය ලෙස මං දකින්නේ.
* මේ ගෙවෙන්නෙ දේශීය ව්‍යාපාරිකයන්ට හොඳ කාලයක්ද...
අනෙක් ඒවා ගැන මං කතා කරන්නෑ. නමුත් පොදුවේ කිව්වොත් මේ අන්තිම නරක කාලයක්. වැඩිය ඕනෙ නැහැ, මුහුණ දෙන්න බැරි තරමේ හැල හැප්පිලිවලට මුහුණ දීලා ඉතිරිවෙලා තිබෙන එකම දේශීය බස් ව්‍යාපාරය වුණාට, අපේ එක බස් එකක් ඔය එකම හයි-වේ එකකවත් දුවනවද...
*ඇයි ඔබ එහෙම කියන්නෙ?
මං කෙළින් කතා කරන කෙනෙක්. මහත්තයා ඉන්න කාලෙ අපි ගියා ප්‍රවාහන කොමිසමට. අපිට හයිවේ බස් පර්මිට් දෙකක් ලබා ගන්න. අද එන්න... හෙට එන්න... අනිද්දා එන්න... කිව්වා මිස දුන්නෙ නැහැ. පස්සෙ තමයි දැනගත්තෙ ඒවා දෙන්නෙ අත යට ක්‍රමයකට බව. මහත්තයා කිව්වා ඒ තරම් මුදලක් දීලා පර්මිටි එකක් ගන්න එකේ තේරුමක් නැහැ කියලා. අපිට අමාරුයි ඒ ක්‍රම එක්ක හැපෙන්න.
* ඒත් ඔබට තිබෙන්නේ බස් කොම්පැනියක්. බසයක් දෙකක් හිමි කෙනකුට වඩා ඔබට මේ රටෙත් ආණ්ඩුවෙත් තිබෙන සැලකීම වැඩියි. එහෙම නේද...
ඔබට වැරදිලා. අපි බස් එකක් රෙජිස්ටර් කරන්නේ සීට් එකකට රුපියල් පන්සියය ගාණේ ගෙවලා. නමුත් අනෙක් හැම බසයකම සීට් එකකට රුපියල් අසූවයි. නීතිය අනුව ඒ අයට ටැක්ස් නැහැ. වැට් නැහැ. හැබැයි, ප්‍රයිවට් හයර් තහනම්. සති අන්තයේ කතරගම වගේ දුර පළාත්වලට ගිහින් බැලුවොත් පාරේ දුවන බස් මොනතරම් තියෙනවද... එක දිගට නවතලා. කවුද ඒ ආදායම් හොයන්නේ. කවුද ඒවා චෙක් කරන්නේ. දැන් ඔවුන් ම දමපු නීති රීති වාසිය අනුව වෙනස් කරලා. නමුත් කොම්පැනි වෙච්චි අපිට නම් ටැක්ස් - වැට් ඇතුළු සියලු නීතින් අකුරට ම ක්‍රියාත්මකයි. එතකොට කවුද මේ රටේ අපිට සලකන්නේ.
* බණ්ඩාරනායක මහත්තයා බස් ජනසතු කළේ ජනතාව ගැන හිතලා... මේ කතාවට ඔබ එකඟද...
එතුමා UNP එකෙන් ගිහින් අලුත් පක්ෂයක් හදපු වෙලාවේ බස් කොම්පැනි අයිතිකරුවන් එතුමාට උදව් කළේ නැහැ. බලයට ආ ගමන් එතුමා ප්‍රසිද්ධියේ කියා තිබූ ආකාරයට ම කළේ, බස් ජනසතු කිරීමයි. බස් අයිතිකාරයො නැත්තටම නැතිවුණා. සමහරු හාට් ඇටෑක් හැදිලා මැරුණා. සමහරු ලෙඩ වුණා. අවුරුදු විසි තිස් ගණන් දුක් විඳලා හම්බ කරගත් සියලු දේ එක දවසක බලෙන් ආණ්ඩුවට ගත්තම, අයිතිකරුවන්ට වන දේ එතුමා දැන හිටියා. අන්තිමේ එහෙම කරලා හදපු CTB එක අද කෝ. අද මිනිස්සුන්ට යන්න CTB බස් තියෙනවද... ඒක ජනතාවගේ යහපත ගැන හිතලා ගත් තීන්දුවක් නෙවෙයි. සිද්ධ වුණේ, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෝ නැත්තට ම නැති වූ එක විතරයි.
* හැමෝගෙම උන්හිටි තැන් පවා අහිමි වෙද්දි ඊබට් සිල්වා සමාගමේ ඉඩකඩම් විතරක් බේරුණේ කොහොමද...
සුනේත්‍රා රණසිංහගේ තාත්තටයි ‘ගාමිණි බස්’ කොම්පැනිය අයිතිව තිබුණේ. SDS ජයසිංහ මහතා තමයි කියා තියෙන්නෙ, ‘ඊබට් ගේ වත් බේරාගන්න ඕනෙ නම් බස් කොම්පැනිය කොහේට හරි ගෙනියන්න කියලා. දෙහිවල හීල් වීදියෙ තිබූ මහගෙදර ඉඳන් ගාලුපාරේ මේ ඉඩමට කොම්පැනිය ගෙනාවෙ ඊට පස්සෙ.
* ඒකෙන්ද ඉඩම බේරුණේ...
නැහැ. ලංකාවේ ලොකුම බස් සමාගම වෙච්චි ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගමේ අයිතිකාරයා ශ්‍රීමත් සිරිල් ද සොයිසා. එතුමාගේ බස් කොම්පැනි පරිශ්‍රය තමයි අද රත්මලානෙ ඩිපෝව කියන්නෙ. ඒ ඉඩම ආණ්ඩුව ගත්තට පස්සෙ ළඟින් ළඟ තවත් ඩිපෝවක් දෙහිවලට අවශ්‍ය නැහැ කියලයි මේ ඉඩම නිදහස් කළේ. ඒකෙන් ඉඩම බේරුණා. ඒත් අපේ හොඳම බස් 68ක්, ඩ්‍රයිවර් - කොන්දොස්තර ලියන්නෝ... මේ හැම දේම අහිමි වුණා.
* කොම්පැනිය අන්තිම අඩියට වැටුණු මේ යුගයෙ ඔහු මුහුණ දුන්නෙ කොහොමද...
1958 ජනවාරි පළමුවැනිදා ඉඳන් ජනසතුව ක්‍රියාත්මක වෙන බව කලින් දැනුම් දුන්නම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත් පිරිසකුත් හිටියා. මහත්තයා කියනවා, 57 අන්තිම මාස වෙද්දි කොන්දොස්තරලා ඩ්‍රයිවර්ස්ලා Daily Collection පවා ගෙනැත් දුන්නෙ නැහැ කියලා. ‘ජනවාරි ඉඳලා කොම්පැනිය නැහැ, මුන්ට මොනවා වුණත් අපිට මොකෝ...’ කියලා හිතපු එහෙම අය අතරේ හොඳ මිනිස්සුත් හිටියා. ඕක වෙනකොට ඇත්තට ම එයාට අවුරුදු විසිපහයි. ඒ තරුණකම හින්ද ම දරා ගත්තා කියලයි මහත්තයා මට කිව්වේ.
සමාගමේ යළි නැඟිටීමට බලපෑ ලොකු ම හේතුව කුමක් ද...?
ජසතුවෙන් දෙමාසෙකට පස්සෙ දවසක සර් සිරිල්, අපේ මහත්තයට කතා කරලා ඇහුවා, ‘ඊබට් මං ඕඩර් කරපු British Albion බස් දෙකක් ගෙනැත් තියෙනවා, ඕනද...’ කියලා. ‘සර් මේ වෙලාවෙ මගේ අතේ සල්ලි නැහැ... කිව්වම, ‘බස් එකෙන් හම්බකරලා පස්සෙ ගෙවන්න...’ කිව්වලු. එතුමා මේ බස් දෙක බේරගෙන තියෙන්නෙ එතුමගේ කළුතර රබර් ෆැක්ටරිවල සේවකයන් ප්‍රවාහනයට ගෙනාවා කියලා. රුපියල් විසිපන්දාහ ගාණේ ලැබුණු ඒ බස් දෙකෙන් තමයි මහත්තයා ආපහු ඔළුව ඉස්සුවේ. ඊට පස්සෙ බොඩි කැඩිලා විනාශ වෙච්චි ලොරි කොහෙන් හරි හොයාගෙන ඇවිත් චැසියට අලුත් බොඩි ගහලා, ලස්සන ටුවරිස්ට් බස් බවට පත් කළා. අවශ්‍ය වඩු මඩුව, කම්මල, කුෂන් වැඩපළ මේ හැමදේම මේක ඇතුළෙ තිබුණා.
* ඔබලාට ජනතා පොදු ප්‍රවාහනයත් තහනම් වුණා නම් ඒ බස්වල ගියේ කවුද...
ආණ්ඩුව පෞද්ගලික ප්‍රවාහනයට විතරක් ඉඩදීලා තිබුණා. ඒත් මිනිස්සු වැලනොකැඩී ට්‍රිප් ගිය කාලයක් නෙවෙයි ඒක. මහත්තයා 1954 නොවැම්බරයේ ‘ඊබට් සිල්වා ටුවරින්’ කියලා සංචාරක ප්‍රවාහන සමාගමක් ඇරලා තිබුණා. පටන් ගත්තෙ කොළඹ ජැටියෙන් ගොඩබහින සුද්දන්ට, ගල්කිස්ස මහ හෝටලේට යන්න යොදවපු පරණ කාර් දෙකකින්. අද මේ තැනට අපිව ගෙනාවේ, ඒ ටුවරිස් කොම්පැනිය. ඒකත් නොතිබුණා නම්, 1925 ඉඳන් අද දක්වා මේ සමාගම පවතින්නෙ නැහැ.
* ජනසතුව හමාර වෙලා ප්‍රයිවට් බස් මහ පාරට එද්දි, ඊබට් සිල්වා සමාගම මොකද කළේ...
කොළඹ - මාතර බස් සේවයක් පටන් ගත්තා. වාර අනුව බස් දහයක් විතර දිව්වා. කප්පම් දීලා ඉවරයක් නැහැ. ඒ වෙලාවේ මහත්තයා 77 ආණ්ඩුව පත් කරපු ‘අමීන් කමිෂන්’ එකෙත් හිටියා. ප්‍රයිවට් බස් සේවාව නැවත ආරම්භ කිරීමටයි ඒ වෙලාවෙ කොමිසම කටයුතු කළේ. මහත්තයා කොයිතරම් පැමිණිලි කළත් කප්පම් කොල්ලය නවතන්න රජයටවත් පුළුවන් වුණේ නැහැ. අන්තිමේ අපේ බස් ටිකත් නවත්තලා මහත්තයා කොමිසමෙනුත් ඉල්ලා අස්වුණා. එදා ඉඳලා අපි පොදු ප්‍රයිවට් බස් සේවාවට ගියේ නැහැ.
* දැන් තත්වය වෙනස්... ඔබට තිබුණා යළි ඉල්ලීමක් කරන්න...
ඒ ගැන නොසෙව්වා නෙවෙයි. දැන් ක්‍රමය ටෙන්ඩර් කැඳවීම. එතකොටත් හම්බකරන විදිය වැඩක් නැහැ. වැඩිම මුදල දෙන ඕනෑම කෙනකුට පර්මිට් ලැබෙනවා. අද මේ තරම් මහ පාරේ බස් ඇක්සිඩන්ට් වැඩිත් මේ නිසාමයි. ආයතනයකට වගකියන - හික්මුණු විනීත - පළපුරුදු රියැදුරෝ නෙවෙයි බස් එළවන්නේ. තරගෙට එකා පෙරළගෙන අනෙකා යන රියැදුරු සමාජයක්.
* ඊබට් සිල්වා... රියැදුරන් ඔය සියලු දෙයින් සම්පූර්ණයි කියල ද ඔබ මේ කියන්නේ...
අපි රියැදුරෙක් බඳවා ගන්නේ පළපුරුද්ද සහ පසුබිම බලලා. ඒ නිසාම රිය අනතුරු ඉතාම විරලයි. ඔවුන් පිළිපැදිය යුතු ආයතනික නීති රීති තිබෙනවා. අපි බස් එකක් එළවපු කෙනාට කාර් එකක් දෙන්නෑ. කාර් එළවපු කෙනාට බස් එකක් දෙන්නෑ. කොයිතරම් නැහැ කිව්වත් පදවන වාහනේ වෙනස් වෙච්චි ගමන් ඔවුන්ගෙන් අනතුරු සිදුවිය හැකි අවස්ථාත් වැඩියි. ඇත්ත ම කිව්වොත් සමහරු කාර්වල ගියර් මාරු කරන්නෙත් බස් එකේ තරමට වේගයෙන්. වාහනේ ඉවරයි. දොස් කියලා වැඩකුත් නැහැ. ඒක ඔවුන්ට පුරුද්දට වෙන දෙයක්.
* මේ, ගැහැනියකට ගැළපෙන රස්සාවක් ද...
නැහැ. මේක පුටුවෙ ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මජං ගෑවෙන එක... ගරාජ් එකට යන එක වගේ ම වාහනයක එන්ජිම ගැනත් අවබෝධයක් තිබිය යුතුයි. පරිපාලනයේ හැම අහුමුල්ලක් ම, ඉන්ධන ධාරිතාව... ඉන්ධන දහනය... පිළිබඳ අවබෝධය වගේ කරුණුවලින් සන්නද්ධ වුණාට මටත් යා නොහැකි සීමාවන් තිබෙනවා. එදා ඒ සියල්ල ඉටු වුණේ මහත්තයා අතින්. ඒ නිසා මට ප්‍රශ්නයක් වුණේ නැහැ. අද මගේ පුතා ඒ දේවල් බලනවා. කවුරු හිටියත් මහත්තයාගේ අඩුව මට දැනෙනවා.
* එතකොට ඔබේ දුව...
එයා චාටඩ් ආකිටෙක් කෙනෙක්. ඒකටම සුවිශේෂි හැකියාවක් ඇති කෙනෙක්... සියල්ල අතෑරලා දැන් මේ බිස්නස් එකට ඇවිත්. ඒත් මං කැමැති එයා ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට ගියා නම්. මොකද මේක මං කළාට, ගැහැනියකට මුළු වෙලාව ම ගත කරලා කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි. හරි හරියට ගැටෙන්න වෙන්නෙ බහුතර පිරිමින් එක්ක.
* නායකත්වය... ඉදිරිපත්වීම... බය නැතිකම ඔබේ ජීවිතයේ තිබෙනවාද...
ඔය හැම දේම මගේ ඇඟේ තිබුණේ ළමා කාලයේ පටන්. මට බාල මල්ලී. ඊළඟට නංගිලා තුන්දෙනා. මම කළේ ම කොල්ලො කරන වැඩ. මල්ලි එක්ක තරගෙට ගස් නැගපු, පවුලේ එකම ගැහැනු ළමයා මං. කිසි දේකට බය නැහැ. කොට කලිසම ඇඳලා නෙට් බෝල් එක අතට ගත්තම මුළු තරග පිටියම මගේ. ඉස්කෝලෙ තිබුණෙ මොනවද ඒ හැම දේම කළා. ඕ - ලෙවල් පන්තියේ පළමු වාරෙදි ගණිතයට ලකුණු හතරයි. හැබැයි ඔය බාහිර වැඩ ඔක්කොම කරන ගමන් වැඩිපුර මහන්සි වෙලා මං ගණන් පාස් වුණේ Distiction එකක් එක්ක. ඒ පන්නරය තවම මං ළඟ තියෙනවා.
* කවුද ඔබ සලකන ව්‍යාපාරික නායකයා...
මං බිස්නස් ඉගෙන ගත්තෙ මගේ මහත්තයාගෙන්. එයා තමයි මගේ Boss. එයා තමයි මගේ Business Leader. මහත්තයා අනුගමනය කළ ව්‍යාපාරික නායකයා තමයි සෙනෙට් සභික සර් සිරිල් සොයිසා. බස් ව්‍යාපාර, රබර් ෆැක්ටරි, සිසිල් ෆ්‍රිජ් ඇතුළු ව්‍යාපාර ගණනාවක් එතුමාට තිබුණා.
* ගැහැනුකම... සවේදි බව... මේ ව්‍යාපාරය තුළ ඔබට ප්‍රයෝජනවත් වෙලා තියෙනවද...
මං යමක් කෙරෙහි උවමනාවට වඩා සංවේදි වන කෙනෙක් නෙවෙයි. හිනාවෙලා ඉන්න පුරුද්දෙන් පවා මට ප්‍රශ්න විසඳාගන්න පුළුවන්. කොහොමටත් මං සැර පරුෂ කෙනෙක් නෙවෙයි.
* මේ වැඩකළා ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද...
වයස පේන්නෙ නැති සහ කොයිතරම් වැඩ කළත් මහන්සිය දැනෙන්නෙ නැති වාසනාවක් මට තියෙනවා. මං ආසයි වැඩ කරන්න. හැබැයි ඔක්කොම බදාගෙන නෙවෙයි, කරන්න පුළුවන් තරමට.
* ප්‍රශ්නවලට මුහුණ දෙන ඔබට ම ආවේණික ක්‍රමයක් තිබෙනවද...
මං සේරටම කලින් ප්‍රශ්නෙ අධ්‍යයනය කරනවා. ප්‍රශ්නෙ හඳුනා ගත්ත ම ඊට අදාළ විසඳුම් මා තුළින් ම එනවා. මහත්තයා එක්කම ඉඳලා ප්‍රශ්නවලට මුහුණ දීලා, හැම තැනෙක ම ගිහින් ලබාපු අත්දැකීම්වලින් ම තමයි එහෙම පුළුවන් වෙලා තියෙන්නේ.
* මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...
මට වඩා අවුරුදු දාහතරක් වැඩුමල් ඊබට් සිල්වා එක්ක විවාහ වූ එක. පුංචි කාලෙ ඉඳලා අම්මා තාත්තා ප්ලෑන් කරලා බයෝසයන්ස් තියෙන ඉස්කෝලවලට මාව මාරු කර කර, මට ඉගැන්නුවේ ඩොක්ට කෙනෙක් වෙන්න. ඒත් නොහිතපු වෙලාවක ඒ සියල්ල වෙනස් වෙනවා. තිස්පස් හැවිරිදි ඊබට් සිල්වා එක්ක විසි එක් හැවිරිදි මං විවාහ වෙනවා. දොස්තර හීනය ඉවත් වෙලා මං ව්‍යපාරිකාවක් වෙනවා.
* ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවද...
ඔව්. 1968 අවුරුද්දේ දවසක මං තාත්තා එක්ක ඊබට් සිල්වා සමාගමට ආවේ ඉස්කෝලෙ ට්‍රිප් එකක් යන්න බස් එකක් බුක් කරන්න. එදා හිතුවද මේ යන්නෙ ඉරණම් තැනෙකට කියලා. ඒ හමුවීම තමයි පසුකාලීනව විවාහ යෝජනාවක් වෙලා අපේ ගෙදරට ආවේ. ඉතින් අපේ දෛවය ලියැවිලා තිබුණෙ මේ විදියට. හඹා නොගියට ජීවිතේ හැම හොඳ අවස්ථාවකදීම වෙලාවක් නැකතක් බලනවා. මොකද අපේ විවාහය සිද්ධ වුණෙත් හඳහන් හොඳින් ම ගැළපුණු නිසා.
* කෙනකුට ඔබේ ජීවිතයෙන් ගන්න පුළුවන් ආදර්ශය කුමක් ද...
ජීවිතේ. ඕන බරක් දරාගන්න මගේ හිත හයියයි. මගේ මහත්තයා නැතිවෙලා මිනිය ගෙදරට ගේන්නත් කලින් මගේ එකම මල්ලිත් හෘදයාබාධයකින් නැතිවුණා. ඒ, මගේ ජීවිතේ ළඟින් ම හිටි පිරිමි දෙන්නා. ඒ දෙන්නගෙම මිනී දකින්න වුණේ එකම දවසක. මට දැනුණේ මාවම නැති වුණු ගාණට. ඒත් මං ආපහු නැඟිට්ටා. ව්‍යාපාරය... පවුල... සමග මං ඉදිරියට යා යුතුයි. වෙලාවකට මං හිතනවා, එදා දේවිබාලිකාවට ගිය පුංචි කෙල්ල තවම මං ඇතුළේ ඉන්නවා කියලා මං හිනාවෙනවා, අඬනවා, වැඩ කරනවා... ජීවිතේ එක්ක ඉදිරියට යනවා. අපිට එක තැන නවතින්න බැහැ. යුතුකම් වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක
ජීවිත කතා
ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි ලොකු ම කුළුබඩු සමාගම බවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක්
මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ ජීවිත කතාව
උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells සභාපතිගේ ජීවිත කතාව