බහුදින_යාත්‍රාව_නැවක_ගැටෙයි
ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාව නැවක ගැටෙයි
දෙවුන්දරට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේදී බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ධීවරයින් දෙදෙනෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ දෙවුන්දරට මුහුදු සැතපුම් 13 කට පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී රථවාහන ප්‍රවාහන නෞකාවක අදාළ ධීවර යාත්‍රාව ගැටී ඇති බවයි.
අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් තිදෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා කියා සිටියේය.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාව මෙහෙයුම් සිදු කරන බව සඳහන්ය. අනතුරට ලක්වූ ධීවරයින් හික්කඩුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය පිරිසක් බව වාර්තා වෙයි.
-------------------
Source