බ්ලෙන්ඩර්- 1 - https://elakiri.com/threads/බ්ලෙන්ඩර්-1.2104456/
බ්ලෙන්ඩර්- 2 - https://elakiri.com/threads/බ්ලෙන්ඩර්-2.2104512/
ඊලග වැඩේ ... දැන් බලමු ඇයි කලින් අපි ගහපු පොටෝ එක හරියට ආවේ නැත්තේ කියල..
මෙන්න මේක මාර වටින දෙයක් බ්ලෙන්ඩර් වලදි... බ්ලෙන්ඩර් වලදි අපිට කර්සර් 2ක් හම්බ වෙනවා.. එකක් තමා අපේ මවුස් කර්සර් එක..දෙවනි එක තමා 3ඩී කර්සර් එක... මෙන්න මේක මාර විදියට අපිට ඕන වෙනවා..
කර්සර් එක ගැන කියන්න කලින් බ්ලෙන්ඩර් එකේ 3ඩී ස්පේස් එක ගැන පොඩ්ඩක් දැනගමු...
1. 3ඩී ස්පේස් එකක් කියන්නේ දිගක් පලලක් උසක් තියෙන ,අපේ වට පිටාව වගේම දෙයක්..
2. ඉතින් අපි මොනවා හරි 3ඩ් ඔබ්ජක්ට් එකක් ඇඩ් කරාම ඒකට දිගක් පලලක් උසක් තියෙනවා..
3. පොඩ්ඩක් ඒක බලල ඉමු... shift+a------>mesh---->cube (මතක ඇතුව මේක කරන්න කලින් තියෙන ඔක්කොම මකල ඉන්න)
4. දැන් බලමු මේ බොක්ස් එකේ දිග පලල උස... (මේක මම වීඩියෝ එකේ මවුස් එකෙන් පෙන්නනවා)
5. ඔන්න දැන් අපි හිතමු මේ බොක්ස් එකේ විශේශ තැනක් තෝරන්න ඕනේ කියල, අන්න ඒ වෙලාවට අපිට මේ 3ඩී කර්සර් එක ඕන වෙනවා..(මේකෙන් වැඩ ගෝක් කරනවා ඉස්සරහට ) . අපිට 3ඩී කර්සර් එක එන්න ඕන තැනට ගිහින් shift+right click කරාම එතනට ඔය කියන 3ඩී කර්සර් එක එනවා....
6.ඇයි මෙතනට මම 3ඩී කර්සර් එක ගැන කියල දෙන්නේ..හෙතුව තමා අපි අලුත් ඔබ්ජ්ක්ට් එකක් ඇඩ් කරනකොට ඒක ඇඩ් වෙන්නේ 3ඩී කර්සර් එක තියෙන තැනට.. ඉතින් කලින් පාඩමේ අපි ඇඩ් කරපු කැමරාවයි ලයිට් එකයි බෝලෙයි 3නම එන්නේ 3ඩී කර්සර් එක තියෙන තැනට.. ඒ කියන්න්නේ අපේ 3ඩී වර්ල්ඩ් එකේ හරි මැදට...(මොකද ස්ටාර්ට් එකේදි කර්සට් එක තියෙන්නේ මැද)
7.වීඩියෝ එකේ මම මේක ටිකක් පෙන්නනවා... හරියටම තව ඊලග පඩමේ කියල දෙනවා...