බ්‍රසීල පාපන්දු ලීගයේ සිටි විශිෂ්ටතම "Con Man"
බ්‍රසීල පාපන්දු ලීගයේ 80 හා 90 දශක තුල සිටි විශිෂ්ටතම ක්‍රීඩකයා වූ කාලෝස් හෙන්රික් රපෝසො නොහොත් කාලොස් කේසර් ඒ දශකයේ ලෝකයේ සිටි විශිෂ්ටතම "Con Man" ද විය.
අවුරුදු 20 වූ මුලු ක්‍රීඩා ජීවිතය තුලම ඔහු එකදු අවස්තාවකවත් ක්‍රීඩා නොකලේය. මේ ඔහුගේ ජීවිත කතාවයි.
පාපන්දු ඉතිහාසයේ "legends" ලෙස ගැනෙන බෙබේටෝ, කාලෝස් ඇල්බෙර්ටො හා සීකෝ වැනි ක්‍රීඩකයන්ට අනුව කේසර් ගේ වැදගත්ම හැකියාව වූයේ ඔහුගේ වාග් විලාශයයි. ඔහුගේ පෞරුෂත්වය හා වචන එකට මුසු වූ විට ඔනෑම පුද්ගලයෙකු ඔහු පවසන සියලු දේ විශ්වාස කිරීමට පෙළඹීම වැලැක්විය නොහැක.
නමුත් ඕනෑම "Con Man" කෙනෙකුට වාසනාවද ඉතා වැදගත් වේ. කේසර්ගේ වාසනාව වූයේ ඒ අවදිය තාක්ෂණික වශයෙන් ඉතාම පහල මට්ටමක පැවතීමයි. අන්තරජාලය නොමැති කම හා ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්ව මැනීමේ නිසි උපකරණ නොමැති වීම ඔහුට ඔහුගේ හොර වැඩ වලට ඉතා උපකාරී විය.
කේසර් එක් ක්‍රීඩා සමාජයකින් තවත් ක්‍රීඩා සමාජයකට මාස 6ක් වැනි කෙටි කාලයක් තුල මාරු විය. සෑම ක්‍රීඩා සමාජයකම අධ්‍යක්ෂකවරයාගේ සිට ක්‍රීඩකයින් දක්වා සියලු දෙනා ඔහුගේ වචන වලින් ඉතා හොද මිතුරන් කර ගන්නා ඔහුගේ හොදම මිතුරා වූයේ මාධ්‍ය ආයතනයි.
ඔහු මාධ්‍ය ආයතන වලට ඔහුගේ හා අනෙකුත් විශිෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ඇදුම් ලබා දීම වගේම, ඔවුන් සමග මාධ්‍ය සාකච්ඡා ලබා ගැනීමට උදවු කිරීම වැනි දේ මගින් මාධ්‍ය තමා වෙත නම්මවා ගැනීමට සමත් විය. එයට ප්‍රති උපකාර වශයෙන් මාධ්‍ය කේසර්ගේ නැති හැකියාවන්ද පෙන්වමින් විශ්ෂ්ටතම ක්‍රීඩකයෙක් වශයෙන් හුවා දැක්වීය.

කුඩා කල ඉතා දුක්බර දිවියක් ගෙවූ කේසර් පාපන්දු ක්‍රීඩාවට දැඩි ලෙස කැමැත්තක් දැක්වීය. නමුත් වෘතීමය ලෙස ක්‍රීඩා කිරීමට ඔහු කිසිසේත්ම කැමැත්තක් නොදැක්වීය. එයට හේතුව වූයේ වෘතීමය ක්‍රීඩකයෙකු මත පැටවෙන වගකීම්, බැදීම් හා ඔහුට අවශ්‍ය නිදහස් ජීවිතය නොලැබීමයි.
Center Forward නැතිනම් ප්‍රහාරාත්මක ඉදිරිපෙල ක්‍රීඩකයෙකු ලෙස තමාව හදුන්වා ගත් ඔහු, ඔහුගේ ප්‍රථම ගිවිසුම වයස අවුරුදු 16 දී Puebla නැමැති මෙක්සිකානු පාපන්දු කණ්ඩායම සමග ඇති කර ගත්තේය. එහිදීද තමා ආබාදයකින් පෙලෙන බව පවසමින් කිසිදු තරගයක් ක්‍රීඩා නොකිරීමට කේසර් වග බලා ගත්තේය.
ඉන් පසුව නැවත් බ්‍රසීලය වෙත පැමිනි කේසර් තම වාග් විලාශයේ මහිමයෙන් බෙබේටෝ හා රෙනාටෝ ගුචෝ වැනි විශිෂ්ටයින් තම සගයින් කර ගත්තේය. ඒවාගේම තම සගයින් සතුටු කිරීමට කැසිනෝ, බාර් හා රාත්‍රී සමාජශාලා

වැනි ස්ථාන වලින් උසස්ම සේවා ලබා ගැනීමට කේසර් උදවු කලේය. කැසිනෝවා කෙනෙකු මෙන් ජීවිතය ගත කල කේසර්, රට පුරා සිටින බොහෝ සුන්දර කාන්තාවන්ද තම වසගයට ගෙන තිබුනි. එමනිසා බොහෝ ක්‍රීඩකයන් කේසර් සමග හොද මිතුරු කමක් පවත්වා ගත්තේය.
ක්ෂේස්ත්රයේ විශිෂ්ටයන් බොහොමයක් මොහුගේ මිතුරන් වීම හේතුවෙන් කේසර් හට ඉතා ඉහල මට්ටමේ ක්‍රීඩා සමාජ වල, ඉතාමත් ඉහල වැටුප් සහිත ගිවිසුම් වලට එලඹීමට හැකි විය.
මුලු ජීවිත කාලයම තමා ආබාද වලින් පෙලෙන බව කියා ක්‍රීඩා නොකලත් එක් අවසතාවක කේසර් පාතාලය හා සම්බන්ද පුද්ගලයෙකු වන කැස්ටර් ඩි ඇන්ඩ්රාඩේ පාලනය කල ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල අතර
, මොහුගේ ආබාද කතාව එපා වී සිටි කැස්ටර් මොහුව බලෙන්ම තරගයකට යොමු කලේය.
කේසර් ගේ පිල තරගය 2:0 ලෙස පරාජය වෙමින් තිබුනි. Bench එකේ සිටි කේසර් හට තරග කිරීමට අවස්තාව උදා විය. කුමක් කරන්නේද යැයි කල්පනා කරමින් සිටි කේසර්ට ක්‍රීඩාංගනයේ සිටි ප්රේක්ශකයෙකු ඔහුට කුනුහරුපයෙන් බැන වදිනු ඇසුනි. සැනෙකින් ඔහු වෙත දිව ගොස පහරවල් කිහිපයක් එල්ල කල කේසර්ව එවෙලේම ක්‍රීඩා පිටියෙන් ඉවත් කලේය. ඒ තරගයද ක්‍රීඩා නොකිරීමට ඔහු මග පාදා ගත්තේ එසේයි.
තරගයෙන් පසුව කැස්ටර් ( ක්‍රීඩා සමාජයේ අයිතිකරු) ඔහු හමුවීමට පැමිනි විට කේසර් ඔහුට මෙසේ පැවසීය.
"දෙවියන් විසින් මගේ දෙමවුපියන් දෙන්නාවම ඔහු වෙත ගෙන, නැවත ඔබ වැනි පියෙකු මට ලබා දුන්න, ඒත් මිනිස්සු ඔබ වැනි උත්තමයෙකුට බැන වැදීම ඉවසීමට නොහැකි වූ නිසා මා පහර දුන්න"
කේසර් දෙස බලා සිනාසුනු කැස්ටර් පසුව කේසර්ගේ කාලය තව මාස 6 දීර්ඝ කල අතර පඩියද දෙගුන කලේය.
මේ වන විට බ්‍රසීලයේ කාන්තා කායවර්ධන මධ්‍යස්තානයක සේවය කරන කේසර් එක් අවස්තාවක එහි කාන්තාවන් දෙදෙනෙක් සමග එකවර සම්භන්දතවයක් පැවැත්වූ බවද වාර්ථා වෙයි.
උපුටාගැනීම : Bizarre TV Facebook page
බ්‍රසීල පාපන්දු ලීගයේ 80 හා 90 දශක තුල සිටි විශිෂ්ටතම ක්‍රීඩකයා වූ කාලෝස් හෙන්රික් රපෝසො නොහොත් කාලොස් කේසර් ඒ දශකයේ ලෝකයේ සිටි විශිෂ්ටතම "Con Man" ද විය.
අවුරුදු 20 වූ මුලු ක්‍රීඩා ජීවිතය තුලම ඔහු එකදු අවස්තාවකවත් ක්‍රීඩා නොකලේය. මේ ඔහුගේ ජීවිත කතාවයි.
පාපන්දු ඉතිහාසයේ "legends" ලෙස ගැනෙන බෙබේටෝ, කාලෝස් ඇල්බෙර්ටො හා සීකෝ වැනි ක්‍රීඩකයන්ට අනුව කේසර් ගේ වැදගත්ම හැකියාව වූයේ ඔහුගේ වාග් විලාශයයි. ඔහුගේ පෞරුෂත්වය හා වචන එකට මුසු වූ විට ඔනෑම පුද්ගලයෙකු ඔහු පවසන සියලු දේ විශ්වාස කිරීමට පෙළඹීම වැලැක්විය නොහැක.
නමුත් ඕනෑම "Con Man" කෙනෙකුට වාසනාවද ඉතා වැදගත් වේ. කේසර්ගේ වාසනාව වූයේ ඒ අවදිය තාක්ෂණික වශයෙන් ඉතාම පහල මට්ටමක පැවතීමයි. අන්තරජාලය නොමැති කම හා ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්ව මැනීමේ නිසි උපකරණ නොමැති වීම ඔහුට ඔහුගේ හොර වැඩ වලට ඉතා උපකාරී විය.
කේසර් එක් ක්‍රීඩා සමාජයකින් තවත් ක්‍රීඩා සමාජයකට මාස 6ක් වැනි කෙටි කාලයක් තුල මාරු විය. සෑම ක්‍රීඩා සමාජයකම අධ්‍යක්ෂකවරයාගේ සිට ක්‍රීඩකයින් දක්වා සියලු දෙනා ඔහුගේ වචන වලින් ඉතා හොද මිතුරන් කර ගන්නා ඔහුගේ හොදම මිතුරා වූයේ මාධ්‍ය ආයතනයි.
ඔහු මාධ්‍ය ආයතන වලට ඔහුගේ හා අනෙකුත් විශිෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ඇදුම් ලබා දීම වගේම, ඔවුන් සමග මාධ්‍ය සාකච්ඡා ලබා ගැනීමට උදවු කිරීම වැනි දේ මගින් මාධ්‍ය තමා වෙත නම්මවා ගැනීමට සමත් විය. එයට ප්‍රති උපකාර වශයෙන් මාධ්‍ය කේසර්ගේ නැති හැකියාවන්ද පෙන්වමින් විශ්ෂ්ටතම ක්‍රීඩකයෙක් වශයෙන් හුවා දැක්වීය.

කුඩා කල ඉතා දුක්බර දිවියක් ගෙවූ කේසර් පාපන්දු ක්‍රීඩාවට දැඩි ලෙස කැමැත්තක් දැක්වීය. නමුත් වෘතීමය ලෙස ක්‍රීඩා කිරීමට ඔහු කිසිසේත්ම කැමැත්තක් නොදැක්වීය. එයට හේතුව වූයේ වෘතීමය ක්‍රීඩකයෙකු මත පැටවෙන වගකීම්, බැදීම් හා ඔහුට අවශ්‍ය නිදහස් ජීවිතය නොලැබීමයි.
Center Forward නැතිනම් ප්‍රහාරාත්මක ඉදිරිපෙල ක්‍රීඩකයෙකු ලෙස තමාව හදුන්වා ගත් ඔහු, ඔහුගේ ප්‍රථම ගිවිසුම වයස අවුරුදු 16 දී Puebla නැමැති මෙක්සිකානු පාපන්දු කණ්ඩායම සමග ඇති කර ගත්තේය. එහිදීද තමා ආබාදයකින් පෙලෙන බව පවසමින් කිසිදු තරගයක් ක්‍රීඩා නොකිරීමට කේසර් වග බලා ගත්තේය.
ඉන් පසුව නැවත් බ්‍රසීලය වෙත පැමිනි කේසර් තම වාග් විලාශයේ මහිමයෙන් බෙබේටෝ හා රෙනාටෝ ගුචෝ වැනි විශිෂ්ටයින් තම සගයින් කර ගත්තේය. ඒවාගේම තම සගයින් සතුටු කිරීමට කැසිනෝ, බාර් හා රාත්‍රී සමාජශාලා

වැනි ස්ථාන වලින් උසස්ම සේවා ලබා ගැනීමට කේසර් උදවු කලේය. කැසිනෝවා කෙනෙකු මෙන් ජීවිතය ගත කල කේසර්, රට පුරා සිටින බොහෝ සුන්දර කාන්තාවන්ද තම වසගයට ගෙන තිබුනි. එමනිසා බොහෝ ක්‍රීඩකයන් කේසර් සමග හොද මිතුරු කමක් පවත්වා ගත්තේය.
ක්ෂේස්ත්රයේ විශිෂ්ටයන් බොහොමයක් මොහුගේ මිතුරන් වීම හේතුවෙන් කේසර් හට ඉතා ඉහල මට්ටමේ ක්‍රීඩා සමාජ වල, ඉතාමත් ඉහල වැටුප් සහිත ගිවිසුම් වලට එලඹීමට හැකි විය.
මුලු ජීවිත කාලයම තමා ආබාද වලින් පෙලෙන බව කියා ක්‍රීඩා නොකලත් එක් අවසතාවක කේසර් පාතාලය හා සම්බන්ද පුද්ගලයෙකු වන කැස්ටර් ඩි ඇන්ඩ්රාඩේ පාලනය කල ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල අතර

, මොහුගේ ආබාද කතාව එපා වී සිටි කැස්ටර් මොහුව බලෙන්ම තරගයකට යොමු කලේය.කේසර් ගේ පිල තරගය 2:0 ලෙස පරාජය වෙමින් තිබුනි. Bench එකේ සිටි කේසර් හට තරග කිරීමට අවස්තාව උදා විය. කුමක් කරන්නේද යැයි කල්පනා කරමින් සිටි කේසර්ට ක්‍රීඩාංගනයේ සිටි ප්රේක්ශකයෙකු ඔහුට කුනුහරුපයෙන් බැන වදිනු ඇසුනි. සැනෙකින් ඔහු වෙත දිව ගොස පහරවල් කිහිපයක් එල්ල කල කේසර්ව එවෙලේම ක්‍රීඩා පිටියෙන් ඉවත් කලේය. ඒ තරගයද ක්‍රීඩා නොකිරීමට ඔහු මග පාදා ගත්තේ එසේයි.

Last edited: